Tuesday, December 10, 2013

නියුරෝසීය මානසික රෝග

හැඳින්වීම සෑම පුද්ගලයකුම ඔහුගේ ජීවිත කාලය තුළ කිසියම් හෝ මානසික පීඩනයකට, ගැටලූවකට හෝ මානසික රෝගයකට ගොදුරු වීමේ ප‍්‍රවණතාවක් පවතියි. ළමා, තරුණ, මහලූ හෝ දුප්පත් පොහොසත්, උගත් නූගත් හෝ කිිසිඳු භේදයකින් තොරව යම්කිසියම් හෝ මානසික ගැටලූවකට මුහුණ දීමට සිදුවිය හැකිය. පොදුවේ ගත්කල ඉච්ඡුාභංගත්වය, ළමාකාලයේ මුහුණ දෙන යම්යම් සිදුවීම් පිළිබඳ අද්දැකීම් හෝ සමාජීය ජීවිතය තුළ එදිනෙදා මුහුණ දෙන අවස්ථාවන් හා සිදුවීම් මෙන්ම යම්යම් ජීව විද්‍යාත්මක හේතූන් පදනම් කරගනිමින් ද එවැනි මානසික තත්වයන් ඇති වෙයි. පුද්ගල ජීවිතය තුළ අඩු තරමින් එක් අවස්ථාවකදී හෝ කාංසා අද්දැකීමකට මුහුණ දීමට සිදු විය හැකි බව මනෝවිද්‍යාඥයන්ගේ මතයයි. මෙසේ ඇති වන්නා වූ මානසික රෝග හෝ අක‍්‍රමිකතාවන් ප‍්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙයි. ඒ නියුරෝෂීය රෝග :භැමරදඑසජ ාසිදරාැරි* හා සයිකෝෂීය රෝග :ඡුිහජයදඑසජ ාසිදරාැරි* වශයෙනි. මෙයින් සයිකෝෂීය ගණයට අයත් වන්නේ ඉතා දරුණු මානසික රෝගයන් වන අතර බොහෝ විට ශරීරයේ ස්නායු සම්පේ‍්‍රෂක රසායනික ද්‍රව්‍යයන්ගේ අසමතුලත භාවයන් ඊට හෝතු වෙයි. සුව කිරීමද ඉතා දුෂ්කර වෙයි. නමුත් නියුරෝෂීය ගණයේ රෝගයන්ට බොහෝ විට බලපානුයේ මානසික හා පාරිසරික, සමාජීය සාධකයන් වන අතර යම් යම් මනෝචිකිත්සක හා උපදේශන ක‍්‍රියාවලීන් හරහා සුව කිරීම කළ හැකිය. මෙහිදී විමසා බැලෙනුයේ නියුරෝෂීය ගණයේ මානසික අක‍්‍රමිකතාවන් තුළ දැකිය හැකි පොදු රෝග ලක්ෂණයක් ලෙස කාංසාව නිරූපණය වන්නේ කෙසේද යන්නයි. නියුරෝසීය මානසික රෝග :භැමරදඑසජ ාසිදරාැරි* සාම්ප‍්‍රදායික වර්ගීකරණයන්ට අනුව සයිකෝසීය මානසික රෝග තත්වයක් දක්වා වර්ධනය නොවූ සරල මානසික පීඩා, ආබාධ හැඳින්වීම සඳහා පොදුවේ නියුරෝසීය රෝග යන නාමය භාවිත කරයි. නියුරෝසියාව :භැමරදිසි* මුල්කාලයේ මානසික රෝගයක් ලෙස හඳුනාගෙන පැවති අතර වර්තමානයේ මනෝවිද්‍යාඥයන් විසින් කාංසා :්බංසැඑහ*, සොමැටෆෝන් :ීදප්එදදෙරප ෘසිදරාැරි*, විඝටන ආබාධ :ෘසිිදජස්එසඩැ ෘසිදරාැරි* ආදි රෝගී තත්වයන් හැඳින්වීම සඳහා පොදුවේ භාවිත කරයි :ක්‍දදබල ෘගල 2005ල චග 464*ග නියුරෝසීය තත්වය මානසික රෝග ලෙස අර්ථ දැක්විය නොහැකිය. ඒවා මානසික පීඩා වශයෙන් හඳුන්වා දිය හැකිය (අබේපාල, ආර්. සහ අබේපාල, ඒ. 2011, පිටුව 52*. නියුරෝෂීය යන වචනය ප‍්‍රථමයෙන්ම භාවිත කරන ලද්දේ ස්කොට්ලන්ඞ් වෛද්‍යවරයකු වූ උසකකස්ප ක්‍මකකැබ ය. ඔහු 1769දී ස්නායු පද්දතියේ බලපෑම මත ඇතිවිය හැකි යම් යම් දුර්වලතාවන් හැඳින්වීම සඳහා මෙම වචනය යොදාගැනුණි. ඔහුට අනුව කායිකව පැහැදිළි කළ නොහැකි ස්නායු පද්ධතිය ආශ‍්‍රය කරගෙන ඇතිවන රෝග ලක්ෂණ විස්තර කිරීම සඳහා නියුරෝසීය යන වචනය භාවිත කරයි :න්‍දයබල 2003*ග නියුරෝෂීය මානසික ආබාධ ලෙස භීතිකා :ඡු්බසජ ාසිදරාැරි* , හිස්ටීරියා :්‍යහිඑැැරස්*, නියුරැුස්තිනියා :භැමර්ිඑයැබස්*, ග‍්‍රස්තීය අක‍්‍රමිකතා :ධඉඉිැිිසඩැ ාසිදරාැර* (අබේපාල, ආර්. සහ අබේපාල, ඒ. 2011, පිටුව 52*, සොමැටෆෝම් ආබාධ :ීදප්එදදෙරප ෘසිදරාැරි*, කාංසා රෝග :්බංසැඑහ ාසිදරාැරි*, විඝටන ආබාධ :ෘසිිදජස්එසඩැ ාසිදරාැරි*, සහ විෂාදයේ යම් යම් අවස්ථාවන් :ක්‍දදබල ෘගල 2005ල චග 464*ල යනාදිය සැලකෙයි. මෙම මානසික ආබාධයන් බොහෝ විට බැහැරින් එල්ල වන කිසියම් පීඩාකාරී හේතුවක් කරණ කොට ගෙන පුද්ගල මනසේ ඇති වන ආතතිය හෙවත් ආවේග මත වර්ධනය වෙයි. නියුරෝසීය ආබාධ සහිත පුද්ගලයන් තමන් කරන කියන දේ හා තමන්ගේ රෝගී තත්වය පිළිබඳව වැටහීමක් පවතියි. පුද්ගලයා තම ගැටලූව පිළිබඳ අවබෝධයක් ඇති බැවින් උපදේශනය හෝ ප‍්‍රතිකාර සඳහා ද සිය කැමැත්තෙන් ඉදිරිපත් විය හැකිය. නියුරෝෂීය රෝගී තත්වයන් ඇතැම් විට ශාරීරික ආබාධවලටද පෙරළිය හැකිය. ඔක්කාරය වැළඳුණු රොගියෙකු පිළිබඳ සිග්මන් ෆෝයිඞ් කරන ලද විමර්ශනයකින් පසු අනාවරණය වූයේ එය මානසික තත්වයක් හේතුකොට ගෙන ඇති වූ රෝග ලක්ෂණයක් පමණක් බවයි (අබේපාල, ආර්. සහ අබේපාල, ඒ. 2011, පිටුව 52*. ෆ්‍රොයිඞ්ට අනුව අභ්‍යන්තර මානසික ගැටුම් නිසා ඇති වන කාංසාවේ ප‍්‍රතිඵලයක් ලෙස නියුරෝෂීය ආබාධ ඇතිවෙයි :ක්‍්රිදබල ඊමඑජයැර ්බා ඵසබැන්ල 2000*ග නියුරෝෂීය ගණයේ මානසික රෝගයන් සියල්ලම තුළ දැකිය හැකි එක් පොදු රෝග ලක්ෂණයක් ලෙස කාංසාව දැක්විය හැකිය. නමුත් නියුරෝෂීය ගණයේ එක් එක් රෝගයට අනුව එම කාංසාව ඇති වීමේ ප‍්‍රමාණයන් සහ ආකාරයන් වෙනස් වෙයි. ෂක්‍ෘ 10 අනුව නියුරෝෂීය රෝග මෙසේ වර්ගීකරණය කළ හැකිය. ෂග ඍැ්ජඑසඩැ ්බා ්ාවමිඑපැබඑ ාසිදරාැරි ෂෂග ්බංසැඑහල ඡුයදඉසජ ්බා ධඉිැිිසඩැ ාසිදරාැරි ෂෂෂග ක්‍දබඩැරිසදබ ්බා ෘසිිදජස්එසඩැ ාසිදරාැරි නියුරෝෂීය රෝග ඇති වීමේ මට්ටම් තුනක් දැකගත හැකිය. එනම්, x ෂබාසඩසාම්ක ිහපචඑදපි - ඒක පුද්ගල ලක්ෂණයන්ය. මෙය පොදුවේ සියලූ දෙනා තුළම ඇති විය හැකිය. x ඵසබැර බැමරදඑසජ ාසිදරාැර - සුළු නියුරෝෂීය අක‍්‍රමිකතාවන්ය. මෙහිදී එක් ලක්ෂණයක් ප‍්‍රමුඛ නොවී ලක්ෂණ කිහිපයක් එකවර ඇති විය හැකිය. එක් ලක්ෂණයක් ප‍්‍රධාන නොවෙයි. x ීචැිසසෙජ බැමරදඑසජ ිහපචඑදපි - මෙහිදී එක් ලක්ෂණයක් විශේෂ වී ඉස්මතු වෙයි. කාංසාව :්බංසැඑහ* පිළිගත හැකි හේතුවකින් තොරව තමන් අකමැති හෝ අප‍්‍රසන්න දෙයක් සිදුවේය යන බිය මුසු අහේතුවාදී, අසුභවාදී සිතුවිලිවලින් සිත පුරවාගැනීම හා ඉන් වෙහෙසට පත්වීම කාංසාව ලෙසින් හැඳින්වෙයි. සිතෙහි කලබල ගතිය, අවිවේකී, නොසන්සුන් ස්වභාවය කාංසාවේ ලක්ෂණයයි (අබේපාල, ආර්. සහ අබේපාල, ඒ. 2011, පිටුව 52*. තමන්ට අනාගතයේ යම් අසුභ, දුක්ඛදායක දෙයක් සිදුවේ යැයි ඔහු/ඇය බිය වන අතර යථාර්ථවාදී නොවන එම සිතුවිලිවලින් සිත පීඩාවට, වේදනාවට පත්කර ගැනීම ප‍්‍රධාන වශයෙන් දැකිය හැකිය (අබේපාල, ආර්. සහ අබේපාල, ඒ. 2011, පිටුව 52*. මෙය සරලවම ආතතියට වඩා තරමක් වැඩි දියුණු මට්ටමේ මානසික පීඩනයකි (අබේපාල, ආර්. සහ අබේපාල, ඒ. 2011, පිටුව 52*. මනෝවිද්‍යාඥයන් පවසන අන්දමට මිනිස් ජීවිතය තුළ බොහෝවිට කාංසා තත්වයන්ට මුහුණ දීමට පුද්ගලයාට සිදු වෙයි. එසේ යම් යම් සිදුවීම්වලට මුහුණ දීමේදී ඇතිවන මිනිස් මොළයේ ස්නායු පද්ධතියේ යම් පිබිදීමක් හෝ ඇවිස්සීමක් හෙවත් ආවේගයන්හි ප‍්‍රතිඵලයක් ලෙස ඇති වන නොපෙනෙන චර්යා සමූහයක් ලෙස කාංසාව හැඳින්විය හැකිය. එනම්, යම් කාර්යයක් සාර්ථකව නිම කිරීමට පුද්ගලයා තුළ යම් කාංසා සහගත මානසික තත්වයක් පැවතීම අවශ්‍ය වන බව මනෝවිද්‍යාඥයන්ගේ අදහසයි :ශැරනි * ෘදාිදබල 1908*ග එසේම කාංසාව බුද්ධියේ සෙවනැල්ල ලෙසද සැලකෙන අතර එය මානසික ගැටලූවක් වන්නේ දරාගත හැකි ප‍්‍රමාණයට වඩා කාංසා මට්ටම ඉහළ ගිය විටකදීය. නිදසුනක් ලෙස සලකා බැලීමේදී අප යම් විභාගයකට හෝ සම්මුක පරීක්ෂණයකට මුහුණ දීමේදී වැනි අවස්ථාවකදී යම් ප‍්‍රමාණයක කාංසාවක් ඇති වීම සාමාන්‍ය තත්වයකි. පුද්ගලයා ඉදිරියට ගෙනයනු ලබන්නේ සහ එකී කාර්යය වඩාත් සාර්ථකව සිදු කිරීමට පෙළඹෙන්නේ එම කාංසා තත්වයෙහි බලපෑම මතය. එහෙත් එම කාංසා තත්වය සීමාව ඉක්මවා ගියහොත් විභාගයට පෙනී සිටීමට නොහැකිවීම, විභාගය ප‍්‍රතික්ෂෙප කිරීම සඳහා සංරක්ෂණ ප‍්‍රයෝගයක් ලෙස රෝගී වීම, සම්මුක පරීක්ෂණයට සහභාගි නොවී සිටීම වැනි තත්වයකට පෙළඹේ. මනෝවිද්‍යාවට අනුව සැබවින්ම කාංසාව යනු මානසික රෝගයක් නොවන අතර රෝග ලක්ෂණයක් පමණි. ඒවා පෙනෙන හෝ නොපෙනෙන මානසික චර්යාවන් වේ (අබේපාල, ආර්. සහ අබේපාල, ඒ. 2011, පිටුව 52*. කෙසේ නමුත් ආතතිය, කාංසාව, බිය වැනි තත්වයන් ජීවියාගේ පැවැත්ම සඳහා අවශ්‍ය වන මූලික ආශයන් ලෙස පවතියි. එවැනි චිත්වේගයන් හේතුවෙන් ජීවියා අනාගතයේ ඇති විය හැකි අනතුරුදායක තත්වයන් හඳුනා ගෙන ඉන් වැළකී සිටීමට උත්සාහ කරයි :ක්‍දදබල ෘගල 2005ල චග 473*ග කාංසා සහගත තත්වයේ පොදු ලක්ෂණ කාංසා සහිත පුද්ගලයකු තුළ මානසික හා ශාරීරික වශයෙන් දැකිය හැකි ප‍්‍රධාන ලක්ෂණ කිහිපයක් මෙසේ දැක්විය හැකිය. මානසික ලක්ෂණ x නොසන්සුන් සහගත බව (එකතැන සන්සුන්ව සිටීමේ නොහැකියාව* x හේතු රහිත අසාමාන්‍ය බිය හෝ කලබල වීම x අවධානය යොමු කිරීමේ අපහසු බව x ඉක්මනින් තරහ යාම x ඉතා සංවේදී බව x හීන පෙනීම (සංරක්ෂණ ප‍්‍රයෝගයක් ලෙස* කායික ලක්ෂණ x හෘද ස්පන්දනය වැඩිවීම x පපුවේ රිදුම/ගැහීම x රුධිර සංසරණය වේගය වැඩිවීම x හදවතේ ගැස්ම හා වේගවත්ව නාඩි වැටීම x හුස්ම ගැනීමේ අපහසුව x හුස්ම ගැනීමේ වේගය ශීඝ‍්‍ර වීම හෝ කෙටි හුස්ම ගැනීම x පපුව හිරවීම x හුස්ම තදවීම x තොලකට වියලීම x මලබද්ධය x බඩදැවිල්ල/බඩ රිදීම x ඇග කැසීම/බඩ පිපීම/බඩ බුරුල් කර යාම x කෑම අරුචිය x ශරීරය පණනැති ස්වභාවය x ඇ`ගිලි හෝ අතපය වෙවුලීම x නින්ද නොයාම හෝ රාත‍්‍රියට නින්ද නොයාම හා දවල්ට නින්ද යාම x අධිකව නින්ද යාම x අධිකව දහඩිය දැමීම x හිසරදය හා කරකැවිල්ල, ක්ලාන්ත ගතිය x ඔක්කාරය x මස්පි`ඩු වේදනාව x නිතර මුත‍්‍රා පහකිරීමේ අවශ්‍යතාව x මුත‍්‍ර කරන වාර ගණන අඩු හෝ වැඩි වීම x ලිංගික ආශාවන් අඩු වීම x ලිංගේන්ද්‍රිය ප‍්‍රාණවත් නොවීම x ඔසප් චක‍්‍රයේ අක‍්‍රමිකතා යනාදිය දැක්විය හැකිය (අබේපාල, ආර්. සහ අබේපාල, ඒ. 2011, පිටුව 52*. නමුත් මෙම ලක්ෂණ සියල්ලක්ම එක විට ඉස්මතු නොවන අතර ඇතැම් විට මෙයින් කිහිපයක් හෝ එකක් දෙකක් විය හැකිය. එක් එක් පුද්ගලයා මුහුණ දෙන අවස්ථාව හා කාංසා මට්ටම අනුවත් මානසික රෝග තත්වය අනුවත් මෙම ලක්ෂණ වෙනස් විය හැකිය. එසේම අධික කාංසා සහිත පුද්ගලයන්ගේ චර්යාවන් විකෘති හෝ විනාශකාරී වන අතර ස්වයං හානිකරගැනීම්ද දැකිය හැකිය :ක්‍දදබල ෘගල 2005ල චග 469*ග කාංසාව ඇති වීමට හේතු කාංසාව ඇති වීමට චිත්තවේගීමය, පාරිසරික, ශාරීරික හා ආරමය වශයෙන් විශාල හේතු රාශියක් බලපෑ හැකිය. චිත්තවේගීමය වශයෙන් ගත් කල පුද්ගල චිත්තවේගයන්ට නිදහසේ ගලායාමට ඉඩ නොදී අසාමාන්‍ය ලෙස බැඳ තැබීම, තහනම් කිරීම, සීමා කිරීම හෝ අවරෝධනය කිරීම හෙවත් යටපත් කිරීමට කරනු ලබන බලපෑම කාංසාවට ප‍්‍රධාන වශයෙන් හේතු වෙයි. එසේම ඉච්ඡුාභංගත්වය, කෝපය, වෛරය ආදිය දිගු කාලීනව පැවතීම මෙන්ම අඹුසැමි දෙමාපිය, ¥දරු, පෙම්වත පෙම්වතී ආදි සම්බන්ධතා බිඳ වැටීම නිසාද පුද්ගලයා කාංසාවට පත් වෙයි (අබේපාල, ආර්. සහ අබේපාල, ඒ. 2011, පිටුව 52*. පාරිසරික වශයෙන් ගත් කල තමා ජීවත් වන පරිසරයේ අනාරක්ෂිත බව, ඇසුරු කරන කණ්ඩායම්, හුදෙකලා බව වැනි සාධක මතද පුද්ගලයා කාංසාවට පත් විය හැකිය. එමෙන්ම ශාරීරික වශයෙන් ඇති වන ආබාධ, වැඩිවියට පත්වීම, ගර්භණීභාවය, හදිසි අනතුරු නිසා අතපය කැඞීයාම වැනි හේතූන් ද කාංසාවට බලපානු ලබයි. අසේම ඇතැම් විට කාංසාමය තත්වයන් පාරම්පරිකව හෙවත් ජාන හරහා ආරමය වශයෙන්ද පැමිණිය හැකිය. නිදසුනක් ලෙස නිවසේ මව්පියන් හෝ හදාවඩා ගන්නා පුද්ගලයා කාංසා ලක්ෂණ සහිත පුද්ගලයකු නම් එම දරුවාද එකී ලක්ෂණ පෙන්වීමට හෝ කාංසා සහගත පෞරුෂයක් ඇති වීමට එය බලපායි. (අබේපාල, ආර්. සහ අබේපාල, ඒ. 2011, පිටුව 52*. සිග්මන්ඞ් ෆොයිඞ් පවසන ආකාරයට පුද්ගලයා සිය අවිඥානයට අවරෝධනය කළ ආශාවන්, අපේක්ෂා, මානසික සංගටන හෝතු කොටගෙනද කාංසාව ඇති විය හැකිය (අබේපාල, ආර්. සහ අබේපාල, ඒ. 2011, පිටුව 52*. එනම් ඉච්ඡුාභංගත්වය නිසා ඇති වන එම කාංසා තත්වයෙන් මිදීමට පුද්ගලයා සංරක්ෂණ ප‍්‍රයෝග අනුගමනය කරන බවද ෆ්‍රොයිඞ් පැවසීය. නියුරෝසීය මානසික රෝග හා කාංසාව මනෝවිද්‍යාඥයන් හා මනෝචිකිත්සකයන් ආදින් පෙන්වා දෙන අන්දමට නියුරෝෂීය ගණයේ මානසික අක‍්‍රමිකතාවන් සියල්ලටම පාහේ පොදු එක් ලක්ෂණයක් පවතියි. ඒ කාංසාවයි. නියුරෝෂීය රෝග ලෙස සැලකෙන ඍැ්ජඑසඩැ ්බා ්ාවමිඑපැබඑ ාසිදරාැරිල ්බංසැඑහල ඡුයදඉසජ ්බා ධඉිැිිසඩැ ාසිදරාැරිල ක්‍දබඩැරිසදබ ්බා ෘසිිදජස්එසඩැ ාසිදරාැරි යන සියලූම රෝගයන්හි මෙම කාංසාව ලක්ෂණය දැකගත හැකි වීම විශේෂත්වයකි. හැඩගැසීමේ අක‍්‍රමිකතා :ඍැ්ජඑසඩැ ්බා ්ාවමිපැබඑ ෘසිදරාැරි* පුද්ගලයකු මෙම තත්වයට පත් වන්නේ ඔහුගේ/ඇයගේ ජීවිතයේ ඇති වන යම් යම් ගැටලූකාරී තත්වයන් හමුවේ ඊට මුහුණ දී එයට හැඩගැසීමෙන් විස\ ගැනීමට නොහැකි වූ විට ඇති වන ආතතියත් සමගය. නිදසුනක් ලෙස රැුකියාව අහිමි වීම, පවුල් ආරවුල්, නිදන්ගත කල් පවතින රෝග වැළඳීම වැනි තත්යවන්ට මුහුණ දීමට සිදුවීම දැක්විය හැකිය. මේවාට අනුව හැඩගැනීමට නොහැකියාව තුළ පුද්ගලයා කාංසාවට පත් විය හැකිය. එසේම නින්ද සම්බන්ධ දුර්වලතා ඇති වීම, කෑම අරුචිය, විවිධ ශාරීරික ආබාධයන්ගෙන් පෙළීම යනාදි ලක්ෂණද දැකගත හැකිය. ඔවුන් උපදේශනය, නින්ද යාමට ඖෂධ ගැනීම, සිය ප‍්‍රශ්න පිළිබඳව කතා කිරීම තුළින් තමන්ගේ බිය හා කාංසාව අවම කර ගැනීමට උත්සාහ කරති :ක්‍දදබල ෘගල 2005ල චග 469*ග මෙහි කොටස් හතරක් වෙයි. x ඵසබැර ්ෙෙැජඑසඩැ ාසිදරාැර :සුළු ආවේදනීය අක‍්‍රමිකතාව* x ්ජමඑැ රු්ජඑසදබ එද ිඑරුිි x ්ාවමිඑපැබඑ ාසිදරාැර x ඡුදිඑ-එර්මප්එසජ ිඑරුිි ාසිදරාැර යන හතරයි. ඵසබැර ්ෙෙැජඑසඩැ ාසිදරාැර :සුළු ආවේදනීය අක‍්‍රමිකතා* විෂාදය හෝ කාංසාව වැනි ලක්ෂණවලින් යුතු වේ. මෙම තත්වය විෂාදය වැනි රෝගයක මූලාරම්භය විය හැකිය. කෑම අරුචිය, හෘදයාබාධ වැනි ශාරීරික ආබාධ ඇති වේ. ඇතමුන්ට නින්ද සම්බන්ධ අක‍්‍රමිකතාද ඇති වෙයි. එසේම අධික මහන්සිය දැනීම, අවධානය යොමු කිරීමේ අපහසු බව යනාදි කාංසාමය ලක්ෂණද දැකගත හැකිය. ්ජමඑැ රු්ජඑසදබ එද ිඑරුිි ආතතිකාරී බවට පත්වීමේ ඇතිවන තීව‍්‍රර තත්වයකි. යම් ව්‍යසනයකට මුහුණ දීමෙන් පසු ඊට ඔරොත්තු දීමට නොහැකි වීම තුළ මෙවන් ලක්ෂණ මතුවේ. මෙය සෑමඉ කොනෙක්ටම ඇති විය හැකි අතර නොසන්සුන් බව, තරහක දැඩි කාංසාව වැනි ලක්ෂණ පෙන්නුම් කරයි. ්ාවමිඑපැබඑ ාසිදරාැර ඉහත තත්වය දින කිහිපයක් පමණ පැවතිය හැකි අතර එම සීමාව ඉක්මවා මාස තුනක් පමණ කාලයක් දක්වා අඛණ්ඩව පවතින්නේ නම් එවිට එහි ලක්ෂණ තීව‍්‍ර වීමෙන් මෙම තත්වයට පත් විය හැකිය. බොහෝ විට සුපුරුදු ස්ථානය මාරු කර අලූතින් ස්ථානයකට යාමේදී, වෙනත් රටකට යාමේදී මෙවන් තත්වයන් ඇති විය හැකිය. ඡුදිඑ-එර්මප්එසජ ිඑරුිි ාසිදරාැර (පශ්චාත් ව්‍යසන ක්ලමථ අක‍්‍රමතාව* පශ්චාත් ව්‍යසන ක්ලමථ අක‍්‍රමතාවයද කාංසාව මූලික මානසික අක‍්‍රමතාවයකි. එය ක්ෂිතිමය යුධ ආතතීන් යටතේ ඇති වන බවට මුල් කාලයේදී අදහස් වුවද පසුව එය ස්වාභාවික මෙන්ම මිිනිසා විසින් ඇති කරන ව්‍යසනයන්හිදී වුවද ඇති විය හැකි බව අනාවරණය කරගෙන ඇත. නිදසුන් ලෙස ස්වාභාවික උපද්‍රව වන ජලගැලීම්, සුනාමි ව්‍යසන, භූමි කම්පා, නායයාම්, වද බන්ධන, බරපතළ පහරදීම් ¥ෂණ, ලිංගික අතවර, ත‍්‍රස්තවාදී ප‍්‍රහාර මෙන්ම දරුණු රිය අනතුරුවලින් පසුවද මෙම පශ්චාත් ව්‍යසන ක්ලමථ අක‍්‍රමතා තත්වයන් ඇති විය හැකිය(ජයතුංග, ආර්. එම්. 2005, පිටුව 09*. එසේම මෙම තත්වය වසර ගණනාවක් පුරා බලපැවැත්විය හැකි අතර ඇතැම් විට ව්‍යසනය සිදු වී යම් කිසි කාලයකට පසුව වුවද මෙම ඡුඔීෘ තත්වය ඇති වීමද සිදුවිය හැකිය. ව්‍යසන අද්දැකීම්වල ප‍්‍රතිඵලයක් ලෙස දැඩි කාංසා සහගත බව දැනීම, හෘද ස්පන්දනය අධික වීම, අසරණ භාවය :යැකචකැිිබැිි* වැනි ලක්ෂණ දැකගත හැකිය :ඍ්එයමිල ීග ්ග 2004ල චග460*ග එමෙන්ම මානසික හුදෙකලා බව :්කසැබ්එසදබ*, එකී ව්‍යසනකාරී තත්වය නිතර නිතර සිහිපත් වීම හා ඉන් පීඩාවට පත් වීම, නින්ද සම්බන්ධ අක‍්‍රමිකතා, සුළු උත්තේජයකදී පවා අධි ප‍්‍රතිචාර දැක්වීම :්‍යහචැර ්රදමි්ක*ල සුපරීක්ෂාකාරී බව, ක්ලමථ අද්දැකීම් ලැබූ ස්ථාන පුද්ගලයන් සිදුවීම් සංවාදයන් හා ශබ්ද ආදිය මගහැරීම, අධිකෝපය, නොසුන්සුන්කම :ඍ්එයමිල ීග ්ග 2004ල චග460* වැනි ලක්ෂණ පෙන්නුම් කෙරෙන අතර මෙම ලක්ෂණ බොහෝමයක් කාංසාමය ලක්ෂණයන්ය. බොහෝ විට මෙහිදී දෛනික කටයුතු කරගෙන යෑමට බාධා ඇති වන අතර සමහරුන් හට මනෝකායික ආබාධයන්ද ඇති විය හැකිය. ්බංසැඑහල ඡුයදඉසජ ්බා ධඉිැිිසඩැ ාසිදරාැරි සාමාන්‍යකරණය වූ කාංසාව :ඨැබැර්කස‘ැා ්බංසැඑහ ාසිදරාැර* මෙහි ස්වභාවය හෙවත් ප‍්‍රධාන ලක්ෂණය වන්නේ ස්ථාවර වූ කාංසාවයි. සාමාන්‍යකරණය වූ කාංසාව සහිත පුද්ගලයා දැඩි කාංසා සහගත බවින් හා කණගාටු ස්වභාවයෙන් යුක්ත වන අතර එය සය මසකට වැඩි කාලයක් එක දිගට පවතියි. ඔවුන් තුළ නිතරම දහඩිය දැමීම, හෘද ස්පන්දනය ඉහළ යාම, හිස කරකැවිල්ල ගතිය, උදරාබාධ, වේගවත්ව ස්වසනය, උද්දීපිත බව :සරරසඒඉසකසඑහ*, සිත එකග බව අඩු වීම :ක්‍දදබල ෘගල 2005ල චග 469*ල ආතතිකාරී බව, නොසන්සුන් බව, කට වියලීම, වරින් වර නිතරම මුත‍්‍රයාම, දැඩි පරීක්ෂාකාරී බව, නින්ද යාමේ දුර්වලතා :ඍ්එයමිල ීග ්ග 2004ල චග459* වැනි කාංසා සහගත ලක්ෂණ දැකගත හැකිය. පැනික් අක‍්‍රමිකතා :ඡු්බසජ ාසිදරාැර* කාංසා රෝග ගණයට අයත් වන තවත් අක‍්‍රමිකතාවයකි. පැනික් අක‍්‍රමිකතාවට මුහුණ දුන් පුද්ගලයා තුළ ස්වසන වේගය අඩු වීම, දැඩිව දහඩිය දැමීම, වෙවුලීම, මරණ බිය ඇති වීම වැනි ලක්ෂණ ද දැක ගත හැකිය. මෙහි විශේෂ ලක්ෂණය නම් දැඩි කාංසාව මගින් ක්ෂණිකව පහරදීමයි. නමුත් එය විශේෂ වස්තුවක් හෝ සිදුවීමක් මුල් කරගෙන ඇති වන කාංසාවක් නොවේ :ඍ්එයමිල ීග ්ග 2004ල චග459*ග භීතිකා :චයදඉස්* නියුරෝෂීය මානසික තත්වයක් වශයෙන් සැලකිය හැකි භීතිකා පුද්ගලයකු තුළ කාංසාමය ලක්ෂණ ඇති කිරීමට සමත් වන අක‍්‍රමිකතාවකි. භීතිකා අක‍්‍රමිකතාවයේ ස්වභාවය වන්නේ යම් දේකට, පුද්ගලයකුට, හෝ ස්ථානයකට අස්වාභාවික ලෙස, අහේතුක හා යථාර්ථවාදී නොවන ලෙස බිය දැක්වීමයි (අබේපාල, ආර්. සහ අබේපාල, ඒ. 2011, පිටුව 104*. මෙය සරල භීතිකාවකින් ආරම්භ වන අතර එය වර්ධනය වීමෙන් එම බිය ගෙන දෙන උත්තේජය දකින/හමුවන හෝ ඒ පිළිබඳ අසන සැම විටකම කාංසා ලක්ෂණ ඇති වෙයි. අවසානයේ මුළු ජීවිතයම එම භිතිකාව මගින් ආක‍්‍රමණය කරන අතර එම භිතිකාව මගහැර ජීවත් වීමට උත්සාහ කරයි. මෙහි විශේෂත්වය වන්නේ කාංසාව ඇති ව්නනේ භීතිකාව ඇති කරන අදාළ උත්තේජය හමු වූ විට පමණක් වීමය. එය මගහැර සිටින තෙක් ඔහුට/ඇයට කාංසාවක් නොමැතිය. මෙම භීතිකාවෙහි ප‍්‍රධාන කොටස් තුනක් වෙයි. එනම්, විශේෂ භීතිකා (සරල භීතිකා*, අංගන භීතිකා, සහ සමාජ භීතිකා යනුවෙනි. විශේෂ භීතිකා :ීචැජසසෙජ චයදඉස්ි රැු ීසපචකැ චයදඉස්ි* අතරට ඇතුළත් වන්නේ විශේෂ වස්තූන්ට, සතුන්ට, ස්ථානයන්ට ආදිය විෂයෙහි ඇති වන අසාමාන්‍ය අහේතුක භීතියයි. නිදසුන් ලෙස සර්පයන්, ජලය, තනිවීම, අඳුර, මකුළුවන්, කැරපොත්තන්, අමුත්තන්, උරගයන්, ආයුධ, වාහන, වැසූ ස්ථාන, ලේ දැකීම, විවෘත ස්ථාන, විෂබීජ ආදිය මුල් කරගනිමින් ඇති වන්නා වූ භීතියයි :ක්‍දදබල ෘගල 2005ල චග 469*ග අංගන භීතිකාව යනු යම්කිසි නුපුරුදු ස්ථානයකට ඇතුළු වීමේදී හෝ නුපුරුදු සිදුවීමකට මුහුණ දීමේදී හෝ නිවසින් පිටවී වෙනත් ස්ථානයකට යාමේදී ඇති වන්නාවූ අසාමාන්‍ය භීතියයි :ක්‍දදබල ෘගල 2005ල චග 469*ග ඔවුන්ගේ ප‍්‍රධාන ලක්ෂණය වන්නේ තමන්ගේ දෛනික කටයුතු ඉටුකර ගැනීමට අවශ්‍ය කඩසාප්පුවකට යාම, බැංකුවට යාම, ක‍්‍රීඩාගාරයකට යාම වැනි ජනාකීර්ණ ස්ථානයකට යාමට පවා බිය දැක්වීමයි. ඔවුන් එම ස්ථානයන් මග හැරීමට උත්සාහ කරන අතර එවැනි අවස්තාවකට මුහුණ දීමට සිදු වුවහොත් අධික ලෙස කාංසාවට පත් වෙයි. අංගන භීතිකාව උග‍්‍ර වීමෙන් පසු නිවසින් බැහැරට යාම පවා ප‍්‍රතික්ෂේප කරයි. (අබේපාල, ආර්. සහ අබේපාල, ඒ. 2011, පිටුව 104*. සමාජ භීතිකා යනු ජනතාව රැුස් වී සිටින ප‍්‍රසිද්ධ එළිමහන් හෝ සමාජශීලී අවස්ථාවන්ට මුහුණ දීමට දක්වන නොකැමැත්තයි. තමන් උපහාසයට ලැජ්ජාවට පත් වෙතියි ඇති බිය නිසා මෙවැනි අවස්ථාවන්ට මුහුණ දීමෙන් වැළකී සිටියි. සභාවක් ඉදිරියට යාම, සම්මුක පරීක්ෂණයකට සහභාගි වීම, සමාජශාලා හෝ පොදු ස්ථානවලට යාමෙන් වැළකී සිටියි. සමාජ භීතිකාවේ උපරිම තත්වයට පත් පුද්ගලයා තම නිවසින් එළියට බැසීමට පවා බිය වෙයි. මෙවැනි අවස්ථාවන්ට මුහුණ දීම එම පුද්ගලයාට දැඩි කාංසාව ඇති කරන තත්වයත් වන අතර එය දිගුකල් පවත්නා පදනම් විරහිත, අසාමාන්‍ය බියකි (අබේපාල, ආර්. සහ අබේපාල, ඒ. 2011, පිටුව 108*. සත්‍ය බියකදී මෙන් නොව භීතිකාවකදී දක්වන කැළබිලි සහගත බව චකිතය කලබල වීම වැනි බියසුලූ ලක්ෂණ පදනම් විරහිත හෝ තර්ජනකාරී බවක් ඇති වන බැවින් එය කාංසාමය ස්වභාවයක් ගනී. එසේම එම අවස්ථාවන්ට මුහුණ දීමේදී හෘද ස්පන්දනය වැඩි වීම, රුධිර සංසරණය වේගවත් වීම, දහඩිය දැමීම වැනි කායික ලක්ෂණද දැකගත හැකිය. එම නිසා භීතිකා පිළිබඳ අධ්‍යනය කළ පර්යේෂකයන් පෙන්වා දෙන්නේ භීතිකාවට පත් පුද්ගලයන් තුළ ඇති වන කේන්ද්‍රීය චිත්තවේග ස්වභාවය කාංසාව බවයි. මානසික රෝග වර්ගීකරණය මගින් භීතිකාව කාංසාමය මානසික අක‍්‍රමිකතාවක් ලෙස වර්ග කරන්නේ මේ පදනම් කරගෙනය. සත්‍ය බිය මෙම භීතිකාවෙන් වෙනස් වන අතර කාලයත්, වයස හා අද්දැකීම් අනුව වෙනස් වී නැති වී ගියද භීතිකා තව තවත් වර්ධනය වෙයි. (අබේපාල, ආර්. සහ අබේපාල, ඒ. 2011, පිටුව 108*. ඔබ්සෙසන් කම්පල්සන් අක‍්‍රමිකතාව :ධඉිැිිසඩැ ක්‍දපචමකිසඩැ ෘසිදරාැර* නියුරෝෂීය ගණයේ රෝගයක් වන මෙහි ලක්ෂණය නම් තමන් තුළ කාංසාව ජනිත කරන, තමන් අකමැති හෝ අප‍්‍රසන්න, තමන්ට පාලනය කළ නොහැකි සිතුවිල්ලක් නිතර නිතර සිතට පැමිණීමයි. එනම් එය පුද්ගලයාගේ ජීවිතයට මහත් කරදරයක් වත තරම් වන නමුදු එය නතර කරගැනීමට ඔහුට නොහැකිය :ඍ්එයමිල ීග ්ග 2004ල චග 459*. වෙනත් දෙයකට සිත යොමු කළද එම සිතුවිල්ල සිතෙහි මතුවෙමින් අසහනකාරී තත්වයක් ඇති කරයි. දැඩි ලෙස කාංසාවට පත් කරයි. නිදසුනක් ලෙස ගෙදරින් පිටව යාමට පෙර එක් වරක් නොව දසවරක් පමණ දොර වසා ඇත්දැයි නැවත නැවත බලයි. කෙතරම් පරීක්ෂා කළද ඔහුට/ඇයට එය විස්වාස නොමැතිය. ඔබ්සෙසන් සිතුවිලි සහිත පුද්ගලයා ඉන් වෙහෙසට පත් වෙයි. කම්පල්සන් යනු මෙම ඔබ්සෙසන් තත්වයේ ක‍්‍රියාකාරී අංශයයි. එසේ නිතර නිතර සිතට එන සිතුවිල්ල ක‍්‍රියාවට නැංවීමයි. එමගින් කාංසාව අවම කරගැනීමට නැඹුරු වෙයි :ඍ්එයමිල ීග ්ග 2004ල චග459*. එනම් කිසියම් ක‍්‍රියාවක් හැකි සෑම උපාය මාර්ගයක්ම යොදා ගනිමින් කෙසේ හෝ නැවත නැවත කිරීමට අවස්ථාව සලසා ගැනීමයි. නිදසුනක් ලෙස නිතර නිතර අත් සේදීමේ චර්යාව දැක්විය හැකිය (අබේපාල, ආර්. සහ අබේපාල, ඒ. 2011, පිටුව 108*. එසේ අත සේදීම නිසා පුද්ගලයාගේ අත ඉතාම සිනිදු බවට පැමිණ වේදනාකාරී තත්වයට පත් වුවද ඔහුට එම චර්යාව නතර කළ නොහැකිය. මෙම ධක්‍ෘ අක‍්‍රමිකතාවෙන් යුතු පුද්ගලයන් ස්ථායි කාංසාවකින් යුක්තව කටයුතු කරයි. ක්‍දබඩැරිසදබ ්බා ෘසිිදජස්එසඩැ ාසිදරාැරි ක්‍දබඩැරිසදබ ාසිදරාැරි මනෝකායික රෝග ගණයට අයත් වන මෙහි රෝග ලක්ෂණය වන්නේ කිසිඳු කායික (ස්නායු සම්බන්ධ* හේතුවකින් තොරව පුද්ගලයාගේ යම් යම් ශාරීරික ක‍්‍රියාකාරීත්වයන් දුර්වල වීමයි. එනම් අංභාගය, ගොලූබව ඇතිවීම, බිහිරිබව ඇති වීම වැනි ශාරීරික අක‍්‍රමතාවන්ය :ඍ්එයමිල ීග ්ග 2004ල චග465*ග මේවා යම්කිසි මානසික පදනමක් මත ඇති වූ තත්වයන්ය. ෆ්‍රොයිඞ් පවසන පරිදි යම්කිසි සිදුවීමක් මත ඇති වූ කාංසාව කායික ලක්ෂණයක් බවට පරිවර්තනය :ජදබඩැරඑැා* වී ඇති බවයි. එනිසාම මෙම රෝගයිජදබඩැරිසදබ’ නමින් හඳුන්වයි :ක්‍්රිදබල ඊමඑජයැර ්බා ඵසබැන්ල 2000*ග විඝටන ආබාධ :ෘසිිදජස්එසඩැ ෘසිදරාැරි* විඝටන ආබාධ නමික් ගැනෙන මෙම ගණයේ රෝගවල ලක්ෂණ ලෙස දැකගත හැක්කේ පුද්ගලයාගේ මතකය බිඳ වැටීම, අවබෝධය, අනන්‍යතාවය, හෝ සංජානනය යනාදියේ බිඳවැටීම හෙවත් යම් යම් ගැටලූකාරී තත්වයන් ඇති වීමයි. එනම් මෙහිදී සිදුවන්නේ සවිඥානයේ හෝ ස්වයං අනන්‍යතාව පිළිබඳ ක්ෂණික සහ තාවකාලික වෙනස් වීමකි :ඍ්එයමිල ීග ්ග 2004ල චග465*ග මෙකී තත්වයට පත්වූවන් ව්‍යාධිවේදීමය වශයෙන් හා නිරායාසයෙන්ම සංරක්ෂණ ප‍්‍රයෝග භාවිත කරයි. ඔවුන් සංරක්ෂණ ප‍්‍රයෝග භාවිත කරන්නේ කාංසාවෙන් මිදීමටය. එනම් කාංසාව විඝටන ආබාධයන්ගේ ප‍්‍රධාන රෝග ලක්ෂණයකි. ෘීඵ ෂඪ වර්ගීකරණයෙහි විඝටන ආබාධ :ෘසිිදජස්එසඩැ ෘසිදරාැරි* කිහිපයක් ලැයිස්තුගත කොට තිබෙයි. එනම්, ාසිිදජස්එසඩැ ්පබැිස්ල ාසිිදජස්එසඩැ මෙටමැල ාසිිදජස්එසඩැ සාැබඑසඑහ ාසිදරාැර යනාදියයි :ඍ්එයමිල ීග ්ග 2004ල චග463*. මේ සෑම විඝටන ආබාධයකම ප‍්‍රධාන ලක්ෂණය ලෙස කාංසාව දැක්විය හැකිය. නිගමනය මානසික රෝග වර්ගීකරණයන්ට අනුව නියුරෝෂීය ගණයට ඇතුළත් කොට ඇති සියලූම රෝගයන්හි කාංසාව පොදු හා ප‍්‍රධාන රෝග ලක්ෂණයක් ලෙස ක‍්‍රියාත්මක වන බව දැක ගත හැකිය. නමුත් ඒ එක් එක් රෝගයට හා රෝගයේ බරපතලකම අනුව කාංසාව ඇති වීමේ විවිධත්වයන් දැකගත හැකි වන අතර ඒකාකාරීත්වයක් නොමැති බවද පැහැදිළි වෙයි. එසේම එම කාංසා ලක්ෂණයන්ද රෝගයෙන් රෝගයට වෙනස් වෙයි. මෙම කාංසාව පුද්ගලයාගේ ජීවිතයට කායික වශයෙන් මෙන්ම මානසික වශයෙන්ද දැඩි බලපෑම් කැයි. සාමාන්‍ය කාංසාව පුද්ගලයාගේ පැවැත්ම හා ජයග‍්‍රහණ ආදිය විෂයෙහි ඉතා අවශ්‍ය වුවද අධික කාංසාව පුද්ගලයාට හානි කරන බවද දැක්විය හැකිය. ආශ‍්‍රිත ඊ්රකදඅල ෘග ්‍යගල * ෘමර්බාලඪග ඵල :2005*ග ්ඉබදරප්ක චිහජයදකදටහ :4එය ැා*ග ඹී්ථ ඔයදපිදබ උ්ාිඅදරඑයග ක්‍්රිදබල ඍග ක්‍ගල ඊමඑජයැරල න්‍ග භගල ඵසබැන්ල ීගල :2000*ල ්ඉබදරප්ක චිහජයදකදටහ ්බා පදාැරබ කසෙැ :11එය ැාග* ෘැකයසථ ඡුැ්රිදබ ෑාමජ්එසදබග ක්‍දපැරල ඍග න්‍ගල :1995*ග ්ඉබදරප්ක චිහජයදකදටහ :2බා ැාග*ග ඹී්ථ උග ්‍යග ත්‍රුැප්බ ්බා ක්‍දපච්බහග ්‍ය්කටසබල ඍග ඡුග * උයසඑඉදමරබැල ීග ණගල :2000*ග ්ඉබදරප්ක චිහජයදකදටහ :3රා ැාග* ඹී්ථ ඵජටර්අ- ්‍යසකක ්‍යසටයැර ෑාමජ්එසදබග ඍදිැබය්බල ෘගඪග * ීැකසටප්බ ඵග ෑග :1984*ග ්ඉබදරප්ක චිහජයදකදටහග භැඅ ශදරනථ උග උග භදරඑදබ ්බා ක්‍දපච්බහග ඍමිිදබල න්‍ගල :2003*ග ්‍යමප්බ ෑංචැරසැබජැථ ඡුයසකදිදචයහල භැමරදිසිල ්බා එයැ ෑකැපැබඑි දෙ ෑඩැරහා්හ ඛසෙැග ීඒඑැ ඹබසඩැරිසඑහ දෙ භැඅ ශදරන ඡුරුිිග
 
Copyright © psychology