Sunday, December 8, 2013

උපදේශන මනෝවිද්‍යාවේ ඇති ප‍්‍රායෝගික වැදගත්කම

උපදේශන මනෝවිද්‍යාවේ ඇති ප‍්‍රායෝගික වැදගත්කම ප‍්‍රවේශය ‘ආරෝග්‍යා පරමා ලාභා’ මිනිසාට නිරෝගිකම තරම් උතුම් ලාභයක් තවත් නොමැත. ලොව සැම මිනිසෙකුම පාහේ නිරෝගිමත් ජීවිතයක් ගත කිරීමට ඉමහත් වෙහෙසක් දරයි. එහෙත් අපි කොයි කවුරුත් කායිකව හෝ මානසිකව විවිධ රෝග පීඩාවන්ට ගොදුරුව අනන්ත අප‍්‍රමාණව දුක් විඳිමින් ජීවත් වන්නෙමු. බහු ජාතික, බහු ආගමික හා බහු සංස්කෘතික රටක් වන අප රටෙහි සාමාන්‍ය ජනගහනයෙන් 100ක් ගත් විට එයින් 90‍්‍ර ක් පමණ කිසියම් වු මානසික ගැටලූවකින් පෙළී ඇති බව හෝ පෙළෙන බව සොයා ගෙන තිබේ. එයින් 10‍්‍ර ක් පමණ හඳුනාගත් මානසික රෝගවලින් පෙළෙති. ඒ අනුව මානසික රෝග සඳහා මනෝ වෛද්‍ය ප‍්‍රතිකාර ලබාදීම අත්‍යවශ්‍ය දෙයක් වුවද මානසික ගැටලූ විස\ ගැනීම සඳහා ප‍්‍රායෝගික මනෝවිද්‍යාත්මක උපදේශනය වැදගත් වේ. සමස්ත ජනගහනය ළමා, තරුණ, මධ්‍යම හා මහලූ වශයෙන් ගත්විට මෙකී සියලූ වයස් කාණ්ඩවල පුද්ගලයෝ කිසියම් හෝ මානසික ගැටලූවකින් පෙළෙති. එකී සෑම ගැටලූවක් සඳහාම මනෝවිද්‍යා උපදේශනයේ විවිධ න්‍යායන් ම`ගින් එකී රෝගි තත්ත්වයන් විනිශ්චය කොට ඊට අදාළ උපදේශනාත්මක ප‍්‍රතිකාර සොයාගෙන තිබේ. මෙම ලිපිය තුළින් එවැනි මානසික ආතතීන්ගෙන් පෙළෙන පුද්ගලයින්ට සිය මානසික ගැටලූ විස\ ගැනීම සඳහා අවශ්‍ය වන උපදේශනාත්මක සේවාව පිළිබඳ අවධානය යොමු කොට ඇත. තවද රාජ්‍ය අංශය, රාජ්‍ය නොවන සංවිධාන හා පුද්ගලික අංශය යන සැම ක්‍ෂේත‍්‍රයක් ම ආවරණය කරමින් ප‍්‍රායෝගික මනෝවිද්‍යාත්මක උපදේශනයක් තුළින් ගැටලූ විසඳන අන්දම පිළිබඳ සාකච්ඡුාවට බඳුන් කෙරේ. උපදේශනයේ ඉතිහාසය ලොව සැම විෂය ධාරාවකටම ඉතිහාසයක් ඇතිවා සේම උපදේශනයටද ප‍්‍රමාණාත්මක ඉතිහාසයක් තිබේ. විශේෂයෙන්ම ප‍්‍රාථමික යුගයේ (ගල් යුගයේ* ජීවත් වූ මිනිසාට සිය ජීවන වෘත්තිය සංකීර්ණ නොවුයෙන් මානසික ගැටලූ අවම විය. එහෙත් පසුකාලීනව විද්‍යාවේ හා තාක්‍ෂණයේ දියුණුවත් සම`ග දියුණු වන සමාජ ක‍්‍රමිකත්ත්වයට මුහුණ දීමෙහිලා දැඩි ලෙස පුද්ගල ශ‍්‍රමය යෙදවීමට පුද්ගලයාට සිදු විය. එහි ප‍්‍රතිඵලයක් ලෙස පුද්ගලයාට විවිධ කායික හා මානසික ගැටලූවලට මුහුණ පෑමට සිදු විය. මෙසේ මිනිසාට ඇති වූ ප‍්‍රශ්න ඔවුනොවුන් සාකච්ඡුා කොට විස\ ගත් අතර ඇතැම් අවස්ථාවන්හිදී පූජ්‍ය, පූජක පක්‍ෂයන් හා වැඩිහිටියන් මැදිහත් වී පුද්ගල මානසික ගැටලූ විස\ ඇත. මේ අනුව ක‍්‍රි. ව 1900 දක්වා උපදේශනය ක‍්‍රියාත්මක වූයේ අවවාද කිරීම් සහා අනුශාසනා ලබාදීම් මත බව මැනවින් පැහැදිලි වේ. ග‍්‍රීක හා ලතින් භාෂාවේ එන ‘කොන්සිලියම්’ යන පදයෙන්ික්‍දමබිැකකසබට’ (උපදේශනය* යන පදය සෑදී තිබේ. ඇහුම්කන් දීම, මැදිහත් වීම, විසඳීම, විකල්ප පෙන්වා දීම, ධනාත්මක වර්ධනය හා උපකාර කිරීම් ආදී අර්ථ තුළින් මෙය තවදුරටත් විග‍්‍රහ කළ හැකිය. පෙරාපර දෙදිග මිනිසුන් උපදේශනය යන්න ක‍්‍රියාත්මක කර ඇති අන්දම පිළිබඳව විමසා බැලීමේදී, ප‍්‍රථමයෙන් ම ඇමරිකාවේ ජේ.බී ඩෙවිස් ක‍්‍රි.ව 1907 දී පමණ පාසල් පන්ති කාබරයක් තුළ උපදේශනය ක‍්‍රියාත්මක කර තිබේ. විශේෂයෙන්ම මෙහිදී ඩෙවිස්ට අවශ්‍ය වූයේ පාසල් දරුවන්ට ඇති මානසික ගැටලූ ඔවුන් එකිනෙකා අතර සන්නිවේදනය කර ඒවා විස\ ගැනීමේ ඇති වැදගත්කම පෙන්වා දීමයි. ක‍්‍රි.ව 1910 දී පමණ වන විට මනෝවිද්‍යා විෂය ලොව පුරා ප‍්‍රචලිත වීමත් සම`ග උපදේශනය මනෝවිද්‍යා විෂයට සම්බන්ධ විය. උපදේශන මනෝවිද්‍යාව යනු ව්‍යවහාර මනෝවිද්‍යාවට අයත් විෂය ක්ෂේත‍්‍රයක් වන අතර මෙය වෘත්තිමය පුහුණුවක් තුළින් න්‍යායාත්මක දැනුම වර්ධනය කළයුතු විෂය සීමාවකි. ‘‘උපදේශනය යනු මානව චර්යාව විශ්ලේෂණය කර එය සකස් කීරීම සඳහා මනෝවිද්‍යාත්මක මූලධර්ම යොදා ගැනීම වේ. උපදේශනය මනෝවිද්‍යා විෂයට අදාල වෙනම ම ක්ෂේත‍්‍රයකි. උපදේශනයේ පදනම මනෝවිද්‍යාව වේ. මිනිසාට ඇතිවන ගැටලූ විග‍්‍රහ කරන්නේ මනෝවිද්‍යාවෙනි. උපදේශනය සඳහා මනෝවිද්‍යාත්මක දැනුම අවශ්‍ය වේ. එබැවින් උපදේශන මනෝවිද්‍යාව යනු පුද්ගලයාගේ ගැටලූවලට පිළිතුරු සොයා ගැනීමට, විස\ ගැනීමට උදව් කරයි. සේවාලාභියා (ජකසැබඑ* හෝ ගැටලූව විස\ ගැනීම කෙරෙහි සේවාලාභියා තුළ ස්වයං අවබෝධයක් ඇති කරයි, නැතහොත් ඔහුව සවිඥානික කරයි.’’ ර්‍ණක්‍දමබිැකසබට දෙජමිැි දෙ ාැඩැකදචපැබඑ ්බා එයැ චරුඩැබඑසදබ දෙ ිැරසදමි පැබඒක යැ්කඑය චරදඉකැපි එයරදමටය ැාමජ්එසදබ ්බා ියදරඑ එැරප එරු්පැබඑි”ග උපදේශනය තුළින් අවධානය යොමුවන්නේ අධ්‍යාපනය හා කෙටි කාලීන ප‍්‍රතිකාර ම`ගින් පුද්ගලයාට ඇති තදබල මානසික ගැටලූ වැළැක්වීම හා පුද්ගල සංවර්ධනය ඇති කිරීමයි. මෙහිදී ‘වැළැක්වීම’ යන්න ඉතා වැදගත්ය. වැළැක්වීම සිදු නොකළහොත් සංවර්ධනයක් සිදු නොවේ. එමනිසා අධ්‍යාපනය තුළින් සේවාලාභියාව තම ගැටලූව සම්බන්ධයෙන් සවිඥානික කරයි. අධ්‍යාපනය ලබා දීමෙන් නොනැවතී කෙටි කාලීන ප‍්‍රතිකාර සඳහාද යොමු විය යුතුය. මෙහිදී ප‍්‍රතිකාර යන්නෙන් අදහස් කරන්නේ ඖෂධමය නොවන (භදබ ාරමට ඔයැර්චහ* ප‍්‍රතිකාරයන්ය. මේ අනුව උපදේශන මනෝවිද්‍යාව ලොව පුරා ප‍්‍රචලිත වීමත් සම`ග එය සමාජයේ විවිධ ක්ෂේත‍්‍රයන් තුළින් පැන නැෙ`ගන ගැටලූකාරී තත්ත්වයන් අවම කිරීම සඳහා යොදා ගැනුණි. ක‍්‍රි.ව 1920 දී පමණ වනවිට ඇමරිකානු සමාජයේ පවුල් ප‍්‍රශ්න විස\ ගැනීම සඳහා පවුල් උපදේශන මධ්‍යස්ථානද බිහි විය. එමෙන්ම උපදේශන මනෝවිද්‍යාව කෙරෙහි දෙවන ලෝක මහා යුද්ධය ප‍්‍රබල බලපෑමක් සිදුකර තිබේ. බිහිසුණු යුද්ධයෙන් පසු ඇතිවූ ජන ජීවිතයේ ප‍්‍රශ්න නිරාකරණය කර ගැනීම සඳහා මානව කේන්‍ද්‍රීය වූ ව්‍යවහාරික දැනුම් සම්භාරයක් අත්‍යවශ්‍යය විය. පසුව කාලීනව සිග්මන් ෆ්‍රොයිඞ් (ක‍්‍රි.ව 1856-1939* වැනි මනෝවිද්‍යාඥයන් බිහි වීමත් සම`ග උපදේශන මනෝවිද්‍යාව ලොව පුරා සීඝ‍්‍රයෙන් සංවර්ධනය වන්නට විය. එමෙන්ම පසු කාලීනව ලොව බිහිවූ විවිධ මනෝවිද්‍යා ගුරුකුල හා මනෝවිද්‍යාඥයන් උපදේශන මනෝවිද්‍යාවට විවිධ අරුත් දක්වා විග‍්‍රහ කරන්නට විය.  උපදේ්ශනයේ පුරෝගාමියා වන ත්‍ර්බන ච්රිදබ ට අනුව ‘‘පුද්ගලයාට වෘත්තියක් තෝරා ගැනීමට ආධාර කිරීම උපදේශනයයි’’.  ගැටලූ විසඳීම සඳහා වන මානසික විශ්ලේෂණය හා නිදහස් ප‍්‍රකාශන වැඩසටහන උපදේශනයයි. (මනෝවිශ්ලේෂණවාදය*  ආකල්ප, කුසලතා, බුද්ධිය පිළිබඳ මනෝවිද්‍යා ක‍්‍රියාවලිය උපදේශනයයි. (ප‍්‍රජානන ගුරුකුලය*  සේවාලාභියා කේන්‍ද්‍ර කොටගත් ස්වීයත්ත්ව සංවර්ධන ක‍්‍රියාවලිය උපදේශනයයි. (මානුෂවාදී නයාය*  ජීවිතාවබෝධය තුළින් ගැටලූ විසඳීම උපදේශනයයි. (සාංදෘෂ්ඨිකවාදය* කි‍්‍ර.ව 1950 න් පසු මනෝවිද්‍යා උපදේශනයට පූර්ණ රාජ්‍ය අනුග‍්‍රහය ලැබීමත් සම`ග විවිධ අණපනත්ද ක‍්‍රියාත්මක කොට ඇමරිකාවෙන් ආරම්භව යුරෝපීය රටවල් පුරා ව්‍යාප්ත වන්නට විය. එපමණක්ද නොව විවිධ රාජ්‍ය උපදේශන මධ්‍යස්ථානද ඉදිවන්නට විය. ක‍්‍රි.ව 1950-1960 කාල පරාසය තුළ ඇමරිකාවේ ප‍්‍රබල සංවර්ධනයක් ඇති විය. විධිමත් මනෝවිද්‍යා උපදේශන සංගම් ආරම්භ වීම මෙයට හේතු විය. ‘‘ඇමරිකානු සේවා මණ්ඩල හා මාර්ග උපදේශන සංගමය (්ඡුඨ් - ්පැරසජ්බ ඡුැරිදබබැක ්බා ඨමසා්බජැ ්ිිදජස්එසදබ* සහ ජාතික ආරක්‍ෂණ අධ්‍යාපන පනතක් (භෘෑ් - භ්එසදබ්ක ෘැෙැබජැ ෑාමජ්එසදබ ්ජඑ* ඇතිවිය. තවද මෙතුළින් නව මාර්ග උපදේශන න්‍යායන් ඉදිරිපත් විය. කි‍්‍ර.ව 1960-1970 යුගය තුළ උපදේශන මනෝවිද්‍යාව වෘත්තීමය තත්ත්වයක් දක්වා සංවර්ධනය විය. තවද ගිල්බට් රේන් (ඨකරඉැරඑ උරුබ* විසින් රචිත ර්‍ණඔයැ ජදමබිැකදර සබ ් ජය්බටසබට අදරකා” නම් ග‍්‍රන්ථය තුළින් එකල ඇතිවූ වියට්නාම යුද්ධය හා සිවිල් අයිතිවාසිකම් පිලිබඳ ගැටලූද, උපදේශක අවශ්‍යතා සඳහා අවශ්‍ය කරුණුද අඩං`ගු වේ. මෙම තත්ත්වයන් සාකච්ඡුා කිරීම සඳහා මානුෂවාදී උපදේශන න්‍යායන්ගේ වර්ධනයක්ද සිදුවිය. (්‍යමප්බසිඑසජ ක්‍දමබිැකකසබට ඔයැදරහ* මෙහිදී ්ඉර්ප ප්ිකදඅ හා ීසාබැහ න්‍දමර්රා වැදගත් වේ. ක‍්‍රි.ව 1980-1990 පමණ වන විට එය ලොව පුරා ප‍්‍රචලිතව මෑත යුගයේදී ශ‍්‍රී ලංකාව තුළ ඉතා ජනප‍්‍රිය විෂය ධාරාවක් බවට පත්විය. ඒ අනුව උපදේශන මනෝවිද්‍යාවේ ඇති වැදගත්කම කොපමණදැයි කිවහොත් එය වර්තමානය වන විට විවිධ පැතිකඩ ඔස්සේ විහිද ගොස් තිබෙන අන්දම මැනවින් පැහැදිලි වේ. 1. රාජ්‍ය අංශය 2. රාජ්‍ය නොවන සංවිධාන 3. පුද්ගලික අංශය යනාදි වශයෙනි. විශේෂයෙන්ම රාජ්‍ය අංශය ගත්විට එය සමාජ සේවා අමාත්‍යංශය, වනිතා කටයුතු අමාත්‍යංශය, තරුණසේවා සභාව ආදී ආයතනද මීට අමතරව තිස් වසරක සාපලත් කුරිරු යුද්ධයෙන් මානසිකව ඇද වැටුණු මිනිසුන් පුනරුත්ථාපනය කිරීම සඳහා ඇරඹි පුනරුත්ථාපන ආයතන කිහිපයක්ද මනෝවිද්‍යා උපදේශන සේවා පවත්වා ගෙන යනු ලබයි. පුද්ගලික අංශය යටතේ උපදේශන සේවා පවත්වන ආයතන අතර ශ‍්‍රී ලංකා මානසික සෞඛය පදනමද ලංකාවේ මනෝවිද්‍යා උපදේශන සේවා පවත්වාගෙන යනු ලැබේ. මනෝවිද්‍යාත්මක උපදේශන න්‍යායන් මනෝවිශ්ලේෂණවාදී උපදේශන න්‍යාය ප‍්‍රකට මනෝවිද්‍යාඥයකු හා මනෝචිකිත්සකයකු වන සිග්මන් ෆ්‍රොයිඞ් (ක‍්‍රි.ව 1856-1939* මනෝවිශ්ලේෂණවාදී මනෝවිද්‍යාව හා උපදේශන න්‍යාය ගොඩනැගීමේ පුරෝගාමියා විය. වියානාවේ ස්නායු වෛද්‍ය වෘත්තිකයකු වූ සිග්මන් ෆ්‍රොයිඞ් දශක කිහිපයක් තිස්සේ මානසික රෝගීන් ඇසුරෙන් ලද අත්දැකීම්වල ප‍්‍රතිඵලයක් ලෙස මෙකී න්‍යාය ඉදිරිපත් කළේය. එහෙත් ෆ්‍රොයිඞ් ඉදිරිපත් කළ කරුණු උපදේශනය සඳහා මුල් අවදියේදී එතරම් සැලකිල්ලට නොගන්නා ලදී. එයට හේතුව වූයේ එකල උපදේශකයන් සිය අවධානය යොමු කළේ වෙළෙඳ පොලෙහි රැුකියා තෝරා ගැනිමට උදවු කිරීමට අවශ්‍ය මාර්ගයන් නිසාවෙනි. විශේෂයෙන්ම ෆ්‍රොයිඞ් ඉදිරිපත් කළ කරුණුවල මූලික අවධානය යොමු වූයේ චිත්තවේග පීඩාවලින් මිදෙන අන්දම පිළිබඳවය. පසු කාලීනව පුද්ගල කේන්‍ද්‍රීය උපදේශනය පිළිබඳව අවධානය යොමු වීමත් සම`ගම උපදේශකවරුන්ගේ කාර්යභාරයද පුළුල් වපසරියක් දක්වා විහිදුණි. ඒ අනුව පුද්ගලයන් මුහුණ දෙන චිත්තපීඩා හඳුනා ගැනීමටත් එම චිත්තපීඩා නිසා ඇතිවන මානසික ගැටලූවලට උපදේශනය ලබා දීමත් උපදේශකවරුන්ට සිදුවිය. මෙකී නැඹුරුවත් සම`ගම ෆ්‍රොයිඞ් ඉදිරිපත් කළ මනෝවිශ්ලේෂණවාදී උපදේශන න්‍යායට වැඩි සැළකිල්ලක් දක්වන්නට විය. මනස පිළිබඳව ඉතා පුළුල් අන්දමින් අධ්‍යයනය කළ ෆ්‍රොයිඞ් මූලික වශයෙන්ම පුද්ගල මනසෙහි ස්ථර තුනක් ඇති බව පෙන්වා දුන්නේය. එනම්, 01. සවිඥානික සිත - ක්‍දබිජසදමි පසබා 02. උපවිඥානික සිත - ඡුරු - ක්‍දබිජසදමි පසබා 03. අවිඥානික සිත - ඹබජදබිජසදමි පසබා වශයෙනි. මිනිස් සිතෙහි පිටතට විවෘත වූ කොටස වන්නේ සවිඥානික සිතයි. අප මේ අවස්ථාවේ සිතන, පතන දෑ සහ සංජානනයන්, බුද්ධිය ආදිය මෙහෙයවනුයේ සවිඥානයෙනි. මනසෙහි දෙවන ස්ථරය වන උපවිඥානයෙහි ඇත්තේ අතීත මතකයන් හා දැනුම ආදියයි. ‘‘වරක් සවිඥානයෙහි පැවති හා නැවත අවශ්‍ය විට සවිඥානයට ගත හැකි මතකයන් මෙහි පවතියි.’’ පෞරුෂය ගොඩනැ`ගීමෙහිලා ඉතා වැදගත් කොට ඔහු පෙන්වා දෙනුයේ අවිඥානික මනසයි. මනසෙහි සැ`ගවුණු ස්ථරය වන මෙහි පවතිනුයේ අවරෝදනය කරන ලද ආශයන්, ඉටුකළ නොහැකි කාමාශාවන්, ආක‍්‍රමණශීලී චර්යාවන්, ලිංගික පේ‍්‍රරණයන් හා චිත්තවේග ආදියයි. මෙසේ අවිඥානික සිතුවිලි පුද්ගලයා නොදැනුවත්ම පාහේ පෞරුෂය කෙරෙහි බලපාන බව ෆ්‍රොයිඞ්ගේ මතයයි. ළමා අවදියේ ඇති වූ භීතිකාවන්, දෙමාපියන් වැනි යමෙකු පිළිබඳ ඇතිකරගත් එදිරිවාදිකම්, කෝපය ආදිය මෙහි යටපත්ව තිබිය හැකිය. වැඩිහිටියකු සේ සමාජයට අනුගත වීමේදී ඔහුගේ හෝ ඇයගේ පෞරුෂය හැඩගැසීමට එම සාධක ඍජුවම බලපෑම් කරයි. කාංසාව හා සංරක්‍ෂණ ප‍්‍රයෝග ෆ්‍රොයිඞ් පවසන පරිදි පුද්ගල පෞරුෂයේ සියලූ ක‍්‍රියාකාරිත්ත්වයන් මෙහෙයවන බලවේග තුනක් ඇත. එනම් ෂා (ඉඞ්*, ෑටද (අහංභාවය*, ීමචැර ෑටද (උපරි අහංභාවය* වශයෙනි. ෂාගේ ආශයන් සමාජය අනුමත කරන ක‍්‍රමවේදයන්ට අනුව ඉටු කිරීමට යාමේදී ෑටද සහ ීමචැර ෑටද අතර හෙවත් සමාජ සාරධර්ම සහා මානසික ආශාවන් අතර නිරන්තරයෙන් අභ්‍යන්තර ගැටුම් සිදුවන්නේ අප නොදැනුවත්වමය. එහිදී ඉඞ් හට තම ආශාවන් ඉටුකර ගැනීමට නොහැකිව මෙවැනි මානසික ගැටුම් හා බාහිර බලපෑම් එල්ලවීම මත පුද්ගලයා කාංසාමය තත්ත්වයකට පත්ව පෞරුෂයට හානිවිය හැකිය. මෙම ගැටුම් හා බාහිර සාධක මත ඇතිවන බලාපොරොත්තු කඩවීම්වලට (ඉච්ඡුාභංගත්ත්වයට* පුද්ගලයා විවිධ උපක‍්‍රම යොදයි. උදාහරණයක් ලෙස බොහෝදෙනා බලාපොරොත්තු තබාගෙන සිටි ශිෂ්‍යයෙකු විභාගයෙන් අසමත් වුවහොත් එම අසීරුවට, මානසික ඇදහැලීමට (ඉච්ඡුාභංගත්ත්වයට* මුහුණ දීමට අවිඥානික සිත ආරක්‍ෂණ උපාය මාර්ගයක් අනුගමනය කරයි. තමා ඒ දිනවල රෝගී වූ නිසා එම ප‍්‍රතිඵල ලබාගත නොහැකි වූ බව නිදහසට කරුණක් ලෙස කියා මානසික පීඩාවෙන් මිදීම උදාහරණයකි. මෙය සංරක්‍ෂණ ප‍්‍රයෝග (ෘැෙැබජැ පැජය්බසිපි* ලෙස හැඳින්වේ. එහෙත් මෙකී සංරක්‍ෂණ ප‍්‍රයෝග පුද්ගලයාට උදව් වන ක‍්‍රියා මාර්ගයක් වුවත් ඉච්ඡුාභංග අවස්ථා නිතර නිතර ඉදිරිපත් වීමෙන් එවැනි අවස්ථාවලට මුහුණදීමට ඇති ආත්ම ශක්තිය හීන වී පුද්ගලයා තුළ ඍණාත්මක ආකල්ප සංවර්ධනය වේ. මෙතුළින් ජීවිතය සාර්ථක කරගැනීමට ඇති බොහෝ අවස්ථා ඔහුගෙන් ගිලිහී යයි. ‘‘මෙලෙස පුද්ගලයින් අන් අය සම`ග අන්තර් පුද්ගල සබඳතා පවත්වාගෙන යාමේදී තෘප්තකර හා මිත‍්‍රශීලී සබඳතා වර්ධනය නොවන කල්හි සරල මානසික රෝග හෙවත් නියුරෝෂීය (භැමරදිසි* රෝගි තත්ත්වයන් ඇතිවිය හැකිය. අහංභාවය බරපතල ලෙස බිඳවැටීම් තත්ත්වයට පත් වී, බාහිර සාධක නිසා ඇතුළාන්ත සිතුවිලි රටාව විකෘති වී ගියහොත් උග‍්‍ර මානසික රෝග හෙවත් සයිකෝෂීය (ඡුිහජයදිසි* තත්ත්වයට යමෙකු පත්විය හැකිය’’. තවද මනෝවිශලේෂණවාදී උපදේශන ක‍්‍රියාවලියේදී නිදහස් සංඝටන ක‍්‍රමය (ත්‍රුැ ්ිිදජස්එසදබ ඵැඑයදා* ඉතා වැදගත් වෙයි. උපදේශකවරයා ළ`ගට පැමිණෙන සේවාලාභියාට බලපාන ගැටලූව පිළිබඳව හැකිතාක් නිදහසේ බාධාවකින් තොරව කතා කිරීමට අවස්ථාව සැලසේ. මෙසේ නිදහස් සංඝටනය තුළින් අවිඥානයේ යටපත් කරගෙන, තෙරපාගෙන සිටි සිතුවිලි සවිඥාන සිතට ගැනීමට අවස්ථාව සැලසේ. තවද කිසිදු බාධාවකින් සැ`ගවීමකින් යටපත් කිරීමකින් හෝ ලැජ්ජාවකින් තොරව තම සිතුවිලි ගැන කතා කිරීමට අවශ්‍ය නිදහස ලබාදේ. එම කතාවෙහි අගක්, මුලක්, ගැලපීමක් ඇතැත් නැතත් කතා කිරීමට ධෛර්යය ලබාදේ. චර්යාවාදී උපදේශන න්‍යාය ප‍්‍රථම වරට මනෝවිද්‍යා ඉතිහාසය පිළිබඳව විමසීමේදී මනෝවිද්‍යා විෂයට විධිමත් නිර්වචනයක් ලබා දීමට ඇමරිකානු ජාතික විලියම් ජේම්ස් (උසකකස්ප න්‍ැපැි* සමත් වී ඇත. ඔහුගේ ‘‘ඡුරසබජසචකැි දෙ ඡුිහජයදකදටහ - 1890’’ (මනෝවිද්‍යාවේ මූලධර්ම* කෘතියට අනුව මනෝවිද්‍යාව යනු ‘‘මානසික ජීවිතය පිළිබඳ අධ්‍යනයයි. (ීඑමාහ දෙ පැබඒක කසෙැ*. චිත්තවේග (ෑපදඑසදබි*, ප‍්‍රජානනය (ක්‍දටබසඑසදබ* යනාදිය මානසික ජීවිතය තුළින් නිරූපණය වේ. නූතන මනෝවිද්‍යාවේ ප‍්‍රගමනයට ඉතා වැදගත් වූ මෙම නිර්වචනයට එල්ල වූ විවේචන අතර ප‍්‍රධානතම විවේචකයා වූයේ න්‍ග ඊග උ්එිදබ (1878-1958* නම් මනෝවිද්‍යාඥයාය. ඔහුගේ අදහස වූයේ මනස යනු විද්‍යාත්මක සංකල්පයක් නොවන බවයි. එනම් මනස විද්‍යාත්මක පරීක්‍ෂණයන්ට භාජනය කළ නොහැකිය. විද්‍යාත්මක නොවන සංකල්පයක් විද්‍යාවක පදනම විය නොහැකි නිසා ඒ සඳහා පදනම චර්යාව බව පැහැදිලි කළේය. ඔහු විසින් රචිත ‘‘ඡුිහජයදකදටහ ්ි එයැ ඊැය්ඩසදරසිඑ ඩසැඅ සඑ - 1913 ’’ කෘතිය ම`ගින් මනෝවිද්‍යාව වනාහි මිනිස් චර්යාව පිළිබඳ අධ්‍යනයක් ලෙස විග‍්‍රහ කරන ලදී. මෙලෙස න්‍ගඊග උදඑිදබල ෂඩ්බ ඡු්ඩකදඩල ඊගත්‍ ීනසබබැරල ෑාඅ්රා ඔයදරබාසනැල ක්‍ක්රන ්‍යමකක චර්යාවාදීන් (ඊැය්ඩසදරසිඑි* ලෙස හඳුන්වන අතර ඔවුන් මිනිසාගේ සහ සතුන්ගේ චර්යාව පිළිබඳ අධ්‍යයනය කරන ලදී. ‘‘මනෝවිද්‍යාව යනු මිනිස් හා සත්ත්ව චර්යාව පිළිබඳ අධ්‍යයනයයි’’- චර්යාවාදීන්. චර්යාවාදීන්ගේ අවශ්‍යතාව වූයේ මනස නම් සංකල්පය මනෝවිද්‍යාවෙන් ඉවත් කොට එ් වෙනුවට චර්යාව ඇතුළත් කිරීමටය. ”ඔයසබනසබට සි ිසකැබඑ ිචැැජය” (සිතීම යනු නිහ`ඩව කතා කිරීමකි* යනුවෙන් වොට්සන් පැවසීය. සම්භාව්‍ය ආරෝපණ න්‍යාය- ක්‍ක්ිිසජ්ක ක්‍දබාසඑසදබසබට අයිවන් පැව්ලෝ විසින් ඉදිරිපත් කළ සම්භාව්‍ය ආරෝපණ න්‍යාය ම`ගින් උත්තේජ සහා ප‍්‍රතිචාර තුළින් නව චර්යා රටාවන් බිහිකරගත හැකිබව පෙන්වා දෙයි. එනම් ස්වභාවික හෙවත් අනාරෝපිත (නූගත්* උත්තේජයකට ආරෝපිත (උගත්* ප‍්‍රතිචාරයක් සම්බන්ධ කිරීම තුළින් නව චර්යා බිහිකර ගතහැකි බවයි. නව චර්යා උගත්, ආරෝපිත චර්යාවක් ලෙස හ\ුන්වනු ලැබේ. (ආහාර දැකීම* (කටට කෙල ඉනීම* අනාරෝපිත උත්තේජය අනාරෝපිත ප‍්‍රතිචාරය ආරෝපිත උත්තේජය අනාරෝපිත ප‍්‍රතිචාරය ආරෝපිත උත්තේජය ආරෝපිත ප‍්‍රතිචාරය (ක්‍ී* (ක්‍ඍ* සීනුව නාද කිරීම (කටට කෙල ඉනීම* (උගත් චර්යාව* (චර්යා ප‍්‍රතිකාර* x උත්තේජ සාමාන්‍යයීකරණය - බියවන උත්තේජයකටද බියනොවන උත්තේජකයකට දක්වන ප‍්‍රතිචාරය දැක්වීමට හුරු කරවීම. x වඳකිරීම / සුවවීම - උත්තේජකයක් හා ඊට සම්බන්ධ ප‍්‍රතිචාරය අතර සම්බන්ධය බිඳ දැමීම හා නැවත නැවතත් මේ සම්බන්ධය බිඳ දැමීමට උත්සහා කිරීම ම`ගින් සම්පූර්ණයෙන්ම සුවකිරීම. (උදා: ලැන්ඩෝරස් වඳකිරීම හා සුවවීම සිය දේශනයකදී පෙන්වීම* x විධිමත් අසංවේදීකරණය - අනිසි බිය සුව කිරීමට යොදා ගනී. සිත සැහැල්ලූ කරගැනීමේ ක‍්‍රම යොදා ගනිමින් අනිසි බිය නැති කිරීම. ආදී ප‍්‍රායෝගික උපදේශනාත්මක ක‍්‍රියාකාරකම් සම්භාව්‍ය ආරෝපණය හරහා යොදාගත හැකිය. ප‍්‍රකාරක ආරෝපණ න්‍යාය- ධචැර්බඑ ක්‍දබාසඑසදබසබට බී. එෆ්. ස්කිනර් නම් මනෝවිද්‍යාඥයා මෙහි පුරෝගාමියා විය. තවද ප‍්‍රකාරක ආරෝපණ න්‍යාය සහ උපස්ථම්භන කාර්යයන් මනෝවිද්‍යාත්මක උපදේශනය සඳහා ප‍්‍රායෝගිකව යොදා ගන්නා ආකාරය පෙන්වාදී ඇත. ‘‘යම්කිසි චර්යාවක ප‍්‍රතිඵල ක‍්‍රමානුකූලව කළමනාකරණය කිරීම තුළින් එම චර්යාව දුර්වල කිරීම හෝ ශක්තිමත් කිරීම හේතුවෙන් යහපත් ඉගෙනුමක් සිදුවන ආකාරය’’ ප‍්‍රකාරක ආරෝපණ න්‍යාය ම`ගින් විස්තර කරයි. උපස්ථම්භන කාර්යයන් (ීජයැාමකැි දෙ රුසබදෙරජැපැබඑ* ගණනාවක් සම්බන්ධව විග‍්‍රහ කරයි. ඒ අතර ස්ථාවර අනුපාත කාර්යයන්, අස්ථාවර අනුපාත කාර්යයන්, ස්ථාවර අන්තර් කාර්යයන්, අස්ථාවර අන්තර් කාර්යයන් වැදගත් වෙයි. ඒ අනුව උපස්ථම්භන සංකල්පය ම`ගින් සංකීර්ණ ඉගෙනුම් විග‍්‍රහ කළ හැකිබව දක්වන ලදී. උපස්ථම්භනයක් යනු යම් චර්යාවක් දුර්වල කිරීමට හෝ ශක්තිමත් කිරීමට හේතුවන එම චර්යාවේම ප‍්‍රතිඵලයයි. නිද: ීනසබබැර (ස්කිනර්* මීයෙකු යොදාගෙන කරන ලද පර්යේෂණය ‘‘ීනසබබැර ඊදං’’ උපස්ථම්භන වර්ග කිහිපයකි. සග ප‍්‍රාථමික/කායික උපස්ථම්භන (ඡුරසප්රහ රුසබදෙරජැපැබඑ* සසග ද්විතීයික/මානසික උපස්ථම්භන (ීැජදබා්රහ රුසබදෙරජැපැබඑ* සසසග ධන උපස්ථම්භන (ඡුදිසඑසඩැ රුසබදෙරජැපැබඑ * සඩගසෘණ උපස්ථම්භන (භැට්එසඩැ රුසබදෙරජැපැබඑ * උක්ත සම්භාව්‍ය ආරෝපණ න්‍යාය සහ ප‍්‍රකාරක ආරෝපණ න්‍යායයන් ලංකාවේ උපදේශනාත්මක මනෝවිද්‍යාවට ප‍්‍රායෝගිකව යොදාගත හැකිය. විශේෂයෙන්ම ලංකාවේ සංස්කෘතික හා ආගමික පසුබිම තුළ බාහිර පිවිතුරු භාවයට, විනයට, හොඳ හැසිරීම්වලට මුල් තැනක් දෙන බැවින් හැසිරීම් වෙනස් කර ගැනීමට මුල් තැනක් දෙන චර්යාවාදී න්‍යාය හා එම ප‍්‍රතිකාර ක‍්‍රමය හොඳින් ගැළපේ. තවද රෝගය සුවකර ගැනිමට රෝගියා සම`ග එක්ව කටයුතු කිරීම, පහසුවෙන් වටහාගත හැකි ප‍්‍රතිකාර ක‍්‍රම යොදා ගැනිම හා ඉතා ඉක්මනින් ප‍්‍රතිකාර ආරම්භය ආදී ක‍්‍රමයන් ලංකාවේ චින්තනයට මනා ලෙස ගැලපේ. ප‍්‍රජානන උපදේශන න්‍යාය හේතුවාදී භාවමය චර්යා ප‍්‍රතිකාරයේ නිර්මාතෘ‘‘ඇල්බට් එලිස්’’ නම් මනෝවිද්‍යාඥයා මෙහි පුරෝගාමියා විය. චර්යාවාදී සිද්ධාන්තත්, චිත්තවේගීය මූලධර්මත් පදනම් කරගෙන මෙම න්‍යාය ගොඩනැ`ගී තිබේ. ඇල්බට් එලිස්ගෙන් පසුව ආරොන් බෙග් (්්රදබ ඊැජන* සහ ඩොනල්ඞ් මිචෙන්බොම් (ෘදබ්කා ඵැසජයැබඉ්මප* මෙය තවදුරටත් ඉදිරියට පවත්වාගෙන ගිය මනෝවිද්‍යාඥයෝ වූහ. ‘‘මිනිස් චර්යාව ඔහුගේ අභ්‍යන්තර ක‍්‍රියාවලිය සම`ග බැඳී තිබේ. මෙහිදී චර්යාව වෙනස් කිරීමෙහිලා අන්තර් ක‍්‍රියාපටිපාටිය මනෝවිද්‍යඥයා විසින් උපයෝගී කරගනු ලැබේ. ඒ අනුව ප‍්‍රජානන චර්යාවාදී ප‍්‍රතිකාරයේ අරමුණ වන්නේ මිනිසාගේ අභ්‍යන්තරික සංවර්ධනය ඇති කරමින් ඇගයුම් ම`ගින් ඔවුන් ශාරීරික වශයෙන් සැහැල්ලූ කරමින් සංකීර්ණ ප‍්‍රශ්න විඳදරා ගැනීමට මාර්ග පෙන්වා දීමයි’’ ඇල්බට් එලිස් පවසන අන්දමට මිනිසුන් මානසික ව්‍යාධිවලට දැඩිලෙස ගොදුරු වනුයේ යථාර්ථයෙන් ඈත්වීම හේතු කොටගෙනය. මෙනිසා ඔවුහු මායාත්මක විශ්වාසයන් මත කටයුතු කරති. මෙසේ පුද්ගලයා යථාර්ථයෙන් ඈත්වීම තුළින් පහත ලක්‍ෂණ ඇතිවිය හැකිබව ඔහුගේ අදහසයි. එනම්, සග සරල දිවියකට හුරු වීමේ අපහසුව. සසග අධිෂ්ඨානය හා ආත්ම ශක්තිය පලූදු වීම. සසසග අනුකරණශීලීත්ත්වය. සඩග අධික චිත්තවේගී ස්වභාවයක් ඇතිවීම හා අධික ආතතිය. ඩග ඇබ්බැහිකම. ඩසග යමකට වහල් වීම. ඩසසග මායාත්මක විශ්වාස අනුව කටයුතු කිරීම. ඩසසසග ඒවා මායාත්මක පුරුදු බවට පත්වීමත්, එවැනි දේ කඩ කළහොත් තමන්ට කරදර වන බව සිතීම හා ඒ අනුව කරගෙන යන කටයුතු දිගටම පවත්වාගෙන යාම. සංග මායාත්මක විශ්වාසය මත කරගෙන යන දේ නතර කිරීමට වඩා තවදුරටත් කරගෙන යාම යහපත් බව සීතීම. මේ අනුව මිනිසා විවිධ වූ ආවේගශීලී තත්ත්වයනට පත් වන්නේත්, නොයෙක් අනතුරු හා විපත් වලට භාජනය වන්නේත් යථාර්ථයෙන් ඈත්වීම හේතු කොටගෙන බව මැනවින් පැහැදිළි වේ. තවද මෙකී යථාර්ථයෙන් ඈත්වීම නිසා නූගත්කම, දිළිඳුකම ආදි සමාජ පාරිසරික ලක්‍ෂණද ඒ හේතුවෙන් පුද්ගලයා තුළ අපගාමී චර්යාවන්ද පෙන්නුම් කෙරෙයි. ඇල්බට් එලිස් විසින් හඳුන්වා දුන් යථාර්ථවාදී චිත්තවේගී චිකිත්සක ක‍්‍රමය උපදේශනයෙහිලා ඉතා වැදගත් වේ. විශේෂයෙන්ම චින්තන වීමංසයකින් තොරව විවිධ වූ දෘෂ්ඨි මායාවන්හි එල්බගත් මිනිසුන් අවසන විවිධ වූ චිත්ත පීඩාවන්ට පත්ව සමාජයේ නිවටුන්, නියාලූවන් සේ කටයුතු කරති. මිනිසා එකී තත්ත්වයන්ගෙන් මුදවා තාර්කික බුද්ධියකින් හා චින්තනශීලි අදහස් පෙරටු කරගත් මිනිසකු බිහි කිරීම මෙහි අරමුණ වේ. මානව හා සාන්දෘෂ්ටිකවාදී න්‍යාය මෙම න්‍යායේදී ඒබ‍්‍රහම් මාස්ලෝ (්ඉර්ය්ප ඵ්ිකදඅ* (1908-1970* සහ කාල් රොජස් (ක්‍්රක ඍදටැරි* (1902-1987* වැදගත් වේ. මාස්ලෝ විසින් අවශ්‍යතා ¥රාවලිය (්‍යසැර්ජහ දෙ බැැාි* පිළිබඳව මෙන්ම රොජස් විසින් පුද්ගල කේන්‍ද්‍ර උපදේශන ක‍්‍රම ශිල්ප (ඡුැරිදබ ක්‍ැබඑැරුා ක්‍දමබිැකකසබට ඔයැර්චහ* හ\ුන්වා දෙන ලදී. ගැඹුරු දාර්ශනික පසුබිමක් ඇති මානව හා සාංදෘෂ්ටිකවාදි න්‍යාය මනෝවිශ්ලේෂණවාදී න්‍යාය හා චර්යාවාදී න්‍යාය සම`ග විසංවාදී වේ. මෙම ගුරු කුලය මනා ලෙස සංවිධානය වූවක් වන අතර ඇතැම් අවස්ථාවල තනි ගුරුකුලයක් ලෙසද ගුරුකුල දෙකක් ලෙසද සලකනු ලැබේ. කාල් රොජර්ස් විසින් ඉදිරිපත් කළ ස්ව සංකල්පය (ීැකෙ - ක්‍දබජැචඑ* හා ඒබ‍්‍රහම් මාස්ලෝ විසින් ඉදිරිපත් කළ අවශ්‍යතා ¥රාවලිය මෙහිදී වැදගත් වේ. ස්ව සංකල්පය යනුවෙන් අදහස් කරනුයේ පුද්ගලයා තුළ පවතින ‘‘මමය, මාගේය’’ යන හැ`ගීමයි. රොජස්ට අනුව පුද්ගලයාගේ ප‍්‍රධාන අභිපේ‍්‍රරණ බලවේගය පූර්ණ ස්වීයත්ත්වය හෙවත් ආත්ම සාක්‍ෂාත්කරණයයි. විශේෂයෙන්ම සැම පුද්ගලයකු තුළම දැවැන්තයකු වීමේ විභව ශක්තියක් ඇති බවත් එම විභව ශක්තිය මතුකොට විකසිත කර ගැනීම සඳහා පුද්ගලයා ශක්තිමත් කිරීම මෙම උපදේශනයේ ප‍්‍රධාන අරමුණ වේ. තවද උපදේශනය සඳහා උපදේශකවරයෙකු ළ`ගට පැමිණෙන සේවාලාභියාට උපදේශකවරයා විසින් කරුණු හතරක් යටතේ සැලකිය යුතු බව රොජර්ස් පෙන්වා දෙයි. එනම්, 01. වෙනම සුවිශේෂී පෞරුෂයක් ලෙස පිළිගනු ලැබිය යුතුය හෙවත් ධනාත්මකව සැළකිය යුතුය. 02. සේවාලාභියාගේ යථා ස්වභාවය පිළිබඳව සහකම්පනාත්මක විය යුතුය. 03. ඔහු සම`ග අව්‍යාජව කටයුතු කළ යුතුය, හැ`ගීම් සම`ග අනුරූප හෙවත් සාදෘෂ්‍ය විය යුතුය. 04. පුද්ගල කේන්‍ද්‍රීය උපදේශනයේදී සැබෑ උපදේශකවරයෙකු වන්නේ කෙසේද? (්‍යදඅ එද ඉැ * හා උපදේශන ක‍්‍රියාවලියේ යෙදෙන්නේ කෙසේද? (්‍යදඅ එද ාද* යන්න වැදගත් කොට සළකනු ලබයි. තවද උපදේශකවරයා ශක්තිමත්, ධනාත්මක පෞරුෂයකින් හෙබි පුද්ගලයකු විය යුතුය. එසේම සේවාලාභියාට දැනෙන වේදනාව, පිඩාව හා හැ`ගීම් ඒ අයුරින් දැක ගැනීමට හා සහකම්පනාත්මකව විඳ ගැනීමට ශක්තියක් උපදේශකයා සතුව තිබිය යුතුය. මේ අනුව පුද්ගල කේන්‍ද්‍රීය උපදේශන න්‍යාය පිළිබඳව විමසීමේදී තම ජීවිතය යළි ගොඩන`ගා ගැනීම සඳහා දැඩි උත්සහයක් හා ආශාවක් ඇති සේවාලාභීන්ට මෙම උපදේශන ක‍්‍රමය ඉමහත් සේවාවක් ඉටු කරන බවයි. මන්ද යත් මෙය පුද්ගල කේන්‍ද්‍රීය උපදේශනයක් වන නිසාවෙනි. ඒබ‍්‍රහම් මාස්ලෝ: ආත්මසාක්‍ෂාත්කරණය මානුෂවාදි මනෝවිද්‍යා ගුරුකුලයේ ශ්‍රේෂ්ඨතම මනෝවිද්‍යාඥයකු වන එ්බ‍්‍රහම් මාස්ලෝ (1908-1970* පුද්ගලයා පිළිබඳව සංකීර්ණ විවරණයක් ඉදිරිපත් කරයි. මොහු සඳහන් කරන ආකාරයට පෞරුෂ සංවර්ධනයේ, ස්වීයත්වය ගොඩනැ`ගීමේ පේ‍්‍රරණ බලවේගය වනුයේ අවශ්‍යතාවන්ය. අවශ්‍යතා සම්පූර්ණ කර ගැනීමේ ස්වභාවය ඇතුළත් අවශ්‍යතා ධූරාවලියක් ඔහු විසින් හඳුන්වා දෙන ලදී. එය අවශ්‍යතා න්‍යාය (ඔයැදරහ දෙ බැැාි* ලෙස නම් කරයි. පහත ඇති අවශ්‍යතා සම්පූර්ණ වූ කල්හි ප‍්‍රගතිය ඇති වේ. 5. ආත්ම සාක්‍ෂාත්කරණ අවශ්‍යතා 4ග ආත්ම සම්මානන අවශ්‍යතා පහල මට්ටමේ ඇති 3ග ආදරය/පිළිගැනීමේ අවශ්‍යතා අවශ්‍යතා සම්පූර්ණ නොවූ 2ග ආරක්‍ෂක අවශ්‍යතා කල්හි පසු බැස්මක් 1. ජීව විද්‍යාත්මක අවශ්‍යතා ඇතිවේ. සාංදෘෂ්ටික වාදය මෙහි ප‍්‍රධානියා වනුයේ ඔස්ටි‍්‍රයන් ජාතික වික්ටර් ෆ‍්‍රැන්ක්ලින් (ඪසජඑදර ත්‍ර්බජකැ* නම් මනෝවිද්‍යාඥයාය. ඔහු දක්වන අන්දමට මිනිසුන්ගේ ආධ්‍යාත්මයේ හිඩසක් ඇතිබවත් එම හිඩස පිරවීමට නම් අප හොඳ දේවල් කළයුතු බවත් පැහැදිලි කරයි. තවද ත්‍රසැාරසජය භසැඑ‘ිජයැ (1844-1900* සහා න්‍ැ්බ ඡු්මක ී්රඑරු යන මනෝවිදයාඥයන්ද මේ සඳහා විවිධ අර්ථකථනයන් ඉදිරිපත් කොට ඇත. මෙම දර්ශනයේ කේන්‍ද්‍රීය සංකල්පය ලෙස සැලකෙන්නේ පුද්ගල සංකල්පය හා ඒ ආශ‍්‍රිත ගැටලූන්ය. මිනිසා සම්බන්ධයෙන් වැදගත් වන්නේ පුද්ගල පැවැත්මයි. එය මනුෂ්‍ය සාරය හෙවත් අර්ථය ලෙස විග‍්‍රහ කරනු ලබයි. මෙහිදී පැවැත්ම ලෙස අර්ථ දක්වන්නේ ආධ්‍යාත්මික පැවැත්මයි. පුද්ගල පැවැත්ම සම්බන්ධයෙන් සංකල්ප තුනක් වැදගත් වේ. එනම්, 1. නිදහස (ත්‍රුැාදප* - නිදහස භුක්තිවිඳීම 2. නිදහස් කැමැත්ත (ත්‍රුැ ක්‍යදසජැ* - කැමති පරිදි අරමුණු ඇතිකර ගැනීම 3. ස්වච්ඡුන්දතාව (ත්‍රුැඅසකක* - විකල්ප දෙකකින් එකක් තෝරාගැනීම පුද්ගල ස්වච්ඡුන්දතාවය අහිමි වූ විට හුදකලාවට පත්වේ. තමන්ට තමන් අහිමි වේ. මෙම අහිමිවීම සාංදෘෂ්ටිකවාදීන් දක්වන්නේ සාංදෘෂ්ටික කාංසාව (ෑංසිඑැබබඑස්ක ්බංසැඑහ* ලෙසය. මෙම හිඩස පිරවීම අප විසින් කළ යුතුය. ෆ‍්‍රැන්ක්ලින් මෙම අදහස් ඉදිරිපත් කරන්නේ නාසි සිර කඳවුරක සිටීමෙන් ලත් අත්දැකීම් පදනම් කරගෙනය. මොහු දක්වන ආකාරයට පුද්ගලයාගේ කය මනසක් පමණක් නොව ආධ්‍යාත්මයද වැදගත් වේ. පෞරුෂයේ කේන්‍ද්‍රීය බලවේගය වන්නේ අර්ථ ගවේෂණයයි. මෙහිදී තමා අවට සිදුවන්නේ කුමක්ද? තමා කවුද? යන ගැටලූව සම්බන්ධව පුද්ගලයා ව්‍යාකූලත්‍වයට පත්වේ. එමනිසා පුද්ගලයා තුළ කාංසාමය නියුරෝසියාව ඇතිවේ. පුද්ගලයාගේ දෘෂ්ටිය කොටස් දෙකකි. එනම්, 1. සැබෑ ස්වීයත්‍වය - පුද්ගල අභ්‍යන්තරික තත්‍වය තුළ ඇති වේ. 2. ව්‍යාජ ස්වීයත්‍වය - බාහිර පරිසර සම`ග ඇතිවන සබඳතා මත ඇතිවේ. සැබෑ ස්වීයත්ත්වය ඇත්තේ ළමුන් හා මානසික රෝගීන් ළ`ග වන අතර ව්‍යාජ ස්වීයත්ත්වය මිනිසුන් ළ`ග තිබේ. සාංදෘෂ්ටිකවාදින් මිනිසා පිළිබඳව අංශ තුනක් දක්වයි. ඒවා මිනිසා පිළිබඳ මාන ලෙස හ\ුන්වයි. එනම්, 2 1. ජීව විද්‍යාත්මක ලෝකය 2. මනෝවිද්‍යාත්මක ලෝකය 3. ආධ්‍යාත්මික ලෝකය 1 3 ජීවවිද්‍යාත්මක ලෝකය යනු ජීවවිද්‍යාත්මක අවශ්‍යතා මත පදනම් වූ ලෝකයයි. මනෝවිද්‍යාත්මක ලෝකය යනු මානසික තත්ත්වයන්ය. මිනිසා සතු විය යුතු වැදගත්ම අංශය ලෙස දක්වනුයේ ආධ්‍යාත්මික අංශයයි. සාංදෘෂ්ටිකවාදීන් දක්වන ආකාරයට බොහෝ පුද්ගලයින් විසින් ආධ්‍යාත්මික ලෝකය දැක නැත. එමෙන්ම ආධ්‍යාත්මික ලෝකයේ පැවැත්ම සඳහා හොඳ ක‍්‍රියාවන් කළයුතු බව දක්වයි. මෙම ලෝක තුන අතර සමබරතාව ආරක්‍ෂා කළ යුතුය. නැතහොත් පෞරුෂය දුර්වල වේ. පරාර්ථකාමීත්ත්වය, ඊර්ෂ්‍යාව හා වෛරයෙන් තොර වීම ඇතුළු යහපත් දේ ආධ්‍යාත්මික ලෝකයේ පවතියි. මානසික සමබර තාවය රැුක ගැනිම මනෝවිද්‍යාත්මක ලෝකයෙන් සිදුවෙයි. උපදේශනය හරහා සිදුවන්නේ මෙම ලෝක තුන අතර සමබරතාවය පවත්වාගෙන යන්නේ කෙසේද? යන්න පිළිබඳව අවබෝධයක් පුද්ගලයාට ලබා දීමයි. අ\ුර සහ ආලෝකය යනුවෙන් පැති දෙකක් දක්වයි. අ\ුර ලෙස අයහපත් ක‍්‍රියාද ආලෝකය ලෙස යහපත් ක‍්‍රියාද විග‍්‍රහ කරනු ලැබේ. අයහපත් ක‍්‍රියා තුළින් පුද්ගල ආත්මය කිලිටි වන බව පැහැදිලි කරයි. උපදේශන වර්ගීකරණය පවුල් උපදේශනය උපදේශන වර්ගීකරණයේදී පවුල් උපදේශනයට ප‍්‍රමුඛ ස්ථානයක් හිමි වේ. ස්වාමියා, භාර්යාව හා දරුවන් කේන්‍ද්‍රගතව උපදේශනය ක‍්‍රියාත්මක වේ. මෙහිදි පවුලේ සාමාජිකයන් පෞද්ගලික වශයෙන් වෙන වෙනම උපදේශනයේ යෙදීමත් අවසාන වශයෙන් සියලූ සාමාජිකයන් සමග සාමූහික උපදේශනයේ යෙදීමත් සිදු වේ. පවුල් උපදේශනය ක‍්‍රියාත්මක කිරීමේදී මනෝවිද්‍යාත්මක ප‍්‍රතිකාරවලට ප‍්‍රධාන තැනක් හිමි වේ. මෙහිදී රහස්‍යභාවය හා විශ්වසනීයත්වය උපරිම ලෙස ලබාගනිමින් මෙම ප‍්‍රතිකාර කළ යුතුය. පවුල් උපදේශනයේදී පරස්පර විරෝධී තොරතුරු ලැබෙන හෙයින් පවුලට සම්බන්ධ බාහිර අයගෙන් හෝ නිවැරදි තොරතුරු ලබාගත යුතුය. ඇතැම් අවස්ථාවන්වලදී දෙමාපියන් සම්බන්ධ ගැටලූ දරුවන්ගෙන්ද දරුවන් පිළිබඳ ගැටලූ දෙමාපියන්ගෙන්ද ලබාගත හැකිය. එ් අනුව හඳුනාගත් ගැටළුව නිරාකරණය කිරීම සඳහා ප‍්‍රායෝගික ක‍්‍රියාකාරකම් හා විවිධ කුශලතා සංවර්ධනය කිරීමට ම`ගපෙන්විය යුතුය. විශේෂයෙන්ම වත්මන් ශ‍්‍රි ලාංකීය සමාජ වපසරිය පිළිබඳව විමසා බැලීමේදී පවුල තුළින් බොහෝ ගැටලූකාරී තත්ත්වයන් උද්ගත වී තිබේ. එහිදී දික්කසාද වැඩි වීම, මත්පැන් ගැටලූ, අනියම් පේ‍්‍රම සම්බන්ධතා, ආදරය අඩුවීම, නොසලකා හැරීම, ගරුතත්්වය හා ඇගයිම් බිඳ වැටීම, විශ්වාසය පලූදු වීම හා දෙමාපියන්ගේ අනිසි බලපෑම් ආදි ගැටලූ පෙන්වා දිය හැකිය. මේ අනුව උක්ත ගැටලූකාරී තත්ත්වයන් නිරාකරණය කර ගැනීමෙහිලා පවුල් උපදේශනයේ ඇති ප‍්‍රායෝගික වැදගත්කම මැනවින් පැහැදිලි වේ. කාර්මික උපදේශනය රාජ්‍ය හා පෞද්ගලික ආයතන තුළින් පැන න`ගින ගැටලූ නිරාකරණය කිරීමෙහිලා කාර්මික උපදේශනය තුළින් මහ`ගු සේවයක් ඉටුවේ. මෙහිදී සේව්‍ය හා සේවකයන්ට සිය රැුකියාව තුළින් ඇතිවන ක්ලමතය අවම කිරීම මෙහි අරමුණයි. විශේෂයෙන් ආයතනික ගැටලූ බොහොමයක් ඇතිවන්නේ සේවක අතෘප්තිය නිසාවෙනි. මෙසේ සේවක තෘප්තිය වැඩිදියුණු කිරීම සඳහා උපදේශකයා මැදිහත් විය හැකිය. සේවක තෘප්තිය සඳහා රැුකියාවේ ගැටලූ සහ පෞද්ගලික ජීවිතයේ ගැටලූ බෙහෙවින්ම බලපානු ලබයි. මෙකී ගැටලූ තුළින් සේවක තෘප්තිය අඩුවනවා පමණක් නොව එතුළින් සේවක කාර්ක්‍ෂමතාවය හා ඵලදායිතාව අඩුවේ. කාර්යක්‍ෂමතාව හා ඵලදායිතාව වර්ධනය කිරීම සඳහා උපදේශකයා විසින් සේවකයාගේ රැුකියාමය පරිසරය හා පවුල් පරිසරය පිළිබඳ අධ්‍යයනය කළයුතුය. පාලක පාර්ශවය දැනුවත් කිරීම, අකාර්යක්‍ෂම සේවකයින් හඳුනාගැනීම හා ආයතනික සංවර්ධනය සඳහා විවිධ සමීක්‍ෂණ කිරීම කාර්මික උපදේශනය යටතේ කළ හැකිය. එමෙන්ම සේවකයන්ගේ ගැටලූ හ`දුනාගෙන එකී ප‍්‍රශ්්නයන් විසඳීම සඳහා පාලක පක්‍ෂය දැනුවත් කළ යුතුය. ගැටලූ සහිත පුද්ගලයින් සඳහා පාලක පක්‍ෂය සම`ග සාකච්ඡුා කොට එකී ගැටලූ නිරාකරණය කරගැනීමට ම`ග පෙන්වීමත්, තමාගේ සේවය තුළින් නිසි ඇගයීමක් ලබාදීමට (සේවකයිගේ* ආකල්ප වෙනස් කිරීමත්, විඩාව අඩුවන ආකාරයේ වැඩ සැලසුම් කිරීමට උපකාර කිරීමත් පෞද්ගලික හා වෘත්තිමය කාලසටහන් සමබර කර දිගුකාලීන රැුකියාවේ යෙදීමට අවශ්‍ය පරිසරයක් හා ගැටුම් වළක්වා ගැනීමට උපකාර කිරීම මෙතුළින් සිදුවේ. පෞද්ගලික ආයතන සඳහා මෙම කාර්මික උපදේශනය යොදා ගැනීමෙන් දිගුකාලීන වශයෙන් සංවර්ධනය කළහැකි පමණක් නොව සේව්‍ය සේවක ප‍්‍රශ්නද බොහෝ විට නිරාකරණය වේ. සියදිවිනසා ගැනීම පිළිබඳ උපදේශනය මෑතකදී කරන ලද සමාජ සමීක්‍ෂණයන්ට අනුව අප රටෙහි සියදිවි නසා ගැනීමේ ප‍්‍රවනතාවය වර්ධනය වී ඇති බවට තොරතුරු හෙළි වේ. මෙසේ සියදිවි නසාගැනීමේ එක් හේතුවක් ලෙස ලංකාවේ විධිමත් උපදේශන සේවාවක් නොමැතිවීම පෙන්වා දිය හැකිය. සියදිවි නසාගැනීම හා සියදිවි නසාගැනීමට තැත් කිරීම අංශ දෙකක් යටතේ වර්ග කළ හැකිය. මෙයින් උපදේශනය යොදාගත හැකිවන්නේ ඒ සඳහා තැත් කිරීමට පමණි. මනෝවිද්‍යාත්මක උපදේශනය තුළින් පුද්ගලයෙකු සියදිවි නසාගැනීමට තැත් කරනුයේ කුමක් නිසාද? ඊට අදාළ බාහිර සහ අභ්‍යන්තර කරුණු මොනවාද යන්න සොයා බලයි. ඒ අනුව ඇතැම් පුද්ගලයන් සමාජයේ අනෙක් පුද්ගලයන්ගෙන් පළිගැනීමට හා ඔවුන්ට පාඩමක් ඉගැන්වීමට යැයි සිතා සියදිවි හානිකර ගැනීමට පෙළඹේ. මේ අතරින් දරුණු මානසික රෝගී තත්වයනට ගොදුරු වූ පුද්ගලයන් කිසිදු හේතුවක් නොමැතිවද සියදිවි හානිකර ගැනීමට පෙළෙ ඕ. එවැනි රෝගීන් සඳහා මනෝවිද්‍යාත්මක ප‍්‍රතිකාර කළ යුතුය. ‘‘ සමාජ ප‍්‍රශ්න හේතු කොට ගෙන දිවි නසාගැනීමට තැත් කරන අයගේ ප‍්‍රමාණය අධික වේ. ප‍්‍රථමයෙන් මේ අය හොඳින් පිළිගෙන ඇහුන්කම් දීම ඉතා වැදගත්ය. අනතරුව දිවිනසාගැනීමට හේතු වූ සාධකය සන්නිවේදනය කරගෙන මොවුන්ගේ වේදනාවට වඩා විඳ දරාගැනීමට සම්පත් සංවර්ධනය කළ යුතුය. සුභවාදීව සිතීමට අවශ්‍ය මානසික සම්පත් වර්ධනය කළ යුතුය. මේ සඳහා වෘත්තීමය ප‍්‍රතිකාරද අවශ්‍ය වේ. එනම් තනිවීම වෙනුවට ඵලදායී කටයුතු කිරීමට ම`ග පෙන්වනු ලැබේ. එසේම ජීවිතය පිළිබඳව විවිධ විකල්ප පෙන්වා දෙමින් බලාපොරොත්තු ඇති කරමින් ඒවා කෙරෙහි ළ`ගා වීමේ යථාර්ථ අවබෝධයක් ලබාගැනීම ඉතා වැදගත්ය’’. වින්දිත උපදේශනය ස්වභාවික සහ අස්වාභාවික වූ විවිධ ඛේදනීය තත්වයන්ට මුහුණ දුන් පුද්ගලයන්ගේ මානසික තත්ත්වයන් ගොඩනැංවීමෙහිලා කරනු ලබන උපදේශනය වින්දිත උපදේශනය යනුවෙන් හඳුන්වා දිය හැකිය. මෙහිදී වින්දිත උපදේශනය අංශ කිහිපයකට බෙදා දැක්විය හැකිය. එනම්, ‘‘1. අපරාධවලට භාජනය වූ අය සඳහා වන උපදේශනය 2. ස්වභාවික ආපදාවලට 3. යුධ, කැරලි කෝලාහලවලට 4. ගණිකාවන් සඳහා වන උපදේශනය 5. කාම අපරාධවලට භාජනය වූ සහ ස්තී‍්‍ර ¥ෂණය පිළිබඳ උපදේශනය. අපරාධ දැකීම, තුවාල සිදු කිරීම, මරණිය තර්ජන, පැහැරගෙන යාම, ආයතනික වැරදි, අපහාස කිරීම ආදී පීඩනයන් යටතේ මෙම උපදේශනයන් ලබාදීමට සිදුවේ, අපරාධයකට භාජනය වූ පුද්ගලයකු දිගු කාලීන මානසික පීඩනයකින් දුක් විඳිය හැකිය. විශේෂයෙන් මෙවැනි අයගේ චිත්තවේගී ජීවන රටාව උපදේශනය ම`ගින් අවම කළ යුතුය. මෙවැනි අය ශාරීරික හා මානසික වශයෙන් සැහැල්ලූ කිරීමද වැදගත් වේ.’’ ස්වභාවික ආපදා වශයෙන් සැලකෙන ගංවතුර, ජලගැලීම්, සුනාමි ආදිය තුළින් අවතැන් වූ පුද්ගලයන්ගේ මානසිකත්ත්වය වර්ධනය කිරීමෙහිලා උපදේශනය අත්‍යවශ්‍ය වේ. එහිදී ජීවිතය ශක්තිමත් කිරීම, නව ඉලක්ක හඳුන්වා දෙමින් එකී ඉලක්කයන් කරා ල`ගා වීමට අවශ්‍ය මානසික ශක්තිය සංවර්ධනය කිරීම කළ යුතුය. යුද්ධය නිසාද මිනිස්සු විවිධ කායික හා මානසික අවපීඩනයන්ට පත්වෙති. මෙහිදී ප‍්‍රථමයෙන්ම මිනිසුන් තුළ ගොඩනැ`ගුණු භීතිය ඉවත් කළ යුතුය. ධනාත්මක චින්තනයකින් යුක්ත සැහැල්ලූ මනසක් ගොඩනැ`ගිය යුතුය. ගණිකාවන් සම්බන්ධයෙන්ද සමාජ පුනරුත්ථාපන මධ්‍යස්ථාන ගොඩනංවමින් ඔවුන්ගේ මානසිකත්ත්වයන් හා ආකල්ප වෙනස් කිරීමට අවශ්‍ය ප‍්‍රායෝගික උපදේශනය ලබාදිය යුතුය. ස්ත‍්‍රී ¥ෂණ පිළිබඳ උපදේශනයේදී ජීවිතය පිළිබඳ දැනුවත් කරමින් සුභවාදී ආකල්ප ගොඩනැ`ගිය යුතුය. මේ අනුව වින්දිත උපදේශනය යටතේ විවිධ අවස්ථාවන්ට මුහුණ දුන් පුද්ගලයන් තුළ විෂාදය, කාංසාව, පශ්චාත් ව්‍යසන ක්ලමත අක‍්‍රමතාව ආදි රෝගී තත්ත්වයන්ගෙන් මුදා ගැනීම සඳහා ප‍්‍රායෝගික මනෝ උපදේශනය හා ඊට අදාළ මනෝ ප‍්‍රතිකාර කළ යුතුය. සමාලෝචනය මනෝවිද්‍යාව යනු පුද්ගල කායික සහ මානසික චර්යාවන් පිළිබඳ විද්‍යාත්මකව අධ්‍යනය කරනු ලබන විෂය ධාරාවකි. විශේෂයෙන්ම දෛනික ජීවිතයේදී විවිධ විෂමකාරී කායික හා මානසික ගැටලූවලට බඳුන් වන අපට ඒ සඳහා වූ විවිධ ප‍්‍රතිකාර සොයාගත හැකිය. එහෙත් පුද්ගලයකු මානසික අවපීඩනයකට පත් වූ කල එය ක්‍ෂණික හෝ දීර්ඝ කාලීන විය හැකිය. එවන් අවස්ථාවන්ට පත්වන ඕනෑම පුද්ගලයෙකු මානසික නිරවුල් භාවයෙන් යුත් නිරෝගී පුද්ගලයකු බවට පත්කර ගැනීමෙහිලා උපදේශන මනෝවිද්‍යාව වැදගත් වේ. එය ප‍්‍රායෝගිකව මිනිසාගේ දෛනික ජීවිතයට යොදා ගැනීම තුළින් කාංසාව, විෂාදිය, ඉච්ඡුාභංගත්ත්වය, ක්ලමතය හා සියදිවි හානිකර ගැනීමට පෙළඹීම වැනි මානසික ව්‍යාධීන්ගෙන් මිදිය හැකිය. තවද උපදේශන මනෝවිද්‍යාවේ දැක්වෙන ප‍්‍රයෝග හා න්‍යායන් අධිභෞතික හෝ මිනිස් ජීවිතයේ දෛනිකව යොදාගත නොහැකි ප‍්‍රතිකාර විශේෂයක් නොවන අතර එය පුද්ගල මානසික ගැටලූවලට යෙදාගත හැකි දීර්ඝ කාලීන ඖෂධයකි. ඒ බැව් තහවුරු කිරීමෙහිලා උක්ත ලිපිය තුළින් උපදේශන මනෝවිද්‍යාවේ ඇති ප‍්‍රායෝගික වැදගත්කම හා එහි අදාලත්ත්වය මැනවින් විෂද කෙරේ.
 
Copyright © psychology