Sunday, December 8, 2013

සතිය හ`දුනා ගැනීම

01. සතිය හ`දුනා ගැනීම සතිය යන පදය ස්මෘ ධාතුවෙන් නිපන් පදයකි. සති යන්නට සිහිය, ස්මෘතිය යන අර්ථ ව්‍යවහාර කරති. සිහිය මතක්වීමේ ස්වභාව වශයෙන්ද, සිහිය අවබෝධයේ හෙවත් වැටහීම වශයෙන්ද, සිහිය කල්පනා ශක්තිය වශයෙන්ද, සිහිය සිතීමේ ජවන ශක්තිය වශයෙන්ද, සිතට දැනෙන ස්වභාව වශයෙන්ද සාමාන්‍ය අරුත් නිරූපණයන් ඉදිරිපත් කළ හැකිය. සතිය යන්න පිළිබ`දව පාලි සාහිත්‍ය තුළ විශේෂ අවධානයක් යොමුව ඇත්තේ අවධානය, සිහිකල්පනාව යන අල්ප අදහස් සමුදායකටය. එහිදී අදහස් කරනුයේ යහපත්, නිවැරදි, කුසල සහගත අවධානය යන්න පිළිබ`ද සාකච්ඡුා කිරීමට බව පැහැදිලිය. එපමණක්ද නොව අවධානයෙන් සිටීම, සිත පිහිටුවා ගැනීම වශයෙන්ද යොදා ගත් ආකාරයක් දක්නට ලැබේ. කෙසේ නමුදු සති නම් සිහියයි. එය අටුවාචාරීන් වහන්සේලා විවරණය කිරීමේදී මෙබ`දු අර්ථ නිරූපණයක් ඉදිරිපත් කරයි. එනම් ‘‘සතියෙව සතිපට්ඨානං, අථවා සරණට්ඨෙන සති, උපට්ඨානට්ඨෙන සති’’ යනු අටුවා නිර්වචනයයි. එයට අනුව සිහියම සතිපට්ඨාන වේ. නොහොත් සිහි කිරීමේ අර්ථයෙන් සති නම් වේ. මේ අනුව සතියෙහි ප‍්‍රධාන ප‍්‍රභේද දෙකක් අටුවාචාරීන් වහන්සේලා විසින් මෙලෙස දක්වා ඇත. 01. අපිලාපන ලක්‍ෂණය 02. උපගණ්හන ලක්‍ෂණය අපිලාපන ලක්‍ෂණය නම් තමා විසින ප‍්‍රගුණ කරන ලද නවාංග ශාස්තෘ ශාසනය හෙවත් බුද්ධ අවවාද, ගැඹුරු ජලයක බහාලූ මහත් ගලක් මෙන් නොඉල්පී පවතින්නාක් මෙන් චිත්තයෙහි අමතක නොවි පැවැතීම මේ නමි. එසේම උපගණ්හන ලක්‍ෂණය නම් හිතවතෙක් හිතවතකුට අවශ්‍ය දේ මතක් කර දෙන්නාක් මෙන් අවශ්‍ය අවස්ථාවේදී බුද්ධානුශාසනය මතක්වීම මේ නමි. ඒ අනුව බලන විට පැහැදිලි වන්නේ සතිය ක‍්‍රමවේද දෙකක් යටතේ ගම්‍ය වන බවය. එනම් බුද්ධානුශාසනය මතක තිබිමත්, මතක්වීමත් යන ලක්‍ෂණයන්ය. කෙසේ නමුදු මෙම ‘සතිය’ පෙළ සාහිත්‍ය තුළ අෂ්ටාකාර ලෙස ව්‍යවහාර වන බව පැහැදිලිය. x සතින්‍ද්‍රිය x සතිබලය x සතිසම්බොජ්ඣ`ඞගය x සතර සතිපට්ඨානය x සම්මා සතිය යනුවෙනි. එනම් නිර්වාණාවබෝධයට තුඩු දෙන සතිය සතින්‍ද්‍රිය වේ. අකුසල ධර්ම මැඩ පැවැත්වීමට අනුබල දෙන සතිය සති බලය නම් වේ. එසේම සම්බෝධියට අංග වු සතිය සතිසම්බොජ්ඣ`ඞගය නම් වේ. එමෙන්ම මාර්ග ඵල අවබෝධය තුළින් නිවන් දැකීම සතිපට්ඨාන නම් වේ. එම සතිය මුඛය වන්නේ සම්මා සතිය මූලික කර ගනිමිනි. මෙම අෂ්ටාකාර සතිය නිවන් අවබෝධය සාක්‍ෂාත්කරණය ස`දහා උපකාරි වන ධර්ම කොට්ඨාසයක් බව අවබෝධ කර ගත යුත්තේය. සති යනු සියලූ ශොභන සිත්හි අවිශේෂියෙන් යෙදෙන අශොභන සිත්හි කෙසෙවත් නොයෙදෙන ශොභන සාධාරණ චෛසිකයක යැයි අභිධර්ම විග‍්‍රහය තුළ දක්වා ඇත. එසේම සතිපට්ඨාන සූත‍්‍ර විවරණය ‘සම්පජාන’ යන්න සතිය බව දක්වා ඇත. එහිදී සිහියෙන් හෙවත් මානසික අවධියෙන් සමන්විත වීම අර්ථ නිරූපණය කරයි. කෙසේ නමුත් අභිධර්ම විවරණයට අනුකූලව සලකා බලන විට අශොභන චිත්තයෙහි මූලික ස්වභාවය කිලිටි, කෙලෙසුණු බවයි. නමුත් ශොභන චිත්තය එලෙස නොවේ. එනම් නොකිලිටි, නොකෙලසුණු චිත්තය සතිය තුළ පමණක් පදනම් වන බව අවබෝධ කර ගත යුතුය. සති යන්න පිළිබ`දව පාලි සාහිත්‍ය තුළ වඩාත් අවධානය යොමුව ඇත්තේ ‘අවධානය’ හා ‘සිහිකල්පනාව’ යන අල්ප අදහස් සමුහයක පමණි. එහිදී අදහස් කරනුයේ යහපත්, නිවැරදි, කුසල සහගත අවධානය යන්න බව පැහැදිලිය. මීට අමතරව නිවැරදි ම සිහිය (සතිය* කුමක් ද යන්න චුල්ලනිද්දේසයෙහි මෙබ`දු විවරණයක් දක්නට ලැබේ. අන්‍යවු කරුණකින් සිහි ඇත්තේ වෙයි. එනම් සිහියෙන් සමන්නාගතවු බැවින් සිහි ඇත්තේ, සිහියෙන් වශිභාවයට පැමිණී බැවින් සිහි ඇත්තේ, ස්මෘතියෙන් ප‍්‍රගුණභාවයෙන් සමන්නාගත බැවින් සිහි ඇත්තේ, සිහිය නොපසුබස්නා හෙයින් සිහි ඇත්තේ යනුවෙනි. එමෙන්ම සත්ත්ව වන බැවින් සිහි ඇත්තේ, ශාන්ත වන බැවින් සිහි ඇත්තේ, කෙලෙස් සන්සි`දුවන බැවින් සිහි ඇත්තේ, බුද්ධ, ධම්ම, සංඝ ස්මෘතිය සිහි ඇත්තේ, ශිලානුස්මෘතියෙහි සිහි ඇත්තේ, චාගානුස්මෘතියෙහි සිහි ඇත්තේ, දේවතානුස්මෘතියෙහි සිහි ඇත්තේ, ආනාපනස්මෘතියෙහි සිහි ඇත්තේ, මරණානුස්මෘතියෙහි සිහි ඇත්තේ, කායගතානුස්මෘතියෙහි සිහි ඇත්තේ, උපසමානුස්මෘතියෙහි සිහි ඇත්තේ වෙයි. මෙලෙස සම්‍යක් ස්මෘතියෙන් ස්මෘතිය සම්බෝධ්‍ය`ඞගයක් ඒකායන මාර්ගයක් වේද, මෙයට සතිය යැයි කියනු ලැබේ. එහිදී සතියෙන් යුක්ත වූයේ, සමුපපේත වූයේ, උපගත වූයේ, සම්පූර්ණ වූයේ නම් එයට සිහිය හෙවත් සතිය යැයි කියනු ලැබේ. 02. සතිය පිහිටුවා ගැනීමේ ක‍්‍රමවේදය අතිශයින් වර්ණනාවට පාත‍්‍රවූද, උතුම් අරමුණු ඉටු කර ගැනීමෙහි සමත්වූද, සිහිය පිහිටුවීම සාමාන්‍ය පුද්ගලයකුට ල`ගා කර ගත නොහැකි ගුප්ත විශේෂ තත්ත්වයක් නොවේ. සතිය පිහිටුවා ගැනීම සැම පුද්ගලයකුට ම කළ හැකි බව බුද්ධ දේශනාවයි. නමුත් බුදුන් වහන්සේ අවධාරණය කරනු ලබන්නේ නිවැරැුදිව සිහිය පිහිටුවා ගැනීමේ ක‍්‍රමවේදය අනුගමනය කළ යුතු බවය. එහිදී පුද්ගලයාට නිරෝගි මනසක් තිබීම ආවශ්‍යක සාධකයකි. සිහිය පිහිටුවා ගත යුත්තේ කෙසේද? එය කුමන අරමුණක් පදනම් කර ගනිමින් පිහිටුවා ගත යුත්තේද? යන්න බුදුන් වහන්සේ මැනවින් දේශනා කළ වදාළ සේක. සිහිය පිහිටුවා ගැනීම යනු කුමක්ද යන්න මෙලෙස සරළව දත යුතු වන්නේය. 01. සිත දැන ගැනීමේ නොවරදින ප‍්‍රධාන මාර්ගය වේ. එය ආරම්භක අවස්ථාවයි. 02. සිත සකස් කර ගැනීමට සුදුසු මෙවලම වන්නෙහිද සිහිය පිහිටුවීමය. මෙය කේන්‍ද්‍රිය අවස්ථාවයි. 03. සිත සකස් කර ගෙන සිහිය පිහිටුවීම මගින් සියලූ බැ`දීම්වලින් මිදී සිත නිදහස් කර ගැනීම සිහිය පිහිටුවීමේ උච්චතම අවස්ථාවයි. සතර කරුණකින්් සිහිය පිහිටුවා ගත යුතුය. එනම් කයෙහි කායානුපස්සනා සතිපට්ඨානය වඩමින් සිහි ඇත්තේ, වේදනාවන්හි වේදනානුපස්සනා සතිපට්ඨානය වඩමින් සිහි ඇත්තේ, සිතෙහි චිත්තානුපස්සනා සතිපට්ඨානය වඩමින් සිහි ඇත්තේ, දහම්හි ධම්මානුපස්සනා සතිපට්ඨාන වඩමින් සිහි ඇත්තේ යනුවෙනි. එනම්, සිහිය පිහිටුවා ගැනීමේ ප‍්‍රධාන ක‍්‍රමවේදය සතර සතිපට්ඨානයයි. එසේම නිවැරැුදිව සිහිය පිහිටුවා ගැනීම කෙලෙස් තවන විර්ය ඇතිව, මනා නුවණැතිව, එළඹ සිටි සිහි ඇතිව කාමච්ඡුන්‍දය, ව්‍යාපාදය සන්හි`දුවීම පිණිස විය යුතුය. මෙහිදී පුද්ගලයා ක්ලේෂ ධර්මයන් පිළිබ`ද අවබෝධය හා යථාභූත ඥාන දර්ශනය උපදවා ගැනීමේ අපේක්‍ෂාවෙන් ප‍්‍රඥා සම්ප‍්‍රයුක්තව සතිපට්ඨානය විදර්ශනා කළ යුතුය. සතිපට්ඨාන සූත‍්‍රයෙහි කර්මස්ථාන ඉදිරිපත් කර ඇත්තේ කාය, වේදනා, චිත්ත, ධම්ම යන ප‍්‍රභේද සතරක් යටතේය. සුම`ඞගල විලාසිනි අටුවාව ප‍්‍රකාශ කරන ආකාරයට එසේ දක්වා ඇත්තේ පුද්ගලයාගේ චරිතය හා ප‍්‍රඥාවේ වෙනස්කම් සලකා ගනිමිනි. ඒ අනුව මද නුවණ ඇති, තෘෂ්ණා චරිතයාට ඕලාරික කායානුපස්සනාවද, තියුණු නුවණ ඇත්තාට සියුම් වේදනානුපස්සනාවද, මන්ද දිට්ඨි චරිතයාට ප‍්‍රභේද රහිත චිත්තානුපස්සනාවද, තියුණු නුවණ ඇත්තාට අතිප‍්‍රභේද වු ධම්මානුපස්සනාවද නැතහොත් මන්ද සමථයානිකයාට කායානුපස්සනාවද, තියුණු සමථයානිකයාට වේදනානුපස්සනාවද, මන්ද විපස්සනායානිකයාට චිත්තානුපස්සනාවද, තියුණු විපස්සනායානිකයාට ධම්මානුපස්සනාවද යෝග්‍ය වේ. යෝගාවචරයා විසින් සිහිය පිහිටුවා ගැනීම මත සතර සතිපට්ඨානය පමණක් නොව සත්තිස් බෝධිපාක්‍ෂික ධර්ම සම්පූර්ණත්වයට ද පදනම් වන බව බුද්ධ දේශනාවයි. එනම් ‘‘කායෙ කායානුපස්සිනො විහරතො චත්තාරො සතිපට්ඨානාභාවනා පාරිපුරියං ගච්ඡුන්ති.’’ යනුවෙන් ඒ බව පැහැදිලි වේ. එසේම යෝගාවචරයා විසින් සිහිය පිහිටුවා ගැනීම තුළ මූලික වශයෙන් කායානුපස්සනාව නිවැරැුදිව හෙවත් ක‍්‍රමානුකූලව කළ යුතුය. එහි ප‍්‍රතිඵලයක් ලෙසින් සෙසු පට්ඨාන ප‍්‍රගුණ කිරීමට මෙන්ම විදර්ශනාව උපදවා ගැනීමටද සමත් වෙයි. සතර සතිපට්ඨානය විවරණය වන අවස්ථාවේ ‘ආතාපි’ යනුවෙන් විරිය ඉන්‍ද්‍රියද, ‘සම්පජාන’ යනුවෙන් ප‍්‍රඥෙන්‍ද්‍රියද, ‘සතිමා’ යනුවෙන් සතින්‍ද්‍රියද, ‘විනෙය්‍යලොකෙ අභිජ්ඣා දොමනස්සං’ යනුවෙන් සමාධින්‍ද්‍රියද උපදවා ගත හැකි බව විසද කර ඇති ආකාරයක් දක්නට ලැබේ. එහිදී යොගාවචරයා විසින් ඒ පිළිබ`ද මනා අවබෝධයෙන් කටයුතු කිරීම ඉතාම වැදගත් වේ. එසේම සතර සතිපට්ඨාන දේශනාවට අනුව සිහිය පිහිටුවා ගැනීම නිවන් අවබෝධයට හේතු සාධක වන බව නිසැකය. නමුත් සතර සතිපට්ඨානය තුළ අන්තර්ගත ධර්මානුකූල විවරණය පිළිබ`ද යෝගාවචරයා විසින් සැමවිටම අවබෝධයෙන් හා මනා සිහියෙන් ක‍්‍රියා කිරීම වැදගත් වේ. නිදසුනක් ලෙස කායානුපස්සනාවට අනුව සිත සමාධි ගත කිරීමේ මූලික අරමුණු වන අනාපානසති, සතර ඉරියාපථ, සතිසම්පජඤ්ඤ කායගතාසති, චතුධාතුවවත්ථාන, දසසීවථික යන්න පිළිබ`ද නිරවුල් අවබෝධයක් තිබීම ආවශ්‍යක සාධකයක් ලෙස දැක්විය හැකිය. මෙහිදී යෝගාවචරයා විසින් කෙලෙස් තවන විර්ය ඇතිව, විවිධ අරමුණු මනාව අවබෝධ කර ගනිමින් ක‍්‍රමානුකූලව භාවනාව ආරම්භ කළ යුතුය. ඉනික්බිතිව ආරම්භ කරන ලද භාවනාව වේදනාවෙහි මෙන්ම සිතිවිලි හා ධර්මතාවන්හි සිත පිහිටුවා ගැනීමට අධිෂ්ඨාන විර්ය උපදවා ගත යුතුය. මීට අමතරව යෝගාවචරයා සිහි ඇතිව හැසිරෙන්නේය. සිහි ඇතිව යන්නේය. සිහි ඇතිව සිට ගන්නේය. සිහි ඇතිව හිද ගන්නේය. සිහි ඇතිව නිදා ගන්නේය. සිහි ඇතිව ඉදිරියට යන්නේය. සිහි ඇතිව පෙරළා එන්නේය. සිහි ඇතිව ඉදිරිය බලන්නේය. සිහි ඇතිව අවට බලන්නේය. සිහි ඇතිව අත්පා හකුළු වන්නේය. සිහි ඇතිව අත්පා දිග හරින්නේය. සිහි ඇතිව ස`ගල පාසිවුරු දරන්නේය. සිහි ඇතිව හැසිරෙන්නේය. සිහි ඇතිව වාසය කරන්නේය. එසේම ඉරිය පවත්නේය. පාලනය කර ගන්නේය. යැපෙන්නේය. යාපනය කරන්නේය යනුවෙනි. එනම් යෝගිවචරයා විසින් සිහිය පිහිටුවා ගැනීම ස`දහා මෙලෙස මූලික ක‍්‍රමවේදයක් සරළ මට්ටමේ සිට සංකීර්ණ තත්ත්වය දක්වා ගොඩනගා ගත යුතුය. මෙලෙස සතිය ක‍්‍රමානුකූලව වර්ධනය වන විට මිළ`ග පියවර නිවැරදිව සිහිය පිහිටුවා ගැනීම හෙවත් නිවැරදි සිහියෙන් කටයුතු කිරීමය. එය සම්මා සතිය වේ. එහි ප‍්‍රතිඵලයක් ලෙස යෝගාවචරයා තුළ නිරෝගී මනසක් මෙන්ම දුක නැති කිරීමේ නිවැරැුදි අරමුණු හා භාවිතය පරිපූර්ණ වේ. සම්මා සතිය පහල වීමත් සමග යහපත් හෝ අයහපත්, දෝස් හෝ නිදොස්, අනර්ඝ හෝ බාල, අ`දුර හෝ දීප්තිය යන්න පිළිබ`ද නිවැරැුදි සිහිය පිහිටුවා ගනියි. එමෙන්ම සිහිය පිහිටුවීමේ පදනම තුළින් නිවැරැුදි විර්ය සතරද, ලෝකෝත්තර මාර්ග සතරද, පඤ්ච ඉන්‍ද්‍රියද, පඤ්ච බලයද, සප්ත බොජ්ඣංගයද, ආර්ය අෂ්ටාංගක මාර්ගයද ප‍්‍රගුණ කිරීමේ ප‍්‍රතිඵලයක් ලෙසින් නිවන් මාර්ගයද පසක් වන බව නිසැකය. 3. ලෞකික හා ලෝකෝත්තර ප‍්‍රතිඵල සතිපට්ඨානය පමණක්ම නොව, සම්පූර්ණ බුදුදහමම ඓහලෞකික වශයෙන් නොව පාරලෞකිකව පමණක් ප‍්‍රතිඵල ගෙන දෙන්නක් බව බොහෝ දෙනාගේ මතය වේ. එහෙත් එය සපුරා සාවද්‍ය මතයකි. බුදුදහමේ බොහෝ දුරට සම්පරායික සැපතට වඩා ලෞකික සැප කෙරෙහි වැඩි අවධානය යොමු කොට ඇති බව පැහැදිලි කරුණකි. තත් කාරණය බෞද්ධාගම පිළිබ`දව සැලකිලිමත් වන ඒ පිළිබ`දව අධ්‍යයන කරන විද්වත්හු අවබෝධ කරගනිති. බුදුදහමේ එන මූලික ඉගැන්වීම් අතර භාවනාවටද හිමි වන්නේ සුවිශේෂී තැනකි. භාවනාව පිලිබ`දව සිහිපත් කිරීමේදී සතිපටඨාව සූත‍්‍රය අමතක කළ නොහැකිය. සතිපට්ඨාන සූත‍්‍රය හා භාවනාව යන දෙක අන්‍යෝන්‍යව ඛණ්ඩනය කළ නොහැකි සේ ප‍්‍රතිබද්ධව පවතී. සතිපට්ඨාන භාවනාව යම් පුද්ගලයෙකු වඩන්නේ නම් ඒ තුළින් ඔහු ලබන ලෞකික හා ලෝකෝත්තර ප‍්‍රතිඵලය අනල්පය. ඒ පිළිබ`දව විමසුමට පෙර සූත‍්‍රාන්තර්ගතය පිළිබ`දව කෙටියෙන් අවබෝධයක් ලබා ගැනීම අතිශයෝචිත වේ. කුරු ජනපදයෙහි කම්මාසදම්ම නම් නියම් ගමෙහිදී භික්‍ෂූන් අමතන බුදුරජාණන් වහන්සේ සතිපට්ඨාන සූත‍්‍රය දේශනා කළ සේක. ‘‘එකායනො අයං භික්ඛවෙ මග්ගො සත්තානං විසුද්ධියා සොකපරිද්දවානං සමතික්කමාය දුක්ඛදොමනස්සානං අත්ථංගමාය ඤායස්ස අධිගමාය නිබ්බානස්ස සච්ýකිරියාය යදිදං චත්තාරො සතිපට්ඨානා’’ යනුවෙන් එහිදී පැහැදිලි කරන පරිදි කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව යන සතර සතිපට්ඨානය පිළිබ`දව විග‍්‍රහ වේ. සතිපට්ඨාන සූත‍්‍රයට අනුව සතර සතිපට්ඨානයාගේ ප‍්‍රභේද 1ග කායානුපස්සනාව -14 2ග වේදනානුපස්සනාව -09 3ග චිත්තානුපස්සනාව -16 4ග ධම්මානුපස්සනාව -05 වශයෙන් සුසාළිසකි. කායානුපස්සනාව විග‍්‍රහ කර දක්වන බුදුරජාණන් වහන්සේ තදීය අනුපස්සනාව තුදුස් කාණ්ඩයකට බෙදා දක්වති. එනම්, සග ආනාපානපබ්බ සසග ඉරියාපථපබ්බ සසසග සම්පජඤ්ඤපබ්බ සඩග පටික්කූලමනසිකාරපබ්බ ඩග ධාතුමනසිකාරපබ්බ ඩසග පඨමං සීවථිකං ඩසසග දතියං සීවථිකං ඩසසසග තතියං සීවථිකං සංග චතුත්ථං සීවථිකං ංග පඤ්චමං සීවථකං ංසග ඡුට්ඨං සීවථිකං ංසසග සත්තමං සීවථිකං ංසසසග අට්ඨමං සීවථිකං ංසඩග නවමං සීවථිකං යනුවෙනි. තදනන්තරව වේදනානුපස්සනාවද කොටස් නවයක(09*ට බෙදා දක්වති. එනම්x සග සුඛ වේදනා සසග දුක්ඛ වේදනා සසසග අදුක්ඛම සුඛ වේදනා සඩග සාමිස සුඛ වේදනා ඩග නිරාමිස සුඛ වේදනා ඩසග සාමිස දුක්ඛ වේදනා ඩසසග නිරාමිස දුක්ඛ වේදනා ඩසසසග සාමිස අදුක්ඛම සුඛ වේදනා සංග නිරාමිස අදුක්ඛම සුඛ වේදනා යනුවෙනි. සිත පිළිබ`දව විමසා බැලීම චිත්තානුපස්සනාවෙන් සිදුකෙරේ. ක්‍ෂණයක් ක්‍ෂණයක් පාසා ඇති වී විනාස වන සිත පිළිබ`දව එළඹ සිටි සිහියෙන් යුතුව මෙනෙහි කිරීම මෙම`ගින් අවධාරණය කෙරේ. තත් චිත්තානුපස්සනාවද සොළොස්විධ ඛණ්ඩයකට විඛණ්ඩනය කොට විග‍්‍රහ කිරීමක් චිත්තානුපස්සනාවෙන් දැකගත හැකිය. එනම්, සග සරාග චිත්තය සසග වීතරාග චිත්තය සසසග සදෝස චිත්තය සඩග වීතදෝස චිත්තය ඩග සමෝහ චිත්තය ඩසග වීතමෝහ චිත්තය ඩසසග සංඛිත්ත චිත්තය ඩසසසග වික්ඛිත්ත චිත්තය සංග මහග්ගත චිත්තය ංග අමහග්ගත චිත්තය ංසග සඋත්තර චිත්තය ංසසග අනුත්තර චිත්තය ංසසසග සමාහිත චිත්තය ංසඩග අසමාහිත චිත්තය ංඩග විමුත්ත චිත්තය ංඩසග අවිමුත්ත චිත්තය යනුවෙනි. ධම්මානුපස්සනාවද කොටස් පහකට බෙදා විග‍්‍රහ කර ඇති බව සතිපට්ඨාන සූත‍්‍රයෙහි අන්තර්ගතය දෙස අවධානය යොමු කිරීමෙන් මනාව පළට වේ. එහිදීද පබ්බ වශයෙන් කාණ්ඩ පහකට විභේදනය කර ඇති බව දක්නට ලැබේ. එනම්, ෂග නීවරණ පබ්බ ෂෂග ඛන්ධ පබ්බ ෂෂෂග ආයතන පබ්බ ෂඪග බොජ්ඣංග පබ්බ ඪග සච්ච පබ්බය යනුවෙනි. සතිපට්ඨාන සූත‍්‍රාන්තර්ගතය ඉතා සංක්‍ෂිප්තව ඉහතින් දක්වන ලදි. භාවනාවත් සම`ග අත්‍යන්තව බැ`දී ඇති සතිපට්ඨාන සූත‍්‍රය ලෞකික හා ලෝකෝත්තර ප‍්‍රතිඵල ගෙන දෙන උත්කෘෂ්ට භාවනාවක් වේ. එහිදී සූත‍්‍රාරම්භයේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ සත්ත්වයාගේ චිත්ත පාරිශුද්ධිය උදෙසා හේතුවන එකම මාර්ගය සතර සතිපට්ඨානය වැඞීම වේ. ‘‘ඒකායනො අයං භිකඛවේ මග්ගො සත්තානං විසුද්ධියා සොකපරිද්දවානං සමතික්කමාය දුක්ඛදොමනස්සානං අත්ථංගමාය ඤායස්ස අධිගමාය නිබ්බානස්ස සච්ýකිරියාය...’’ යනුවෙන් පැහැදිලි කරන පරිදි මෙයින් ලැබෙන ප‍්‍රතිඵල අංග සතරක් යටතේ බෙදා විග‍්‍රහ කොට දැක්විය හැකිය. එනම්, 1ග සොක පරිද්දවානං සමතික්කමාය සෝක- පරිදේවයන් සිතින් බැහැර කර ගත හැකි වෙයි. 2ග දුක්ඛ දොමනස්සානං අත්ථංගමාය දුක් දොම්නස් සිතින් බැහැර කරගත හැකි වෙයි. 3ග ඤායස්ස අධිගමාය ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණිය හැකි වෙයි. 4ග නිබ්බානස්ස සච්ýකිරියාය නිවන් පසක් කරගත හැකි වෙයි. මේ අනුව ඉහාත්මයෙහි සිතෙහි ඇති වන දුක් දොම්නස් ආදි චෛතසික ධර්මයන් දුරු කරගැනීමේ සිට නිවන් අවබෝධ කරගැනීම දක්වා ප‍්‍රතිඵල සතිපටඨාන භාවනාව වැඞීමෙන් ලබාගත හැකි වෙයි. සතිපට්ඨාන භාවනාව තුළින් ලැබෙන ප‍්‍රතිඵල අතර චිත්තේකාග‍්‍රතාව හා ධ්‍යාන ලැබීමද දැක්විය හැකිය. ඒ පිළිබ`දව වල්පොල රාහුල හිමියෝ මෙසේ අදහස් දක්වති. ’’ඉතා සරල ඉතා පහසු භාවනාවලින් එකක් වන මේ ආනාපානසතිය වනාහි උසස් ධ්‍යානවලට හේතු වන ඒකාග‍්‍රතාව දියුණු කිරීම අරමුණු කර ඇත්තේය. යථා තත්ත්වාවබෝධය නිර්වාණාවබෝධය ඇතුළු කෙබ`දු ගැඹුරු අවබෝධයකට වුවත් මේ ඒකාග‍්‍රතාව අවශ්‍යමය’’. මේ අනුව උක්ත භාවනාව තුළින් ලැබෙන ප‍්‍රතිඵල ලෙස 1ග චිත්තේකාග‍්‍රතාව ලබා ගැනීම 2ග ධ්‍යාන ලබා ගැනීමට හැකිවීම 3ග නිර්වාණාවබෝධය ලබා ගැනීමට හැකි වීම ආදිය බව පෙනේ. සිතේ එක`ග බව හා ධ්‍යාන ලබා ගැනීම ලෞකික ප‍්‍රතිඵල ගණයටත් නිර්වාණාවබෝධය ලබා ගැනීමට හැකි වීම ලෝකෝත්තර ප‍්‍රතිඵල අන්තර්ගත කොට අවබෝධ කරගත හැකිය. සතර සතිපට්ඨානයෙහි එක් කාණ්ඩයක් වන ධම්මානුපස්සනාවෙන් ලැබෙන ප‍්‍රතිඵල ලෙස පඤ්ච නීවරණ යටපත් කිරීම දැක් වේ. ඒ අනුව නිවන් වළකන කාමච්ඡුන්ද, ව්‍යාපාද, ථීනමිද්ද, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡුා යන නීවරණ ධර්ම පස යටපත් කළ හැකිය. සතිපට්ඨාන භාවනාව වැඞීමෙන් කොපමණ කාලයකට පසුව ප‍්‍රතිඵල ලැබේද යන්න බුදුරජාණන් වහන්සේ සූත‍්‍ර අවසානයෙහි පැහැදිලිව දක්වා තිබේ. උන්වහන්සේ පැහැදැලි කරනුයේ යම්කිසි භාවනානුයෝගියෙක් සත්වසක් මෙම භාවනාව වඩන්නේ නම් ඉන් ප‍්‍රතිඵල ලැබිය හැකි බවයි. මෙය කෙටියෙන් අඩුම තරමේ සත් දිනක් මෙම භාවනාව වැඩිය යුතු බවත් දේශනා කරති. ‘‘තිට්ඨතු භික්ඛවේ අඞ්ඪමාසො යොහි කොචි භික්ඛවේ ඉමේ චත්තාරො සතිපට්ඨානෙ එවං භාවෙය්‍ය සත්තාහං තස්ස ද්වින්නං ඵලානං අඤ්ඤතරං අනාගාමිතාති’’ යථෝක්ත කරුණුවලට අනුව සතිපට්ඨාන භාවනාව වනාහි හුදෙක්ම නිවන් පසක් කිරීම උදෙසා පමණක් දේශිත භාවනාවක් නොවන බවත් ඉහාත්මයෙහිද සැප ලැබිය හැකි භාවනාවක් බවත් පෙන්වාදිය හැකිය. ඕනෑම පුද්ගලයෙක් මෙම භාවනාව පුරුදු පුහුණු කළ යුතුය. ඒ මන්ද යත්, ඔහු ජීවත් වන බව අවබෝධ වන්නේ එවිටය. මේ අනුව සතිපට්ඨාන භාවනාව බුදුරජාණන් වහන්සේගේ තවත් උත්කෘෂ්ට දේශනා මාර්ගයක් ලෙස යථෝක්ත කරුණු අනුව පෙන්වාදිය හැකිය. සමාලෝචනය බුදුසමයෙහි සම්මා සතියට හිමි වන්නේ වැදගත් ස්ථානයකි. මෙහි සති යනු සිහියට නමකි. එය අටුවා මතයට අනුව අපිලාපණ ලක්‍ෂණ හා උපගණ්හන ලක්‍ෂණය යන ලක්‍ෂණ දෙකින් සමන්විත වේ. මෙහි අමතක නොවි පැවැතීම අපිලාපණ ලක්‍ෂණයද, අවශ්‍ය අවස්ථාවේ මතක්වීම උපගණ්හන ලක්‍ෂණයද වේ. කෙසේ නමුදු සතිය පිහිටුවා ගැනීම පෙළ දහම තුළ අෂ්ටාකාර ක‍්‍රමවේදයක් භාවිත කරයි. එම අෂ්ටාකාර ක‍්‍රමවේදය නිවන් අරමුණු කර ගත් ගමන් මාර්ගයකි. එහි විශේෂත්වය වන්නේ යෝගාවචරයාට ලෞකික හා ලොකෝත්තර උභය අංශයෙහි ම ප‍්‍රතිඵල උදාකර ගැනීමට ශක්‍යතාව ඇති බව යන්න මෙහිදී සමාලෝචනය කළ හැකිය. ආශ්‍රේය ග‍්‍රන්‍ථනාමාවලිය ප‍්‍රාථමික මූලාශ‍්‍රයයෝ  දීඝනිකාය, සතිපට්ඨාන සුත්ත, (2006*, බු.ජ.ත‍්‍රි.  අංගුත්තර නිකාය, චතුසතිපට්ඨාන සුත්ත  ඛුද්දන නිකාය, චුල්ලනිද්දේසය  දීඝ නිකායට්ඨකථාව, (2004*, (පරි* බාලසූරිය. බි.එම්.පී. නැදිමාල, බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය. තෘතීයික මූලාශ‍්‍රයයෝ  සෝමිස්සර හිමි මාපලගම සංස්. (1990*, බෞද්ධ ධර්ම සංගායනා, කොළඹ, සමයවර්ධන පොත්හල.  පද්මිණි බණ්ඩාර අශෝකා, (පරි*, (2010*, බෞද්ධ භාවනාවේ හදවත, කළණ මිතුරු ප‍්‍රකාශනය ද්විතීය මූලාශ‍්‍රයයෝ  ශ‍්‍රී ධර්ම ශ‍්‍රී, 10-11 කලාපය, (1924*.
 
Copyright © psychology