Sunday, December 8, 2013

පෞරුෂ සංවර්ධනය ඃ මනෝවිද්‍යාත්මක සහ සමාජ විද්‍යාත්මක විග‍්‍රහයක්

පෞරුෂ සංවර්ධනය ඃ මනෝවිද්‍යාත්මක සහ සමාජ විද්‍යාත්මක විග‍්‍රහයක් ප‍්‍රවේශය පුද්ගලයකු තවත් පුද්ගලයෙකුගෙන් වෙනස් වන, ඔහුටම ආවේණික වූ, සාමාජීය ජීවිතය තුළ ඔහු වෙතින් ප‍්‍රකට කෙරෙන සුවිශේෂී චර්යාවන් සමුදාය පෞරුෂය ලෙස සරලව හඳුන්වා දිය හැකිය. දෘශ්‍යමාන සමාජය තුළ පුද්ගල චරිත විවිධාකාර වනවා සේම පුදුමාකාරය. විවිධ සමාජ භූමිකාවන් රංගනය කරන පුද්ගලයා අවස්ථාවන්ට මුහුණ දීමේදී හා පරිසරය හා ගැටීමේදී මෙසේ විවිධ චර්යාවන්, සිතිවිලි හා භාවමය ප‍්‍රතිචාරයන් දක්වන්නේ කෙසේද? පුද්ගලයා සමාජය තුළ සුවිශේෂී අයෙකු බවට පත් කරන පෞරුෂය ඇති වන්නේ කෙසේද, එය වර්ධනය වන්නේ කුමන සාධකවල බලපෑම මතද, එහි විපර්යාසයන් කවරේද? විශේෂයෙන්ම කුඩා ළමයෙකු අවුරුදු පහ පමණ වන විට ඔහුගේ පෞරුෂය සම්බන්ධ මූලික ගුණාංග ගොඩනැගී හමාර වන බව ශ්‍රේෂ්ඨ මනෝවිද්‍යාඥ සිග්මන් ෆ්‍රොයිඞ් පෙන්වා දෙයි. ඇල්බට් බන්ඩුරා වැන්නන්ට අනුව එය සමාජ ඉගෙනුම් ක‍්‍රියාවලියක ප‍්‍රතිඵලයකි. මෙවැනි මනෝවිද්‍යාඥයන්ගේ ප‍්‍රධාන න්‍යායයන් කිහිපයක් ඇසුරු කර ගනිමින් උක්ත පැනවලට විසඳුම් සෙවීම මෙහි මූලික අරමුණයි. එය ඔබගේ පෞරුෂය නිර්වචනය කිරීමට, අවබෝධ කර ගැනීමට මෙන්ම සකස් කර ගැනීමටද පිටුවහලක් වනු ඇත. පෞරුෂ සංවර්ධනය පිළිබඳ මනෝවිශ්ලේෂණවාදී ප‍්‍රවේශය පෞරුෂය ගොඩනැගීම හා වර්ධනය සම්බන්ධයෙන් අවිඥානික මනස පිළිබඳ වඩා වැදගත්කමක් යොමු කරන මනෝවිශ්ලේෂණවාදයේ ආරම්භකයා සිග්මන් ෆ්‍රොයිඞ්ය. ඔහුගෙන් පසු කාල් යුංග්, ඇල්ප‍්‍රඞ් ඇඞ්ලර් වැනි අය එය දියුණු කළහ. වියානාවේ ස්නායුවේද වෛද්‍ය වෘත්තිකයෙකු වූ සිග්මන් ෆ්‍රොයිඞ් දශක කිහිපයක් තිස්සේ මානසික රෝගීන් ඇසුරෙන් ලද අද්දැකීම්වල ප‍්‍රතිඵලයක් ලෙස පෞරුෂ වර්ධනය පිළිබඳ නවතම මතවාදයක් ක්‍ෂේත‍්‍රයට එක් කළ අසහාය පුද්ගලයෙකි. මූලික වශයෙන්ම ඔහු පුද්ගල මනසෙහි ස්ථර තුනක් ඇති බව පෙන්වා දෙයි. එනම්, සවිඥානික සිත - ක්‍දබිජසදමි පසබා උපවිඥානික සිත - ඡුරු - ජදබිජසදමි පසබා අවිඥානික සිත - ඹබජදබිජසදමි පසබා යන තුනයි. මිනිස් සිතෙහි පිටතට විවෘත වූ කොටස වන්නේ සවිඥානික සිතයි. අප මේ අවස්ථාවෙහි සිතන පතන දෑ සහ සංජානනයන්, බුද්ධිය ආදිය මෙහෙයවනුයේ සවිඥානය විසිනි. මනසෙහි දෙවන ස්ථරය වන උපවිඥානයෙහි ඇත්තේ අතීත මතකයන්, දැනුම ආදියයි. ‘වරක් සවිඥානයෙහි පැවති හා නැවත අවශ්‍ය විට සවිඥානයට ගත හැකි මතකයන් මෙහි පවතියි. පෞරුෂය ගොඩනැගීමෙහිලා ඉතා වැදගත් කොට ඔහු පෙන්වා දෙනුයේ අවිඥානික මනසයි. මනසෙහි සැ`ගවුණු ස්ථරය වන මෙහි පවතිනුයේ අවරෝධනය කරන ලද ආශයන්, ඉටුකළ නොහැකි කාමාශාවන්, ආක‍්‍රමණශීලී පේ‍්‍රරණයන්, ලිංගික පේ‍්‍රරණයන් හා චිත්තවේග ආදියයි. මෙම අවිඥානික සිතිවිලි පුද්ගලයා නොදැනුවත්වම පාහේ පෞරුෂය කෙරෙහි බලපාන බව ෆ්‍රොයිඞ්ගේ අදහසයි. ළමා වියේ සිට වූ භීතිකාවන්, දෙමව්පියන් වැනි යමෙකු පිළිබඳ ඇතිකරගත් එදිරිවාදිකම්, තරහව ආදිය මෙහි යටපත්ව තිබිය හැකිය. වැඩිහිටියෙකු ලෙස සමාජයට එක් වීමේදී ඔහුගේ පෞරුෂය හැඩගැසීමට එම සාධක ඍජුවම බලපාන බව පෙනේ. පෞරුෂයේ ව්‍යූහය පුද්ගලයෙකුගේ පෞරුෂය ප‍්‍රධාන වශයෙන් කොටස් තුනක් මත පදනම් වන බව ෆ්‍රොයිඞ් පවසයි. එනම් ෂා (ඉඞ්*ල ෑටද (අහංභාවය*ල ීමචැර ෑටද (උපරි අහංභාවය* යන තුනයි. පුද්ගලයකුගේ චර්යාවට මූලික වන්නේ මෙම සාධක තුන බව ඔහු පෙන්වා දෙයි. ෂා පවතිනුයේ මනසෙහි අවිඥානික මට්ටමේය. සුඛ වේදනා මූලධර්මය :ඡුකැ්ිමරු චරසබජසචකැ* මත පදනම්ව ක‍්‍රියාත්මක වන මෙය ප‍්‍රාථමික ආශයන් ම`ගින් හසුරුවන බලවේගයයි... මිනිසාගේ මූලික පේ‍්‍රරණයන් වන නින්ද, කුසගින්න, ලිංගික ආශාවන්, අපද්‍රව්‍ය බැහැර කිරීම ආදි චර්යාවන්ට ජීවය සපයනුයේ මෙම`ගිනි. පුද්ගල පෞරුෂය ගොඩනගන ප‍්‍රාථමික මූලයන් සහ මානසික ශක්තිය පවතිනුයේ ෂා තුළය. මන්ද යත්, උපතත් සම`ග ළදරුවෙකුගේ මනස අවිඥානයෙන් පමණක් සමන්විත වන හෙයින් සහ උක්ත ආශයන් ඉටු කර ගැනීමට ප‍්‍රබල ලෙස පොලඹවනුයේ මෙම`ගින් හෙයිනි. අහංභාවය :ෑටද* යනු යථාර්ථ මූලධර්මය මත පදනම්ව ක‍්‍රියා කරන්නකි. ඉඞ්ගේ ආශාවන්, පේ‍්‍රරණයන් තාර්කිකව සිතා බලා සමාජ ප‍්‍රමිතීන්ට අනුකූලව සකස් කොට සමබර කරනුයේ අහංභාවය ම`ගිනි. නිදසුනක් ලෙස අප තුළ පවතින ලිංගික ආශාවන්, සතුන් මෙන් නොවී සමාජ සදාචාරයට අනුව ඉටු කර ගැනීමට උත්සාහ දරන්නේ මෙම අහංභාවය නිසාය. පෞරුෂය සතු තීරණ ගැනීමේ සාධකය මෙයයි. පෞරුෂය සතු සදාචාරමය සාධකය වන්නේ උපරි අහංභාවයයි :ීමචැර ෑටද*. සමාජයෙන් ලද දැනුම, අද්දැකීම්, ළමා වියේ සිට ලද සදාචාරමය උපදේශයන් මෙහි පවතින අතර ඉඞ්ගේ ආශාවන් ඉටු කිරීමට යාමේදී ෑටද වෙත මෙම`ගින් බලපෑම් කරයි. කාංසාව හා සංරක්ෂණ ප‍්‍රයෝග ෆ්‍රොයිඞ් පවසන පරිදි පුද්ගල පෞරුෂයේ සියලූ ක‍්‍රියාකාරිත්වයන් මෙහෙය වෙනුයේ උක්ත බලවේග තුන හරහාය. එසේම මෙම ෂාගේ ආශයන් සමාජය අනුමත කරන ක‍්‍රමවේදයන්ට අනුව ඉටු කිරීමට යාමේදී ෑටද සහ ීමචැර ෑටද අතර හෙවත් සමාජ සාරධර්ම සහ මානසික ආශාවන් අතර නිරන්තරයෙන් අභ්‍යන්තර ගැටුම් සිදු වන්නේ අප නොදැනුවත්වමය. එහිදී ඉඞ් හට තම ආශාවන් ඉටු කර ගැනීමට නොහැකිව මෙවැනි මානසික ගැටුම් හා බාහිර බලපෑම් එල්ල වීම මත පුද්ගලයා කාංසාමය තත්ත්වයකට පත් වී පෞරුෂයට හානි විය හැකිය. ‘මෙම ගැටුම් හා බාහිර සාධක මත ඇති වන බලාපොරොත්තු කඩවීම්වලට (ඉච්ඡුාභංගත්වයට* පුද්ගලයා විවිධ උපක‍්‍රම යොදයි. ඒවා සංරක්ෂණ ප‍්‍රයෝග :ෘැෙැබජැ පැජය්බසිපි* ලෙස දැක්වේ. එසේ පෞරුෂයට හානිවීම වළකාලන සංරක්ෂණ ප‍්‍රයෝග කිහිපයක් මෙසේය. අවරෝධනය - :ඍැචරුිිසදබ* තමන්ට පීඩාකාරී සිතිවිලි, මතකයන් හා තමා කළ වැරදි ක‍්‍රියා, පිළිගත නොහැකි සිතිවිලි හෝ ආශයන් ආදිය අමතක කිරීම හෙවත් සවිඥානික සිතෙන් ඉවත් කර අවිඥානික සිතෙහි යටපත් කර තැබීම අවරෝධනයයි. නිදසුනක් ලෙස කුඩා කල සිදුවූ යම් සිදුවීමකින් වැඩිවියේදී පෞරුෂයට හානිවීම වැළැක්වීමට එම සිදුවීම අවිඥානිකව අමතක කරයි. ප‍්‍රක්ෂේපණය - :ඡුරදවැජඑසදබ* තමා තුළ පවතින ෂාගේ ආවේගයන්, ආශාවන්, හැ`ගීම් හෝ අභිපේ‍්‍රරණයන් ආදිය තමාට පමණක් නොව, අනික් අය තුළද පවතින බව සිතීමට හෝ වෙනත් අය වෙත හරවා දැමීමට උත්සාහ කිරීම ප‍්‍රක්ෂේපණයයි. එනම් අප තුළ පවතින්නා වූ වැරදි කි‍්‍රයාකාරකම් (නරක හෝ හොඳ* අන් අය සම`ග සැසැඳීමෙන් තමන් සාධාරණීකරණය කර ගැනීමකි. ඒවා වෙනත් අය තුළද දැඩි ලෙස ඇතැයි විස්වාස කරයි. මෙය ස්වයං රවටා ගැනීමක් ලෙස හැඳින්විය හැකිය. විතැන්කරණය - :ෘසිචක්ජැපැබඑ* පුද්ගලයකු තුළ ඇති වන ආවේගශීලී හැ`ගීම්, කෝපය ආදිය වෙනත් ඉලක්කයක් වෙත යොමුකර ඒ හරහා එම ආවේගය පිට කිරීමයි. නිදසුනක් ලෙස කාර්යාලයේ සිදුවූ ගැටලූවක ආවේගය මත ගෙදර පැමිණ බිරිඳ සම`ග අ`ඩදබර කිරීම දැක්විය හැකිය. ඉන් පෞරුෂයට වන හානියෙන් වැළකෙයි. ස්වයං වින්දනය, ප‍්‍රදර්ශනකාමිත්වය වැනි ලිංගික චර්යාවන්ද එවැනි සංරක්ෂණ ප‍්‍රයෝග ලෙස ඇතමුන් පෙන්වා දෙයි. සාධාරණීකරණය - :ඍ්එසදබ්කස‘්එසදබ* ඉටු කරගත නොහැකි ආශාවක් නිසා පෞරුෂයට සිදුවන හානියක් වළක්වා ගැනීමයි. මෙහිදී විවිධ අයුරින් සිතින් තර්ක කර තමන් සාධාරණීකරණය කිරීමට උත්සාහ දරයි. ප‍්‍රතික‍්‍රියා සාධනය - :ඍැ්ජඑසදබ දෙරප්එසදබ* පිළිගත නොහැකි ඉඞ්ගේ ආශාවන්ගෙන් බේරීමට ඊට හාත්පසින්ම වෙනස් අංශයකට පරිවර්තනය කිරීමයි. නිදසුනක් ලෙස බොහෝ නීති විරෝධී ක‍්‍රියා කරන අයෙකු තමන් ඉතා නීති ගරුක අයෙකු ලෙස සමාජයේ පෙනීසිටීමට උත්සාහ කිරීම දැක්විය හැකිය. ප‍්‍රතික්‍ෂේප කිරීම - :ෘැබස්ක* සැබෑ ලෝකයේ යථාර්ථයක් වුවද තමා පිළිගැනීමට අකමැති නම්, එය ප‍්‍රතික්ෂේප කිරීම මෙහිදී සිදු වෙයි. නිදසුනක් ලෙස පිළිකාවක් වැනි දරුණු රෝගයක් වැළඳී ඇති අයෙක් තමාට එවැන්නක් ඇතැයි නොපිළිගනී. එය සිහිපත් කිරීම ඔහුට කාංසාමය තත්ත්වයක් ඇති වීමට හේතු වන හෙයිනි. මීට අමතරව විවිධ බාධකයන්ගෙන් පෞරුෂයට හානිවීම වැළැක්වීම සඳහා කුඩා ළමුන්ගේ වැනි චර්යාවන් ආරෝපණය කර ගැනීම (ප‍්‍රතික‍්‍රමණය/ප‍්‍රතිවර්තනය - ඍැටරුිිසදබ* , වෙනත් අයෙකුගේ චරිතයක් තමන්ට ආරෝපණය කර ගනිමින් එම හැසිරීම් අනුකරණය කිරීම (අනන්‍යකරණය - ෂාැබඑසසෙජ්එසදබ* වැනි සංරක්ෂණ ප‍්‍රයෝග දැකිය හැකිය. මෙම ප‍්‍රයෝගයන් පුද්ගල පෞරුෂය මනා සමබරතාවකින් යුතුව පවත්වා ගෙන යාමට උපකාරී වන අතර සැම අයෙකුම පාහේ නොදැනුවත්ව හෝ දැනුවත්ව එම උපායයන් අනුගමනය කරයි. එය පුද්ගලයාගේ පෞරුෂයට හානියක් නොවන අතර ප‍්‍රමාණය ඉක්මවා ඇතැම් ඒවාට ඇබ්බැහි වුවහොත් කාංසාමය තත්ත්වයක් හෝ මානසික රෝග දක්වා එය වර්ධනය විය හැකිය. මනෝලිංගික අවධි හරහා පෞරුෂ සංවර්ධනය පුද්ගල පෞරුෂය ගොඩනැගීමෙහිලා මූලික පදනම සකස් වන්නේ ළදරුවාගේ මුල් අවුරුදු පහ තුළ සිදුවන ක‍්‍රියාකාරකම් හරහා බව ෆ්‍රොයිඞ්ගේ අදහසයි. ඔහු පවසන පරිදි අවධි පහක් තුළ ලිංගික තෘප්තිය හෙවත් කායික තෘප්තිය කෙරෙහි යොමු වීම තුළ ළදරුවා අත්විඳින අද්දැකීම් අවිඥානික මනසෙහි තැන්පත්ව වෘද්ධ වියෙහි පෞරුෂය ගොඩනැගීමේදී බලපෑම් කරයි. එම එක් එක් අවධියේදී තෘප්තිය කේන්ද්‍රගත වන කායික ස්ථාන හා ක‍්‍රියා පෙන්වාදෙන ෆ්‍රොයිඞ් පවසන්නේ එම අවධීන්හිදී හමුවන චර්යාවන්ට හා අභියෝගයන්ට මුහුණ දෙන ආකාරය අනුව පසු කාලීනව පෞරුෂය හැඩගැසෙන බවයි. එසේ නොමැතිව එම අවධි මනා ගැළපීමකින් තොරව ගතවුවහොත් එය ඔහුගේ පෞරුෂයේ යම් යම් ඌනතාවන් හෝ දුර්වලතාවන් ඇතිවීමට හේතු වෙයි. ෆ්‍රොයිඞ් පෙන්වා දෙන අවධි පහ අතරින් පළමුවැන්න ‘මුඛීය අවධියයි’. උපතේ සිට වසරක් පමණ වන මෙම කාලය තුළ මුඛය කේන්ද්‍ර කරගෙන තෘප්තිය ලබයි. එහිදී ළදරුවා කිරි උරා බීම (මවගෙන් හෝ සූප්පුවෙන්* ම`ගින් ලබන අද්දැකීම් හා තෘප්තිය පෞරුෂය කෙරෙහි දැඩිව බලපායි. මුඛීය අවධිය කෙරෙහි වඩා සංලග්න වීමෙන් වැඩිහිටි වියේදී දුම්පානයට නැඹුරු වීම, පමණ ඉක්මවා ආහාර ගැනීම වැනි දුර්වල පෞරුෂ ලක්ෂණ ඇති විය හැකි අතර මව දක්වන දැඩි සැලකිල්ල හා ආදරය හේතුවෙන් අසාමාන්‍ය චර්යාවන් වර්ධනය විය හැකි බව ෆ්‍රොයිඞ් පවසයි. දෙවන මනෝලිංගික අවධිය ‘ගුදීය අවධියයි’. මළපහ කිරීමෙන් මෙන්ම එය පාලනය කිරීමෙන්ද තෘප්ත වන මෙම අවධියෙහිදී දරුවා පිරිසිදුකම උගනී. ඉඞ්ගේ අවශ්‍යතාවන්ට ඍජුවම ඉඩ නොදී උපරි අහංභාවයේ බලපෑම මත එය සිදු කරන හෙයින් මානසික ඝට්ටනයක් සිදු වන අතර එම යුගය සරලව හා නිවැරදිව පුහුණු නොකළහොත් කාංසාමය තත්ත්වයක් ඇති විය හැකිය. මෙම යුගය සරලව හා නිවැරදිව පසු කිරීමට නොහැකි වූවන් පසුකාලීනව රළු, ආක‍්‍රමණශීලී චර්යා සහිත පෞරුෂ ලක්ෂණ පෙන්නුම් කළ හැකි අතර දැඩි පාලනයකින් එය හසුරුවන්නන් පසුකාලීනව ලෝභ, අතිපිරිසිදු, දැඩි විනය ගරුක චරිත ලක්ෂණ පෙන්නුම් කළ හැකිය. තුන්වන යුගය වන ‘ලිංගරූප අවධියේදී’ කායික තෘප්තිය ලිංගේන්ද්‍රිය වෙත යොමු වෙයි. මෙහිදී මව, පියා හා දරුවා අතර සම්බන්ධතාව ඉතා වැදගත්ය. පිරිමි දරුවන් තුළ ඊඩිපස් සංකීර්ණය හෙවත් මව පිළිබඳ කිසියම් ඇල්මක් ඇති වන අතර පියා පිළිබඳ කිසියම් එදිරිවාදිකමක් වර්ධනය වෙයි. ගැහැනු දරුවන් මව කෙරේ ඊර්ෂ්‍යා කරන අතර පියා කෙරේ ඇල්මක් ඇති කර ගනී. එය ඉලෙක්ට‍්‍රා සංකීර්ණය ලෙස ෆ්‍රොයිඞ් හැඳින්වීය. අවශ්‍යතාවට වඩා ලිංගරූප අවධියට සංලග්නවීම හේතුවෙන් ආත්මරාගී පෞරුෂ ලක්ෂණ ඇති විය හැකිය. එහෙයින් මෙම කාලය තුළ මව, පියා හා දරුවන් අතර පවතින යහපත් සම්බන්ධතාව මත එම මානසික ගැටලූවෙන් දරුවා බේරාගත හැකිය. සිව්වන යුගය වන ගුප්ත අවධියේදී පවුලෙන් ඔබ්බට ගොස් සමාජය ඇසුරු කරන අතර විරුද්ධ ලිංගිකයන්ට එළිපිටම පාහේ වෛර සහගත බවක් පෙන්වයි. අවුරුදු 6-12 පමණ වන මෙම යුගයේ ශාරීරික වර්ධනය සිදු වෙයි. පස්වන අවධිය ජනනේන්ද්‍රිය අවධියයි. වර්ධනය වූ ශරීරයක් සහිත පුද්ගලයා විරුද්ධ ලිංගිකයන් කෙරෙහි ඇල්මක් ඇති කර ගනී. සමාජ සම්බන්ධතා පවත්වමින් පෞරුෂ ලක්ෂණ දියුණු කර ගනී. ෆ්‍රොයිඞ් පවසන පරිදි මෙම මනෝලිංගික අවධීන් නිසි පරිදි සන්තෘප්ත නොවුවහොත් එහි අහිතකර ප‍්‍රතිඵල ලෙස පසුකාලීනව දුර්වල පෞරුෂ ලක්ෂණ පෙන්නුම් කළ හැකිය. පෞරුෂ සංවර්ධනය පිළිබඳ කාල් යුංග් මනෝවිශ්ලේෂණවාදය ගුරු කොට ගත්, එහෙත් ස්වකීය මත ඔස්සේ එය දියුණු කළ මනෝවිද්‍යාඥයෙකි කාල් යුංග්. පෞරුෂය පිළිබඳ ඔහු දැක්වූ අදහස් පිළිබඳ විමසා බැලීමේදී පෞරුෂ වර්ග දෙකක් පිළිබඳ සංකල්පය සුවිශේෂී වෙයි. එනම්, ‘අන්තරාවර්තී’ :ෂබඑරදඩැරිසදබ* සහ ‘බහිර්වර්තී’ :ෑංඑර්ඩැරිසදබ* යනුවෙනි. සමාජයෙහි දක්නට ලැබෙන ඇතැම් පුද්ගලයන් අතර හුදෙකලාව පැත්තකට වී සිටින චරිත දැකිය හැකිය. ඔවුන් අන්තරාවර්තී පෞරුෂ ලක්ෂණ සහිත පුද්ගලයන් ලෙස යුංග් හඳුන්වා දෙයි. ඔවුන් බොහෝවිට තමන් තුළටම නැඹුරු වූ චින්තනයක් සහිත, කල්පනාකාරී, බාහිර ලෝකය සම`ග සම්බන්ධ වීමට බියක් දක්වන, ලැජ්ජාශීලී, මිතුරන් ඇතිකර ගැනීමට එතරම් කැමැත්තක් නොදක්වන පෞරුෂ ලක්ෂණ පෙන්නුම් කරයි. බහිර්වර්තී පෞරුෂ ලක්ෂණ සහිත පුද්ගලයන් මිත‍්‍රශීලී වීමට කැමතිය. ලෝකය පිළිබඳ විවෘත දෑසින් යුතු වෙයි. අනෙක් අය පිළිබඳ සැලකිලිමත් වෙයි. ඔවුහු බොහෝ සමාජශීලී, ආත්ම විශ්වාසයෙන් යුක්ත, විනෝදකාමී පුද්ගලයෝ වෙති. යුංග් අදහස් කළේ මෙම පෞරුෂ වර්ග දෙක අප සමබරව පවත්වාගෙන යාම වඩා යෝග්‍ය බවයි. අප වැඩි වශයෙන් අන්තරාවර්තී හෝ බහිර්වර්තී නොවී එම පෞරුෂ ලක්ෂණ ද්විත්වයම අප වෙත පවතී නම්, මනා පෞරුෂයක් ගොඩනගාගත හැකිය. ෆ්‍රොයිඩියානු මත වර්ධනය කළ මොහු මනසෙහි ස්ථර තුනක් පෙන්වා දෙයි. එනම් ෑටදල ඡුැරිදබ්ක මබජදබිජසදමි (පුද්ගලික අවිඥානය*ල සහ ක්‍දකකැජඑසඩැ මබජදබිජසදමි (සාමූහික අවිඥානය* යනුවෙනි. ෑටද යනු සවිඥානයයි. ඡුැරිදබ්ක මබජදබිජසදමි (පුද්ගල අවිඥානය* යනු මෙම අවස්ථාවේ සවිඥානයෙහි නොමැති එහෙත් සවිඥානයට ගෙන ආ හැකි මතකයන්ය. ක්‍දකකැජඑසඩැ මබජදබිජසදමි (සාමූහික අවිඥානය* යනු මානවයාගේ ආරම්භයේ පටන් මනසට ඇතුළු වූ මතකයන්ය. ඒවා ඍජුවම සවිඥානයට නගා ගත නොහැකි අතර පෞරුෂය කෙරෙහි අවිඥානික බලපෑමක් සිදු කරයි. සාමූහික අවිඥානය පුරාකෘතවලින් (්රජයැඑහචැි* සමන්විත වෙයි. මව, පියා, ඉර, හඳ, දෙවියා ආදි මානසික අද්දැකීම්ය. පෞරුෂය සංවර්ධනය වීමේදී සාමූහික අවිඥානයෙහි පවතින මෙම පුරාකෘත ම`ගින්ද යම් බලපෑමක් සිදු කරන අතර එම මානසික චරිත ඔහුගේ අවිඥානික වීරයන් ලෙස ක‍්‍රියා කරයි. මෙහි ඇති සුවිශේෂී, වැදගත් පුරාකෘත දෙකක් ලෙස ්බසප් සහ ්බසපමි හඳුන්වා දිය හැකිය. ්බසප් යනු පුරුෂයන් තුළ ඇති ස්ත‍්‍රී ලක්ෂණ සමුදායයි. ්බසපමි යනු කාන්තාවන් තුළ ඇති පුරුෂ පෞරුෂ ලක්ෂණයන්ය. අප සහකරුවකු හෝ සහකාරියක සෙවීමේදී අප පෞරුෂයේ සැ`ගවී ඇති මෙම ලක්ෂණ හා මනාව සැසඳෙන පුද්ගලයා සෙවීමට උත්සාහ ගන්නා බව යුංග් පවසයි. ඇල්ෆ‍්‍රඞ් ඇඞ්ලර්ගේ පෞරුෂ සංකල්පය ඇඞ්ලර්ගේ දැක්ම අනුව පුද්ගල පෞරුෂ වර්ධනයේ ප‍්‍රාථමික සාධකයන් වන්නේ ෆ්‍රොයිඞ් පැවසූ අන්දමට ලිංගිකත්වය නොව, ශ්‍රේෂ්ඨත්වයට හෙවත් උසස් බවට :ීඑරසඩසබට දෙර ීමචැරසදරසඑහ* පැමිණීමට ඇති අවශ්‍යතාව හා දැඩි උත්සාහයයි. පුද්ගල පෞරුෂයේ ප‍්‍රධාන බලවේගය වන්නේ මෙම හැ`ගීමයි. ඔහු පැවසුවේ ඇතැම් පුද්ගලයන් කුඩා කල සිටම ශරීරය කුඩාවීම් වැනි දෝෂ නිසා හටගන්නා හීනමානයන් හරහා අනෙක් අය සම`ග කටයුතු කිරීමට යාමේදී ඔවුන් එම ශ්‍රේෂ්ඨත්වයට පත්වීමේ දැඩි හැ`ගීම මත හීනමානයට මුහුණ දෙන අතර ඒ හරහා පෞරුෂය වර්ධනය වන බවයි. එම උත්සාහය පමණ ඉක්මවා ගියහොත් අන්‍යයන්ට කරදර කරන රළු, බලය පෙන්වන්නෙකු හෝ පුරසාරම් දොඩමින් ආත්ම වර්ණනාවෙහි යෙදෙන පුහු අභිමානයක් මවාපාන, දුර්වල පෞරුෂ ලක්ෂණ සහිත පුද්ගලයෙකු බවට පත්විය හැකිය. පෞරුෂ සංවර්ධනය පිළිබඳ සමාජ ඉගෙනුම්වාදී ප‍්‍රවේශය ඇල්බට් බන්ඩුරා : නිරීක්ෂණාක්මක ඉගෙනීම යමෙකු තවත් පුද්ගලයෙකුගේ චර්යාවක්, පෞරුෂ ලක්ෂණයක් දෙස බලා එය අනුකරණය කොට තමන්ගේ පෞරුෂය වර්ධනය කර ගැනීම ‘නිරීක්ෂණාත්මක ඉගනීමයි’ බන්ඩුරා ඉදිරිපත් කළ වැදගත්ම සංකල්පය මෙයයි. ඔහු පවසන පරිදි පෞරුෂ වර්ධනයේදී චර්යාව, පරිසරය මෙන්ම මානසික ප‍්‍රජානනික ක‍්‍රියාවලියද වැදගත් වෙයි. සමාජයේ ජීවත් වන අපි ඇතැම් විට අප සිත්ගත් වීර චරිත අනුකරණය කිරීමට පෙලඹෙමු. මෙහිදී විශේෂයෙන්ම තම පියා, මව, ගුරුවරුන්, සමාජයේ ශ්‍රේෂ්ඨ චරිත, උසස් ගති ඇති මිතුරන් අනුකරණය කිරීම දැකිය හැකිය. බන්ඩුරා පවසන පරිදි මෙවැනි ඉගෙනීමේ ක‍්‍රමයක් ම`ගින්ද පුද්ගලකුගේ පෞරුෂය හැඩගැසීමේ ශක්‍යතාවක් පවතින අතර ඕනෑම අයෙකුට එසේ තම පෞරුෂය වර්ධනය කර ගත හැකිය. මෙහිදී බොහෝදුරට අනුකරණය කෙරෙනුයේ විරුද්ධ ලිංගික චරිත නොව සමලිංගික චරිතයන්ය. බන්ඩුරා ඉදිරිපත් කළ වැදගත්ම පෞරුෂ වර්ධන සංකල්පය නම් ස්වයං සඵලත්වය :ීැකෙ ැෙසෙජ්ජහ* පිළිබඳ සංකල්පයයි. ‘‘ස්වයං සඵලත්වය යනු අපේක්ෂිත ප‍්‍රතිඵලය ල`ගාකර ගැනීම සඳහා තමාට කටයුතු කළ හැකිය යන විස්වාසය පුද්ගලයකු තුළ වර්ධනය වී තිබීමයි.’’ අප යමක් සිදු කළද එය පිළිබඳ ආත්ම විශ්වාසය නොමැති වූ විට එහි ප‍්‍රතිඵල අවම වෙයි. එහෙයින් ‘තමන්ට හැකිය’ යන ආත්ම විශ්වාසය උසස් පෞරුෂ ලක්ෂණයක් ලෙස පෙන්වාදිය හැකිය. අභියෝගවලට මුහුණ දීමේදී ආත්ම විශ්වාසය හා ස්වයං සඵලත්වය ඉතා වැදගත් වෙයි. එසේම අපගේ හැසිරීම පිළිබඳ අප විසින්ම නිරීක්ෂණය කර ආත්ම ප‍්‍රශංසනයෙන් හෝ ස්වයං ද`ඩුවම් ක‍්‍රමයක් ම`ගින්ද දුර්වල පෞරුෂ ලක්ෂණ බැහැර කර උසස්, යහපත් පෞරුෂ ලක්ෂණ වර්ධනය කර ගත හැකි බව බන්ඩුරා පෙන්වා දෙයි. එය ස්වයං යාමනය :ීැකෙ රුටමක්එසදබ* නමින් ඔහු හැඳින්වීය. අභ්‍යන්තර පාලන කේන්ද්‍රීයත්වය :කදජමි දෙ ජදබඑරදක* හා බාහිර පාලන කේන්ද්‍රීයත්වය පිළිබඳ සංකල්පයද පුද්ගල පෞරුෂය සම්බන්ධව වැදගත් වෙයි. අභ්‍යන්තර පාලන කේන්ද්‍රීය චින්තනයක් ඇති පුද්ගලයා තමා පිළිබඳ විශ්වාස කරන අතර බාහිර පාලන කේන්ද්‍රීය චින්තනයක් සහිත පුද්ගලයා තමාට සිදුවන දේවල් වාසනාව, ඉරණම, දෛවය හෝ අන්‍යයන් මත ර\ පවතින බව විශ්වාස කරයි. මින් අභ්‍යන්තර පාලන කේන්ද්‍රීයත්වයක් සහිත පුද්ගලයා තුළ මනා පෞරුෂයක් පවතින බව පැවසිය හැකිය. ඔහු ධනාත්මක චින්තනයකින් යුක්ත වෙයි. මානවවාදී ඇසින් පෞරුෂය කාල් රොජර්ස්ගේ පුද්ගල කේන්ද්‍රීය න්‍යාය රොජර්ස්ගේ න්‍යාය තුළ ඉතා වැදගත් හා ප‍්‍රමුඛ කොට සැලකෙනුයේ ‘ස්ව - සංකල්පය’ හෙවත් ීැකෙ යන්නයි. ස්ව සංකල්පය යනු යම් පුද්ගලයකු තමන් පිළිබඳ ඇති කර ගන්නා ආත්ම සංජානනයයි. එනම් අප තුළ, අප පිළිබඳ පවතින්නා වූ මානසික චිත‍්‍රයයි. ස්ව සංකල්පය හෙවත් පුද්ගලයා තුළ පවතින තමා පිළිබඳ දෘෂ්ටිය ආත්මීයබව හේතුකොටගෙන සැම විටම නිවැරදි විය නොහැකිය. එනම්, බොහෝ පුද්ගලයන් තමා පිළිබඳ ඇති කරගෙන පවතින ආත්ම සංජානනය යථාර්ථය සම`ග සලකා බැලීමේදී නිවැරදි නොවිය හැකිය. මන්ද යත් අප, අපගේ වැරදි ස`ගවා ගනිමින් පරිපූර්ණ ලෙස නිවැරදි පුද්ගලයකු මෙන් සමාජයේ පෙනී සිටීමට නිරන්තර වෑයමක යෙදී සිටින හෙයිනි. එහිදී අප විසින් අපගේ දුර්වල පෞරුෂ ලක්ෂණයන්, වැරදි ක‍්‍රියා හා දුර්ගුණයන් ආදිය අන්‍යයන්ගෙන් සැ`ගවීමට උත්සාහ කරනු ලබයි. උසස් යැයි හැෙ`ගන ලක්ෂණ පමණක් සමාජයට විවෘත කෙරෙයි. එමගින් අප වෙතින් ඉස්මතු වන්නේ යථාරූපී ස්වසංජානනයක් නොවේ. සැම පුද්ගලයෙකුගේම චරිතයන් තුළ මෙවැනි සාවද්‍ය වූ ආත්ම සංජානනයක් පැවතිය හැකි අතර යථාර්ථය හා ඔහුගේ ස්ව සංකල්පය අතර පවතින්නා වූ අසමානතාව, විසදෘශතාව :ෂබජදබටරමැබජැ* ලෙස රොජර්ස් පෙන්වා දෙයි. එනමුත් ප‍්‍රශ්නය වනුයේ මෙම විසදෘශතාව වැඩිවන විට පුද්ගලයාගේ මනෝවිද්‍යාත්මක යහපැවැත්වම දුර්වල විය හැකි අතර එය පෞරුෂයටද හානියකි. කාල් රොජර්ස්ගේ අර්ථකථනය අනුව පුද්ගල පෞරුෂ ව්‍යූහය ශක්තිමත් කිරීමේ වැදගත්ම සාධකය වන්නේ ස්ව සංකල්පයයි. කෙසේ වෙතත් පෞරුෂය ගොඩනැගීමේදී කුඩා කාලයේදී ලැබූ අද්දැකීම් අනුව සාදෘශ්‍යතාව හෝ විසදෘශ්‍යතාව වර්ධනය විය හැකිය. කුඩා කාලයේදී දෙමාපියන් විසින් දරුවන්ට නිසි ආදරය, සෙනෙහස, රැුකවරණය ලබා දිය යුතුය. එම අවශ්‍යතාවන් ඉටු නොවූ විට මෙන්ම නීති රීති යටතේ ජීවත් වීමට සිදු වීම තුළද ඔහුගේ ස්ව සංකල්පයට බලපෑම් කළ හැකිය. දරුවන් හදා වඩා ගැනීමේදී ආදරය, සෙනෙහස, රැුකවරණය ලබා දීමෙන් ඔවුන්ගේ පෞරුෂය, ස්ව සංකල්පය වර්ධනය කළ හැකිය. එසේම කුඩා කාලයේදී ඇති වන ඍණාත්මක අද්දැකීම්වල බලපෑම වැඩිහිටි විය දක්වාම වැඞී යා හැකිය. එවිට බලාපොරොත්තු කඩවීම්, අන් අයට නිතරම යටත් වීම් හෝ ගැටුම්කාරීබව ආදි විවිධ ක‍්‍රමවලින් ඒවා එළියට පැමිණිය හැකි බව රොජර්ස්ගේ අදහසයි. එහෙයින් අපගේ පෞරුෂය වර්ධනය කරගැනීමට නිතරම අන් අයට යටත්ව සිටීමෙන් වැළකිය යුතුය. තමා පිළිබඳ, තම හැකියාවන් පිළිබඳ නිවැරදි අවබෝධයක් පැවතිය යුතුය. එසේම, යථාර්ථ ලෝකය තුළ ක‍්‍රියා කිරීමේදී ධනාත්මක අද්දැකීම්වලට වැඩි වශයෙන් නැඹුරු විය යුතුය. එසේම අප යමෙකු ධනාත්මක අයුරින් අගය කරන විට, අනුකම්පා සහගත වීම, හා අව්‍යාජත්වය තුළින් ඔවුන්ගේ ස්වීයත්වය වර්ධනය කළ හැකිය. ඒබ‍්‍රහම් මාස්ලෝ ඃ ආත්ම සාක්ෂාත්කරණය මාස්ලෝද පුද්ගල ශක්‍යතාවට, ස්වීයත්වයට ප‍්‍රමුඛත්වයක් ලබා දුන් මානවවාදී මනෝවිද්‍යාඥයෙකි. ඔහු පෙන්වා දෙන අවශ්‍යතා ධුරාවලියෙහි (1.ආහාර, ඇඳුම්, නිවාස ආදි කායික අවශ්‍යතා, 2. ආරක්ෂාව පිළිබඳ අවශ්‍යතාව, 3. මිත‍්‍රත්වය, ආදරය වැනි සාමාජීය අවශ්‍යතා, 4. ගරුත්වය, පිළිගැනීම වැනි සම්මානනීය අවශ්‍යතා, 5. හැකියාවන්ගෙන් ඉහළම තලයකට පත්වීම හෙවත් ආත්ම සාක්ෂාත්කරණය යනුවෙන් මිනිස් අවශ්‍යතාවන් පහක ධුරාවලියක් මොහු පෙන්වා දෙයි.* ඉහළම තලය වන ආත්ම සාක්ෂාත්කරණයට පත්වීමේ අවශ්‍යතාව පුද්ගල පෞරුෂයේ වැදගත්ම සාධකයයි. ඔහු නිරෝගී පෞරුෂයක් ලෙස පෙන්වා දුන්නේ මෙම ආත්ම සාක්ෂාත්කරණයට පත්වූ චරිතයන්ය. සරලබව, යථාර්ථය පිළිබඳ පැහැදිලි අවබෝධය, ස්වතන්ත‍්‍රබව, ඉහළ ආත්ම තෘප්තියකින් යුක්ත වීම, ප‍්‍රබල මිත‍්‍ර සම්බන්ධතා පැවැත්වීම, ක‍්‍රියාශීලීබව, සත්‍ය ප‍්‍රියබව හා පෞරුෂයේ අන්තගාමී නොවීම ආදිය නිරෝගි පෞරුෂයක් සහිත ආත්ම සාක්ෂාත්කරණයට පත් පුද්ගලයකුගේ චරිත ලක්ෂණ කිහිපයකි. මහා පෞරුෂ සාධක පුද්ගලයකුගේ පෞරුෂයක පැවතිය යුතු ප‍්‍රධාන සාධක මොනවාදැයි පර්යේෂණ කරන ලද මනෝවිද්‍යාඥයන් විසින් නිරෝගි පෞරුෂයකින් හෙබි පුද්ගලයකු තුළ පැවතිය යුතු ප‍්‍රමුඛ ලක්ෂණ පහක් පෙන්වා දී ඇත. එවා නම්, 1. විවෘතබව :ධචැබබැිි* 2. හෘද සාක්ෂ්‍යයට එක`ගබව ක්‍දබිජසැබඑසදමිබැිි* 3. බහිර්වර්තීබව :ෑංඑර්ඩැරිසදබ* 4. එක`ග බව :්ටරුැ්ඉකැබැිි* 5. නියුරෝෂීයබව / චිත්තවේගික ස්ථාවරත්වය :භැමරදඑසිසිපරැුෑපදඑසදබ්ක ීඒඉසකසඑහ* යන පහයි. බොහෝ පර්යේෂකයන් මේවා පොදු ගති ලක්ෂණ ලෙස පිළිගත්තද ඇතමුන් එය ප‍්‍රතික්ෂේප කරන අතර එවැනි පහක් ම`ගින් පමණක් අපගේ පෞරුෂය පිළිබඳ විග‍්‍රහ කළ නොහැකි බව ඔවුහු පෙන්වා දෙති. පෞරුෂය හා සමාජය පුද්ගලයා යනු සාමාජීය සත්ත්වයෙකි. එහෙයින් ඔහුගේ සැම චර්යාවක් කෙරෙහිම සමාජය ඍජුවම බලපෑම් කරන බව නොකිව මනාය. පුද්ගල පෞරුෂ සංවර්ධනයෙහිලා විශේෂයෙන්ම ඉවහල් වන්නේ ඔහු වර්ධනය වන සමාජ පරිසරයයි. විවිධ මනෝවිද්‍යාඥයන්ගේ හා සමාජ විද්‍යාඥයන්ගේ මතවාදයන් විමසා බැලීමෙන් ඒ බව පැහැදිලි වෙයි. පුද්ගලයකුගේ පෞරුෂය කෙරෙහි බලපාන වැදගත්ම සමාජ ඒකකය වනුයේ පවුලයි. පවුල තුළදී ඔහුට අද්දැකීමට හා ප‍්‍රතිචාර දැක්වීමට සිදු වන පරිසරය ඉතා යහපත් නම්, ඔහු තුළ මනා පෞරුෂයක් වර්ධනය විය හැකිය. විශේෂයෙන්ම මෙහිදී මව හා පියා ඉතා කල්පනාකාරීව දරුවා සමග සබඳතා පැවැත්විය යුතුය. ෆ්‍රොයිඞ් පෙන්වා දුන් අන්දමින් ඔහුගේ ළමා කාලය කිසිදු ඝට්ටනයකින් තොරව ගලා යාමට සලස්වන්නේ නම් ඉතා යහපත් වෙයි. එසේම පවුල තුළ අනෙක් සහෝදර සහෝදරියන් සම`ග සබැඳියාවද ඉතා වැදගත් වෙයි. එමෙන්ම පළමුව උපදින දරුවා හා පසුව උපදින දරුවා වෙත දක්වන සැලකිල්ල හා බාලම දරුවා කෙරෙහි දක්වන සැලකිල්ල සමාන විය යුතුය. ඇතැම් විට පවුලේ වැඩිමහල් දරුවාට සියලූ සැලකිල්ල ලැබී තිබියදී, අලූත් සාමාජිකයකු ඇතුළත් වීමත් සම`ග එය නැතිවී ගියහොත් මානසික වියවුලකට පත්වීම තුළ පෞරුෂයට හානියක් විය හැකිය. ක‍්‍රමයෙන් වැඩිවියට පත් වන ළදරුවා ඇසුරු කරන මිතුරන්, වැඩිහිටියන් ඔවුන් තුළින් ලබන අද්දැකීම්ද පෞරුෂය කෙරෙහි බලපායි. මෙම කාලය තුළදී දරුවා නිසි ගුරුවරයෙකුගේ ම`ග පෙන්වීම යටතේ වර්ධනය වන්නේ නම් ඔහු තුළින් ආක‍්‍රමණශීලී නොවන සමාජශීලී පෞරුෂ ලක්ෂණ වර්ධනය විය හැකිය. පුද්ගල පෞරුෂයේ වැදගත් සාධකයක් ලෙස මානවවාදීන් පෙන්වා දෙන ස්ව සංකල්පය වර්ධනය සඳහා සමාජ ඝට්ටනයන් පිළිබඳ අද්දැකීම් බලපෑ හැකිය. ඇතැම් විට සමාජයෙන් බොහෝ පීඩා විඳ හැලහැප්පීම්වලට ලක්වූ පුද්ගලයකු කෙසේ හෝ ආත්ම ධෛර්යෙන් ආත්ම සාක්ෂාත්කරණ තත්ත්වයට පත්වීමට උත්සාහ කළ හැකිය. එහිදී ඔහුගේ ආත්ම විස්වාසය, ශ්‍රේෂ්ඨත්වයට පත්වීමේ අවශ්‍යතාවය ඉතා ඉහළ මට්ටමක පවතියි. සමාජය සේම ඒ හා බැඳුණු සංස්කෘතියද පෞරුෂ සංවර්ධනයෙහිලා බලපෑම් කරයි. මන්ද යත්, පුද්ගලයා තුළ සදාචාරවත් ගුණ ධර්ම සහිත සංවේදී පෞරුෂ ලක්ෂණ වර්ධනය වීමට ආගම හා සංස්කෘතියෙන් එල්ලවන්නා වූ බලපෑම හේතුවෙනි. පුද්ගල පෞරුෂය යනු කුඩා කාලයේදී පමණක් සකස් වන්නක් නොවෙයි. කුඩා අවධියේ වැටුණු පදනම මූලික කරගෙන වැඩිහිටි විය දක්වාම සමාජය ඇසුරින් ලබන අද්දැකීම් හරහා ස්වකීය පෞරුෂ ලක්ෂණයන් වර්ධනය කර ගනිමින් සකස් කරගත හැකිය. විශේෂයෙන්ම පුද්ගල විෂමතාවන් අනුව එක් එක් පුද්ගලයා නිරූපණය කරන සමාජ භූමිකාවට අනුව හැඩගැසීමේදීද ඔහුගේ පෞරුෂයට තවත් නව ලක්ෂණයන් ඒකරාශී වෙමින් වර්ධනය විය හැකිය. කෙසේ වෙතත් එය සිදු වන්නේ කුඩා කල සිට ඔහු තුළ වර්ධනය වූ පෞරුෂ ලක්ෂණ කේන්ද්‍ර කරගෙනය. නිදසුනක් ලෙස ඔහු තෝරා ගන්නා රැුකියාවට අනුව ඇතැම් පෞරුෂ ලක්ෂණ වෙනස් වීමට හෝ වර්ධනය වීමට හැකිය. එමෙන්ම පුද්ගලයා සමාජය තුළ ජීවන වෘත්තියක් හෙවත් රැුකියාවක් තෝරා ගැනීමේදීද විශේෂයෙන්ම පෞරුෂය බලපායි. බොහෝ දුරට බොහෝ පුද්ගලයන් රැුකියාවකට යොමු වන්නේ ඔහු තුළ පවතින්නා වූ පෞරුෂ ලක්ෂණ අනුව යැයි පැවසිය හැකිය. එනම්, එය අවිඥානික බලපෑමකි. නිදසුනක් ලෙස පරිපාලන නිලධාරියෙකු ලෙස රැුකියාවකට යමෙකු යොමු වන්නේ ඔහු තුළ කුඩා අවධියේ සිට ඊට සමගාමී පෞරුෂ ලක්ෂණ වර්ධනය වී ඇති හෙයිනි. විවිධ පුද්ගලයන් විවිධ රැුකියාවන්ට යොමුවන්නේ මේ හේතුවෙනි. පුද්ගල පෞරුෂය යනු විද්‍යාවේ හා සමාජ පරිසරයේ අන්‍යොන්‍යකාරක නිපැයුමකි. පුද්ගලයා යහපත්, උසස් පෞරුෂයකින් හෙබි පුද්ගලයකු වීමට ඔහු ජීවත් වන සමාජ පරිසරය හේතු වෙයි. යහපත් පවුල් පරිසරයක් හා සමාජ වටපිටාවක්, පුද්ගල ඇසුරක් සහිත වූ විට ඔහුගේ පෞරුෂයද උසස් වෙයි. සමාලෝචනය ඡුරුිදබ් (වෙස් මුහුණ* යන ග‍්‍රීක වචනයෙන් බිඳී ආ ඡුරුිදබ්කසඑහ :පෞරුෂය* යන්න පිළිබඳ විවිධ විවරණයන් විද්‍යාව තුළ පවතී. පොදුවේ ගත් කල පුද්ගලයකුගේ පෞරුෂය කෙසේ සංවර්ධනය වන්නේදැයි මෙහිදී සාකච්ඡුාවට ලක් කළේ මනෝවිද්‍යාත්මක හා සමාජ විද්‍යාත්මක න්‍යායන්ට අනුවය. පුද්ගලයකුගේ පෞරුෂ සංවර්ධනය ගොඩනැගෙන්නේ කුඩා අවධියේ පුද්ගලයා ලබන අද්දැකීම් හා උත්තේජයන්ගේ මූලික බලපෑම මත බව උක්ත කරුණු ම`ගින් පෙන්වා දුනි. එමෙන්ම ඒ හා බැඳුණු අනික් කාරණය වන්නේ සාමාජීය පරිසරයයි. එපමණක් නොව පෞරුෂය යනු එම පදනම මත පිහිටා දිනෙන් දින ලබන අද්දැකීම් හරහා වර්ධනය වන්නක් ලෙසද පෙන්වාදිය හැකිය. පුද්ගලයකුට පෞරුෂ ගති ලක්ෂණ පිළිබඳ අධ්‍යයනය කිරීම, අවබෝධයකින් යුක්ත වීම ප‍්‍රායෝගික වටිනාකමකින් යුක්ත වෙයි. මන්ද යත්, තමාට තමාව හඳුනා ගැනීමටත් ඒ තුළින් තමන් සමාජය සම`ග කෙතරම් සාර්ථක ලෙස සම්බන්ධ වී ඇද්දැයි වටහා ගැනීමටත් හැකියාව ලැබෙයි. එසේම, අප සිතන පතන ආකාරය, තමන් යොමු විය යුතු වෘත්තීය තත්ත්වය ආදිය පිළිබඳ ස්වයං තක්සේරුවක් ඇති කර ගත හැකිය. එපමණක් නොව, තම පෞරුෂය තුළ පවතින දුර්වලතාවන් ම`ගහරවා ගනිමින් ආත්ම විශ්වාසයෙන් යුතු, ශක්තිමත් පෞරුෂයකින් හෙබි පුද්ගලයකු ලෙස සමාජයට මුහුණ දීම සඳහා එම අවබෝධය උපකාරී වේ යැයි නිගමනය කළ හැකිය.
 
Copyright © psychology