Tuesday, December 10, 2013

ලංකාවේ වතුකර ජනතාවගේ ජීවන තත්වයන් නගාසිටුවීම

සංවිධාන මනෝවිද්‍යාව ලංකාවේ වතුකර ජනතාවගේ ජීවන තත්වයන් නගාසිටුවීම ලංකාවේ ප‍්‍රධාන ආදායම් මාර්ගයන්ගෙන් එකක් වන්නේ තේ කර්මාන්තයයි. එසේ නමුත් ලංකාවේ වෙසෙන දුප්පත්ම, ඉතාම අඩු ආදායම් ලබන සහ පෝෂණයෙන් ඉතා අඩු පිරිස ලෙස වාර්තාවන් පෙන්වා දෙන්නේද මෙම තේ වතුවල වැඩ කරන ජනතාවයි. විශේෂයෙන්ම ලංකාවේ ඉහළ කඳුකරය වන නුවරඑළිය, බදුල්ල දිස්ත‍්‍රික්ක කේන්ද්‍රකර ගනිමින් ක‍්‍රියාත්මක වන මහා පරිමාණ තේ වතුවල අයිතිකරුවන් (වතුහිමියන්* ඉතා පොහොසත් විශාල ලාභ ලබන පිිරිසක් වුවද ඔවුන් යටතේ වතුවල සේවය කරන බහුතර ජනතාව දුප්පත්කමින් සහ ඒ නිසාම වූ මන්ද පෝෂණය හා සෞඛ්‍ය ගැටලූ වැනි මහත් පීඩාවන් විඳිති. සෞඛ්‍ය අමාත්‍යංශ වාර්තා පෙන්වා දෙන අන්දමට ලංකාවේ ලංකාවේ අනෙක් ප‍්‍රදේශ හා සැසඳීමේදී මෙකී ප‍්‍රදේශවල ජනතාවගේ පෝෂණ මට්ටම ඉතා පහළ තත්වයක පවතින අතර බොහෝ විට ඔවුන්ගේ දරුවන්ගේ උපත් බරද අනෙක් දරුවන්ට සාපේක්ෂව ඉතා පහළ අගයක් ගනියි. එසේම උපතේදී මිය යන සංඛ්‍යාවද ඉතා ඉහළය. මීට ප‍්‍රධානම හේතුව ලෙස පෙන්වා දිය හැක්කේ අධික දුප්පත්කම හා ඒ තුළින් ඇති වන මන්ද පෝෂණයයි. සත්‍ය ලෙසම මෙම පිරිස ලංකාවේ ඉතාම අඩු ආදායම් ලබන පිරිස ලෙසද වාර්තා වෙයි. ඔවුන්ගේ මාසික ආදායම ඇතැම්විට ජාතික අඩු ආදායම් ලාභී සීමාව වන රුපියල් තුන්දහස් විසිඅටටද වඩා අඩු මට්ටමක පවතියි. එසේ නමුත් මෙම වතුහිමියන් පවසන්නේ මීට වැඩි වේතනයක් සිය සේවකයන් සඳහා ගෙවීමට තරම් තමන්ගේ ලාභයක් නොමැති බවයි. ඔවුන් පෙන්වා දෙන පරිදි 2011 ජුනි කාර්තුවේ ලාභයන් විශාල ලෙස පහත වැටී ඇත. එනම් එය සියයට එකසිය හැත්තෑ එකක අවපාතයක් ලෙස වාර්තාවෙයි. මෙවන් තත්වයක් තුළ සිය සේවකයන්ට වැඩි වේතනයක් ගෙවීමට නොහැකි බවයි වතු හිමියන්ගේ මතය වන්නේ. එය එසේ නමුත් ලංකාවේ ජනගහනයෙන් සියයට පහක් වන මෙම වතුකර ජනතාවගේ ගැටලූ එසේ තිබීමට ඉඩ හල නොහැකිය. මේ සඳහා කිසියම් හෝ ක‍්‍රියාමාර්ගයක් ගැනීම තුළින් ඔවුන්ගේ ජීවන මට්ටම ඉහළ දැමීමටත් පෝෂණ මට්ටම ඉහළ නැංවීම තුළින් මන්ද පෝෂණය තුරන් කිරීමටත් එම වතු හිමියන්ට මෙන්ම රජයටද විශාල වගකීමක් තිබෙයි. ඒ සඳහා ඔවුන් හමුවේ ඇති ගැටලූවලට එකිනෙක විසඳුන් ලබා දීමට පියවර ගත යුතුය. ඒ සඳහා මෙසේ යෝජනා කිහිපයක් ඉදිරිපත් කිරීමට කැමැත්තෙමි. මූලික වශයෙන්ම මෙම වතුකර ජනතාව වෙත ඇති ප‍්‍රධාන ප‍්‍රශ්නය වන්නේ මුදල් පිළිබඳ ගැටලූවයි. ඔවුන්ගේ මූලික අවශ්‍යතාවන් සපුරා ගැනීමට හෙවත් කෑම බීම, ඇඳුම් පැළඳුම් හා නිවාස පහසුකම් සලසා ගැනීම සඳහාවත් ප‍්‍රමාණවත් වැටුපක් ඔවුන්ට නොලැබෙයි. මේ නිසා මෙහිදී මෙයට රජයේ ඍජු මැදිහත් වීමක් අවශ්‍ය වෙයි. වතු හිමියන් ලබනා ආදායම් අනුව එය වැඩ කරන ජනතාව අතරට සාධාරණව බෙදී යන වැටුප් ක‍්‍රමවේදයක් සකස් විය යුතුය. මන්ද යත් ඇතැම් විට තවමත් වතුකරය තුළ අතීතයේ පැවති වහළ් ක‍්‍රමයෙහි අඳුරු සෙවනැළි පවතින අතර සේවකයන්ට සාධාරණයක් ඉටු නොවෙයි. ධනපතිවාදය කරපින්නා ගත් එකී වතුහිමියන් රජ සැප විඳිද්දී කම්කරුවන් මන්ද පෝෂණයෙන් පෙළෙන්නේ මේ හ්තුවෙනි. එහෙයින් රජය හා කම්කරු සංවිධාන ඍජුව මැදිහත් වීමෙන් මෙම සේවකයන්ට සාධාරණ වැටුප් ක‍්‍රමයක් සකස් කොට එය නීති ගත කළ යුතුය. එමගින් ආදායම් ධනපතියන් වෙත එකරාශී නොවී වැඩ කරන ජනතාව අතරටද බෙදී යා හැකිය. විශේෂයෙන්ම මෙම ජනතාවගේ ආදායම් මාර්ගය වතුවල සේවය කිරීම පමණෙකි. ඉන් ඔබ්බට ගිය කිසිඳු ආදායමක් ඔවුන්ට නොමැතිය. ඔවුන් දුප්පත්කමෙහි අන්තයටම වැටීමට මෙයද හේතුවකි. එනිසා ඔවුන් වෙනත් අමතර ස්වයාං රැුකියාවන් සඳහාද දිරිමත් කළ හැකිය. මොවුන් දහවල් කාලයේ තේ වතුවල වැඩ කරන අතර රාත‍්‍රී කාලයේ විශේෂ කාර්යයක් නොකරති. දියුණු වීමේ හැකියාව හා මාර්ග පෙන්වා දීමෙන් ඔවුන්ව අභිපේ‍්‍රරණය කරවා ශරීරය බොහෝ වෙහෙස නොවන සුළු පරිමාණ ස්වයං රැුකියාවන් (හස්ත කර්මාන්ත වැනි* පුහුණු කොට ඒ සඳහා මූලික දීමනාවක්ද ලබා දී දිරිමත් ඔවුන්ට අමතර ආදායමක් සලසා දිය හැකිය. නිදසුන් ලෙස ලියුම් කවර සෑදීම, තේ කොළ පැකට් කිරීම, අත් බෑග් සෑදීම හා විවිධ කලාත්මක නිර්මාණ වැනි ශරීරය බොහෝ වෙහෙස නොවන ස්වයං රැුකියාවන් හඳුන්වා දී පුහුණු කළ හැකිය. මෙය ඉතා සුදුසු ක‍්‍රමවේදයක් වන්නේ ඉන් රජයට හෝ වතු හිමියන්ට හෝ දැඩි බරක් නොවන අතර දීර්ඝ කාලීන වශයෙන් එම ජනතාවටද සෙතක් සැලසෙයි. ඒ නිසා මෙය වෙනත් සහනාධාර ලබා දීමට වඩා දීර්ඝ කාලීනව සාර්ථක වැඩ පිළිවෙළකි. එමෙන්ම මෙම ජනතාවට ඇති ප‍්‍රධානතම ගැටලූව වන්නේ පෝෂණය පිළිබඳ ගැටලූවයි. ඔවුන් අතුරින් බහුතරය මන්ද පොෂණයෙන් පෙළෙන අතර උපත් බරද සාමාන්‍ය මට්ටමට වඩා ඉතා පහළ අගයක් ගනියි. මෙම තතවයන් අවම කොට මන්ද පෝෂණය තුරන් කිරීම සඳහා මෙම ජනතාවට යම් පෝෂණ මල්ලක් හෙවත් මාසිකව හෝ සතිපතා පෝෂදායී වියළි ආහාර සලාකයක් ලබා දීම සුදුසය. නිදසුනක් ලෙස ලංකාවේ දැනටත් ඉතා දුර්වල මට්ටමින් ක‍්‍රියාත්මක වන සමෘද්ධි ක‍්‍රමය තවත් ශක්තිමත් කිරීමෙන් හෝ වතුකර ජනතාවට සීමා වූ හෝ ක‍්‍රමවේදයක් සකස් කළ යුතුය. එය ලංකාවේ අනෙක් ප‍්‍රදේශවල යම් ප‍්‍රසස්ථ ආදායම් මට්ටමක් සහිත පවුල්වලට දැනට හිම වන සමෘද්ධිය ඉවත්කර හෝ මෙම ජනතාවගේ දීමනාවන් වැඩි කළ හැකිය. එමගින් අඩු වේතනයක් ලැබුවද ඔවුන්ගේ ආහාර අවශ්‍යතාවය යම් පමණෙකින් හෝ පියවා ගනිමින් මෙම තත්වය අවම කර ගත හැකිය. එසේ නොමැති නම් මාසිකව හෝ සතිපතා පෝෂදායී ආහාර මල්ලක් ලබා දීමද මීට සුදුසුය. එහිදී එක් පාර්ශවයකට තනි බර නොදී රජය සහ වතු හිමියන් ඒකාබද්ධව මෙකී ක‍්‍රමවේදය ක‍්‍රියාත්මක කිරීම සුදුසුය. මෙහිදී වයස අවුරුදු පහට හෝ දහයට අඩු දරුවන් කෙරෙහි සහ ගැබිණි මව්වරුන් කෙරෙහි විශේෂ අවධානයක් දැක්විය යුතුය. මෙම දරුවන්ගේ සහ ගැබිණියන්ගේ මන්ද පෝෂණය හෙවත් පෝෂණ ඌණතාවයන් හේතුවෙන් උපත් බර අඩු වීම මෙන්ම උපතේදී දරුවන් මියයාම දැකිය හැකිය. මෙම තත්වය අවම කිරීම සඳහා ගැබිණි මව්වරුන්ට සහ කිරිදෙන මව්වරුන්ට විශේෂ ආහාර වට්ටෝරුවකට අනුව පෝෂදායි ආහාර මල්ලක් නොමිලේ හෝ ඉතා පහසු මිලකට ලබා දීම සුදුසු අතර කුඩා දරුවන් සිටින පවුල් වලටද එවැනි සහනාධාරයක් ලබා දීමේ ක‍්‍රමයක් සකස් විය යුතුය. මෙම ජනතාවගේ ගැටලූන් තවත් උග‍්‍ර වීමට බලපා ඇත්තේ ලංකාවේ භාණ්ඩවල බදුමිල අධික වීමයි. ඇතැම් විට ඇතැම් භාණ්ඩ නුවරඑළිය බදුල්ල වැනි දුෂ්කර කඳුකර ප‍්‍රදේශවලට ප‍්‍රවාහනය කරන විට කොළඹට මිළට වඩා තවත් මිල ඉහළ යයි. මේ හේතුවෙන් ඔවුන්ට අත්‍යවශ්‍ය භාණ්ඩ පවා මිලදී ගත නොහැකි තත්වයක් උදා වී ඇත. මීට විසඳුමක් ලෙස රජය මැදිහත් වීමෙන් මෙම ප‍්‍රදේශවල ජනතාවට බදු සහන ලබා දීම හා සහන මිලකට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අලෙවි කිරීම කළ හැකිය. නිදසුනක් ලෙස දැනටමත් කි‍්‍රයාත්මක වන සතොස හා සමූපකාර වෙළඳසල් ක‍්‍රමය වඩාත් දියුණු කොට අඩු ආදායම් ලාභී පවුල්වලට සහන මිලට භාණ්ඩ අලෙවි කිරීමෙන් මෙකී තත්වය තරමක් අවම කරගත හැකිය. මෙහිදී විශේෂයෙන් අවධානය යොමු කළ යුතු පිරිසක් ලෙස ගැබිනි මවුවරුන් හා කිරි දෙන මවුවරුන් සැලකිය හැකිය. මන්ද යත් මෙම වතුකර ප‍්‍රදේශයන්හි උපතේදී දරුවන් මියයාම හා ළදරු කාලයේ මවගෙන් ලැබිය යුතු නිසි පෝෂණය නොලැබී යාම නිසා දරුවන්ගේ මන්ද පෝෂණය ඉහළ මට්ටමක පැවතීමයි. විශේෂයෙන්ම ගැබිණි මාතාවන් සඳහා දරුවන් බිහිකිරීමේදී හා ගර්භාෂයේදී මෙන්ම උපතින් පසුවත් දරුවන් රැුක බලා ගත යුතු අන්දම පිළිබඳව දැනුවත් කිරීම සඳහා වැඩ සටහන් ක‍්‍රියාත්මක විය යුතුය. මෙම ප‍්‍රදේශ වල බොහෝ කාන්තාවන් හා පිරිමින් අඩු අධ්‍යාපන මට්ටමක් සහිත බැවින් මෙම ක‍්‍රියාවලීන් පිළිබඳ දැනුම අවමය. ඒ හේතුවෙන් උපතේද දරුවන් මියයාම, ගර්භාෂයේදීම මියයාම හෝ අංගවිකල දරුවන් බිහි වීම දැකිය හැකිය. ඇතැම් විට මෙම ගැබිනියන් ඒ පිළිබඳව නොසලකා ශරීරය මහන්සි වන බර ඩැඩ කිරීමට පවා පෙළඹෙන අතර ඉන් ගැබ්ගත් දරුවාට හානි වීම් සිදු විය හැකිය. උක්ත ආකාරයේ දැනුවත් කිරීම් වැඩසටහන් මගින් ගැබිනි කාලයේ හා උපතින් පසු දරුවන් කෙරෙහි කෙසේ සැලකිලිමත් විය යුතුයද යන්න දැනුවත් කළ හැකිය. මේ සඳහා පවුල් සෞඛය සේවාවන් සක‍්‍රීය කිරීම හා අනෙක් ප‍්‍රදේශවලට සාපේක්ෂව මෙම වතුකර ගැබිනියන් හා මව්වරුන් කෙරෙහි විශේෂත්වයක් දැක්වීම කළ යුතුය. එමෙන්ම මෙම ප‍්‍රදේශවල දරුවන්ට නිසි අධ්‍යාපනයක් නොමැති වීමට සැලකිය යුතු කාරණයකි. දරුවන්ට හොඳින් ඉගැන්වීමට තරම් වත්කමක් එම මව්පියන්ට නොමැති අතර එනිසාම රජය මගින් නොමිලයේ ලබා දෙන අධ්‍යාපනයට පමණක් සීමා වීමට සිදු වෙයි. අමතර දැනුමක් හෝ වෘත්තීය පාඨමාලාවන් හැදෑරීමට තරම් වත්කමක් නොමැති නිසා වෙනත් රැුකියාවක් සොයා ගැනීමද අපහසුය. එමෙන්ම බොහෝ දරුවන් පාසල් යාමට හෝ අධ්‍යාපනය සඳහා එතරම් උනන්දුවක් දක්වන්නේද නැත. මෙම අපහසුතාවන් දුරු කිරීම සඳහා වතු හිමියන් පමණක් නොව වෙනත් ස්වේච්ඡුා සංවිධානයන්ද උනන්දු කළ හැකිය. මෙම අඩු ආදායම් ලාභී පවුල්වල දරුවන්ට අත්‍යවශ්‍ය පාසල් පොත් ආදී උපකරණ හා ඇඳුම් බෙදා දීමෙන් දිරිමත් කළ හැකිය. තවද ඉතා දක්ෂ දරුවන් තොරා ගනිමින් ඔවුන්ට ශිෂ්‍යත්ව ලබා දෙමින් වඩා හොඳ අධ්‍යාපනයක් සඳහා දිරිගැන්විය හැකිය. මෙවැනි සත්කාර්යයන් සඳහා බොහෝ රාජ්‍ය නොවන ස්වේච්ඡුා සංවිධාන පෙළ ගැසී සිටින අතර ඔවුන්ගේ නොමසුරු ආධාරය මේ සඳහා ලබා ගත හැකිය. එසේම රජය මගින් මෙම ප‍්‍රදේශවල දරුවන් සඳහා නොමිලයේ හා් අවම ගාස්තු යටතේ වෘත්තීය පුහුණු පාඨමාලාවන් පැවැත්විම හා තරුණ තරුණියන් ඒ සඳහා උනන්දු කරවීම සිදු කළ හැකිය. මෙය දීර්ඝ කාලීනව යහපත් ප‍්‍රතිඵල ගෙන දෙන විසඳුමක් ලෙස හඳුන්වා දිය හැකිය. එසේම මොවුන් වෙත ඇති අනෙක් ප‍්‍රධාන ගැටලූව නම් නිවාස පිළිබඳ ගැටලූවයි. මෙම වතුකර ජනතාවගෙන් බහුතරයකට ස්ථිර නිවාස නොමැති අතර තවමත් ජීවත් වන්නේ පැල්පත් හෝ මුඩුක්කු නිවාසවලය. ඇතැම් විට ඔවුන්ටම හිමි වූ බිම් ප‍්‍රමාණයක්වත් නොමැති අතර තමන් වැඩ කරන වතුවලම පැල්පතක් තනා ගෙන එහි ජීවත් වෙයි. මෙහිදී ඍජුවම රජය මැදිහත් වීමෙන් ඉඩම් අහිමි පවුල්වලට ස්ථිර ඔප්පු සහිත ඉඩම් ලබාදීම කළ යුතුය. තවද මෙම ප‍්‍රදේශවල පවුල්වලට රාජ්‍ය ඉදිකිරීම් හා ඉංජිනේරු අමාත්‍යංශය යටතේ නිවාස ව්‍යාපෘති ක‍්‍රියාත්මක කර නොමිලයේ නිවාස සකස් කර දීමට හැකිය. එසේත් නැතිනම් රජය හෝ වතු හිමියන් මගින් පොලී රහිත හෝ ඉතා අඩු පොලී නිවාස ණය ලබා දිය යුතුය. මෙහිදී විශේෂයෙන්ම රජය ක‍්‍රියාත්මක කරන ‘‘ හිසට සෙවනක් සැමට නිවසක් ’’ ව්‍යාපෘතිය යටතේ නිවාස අහිමි සියලූ දෙනාට නිවාස ලබා දෙන අර එමගින් මෙම වතුකර දුප්පත් ජනතාව කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළ යුතුය. එසේම මෙම වතුකර පවුල්වල දරුවල් අධික වීමද මෙකී දුප්පත් බව තවත් ඉහළ නංවන හේතුවක් ලෙස දැක්විය හැකිය. නිදසුනක් ලෙස මෙම ලිපියෙහි සඳහන් වන රාමක‍්‍රිිෂ්ණන්ගේ පවුලේ දරුවන් පහක් සමග හත් දෙනෙකි. සත්‍ය ලෙසම මෙවැනි සුළු ආදායමක් තිබියදී මෙතරම් විශාල පිරිසක් නඩත්තු කිරීම දුෂ්කර වීම පුදුමයක් නොවෙයි. මීට ප‍්‍රධාන වශයෙන් හේතු වන්නේ ඔවුන් තමන්ගේ ආදායමට සරිලන පරිදි පවුල කළමනාකරණය කර ගැනීමට අපොහොසත් වීමයි. එහෙයින් මොවුන්ට පවුලේ ආදායමට සරිලන පරිදි පවුල කළමනාකරණය කර ගන්නා ආකාරය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩ සටහන් ක‍්‍රියාත්මක කිරීමද සුදුසුය. එමගින් උපත් පාලන ක‍්‍රම හඳුන්වා දීම හා ආරක්ෂිත ලිංගික ක‍්‍රම පිළිබඳව දැනුවත් කිරීම සුදුසු යැයි සිතේ. මන්ද යත් ඒ පිළිබඳ දැනුම නොමැති වූ විට අතිවිශාල දරුවන් ප‍්‍රමාණයක් බිහි කරන අතර ඔවුනට ප‍්‍රමාණවත් ආහාරපාන ලබා දෙමින් නඩත්තු කිරීම මෙන්ම නිසි අධ්‍යාපනයක් ලබා දීම පවා දුෂ්කර වෙයි. අනෙක් කාරණය නම් සෞඛ්‍ය පිළිබඳ ගැටලූවයි. මෙම ප‍්‍රදේශවල ජනතාවට විශාල සෞඛ්‍ය ගැටලූ ද පවතියි. මෙම ප‍්‍රදේශවල පවතින දැඩි කාලගුණ තත්වය නිසා නිතර උණ, සෙම්ප‍්‍රතිෂ්‍යාව, පාචනය වැනි රෝග බෝ වීමේ ප‍්‍රවණතාවය වැඩිය. එසේම යම් රෝගයක් ඇති වූ විට එය ඉතා සීඝ‍්‍රයෙන් පැතිරී යාමට මුඩුක්කු පැල්පත් නිවාස ක‍්‍රමය මහත් හේතුවක් වෙයි. මේ නිසා ඔවුන්ගේ සෞඛ්‍ය පහසුකම් දියුණු කිරීම කෙරෙහිද දැඩි අවධානයක් දැක්විය යුතුය. මෙහිදී විශේෂයෙන් රජයේ රෝහල් පහසුකම් දියුණු කිරීම හා ඕනෑම අවස්ථාවක බෙහෙත් ගත හැකි පරිදි ක‍්‍රියාත්මක විය යුතුය. මන්ද යත් මෙම දුප්පත් ජනතාවට පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයකින් බෙහෙත් ගැනීමට තරම් වත්කමක් නොමැති බැවිනි. එමෙන්ම නොයෙක් ස්වේච්ඡුා සංවිධාන හා රාජ්‍ය නොවන සංවිධානයන්හි සහයෝගය ලබා ගනිමින් මාසිකව විවිධ සෞඛ්‍ය වැඩසටහන් ක‍්‍රියාත්මක කළ හැකිය. නිදසුන් ලෙස නොමිලේ ඇස් කණ්ණාඩි බෙදා දීම, නොමිලේ වෛද්‍ය සායන, ගැබිනි හා මාතෘ සායන, වැඩිහිටියන් සඳහා විශේෂ සායන, දරුවන් සඳහා විශේෂ සායන පැවැත්විය හැකිය. එය මෙම ජනතාවට විශාල පිටුවහලක් විය හැකිය. එමෙන්ම ශාරීරික සෞඛ්‍ය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන්ද මේ සමගින් දියත් කළ යුතුය. සෞඛ්‍ය පිළිබඳ උනන්දුව වැඩි කළ යුතුය. මේ ආකාරයෙන් විවිධ ක‍්‍රමෝපායයන් දියත් කිරීමෙන් මෙකී වතුකර ප‍්‍රදේශවල ජනතාවගේ දුප්පත්කම අවම කිරීමටත්, පෝෂණ මට්ටම ඉහළ නංවා ශක්තිමත් පිරිසක් බිහිකිරීමටත් හැකියාව පවතියි. එසේම මෙම පවුල්, ජනතාව, ගැබිනි හා මව්වරුන්, දරුවන් දැනුවත් කිරීමේ වැඩ සටහන් ක‍්‍රියාත්මක කිරීම තුළින්ද විශාල ප‍්‍රගතියක් ඇති කළ හැකිය. මෙවැනි වැඩසටහන් හා සහනාධාරයන් ක‍්‍රියාත්මක කිරීමේදී ප‍්‍රධාන ගැටලූවක් වන්නේ මූල්‍යමය අංශයයි. ඒ සඳහා එක් පාර්ශවයකට පමණක් වගකීම් පැවරිය නොහැකිය. විශේෂයෙන්ම රජයේ මැදිහත් වීම හා ආධාරය අත්‍යවශ්‍ය යන අතර වතුහිමියන්ද විශාල උනන්දුවක් දැක්විය යුතුය. එමෙන්ම මෙවැනි ජනතාව සඳහා ආධාර කිරීමට අපේක්ෂාවෙන් සිටින ස්වේච්ඡුා සංවිධාන හා රාජ්‍ය නොවන සංවිධාන හරහා විශාල මූල්‍යමය සහායක් ලබා ගත හැකිය. ඒ අනුව මෙම ගැටලූවට ඵලදායී නිසි විසඳුමක් ලබා දීමට හැකි වනු ඇත.
 
Copyright © psychology