Tuesday, December 10, 2013

සමාජ ප‍්‍රගමනය උදෙසා උපදේශන මනෝවිද්‍යාවේ ඇති ප‍්‍රායෝගික වැදගත්කම විවිධ උපදේශන අවශ්‍යතා ඇසුරින් පැහැදිළි කරන්න.

:* සමාජ ප‍්‍රගමනය උදෙසා උපදේශන මනෝවිද්‍යාවේ ඇති ප‍්‍රායෝගික වැදගත්කම විවිධ උපදේශන අවශ්‍යතා ඇසුරින් පැහැදිළි කරන්න. හැඳින්වීම වර්තමාන සමාජයේ ජීවත් වන පුද්ගලයාට මුහුණ දීමට සිදු වන අසහනකාරී තත්වයන් අප‍්‍රමාණය. එක් අතකින් ආර්ථික ප‍්‍රශ්න පැමිණ ජීවිතයට කෙණෙහිලිකම් කරද්දී අනෙක් අතින් අධර්මිෂ්ඨ පාලනයේ සැහැසිකම්වලින්ද පීඩාවට පත් වෙයි. මේ සියල්ලක් මැද ජීවන මග මගන් කරන පුද්ගලයාට කවර නම් අස්වැසිල්ලක්ද? මනෝවිද්‍යාත්මක උපදේශනය සමාජයට පැමිණෙන්නේ මෙවන් වූ සමාජ හා පුද්ගල ප‍්‍රශ්න හමුවේ ඒවාට විසඳුම් ලබා දෙමින් සාර්ථක ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය උපදේශනාත්මක මග පෙන්වීමක් ලබා දීම සඳහාය. එය වර්තමානය වන විට ලොව පුරා සෑම රටකම පාහේ පැතිරුණු හා සෑම සංවිධානයක් හා ආයතනයක්ම අත්‍යවශ්‍ය ගණයෙහිලා සලකන සේවාවක් බවට පත්ව තිබෙයි. සමාජයක් තුළ ජීවත් වන මිනිසාගේ යහපත උදෙසා හෝ මිනිසාගේ ගැටලූකාරී තත්වයන් තුළදී හෝ උපදේශනයෙන් ලද හැකි පිටුවහල කුමක්ද?, සමාජ ප‍්‍රගමනය උදෙසා උපදේශන මනෝවිද්‍යාවේ ඇති ප‍්‍රායෝගික වැදගත්කම කුමක්ද යන්න විවිධ සමාජ, පුද්ගල ප‍්‍රශ්න හා උපදේශන අවශ්‍යතා ඇසුරින් පෙන්වා දීම මෙහිදී සිදු වෙයි.   සමාජ ප‍්‍රගමනය යනු කුමක්ද සමාජය පුද්ගලයන් දෙදෙනෙකු හෝ ඊට වැඩි ප‍්‍රමාණයක් යම් ස්ථානයක ඒකරාශී වෙයිද, ඔවුන් අතර අන්‍යෝන්‍ය සන්නිවේදනයක් හෙවත් අදහස් හුවමාරුවක් සිදු වන්නේද එය සමාජයක් ලෙස හඳුන්වා දිය හැකිය. එනම් ලෝකය තුළ තනි පුද්ගලයකු සිටින ස්ථානය කෙසේවත් සමාජයක් වන්නේ නැත. ඒ සඳහා අවම වශයෙන් පුද්ගලයන් දෙදෙනෙකුවත් එක් විය යුතු අතර ඔවුන් අතර වාචික හෝ ආංගික හෝ කිසියම් ආකාරයකින් හෝ අදහස් හුවමාරුවක් සිදු විය යුතුය. ඒ අනුව ලෝකය තුළ දැක ගත හැකි කුඩාම සමාජය ලෙස පවුල සැලකෙයි. පවුල නැමැති කුඩා ඒකකයෙන් ඇරඹෙන මෙය අසල්වැසියන්, ඥාතීන්, මිතුරන්, තම ප‍්‍රාදේශිකයන්, තමන්ගේ රටෙහි වැසියන්, තමන්ගේ ජාතිකයන් ආදි වශයෙන් ඉතා පුළුල් ලෙස පැතිර යා හැකිය. කෙසේ නමුත් සමාජය යන සංකල්පය ජාති ආගම් භේද තුළින් සීමා නොවී විවිධ ජාතීන්ට අයත් විවිධ ආගම්වලට අයත් විවිධ රටවලට අයත් පුද්ගලයන් සාමාජීය ලෙස එක්ව කටයුතු කරනු දැකිය හැකිය. කෙසේ නමුත් සමාජයේ වැදගත්ම ඒකකය වන්නේ පුද්ගලයාය. මන්ද යත් සමාජයක් නිර්මාණය වන්නේ තනි තනි පුද්ගලයා එක් වීමෙනි. ඒ අනුව පුද්ගලයාගේ සිතුම් පැතුම් චර්යාවන් ආදි සියලූ ක‍්‍රියාකාරිත්වයන් සමාජයට බලපාන අතර සමාජයද ඍජුවම පුද්ගලයාට බලපෑම් කරයි. සමාජ ප‍්‍රගමනය සමාජ ප‍්‍රගමනය යනුවෙන් අදහස් කරන්නේ සරලවම යම් සමාජයක සංවර්ධනය හෙවත් දියුණුවයි. සමාජයක් තුළ මෙම සංවර්ධනය අර්ථකතනය කරන්නේ කෙසේද? දියුණු සමාජයක ලක්ෂණ කවරේද? විශේෂයෙන්ම අපට දෘශ්‍යමාන වන ආකාරයට අනුව සමාජයක සංවර්ධනය ලෙස අප නිතරම පාහේ අර්ථකථනය කරනුයේ ආර්ථික දියුණුවයි. සමාජයක් තුළ සාමාජිකයන් හොඳින් කා බී සතුටු වීමට හා වස්තුව, ධන දේපල වලින් අඩුවක් නොමැති නම් බොහෝ විට සමෘද්ධිමත් සමාජයක් ලෙස හැඳින්වීමට පෙළඹෙයි. නමුත් ගැඹුරින් සලකා බැලීමේදී සමාජ ප‍්‍රගමනය යනුවෙන් අර්ථ දැක්වෙන්නේ සමාජයක ආර්ථික දියුණුව පමණක්ම නොවෙයි. සමාජයේ තනි තනි ඒකකයන් වන පුද්ගලයන්ගේ ආර්ථික, සමාජීය, කායික සහ මානසික යනාදි සියලූ අංශයන්ගේ සංවර්ධනයයි. ආර්ථික අංශයෙන් සලකා බලන කල සමාජය තුළ සෑම පවුලක්ම, සෑම පුද්ගලයෙක්ම ධනය, වස්තුව ප‍්‍රමාණවත් පරිදි පැවතිය යුතුය. අවම වශයෙන් ප‍්‍රමාණවත් පරිදි ආහාර සපයා ගැනීමට, නිවසක් ඉදි කරගෙන සුරක්ෂිත භාවය තහවුරු කර ගැනීමට, හොඳින් ඇඳ පැළඳ සිටීමට ශක්තිමක් ආර්ථිකයක් පැවතිය යුතුය. එසේ නොවූ විට සමාජ ප‍්‍රගමනයක් දැකිය නොහැකිය. දිළින්දන්, දුප්පතුන් හා සි`ගන්නන් පිරි සමාජය ගමන් කරන්නේ ප‍්‍රගමනයට නොව පරිහානිය කරාය. මන්ද යත් ආර්ථික සමෘද්ධියෙන් පිරිහුණු සමාජයක් තුළ මිනිසුන් සොරකම් වැනි දුරාචාරයන්ට යොමු වන හෙයිනි. සමාජ ප‍්‍රගමනය තුළ පුද්ගලයාගේ සමාජීය අංශයද ශක්තිමත් විය යුතුය. එනම් හුදෙකලා බව තුරන් කර සමාජයේ මිතුරන්, ඥාතීන් සහ වෙනත් තමා අභිමත පුද්ගලයන් හඳුනා ගැනීමට සහ ඇසුරු කිරීමට අවකාශ තිබිය යුතුය. මාස්ලෝ ප‍්‍රකාශ කරන අන්දමට එය සුවිශේෂී පුද්ගල අවශ්‍යතාවකි. පුද්ගලයා හුදෙකලා වූ විට හෝ සමාජයෙන් හුදෙකලා කිරීම තුළ ඔහු මානසික වශයෙන් දැඩි පීඩාවකට පත් වෙයි. නිදසුනක් ලෙස විවිධ වරද සඳහා සිරගත කළ පුද්ගලයන් තම හිතමිතුරු, නෑදෑ, ¥ දරු සියලූ සමාජයෙන් වෙන් කොට තැබෙන අතර ඔවුන් බොහෝ දෙනා දැඩි මානසික ආතතියකින් පෙළෙයි. සමාජ ප‍්‍රගමනය තුළ පුද්ගලයාගේ සොෟඛ්‍ය ඉතා වැදගත්ය. යම් සමාජයක් දියුණු සංවර්ධිත සමාජයක් වීමට නම් එහි ප‍්‍රජාව සොඛ්‍ය සම්පන්න විය යුතුය. නිරෝගිබව උතුම්ම ලාභය ලෙස බුදු දහමෙහි සඳහන් වන්නේ එබැවිනි. සෞඛ්‍යය වූ කලී මිනිසුන්ගේ කායික සෞඛ්‍යය මෙන්ම මානසික සෞඛ්‍යයද වැදගත් වෙයි. කායික වශයෙන් සම්පූර්ණ නිරෝගි ප‍්‍රජාවක් බිහි කිරීම දුෂ්කර වුවද සාමාජිකයන්ගේ රෝගයන්ට ප‍්‍රතිකාර ලබා ගත හැකි පහසුකම් පැවතිය යුතුය. එසේම මානසික සෞඛ්‍ය ඉතා වැදගත් වෙයි. පුද්ගලයාට ධනය වස්තුව කොපමණ පැවතියත්, ආර්ථික වශයෙන් ඉහළ තත්වයක පැවතියක් ඔහුට මානසික සහනය නොමැති නම් ප‍්‍රිතිමත් ජීවිතයක් ගත කළ නොහැකිය. මේ අනුව සමාජ ප‍්‍රගමනය යනුවෙන් අදහස් කරන්නේ යම් සමාජයක අර්ථික සමාජීය හා පුද්ගල කායික මානසික සංවර්ධනයෙන් යුතු සමාජයක් බව පැහැදිළි වෙයි. විශේෂයෙන්ම සමාජ ප‍්‍රගමනය උදෙසා ඍජුවම බලපාන සාධකයක් ලෙස පුද්ගල මානසිකත්වය පෙන්වා දිය හැකිය. මන්ද යත් යහපත් මානසිකත්වයකින් තොර පුද්ගලයාගෙන් අනිකුත් කිසිඳු සංවර්ධනයක් බලාපොරොත්තු විය නොහැකි බැවිනි. එසේම සමාජ සදාචාරයද මෙහිදී සැලකිල්ලට යොමු විය යුතු කරුණකි. ආර්ථික වශයෙන් හෝ සමාජීය වශයෙන් කෙතරම් දියුණු සමාජයක් වුවද සදාචාර වශයෙන් පරිහානියට පත් වී ඇත්නම් එම සමාජය සංවර්ධිත සමාජයක් ලෙස සැලකිය නොහැකිය. නිදසුනක් ලෙස වර්තමානයේ සංවර්ධිත යැයි උදම් අනන්නා වූ රටවල සදාචාරය හැම අතින්ම පරිහානියට පත්ව ඇත. සරලවම පවසන්නේ නම් ගැටලූ අවම කර ගනිමින් කායික මානසික සෞඛ්‍යයෙන් පිරිපුන් සමෘද්ධිමත් ආර්ථිකයක් සහිත සහ පුද්ගලයින්ගේ සාමාජීය අවශ්‍යතාවන් සම්පූර්ණ කර ගනිමින් සදාචාරයද ආරක්ෂා කරගනිමින් ඉදිරියට ගමන් කිරීම සමාජ ප‍්‍රගමනය ලෙස හඳුන්වා දිය හැකිය.   සමාජ ප‍්‍රගමනයට බාධා වන සංසිද්ධි යම් රටක රජය තම රටෙහි සමාජ ප‍්‍රගමනය ඉහළ මට්ටමකට ගැනීම සඳහා කටයුතු කිරීමේදී සැලකිලිමත් විය යුතු කරුණු රාශියක් වෙයි. එනම් මෙවැනි උසස් සමාජ සංවර්ධනයකට, සමාජ ප‍්‍රගමනයට බාධා වන සංසිද්ධීන් සමාජය තුළ බහුල වෙයි. මේ නිසා පළමුවෙන්ම මෙම සමාජ ප‍්‍රගමනයට බාධා වන සංසිද්ධි හඳුනා ගත යුතුය. එවැනි කිහිපයක් මෙසේ පෙළ ගැස්විය හැකිය.  සාමාජිකයන්ගේ සෞඛ්‍ය ගැටලූ  පවුල් ප‍්‍රශ්න වැනි දුර්වල සමාජ සම්බන්ධතා හා සමාජ සම්බන්ධතා බිඳ වැටීම  සියදිවි නසා ගැනීම්  මත්ද්‍රව්‍ය හා දුම් පානය වැනි ක‍්‍රියාවලට පුද්ගලයන් ඇබ්බැහි වීම  ස්ත‍්‍රී ¥ෂණ, ලිංගික අපරාධ හා විකෘති කාමුක ආශා සහිත පුද්ගල මානසිකත්වයන් (ලිංගිකත්වය*  සමාජ සදාචාරය උල්ලංගනය කිරීම හෙවත් සදාචාර පරිහානිය  විවිධ අපරාධ හා සිරගත වීම  සමාජ වෙනස් වීම  පුද්ගලයන්ගේ ආර්ථික තත්වයන් කඩා වැටීම  විරැුකියාව  යුද්ධය  ප‍්‍රචණ්ඩත්වය  ස්වාභාවික විපත් හා අනතුරු යනාදිය ඉන් කිහිපයකි. මේවා සමාජ ප‍්‍රගමනයට බාධා වන්නේ කෙසේදැයි මෙහිදී කෙටියෙන් විමසා බලමු. සෞඛ්‍ය ගැටලූ ‘‘ආරෝග්‍යා පරමා ලාභා’’ යැයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නිරෝගී බව උතුම්ම ලාභය බවයි. පුද්ගල නිරෝගී බව පිරිහෙන කළ එය සමාජයටද බලපාන්නේ පුද්ගලයා සමාජයේ පුරුකක් වන බැවිනි. විශේෂයෙන්ම සමාජ ප‍්‍රගමනයට විශාල ලෙස බාධාකාරී වන රෝගාබාධයන් වන්නේ මාරාන්තික හෝ සුව කිරීමට අපහසු රෝග හා මානසික වශයෙන් දැඩිව බලපාන රෝගයන්ය. එය පුද්ගලයාගේ කාර්යක්ෂමතාවය පහළ හෙළන අතර සමාජයටම බලපාන වසංගතයක් දක්වා පැතිර යා හැකිය. වර්තමානය ගත් කල ඒඞ්ස්, පිළිකා, ක්ෂය රෝගය, ඩෙංගු, හා වෛරස් රෝග මෙහිලා සැලකිය හැකිය. මෙම රෝගයන් එක් අතකින් පුද්ගලයාගේ මානසිකත්වයන් බිඳ දැමීමට සමත් වෙයි. එමෙන්ම සමාජය ඒ කෙරෙහි වැඩි අවධානයක් දක්වමින් ඒවා මැඩ පැවැත්වීමට ක‍්‍රියාමාර්ග දියත් කළ යුතු වෙයි. ඒ සඳහා ප‍්‍රතිකාර කිරීමට මහා පරිමාණයෙන් වියදම් කිරීමටත් රෝහල් ඉදිකිරීම වැනි විශාල ආයෝජන සිදු කිරීමටත් සිදු වෙයි. මෙය සමාජ ප‍්‍රගමනයට බාධාවකි. පවුල් ප‍්‍රශ්න වැනි දුර්වල සමාජ සම්බන්ධතා හා සමාජ සම්බන්ධතා බිඳ වැටීම මිනිසුන් සමාජයක් ලෙස එකට බැඳ තබන්නේ සමාජ සම්බන්ධතාවන්ය. මෙහි මූලික පියවර වන්නේ පවුලයි. වර්තමානයේ බොහෝ විට අපට අසන්නට දකින්නට ලැබෙන සමාජ ගැටලූවක් ලෙස පවුල් බිඳ වැටීම පෙන්වා දිය හැකිය. මෙහි අනිටු ප‍්‍රතිඵලය වන්නේ සමාජයේ අනාගතය බාර ගැනීමට සිටින දරුවන්ගේ මානසිකත්වයන්ද පිරිහී ගොස් අසරණ භාවයට පත් වීම හෝ ඒ හේතුවෙන්ම ප‍්‍රඩණ්ඩකාරී දරුවන් බිහිවීම හා සමාජ අපචාරයන්ට යොමු වූ දරුවන් බිහිවීමයි. එමෙන්ම එම දරුවන් විශාදය වැනි විවිධ මානසික ප‍්‍රශ්නවලට මුහුණ දීමට සිදු වීමද දැකිය හැකිය. ආර්ථික දුෂ්කරතා නිසා අද මාපිය දෙදෙනාම රැුකියාවල නිරත වෙති. මේ නිසා දෙමාපිය ඇසුර දරුවන්ට අඩු වෙයි. සමාජය තුළ කුඩාම ඒකකය වන පවුල තුළ සැමියා බිරිඳ අතර, දරුවන් දෙමාපියන් අතර දැඩි සම්බන්ධතාවයක් පැවතිය යුතුය. එමෙන්ම පවුලෙන් ඔබ්බට ගොස් මහා සමාජය හා එක් වීමේදී මිතුරු කණ්ඩායම් හා සේවාස්ථාන වැනි සමාජ කණ්ඩායම් අතර මනා සම්බන්ධතාවයක් පැවතිය යුතුය. එහිදී යම් හෙයකින් ආගමික හෝ ජාතික හෝ වෙන කිසියම්ම හෝ දෙයක් ඉස්මතු කරගනිමින් එම සම්බන්ධතාවයනට බාධා ඇති වුවහොත් එය සමාජ ප‍්‍රගමනයට බාධාවක් වෙයි. මත්ද්‍රව්‍ය හා දුම් පානය වැනි ක‍්‍රියාවලට පුද්ගලයන් ඇබ්බැහි වීම සමාජයක පරිහානියට ඍජුවම බලපාන්නක් ලෙස මත්ද්‍රව්‍ය ඇබ්බැහිකම පෙන්වා දිය හැකිය. විශේෂයෙන්ම එය දැඩි සමාජ ගැටලූවක් බවට පත්ව ඇත්තේ තරුණ පරපුර පමණක් නොව ඇතැම් විට ළමයින් පවා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම හේතුවෙනි. මත්ද්‍රව්‍ය හේතුවෙන් වෙනත් අපරාධ හා සමාජ අපගාමී චර්යාවන් ඇති වීම අනික් කරුණයි. එනම් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයා සොරකම් වැනි ක‍්‍රියාවන්වලට පෙළඹෙන අතර ස්ත‍්‍රී ¥ෂණ වැනි අපචාර ක‍්‍රියාවන්ට ද යොමු වෙයි. එසේම මත්ද්‍රව්‍ය වකුගඩු හා පෙනහලූ රෝග වැනි විවිධ රෝගාබාධ ඇති වීමට ද හේතුවක් වෙයි. මේ අනුව මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම විශාල ලෙස සමාජ ප‍්‍රගමනයට බාධාකාරී වන සංසිද්ධියක් ලෙස හඳුන්වා දිය හැකිය. මත්ද්‍රව්‍ය නිසා අඹු සැමි ප‍්‍රශ්න, අපරාධ, කෝලාහල, අනතුරු බහුල වී ඇත. ලංකාවේ සිදු වූ අපරාධ වලන් 85‍්‍ර ක් පමණ මත්පැන් ආශ‍්‍රිතව සිදු වී ඇත. ගෙවල්වල ප‍්‍රශ්නවලින් 37‍්‍ර ක් මේ නිසා සිදු වන බව පෙනී ගොස් ඇත. එසේම ඒඞ්ස් වැනි රෝග පැතිරීම හා අනවශ්‍ය ගැබ් ගැනීම් වැනි දේද සිදු වී තිබේ. සියදිවි නසා ගැනීම් සමාජ ප‍්‍රගමනයට බාධාකාරී වන අනික් සංසිද්ධිය නම් සියදිවි නසා ගැනීමයි. පුද්ගලයන් විවිධ හේතු නිසා සියදිවි නසා ගැනීමට පෙළඹෙන අතර ඉච්ඡුාභංගත්වය හේතුවෙන් බහුල ලෙස සියදිවි නසා ගැනීම් සිදු වෙයි. ‘‘තමන් කැමති නිෂ්ටාවක් කරා යාමට ඇති වන බාධක නිසා හෝ අතපසු වීම් අභ්‍යන්තරික වශයෙන් ඇති වන මානසික ගැටුම් නිසා ඉච්ඡුාභංගත්වය ඇති වන මෙම තත්වය බොහෝ දුරට සියදිවි නසා ගැනීම් පිළිබඳ සලකා බැලීමේදී ඉතා වැඩිම අගයක් ගනු ලබන්නේ පේ‍්‍රම සම්බන්ධතා බිඳ වැටීමයි. 1989 වර්ෂයේ වැඩිම ස්ත‍්‍රීන් හා පුරුෂයන් ප‍්‍රමාණයක් දිවිනසාගෙන ඇත්තේ පේ‍්‍රම සම්බන්ධතා බිඳවැටීම හේතුවෙනි.’’ මීට අමතරව දෙමාපිය හා ගුරුවරු පිළිබඳ ප‍්‍රශ්න, ගොවිතැන් පාළු වීම, රෝගාබාධ වැනි හේතූන් නිසාද සියදිවි නසා ගැනීම් සිදු වෙයි. මෙසේ සියදිවි නසා ගැනීම ලංකාවේ විශාල සමාජ අර්බුධයක් බවට පත්ව ඇත. ස්ත‍්‍රී ¥ෂණ, ලිංගික අපරාධ හා විකෘති කාමුක ආශා සහිත පුද්ගල මානසිකත්වයන් මිනිසා ලිබිඩෝ නැමැති කාම ශක්තියෙන් යුක්ත වන බවත් ඒ ශක්තිය උපන් අවස්ථාවේ සිට අප ඇසුරු කොට පවතින බවත් ෆ්‍රොයිඞ් කීවේය. ලිංගිකත්වය පිළිබඳ සමාන්‍ය අසාමාන්‍යතාවය මැනීමේදී එම රටෙහි සංස්කෘතිය, ජීවන මට්ටම, නිති රීති බලපායි. කෙසේ නමුත් සමාජයට බලපෑම් කරන හා සමාජය ප‍්‍රතික්ෂේප කරන අසාමාන්‍ය ලිංගික චර්යාවන් ලෙස ස්ත‍්‍රී ¥ෂණය, ප‍්‍රදර්ශන කාමුකත්වය, පරිපීඩා කාමුකත්වය හා ස්වපීඩා කාමුකත්වය වැනි චර්යාවන් අසාමාන්‍ය ලෙස පිළිගැනෙන අතර ඒවා සමාජ ප‍්‍රගමනයට බාධාකාරී වන චර්යාවන් ලෙස සැලකෙයි. වර්තමාන ලංකාව මෙන්ම ලෝකයේ බොහෝ රටවල ලිංගික අපචාර වැඩි වී ඇත. බොහෝ විට මෙසේ අපයෝජනයට හා අතවරයට ලක් වන්නේ බාල වයස්කාර ළදැරියන් හා අවිවාහක තරුණියන් වීම විශාල සමාජ ප‍්‍රශ්නයක් බවට පත්ව ඇත. මෙවැනි සංසිද්දීන් සමාජ සදාචාරයද පහළ හෙළයි. සමාජ වෙනස් වීම ලෝකය දිනෙන් දින වෙනස් වෙයි. දියුණු වෙයි. සංකීර්ණ වෙයි. මිනිසාගේ සවිඥානික බව හා නිර්මාණශීලී හැකියාවෙහි ප‍්‍රතිඵලයක් ලෙස මිනිසුන්ගේ සිතුම් පැතුම්, හැසිරීම් හා තාක්ෂණය පමණක් නොව සංස්කෘතිය පවා වෙනස් වෙයි. සමාජයෙහි මෙම වෙනස් වීම තුළ මිනිස් ජීවිතය සංකීර්ණ වෙයි. සමාජ ක‍්‍රමය සමග ජීවිතය සංකීර්ණ වීමේදී මිනිසාගේ අසහනකාරී බව වැඩිවෙයි. මානසික වශයෙන් පිරිහෙයි. අධික ආතතිකාරී ජීවිතයක් උරුම වෙයි. මෙම තත්වයෙන් මිදී යහපත්, වෙනස් වන සංකීර්ණ සමාජයට මුහුණ දීමට පුද්ගලයාට උපදේශන මනෝවිද්‍යාවෙන් ලැබෙන පිටුවහල අපමණය. විරැුකියාව සමාජයෙහි දෙපයින් නැගී සිටිමින් නිවහල් පුද්ගලයකු ලෙස ජීවත් වීම සඳහා මුදල, ධනය අවශ්‍ය වෙයි. මුදල සරි කර ගැනීම සඳහා පුද්ගලයාට යම් කිසි ජීවනෝපාය මාර්ගයක් හෙවත් රැුකියාවක් තිබිය යුතුය. අද සමාජය තුළ අසීමිත මිනිස් ප‍්‍රමාණය හේතුවෙන් විරැුකියාව ලෝකයෙහි සැම රටකම පවතින ප‍්‍රශ්නයක් වී ඇත. සමාජය ප‍්‍රගමනය කරා මෙහෙයවන මිනිසාට රැුකියාවක් අහිමි වූ කල ඔහු සොරකම් වැනි දුරාචාරයන්ටද යොමු විය හැකිය. එමෙන්ම විවිධ අපරාධ හා අපචාර ක‍්‍රියා හරහා මුදල් සරි කරගැනීමට වෙහෙසීම තුළ උග‍්‍ර සමාජ ප‍්‍රශ්න පැන නගියි. තවද විරැුකියාව පුද්ගලයාද දැඩි ලෙස මානසික වශයෙන් පීඩාවට පත් කරන අතර දුර්වල මානසිකත්වයන්ගෙන් හෙඹි මිනිස් ප‍්‍රජාව සැබවින්ම සමාජ ප‍්‍රගමනයට බාධාවක් වෙයි. යුද්ධය බලකාමයෙන් පිරිපුන් පාලකයන් බලය තහවුරු කරගැනීම් වස් සහ බලය පුළුල් කරගැනීම් වස් යුධ වැදීම ලෝකයේ සදාතනික සාමාන්‍යයකි. එය එසේ වුවද එයින් පීඩා විඳින්නේ අහිංසක රට වැසියන්ය. කෑම බීම ඉඳුම් හිටුම් මෙන්ම සිය ¥ දරුවන් ඥාති මිතුරන්ද අහිමි කරන යුද්ධය මිනිසාට සාපයකි. සමාජ සංවර්ධනය එක තැන පල් කරන යුද්ධය මිනිසාගේ මානසික ආතතීන් ඉහළ නංවනවා පමණක් නොව පශ්චාත් ව්‍යසන ක්ලමත අක‍්‍රමිකතා වැනි බරපතල ආකාරයේ මානසික ප‍්‍රශ්නද උද්ගත කරයි. එය යුධ බිමෙහි යුධ වදින සෙබලාට මෙන්ම අනිකුත් සිවිල් සමාජයටද ප‍්‍රබල බලපෑමකි. තිස් අවුරුදු යුද්ධයක සාපයෙන් බැට කෑ ශ‍්‍රී ලාංකිකයා මෙහි දුර්භාග්‍ය සම්පන්න බව හොඳින්ම දනිති. ප‍්‍රචණ්ඩත්වය ප‍්‍රචණ්ඩත්වය සමාජ ප‍්‍රශ්නයකි. සමාජයේ ඉදිරි ගමනට බාධාවකි. සමාජය, මිනිස් ජීවිතය, පවත්නා තත්වය කඩා බිඳ දමන ප‍්‍රචණ්ඩත්වයෙහි කෙළවර යුද්ධයක් විය හැකිය. ප‍්‍රචණ්ඩකාරී මිනිසුන් සමාජය තුළ පුනරුත්ථාපනය කොට නිවැරදි සමාජ මාර්ගය පෙන්වා දීමට අවශ්‍ය වෙයි. ස්වාභාවික විපත් හා අනතුරු ලෝකය පහළ වූ දා සිට මිනිසාට ස්වාභාවික විපත් වලින් සිදු වූ සහ සිදු වන හිරි හැරය අසීමිතය. වැසි කාලයට ගංවතුර හේතුවෙන් ධන ධාන්‍ය භවභෝග සම්පත් විනාශ වී මිනිස් ජීවිත කඩා බිඳ දමන අතර මාස ගණන්, අවුරුදු ගණන් වැසි නොලැබෙන නියං කාලය තවත් පීඩාවකි. එපමණක්ද නොව ගොවිතැන් බතින් එදාවේල සරි කරගන්නා අහංසක ගොවියා මෙම දෙයාකාරයෙන්ම පීඩාවට පත් වෙයි. මීට හොඳම නිදසුන නම් වර්තමාන ලංකාවේ පොළොන්නරුවේ ගොවීන් හමුවේ උද්ගතව ඇති ජල ප‍්‍රශ්නයයි. වගා පාළු වීම ගොවියාට ඍජුවම බලපාන අතර සමාජයට හා රටේ සංවර්ධනයටද ඉන් පහර එල්ල වෙයි. වගා පාළු වීමෙන් මානසික පීඩාවට පත් ගොවියා නිරන්තරයෙන්ම වස බොතලයේ පිහිට පැතීම මෙහි භයංකාරම තත්වය වෙයි. එමෙන්ම සුනාමි, නායයාම්, ගිනිකඳු වැනි ස්වාභාවික විපත්තීන් හා ඒවායෙන් සමාජ ප‍්‍රගමනයට සිදු වන්නා වූ බලපෑම අමුතුවෙන් කියමනා නොවෙයි. උපදේශන මනෝවිද්‍යාව සමාජය සංවර්ධනය කරා ගමන් කිරීමේදී පුද්ගලයන්ගේ විවිධ මානසික හා මානසික වශයෙන් දැඩිව බලපෑම් කරන ගැටලූ විස\ ගැනීම සඳහා යම් උපකාරකයක් පැවතිය යුතුය. උක්ත ආකාරයේ තත්වයන්හිදී නියත ලෙසම පුද්ගලයාගේ මානසික ආතතිය ඉහළ නංවන අතර විවිධ බරපතළ මානසික ප‍්‍රශ්න ඇති වීමටද ප‍්‍රවණතාවක් පවතියි. එම තත්වයන් මග හරවා ගනිමින් යහපත් මානසික සෞඛ්‍යයකින් හෙඹි මිිනස් බලකායක් සමග සමාජය ඉදිරියට යාම සඳහා උපදේශන මනෝවිද්‍යාවෙන් මහගු කාර්යභාර්යයක් ඉටු කළ හැකිය. මනෝඋපදේශනය යනු පුද්ගලයාට තමන්ගේ මානසික ප‍්‍රශ්න වලදී මෙන්ම විවිධ සාමාජීය ජීවිතයේ ඇති වන ප‍්‍රශ්න විස\ ගැනීම සඳහා මග පෙන්වන උපදේශන ක‍්‍රියාවලියකි. එමගින් පුද්ගලයාගේ චිත්තවේගීය ගැටලූවලට විසඳුම් ලබාදෙයි. අන්තර් පුද්ගල සබඳතාවන්ට අදාළ ගැටලූ නිරාකරණය කරයි. නිවැරදි තීරණ ගැනීම සඳහා උපකාර කරයි. එසේම උපදේශනය මගින් පුද්ගලයාගේ ආත්ම ශක්තිය, ආත්ම සම්මානනය, පෞරුෂය සංවර්ධනය කරනු ලබයි. උපදේශනය යනු පුද්ගලයා දෙස විවේචනාත්මක ඇසකින් බැලීම හෝ විනිශ්චය කිරීමක් හෝ මානුෂික කෝණයකින් ඔහුගේ ගැටලූව දෙස බලා එය නිරාකරණය කර ගැනීම සඳහා සහය වීමයි. එසේම එමගින් පුද්ගලයා සතු බාහිර සහ අභ්‍යන්තර ශක්තීන් ඵලදායී කාර්යයන් සඳහා, ප‍්‍රජා වර්ධනය, පුද්ගල වර්ධනය සඳහා මුදා හැරීම සිදු කරයි. මනෝවිද්‍යා උපදේශනයේදී පුද්ගලයාගේ යථාර්ථවාදී නොවන චර්යාවන්හි අරමුණු ගැන සොයා බලා ඒ අරමුණු අවබෝධ කර ගැනීමට පුද්ගලයාට සහය වෙයි. එමගින් පුද්ගලයාට තමන්ගේ ගැටලූව පිළිබඳව පැහැදිළි චිත‍්‍රයක් දැන ගැනීමට සැලැස්වීමත් ගැටලූවෙන් මිදීමට තමා තුළින්ම ශක්තියක් ජනිත කර ගැනීමටත් සහය වෙයි. සංකීර්ණ සමාජ ක‍්‍රමය තුළ ඉහළ යන පුද්ගලයාගේ මානසික ආතතීන් අවම කරගැනීම සඳහා මනෝඋපදේශනය තුළින් සහය ලබා දෙයි. එමෙන්ම පුද්ගලයාගේ කායික හා මානසික සෞඛ්‍ය සමබර තත්වයකින් පවත්වාගෙන යමින් ප‍්‍රිතිමත් ලෙස ජීවිතය ගත කිරීමට අවශ්‍ය මග පෙන්වීම ලබා දෙයි. එනිසා උපදේශනය සෞඛ්‍ය සංරක්ෂණ මෙන්ම සෞඛ්‍ය සංවර්ධන ක‍්‍රියාවලියක් ලෙසද හැඳින්විය හැකිය. එමෙන්ම පුද්ගලයාගේ ඵලදායිතාවය වර්ධනය කරන බැවින් හා කුසලතා සංවර්ධනය කරන බැවින් මනෝඋපදේශනය ප‍්‍රජා සංවර්ධන ක‍්‍රියාවලියකි. සමාජ ප‍්‍රගමනය උදෙසා උපදේශන මනෝවිද්‍යාව සමාජ ප‍්‍රගමනයට බාධාවන සංසිද්ධීන් රාශියක් ඉහතින් විස්තර කරන ලදී. මෙහිදි විශේෂයෙන් සඳහන් කළ හැක්කේ යම් සමාජයක ඉදිරි ගමන සඳහා, සාමාජිකයන්ගේ යහපත් කායික හා මානසික සෞඛ්‍ය ඇති කර ගැනීම සඳහා උක්ත බාධකයන් ජය ගත යුතුය. උපදේශන මනෝවිද්‍යාවේ කාර්යභාර්යය වනුයේ මෙම සමාජ ගැටලූවලට සාර්ථක විසඳුම් ලබා දීමයි. සමාජ වෙනස් වීම් හමුවේ මිනිසාගේ ආතතිකාරී මානසිකත්වයන් ඉහළ යන බව ඉහතින් විස්තර කෙරුණි. එවන් අවස්ථාවලදී පුද්ගලයාගේ මානසික ආතතිය අවම කර ගැනීම සඳහා අනුගමනය කළ හැකි ප‍්‍රායෝගික ක‍්‍රියාකාරකම් පිළිබඳව මනෝඋපදේශනය තුළින් උපදෙස් ලබා ගත හැකිය. ළමයින් සහ දෙමාපියන් අතර ප‍්‍රශ්න පවුල් ආරවුල් වලදී උපදේශන මනෝවිද්‍යාවෙන් ලැබිය හැකි උපකාරය අති මහත්ය. බිරිඳගේ හා සැමියාගේ හෝ දෙමාපියන් දරුවන් අතර ප‍්‍රශ්න ඇති වන අවස්ථාවන් වලදී ඔවුන්ට මනෝඋපදේශකයකු වෙත ගොස් ඔවුන්ගේ ප‍්‍රශ්නය නිරාකරණ කරගත හැකිය. එහිදී මනෝ උපදේශකයා අහේතුවාදී සිතුවිලි නිසා ඇති කරගත් ගැටලූව නිරාවරණය කොට අවබෝධ කරගැනීමට සලස්වා යා යුතු නියම මාර්ගය පෙන්වා දෙයි. මෙවන් ආකාරයේ ඉහතින් සඳහන් කළ විවිධ සමාජ ප‍්‍රශ්න හෙවත් සමාජ ප‍්‍රගමනයට බාධාකාරී වන සංසිද්ධීන්හිදී මනෝඋපදේශකයකු හමුවීමෙන් වඩාත් ඵලදායි සාර්ථකත්වයක් ලබා ගත හැකිය. පුද්ගල සහ සමාජ සංවර්ධනය ඇති කිරීම මනෝඋපදේශනයේදී අවධානය යොමු කරනුයේ විශ්ෂයෙන්ම පුද්ගලයා කෙරෙහිය. පුද්ගලයා සංවර්ධනය කිරීම තුළින් සමාජයද සංවර්ධනය වෙයි. උපදේශනයේදී පුද්ගලයාගේ චිත්තවේගීමය ගැටලූවලින් මිදීමට උපකාර කිරීමෙන් ප‍්‍රචණ්ඩත්වය, ආත්ම හානිය, සියදිවි නසා ගැනීමේ ප‍්‍රවණතා අවම කිරීම තුළින් පුද්ගලයාට සහය වෙයි. පවුල් ව්‍යූහය ශක්තිමත් කෙරෙයි. එසේම සමාජ ප‍්‍රචණ්ඩත්වය හා බීමත්කමට ඇබ්බැහි වීම වැනි ගැටලූකාරී තත්වයන් අවම කර ගැනීමට උපදේශනය උපකාරි වෙයි. ශ‍්‍රම ඵලදායිතාව වැඩිවීම, සේවාස්ථානයේ ගැටුම් අවම කිරීම තුලින් ආර්ථික වර්ධනය ඇති කරයි. සමාජයට ධනාත්මක හැ`ගීම් ලබා දෙයි. පුද්ගලික වශයෙන් ඒ ඒ පුද්ගලයාට ඇති වන ප‍්‍රශ්න නිරාකරණය කර ගැනීම සඳහා උපදෙස් ලබා දෙයි. වර්තමානයේ දරුවන් දෙමාපියන්ගෙන් වෙන් වීම නිසාත් දරුවන්ට නිසි වයසේදී දෙමාපිය ඇසුර නොලැබීම නිසාත් පවුල් ප‍්‍රශ්න රාශියක් පැන නැගී ඇත. මෙහිදී උපදේශනය අවශ්‍ය වෙයි. එය ක‍්‍රම තුනකින් ලබා දේ. 1. වෘත්තීය උපදේශනය 2. පවුල් උපදේශනය 3. අධ්‍යාපනික උපදේශනය සෞඛ්‍ය සංරක්ෂණය පුද්ගලයාට සෞඛ්‍ය ගැටලූ නිරන්තරයෙන් ඇති වෙයි. බොහෝ විට මෙවන් අවස්ථාවලදී රෝහලකින් ප‍්‍රතිකාර ගැනීම සිදු කරයි. නමුත් ඇතැම් විට පුද්ගලයාට වැළැක්විමට නොහැකි දරුණු රෝගාබාධ වැළඳෙන අවස්ථා පවතියි. මෙවන් අවස්ථාවලදී ඔහුගේ මානසිකත්වය ධනාත්මක තත්වයක පවත්වාගෙන යාම පිණිස උපදේශනය අවශ්‍ය වෙයි. වර්තමානයේ සෑම රෝහලකම පාහේ මනෝඋපදේශනය ලාබාගැනීමට පහසුකම් පවතියි. රෝගීන්ගේ කායික රෝග හෝ මාසික රෝගවලට ඖෂධ ප‍්‍රතිකාර කිරීම පමණක් ප‍්‍රමාණවත් නොවෙයි. ඇතැම් විට කායික රෝගී තත්වයක් නොමැති වුවද මනසින් රෝගී වීම හේතුවෙන් ප‍්‍රතිකාර ගැනීමට වෛද්‍යවරයකු වෙත යයි. එසේ ලබා ගන්නා බෙහෙත් පාවිච්චි නොකර ඉහත දැමීමෙන් සිදු වන්නේ තවත් පාඩුවකි. මෙවන් තත්වයන් මග හරවා යහපත් සෞඛ්‍ය සේවයක් ඇති කිරීම සඳහාත් පුද්ගලයන්ට කායික රෝග මෙන්ම මනෝකායික රෝග වෙන් කොට හඳුනා ගෙන නිසා ප‍්‍රතිකාර සඳහා යොමු වීමටද උපදේශනය උපකාර කරගත හැකිය. අධ්‍යාපනය හා පාසල් ආශ‍්‍රිත ගැටලූ නිරාකරණය උපදේශනය අධ්‍යාපන ක‍්‍රියාවලියක් ලෙසද පෙන්වා දිය හැකිය. මන්ද යත් එමගින් සමාජය දැනුවත් කරයි. සමාජ මිත්‍යාවන් බිඳ හෙළයි. සමාජයේ සැ`ගව පවත්නා ගැටලූ සහ ඒවාට විසඳුම් පිළිබඳව දැනුවත් කරයි. එසේම උපදේශනය මගින් පාසල් දරුවන්ගේ විවිධ අධ්‍යාපන ගැටලූ නිරාකරණය කර ගැනීම සඳහා උපදෙස් දෙයි. එමගින් අධ්‍යාපනයේ ඵලදායිත්වය වැඩි කිරීම හා සාර්ථකව අධ්‍යාපනයේ නියැලිමට අවශ්‍ය මග පෙන්වීම ලබා දෙයි. අනාගත අභියෝගයන්ට සරිලන ආකාරයේ විෂයයන් තෝරා ගැනීමට උපකාර වෙයි. එමෙන්ම අධ්‍යාපනය හා පාසල් ආශ‍්‍රිතව පැන නගින ගැටලූ රාශියක් වෙයි. x ඉගන ගැනීම පිළිබඳ ගැටලූ x විෂායාශ‍්‍රිත ගැටලූ x සාක්ෂරතාවය පිළිබඳ රැුැටලූ (ලිවීම, කියවීම* x භාෂාව හා කථනය පිළිබඳ ගැටලූ x අන්තර් සම්බන්ධතා පිළිබඳ ගැටලූ x විෂය මාලාව ආශ‍්‍රිත ගැටලූ x ආයතනික ගැටලූ x විෂය නිර්දේශ පිළිබඳ ගැටලූ x විෂය බාහිර කටයුතුවල යෙදීමට අවස්ථාවක් නොමැතිකම x නිර්මාණාත්මක හැකියා දියුණු කර ගන්නට අවස්ථාවක් නොමැතිකම මේ ආදි විවිධාකාරයෙන් පැනනගින ගැටලූවලට නිවැරදි විසඳුමක් ලබා ගැනීම සඳහා පාසල් තුළ ක‍්‍රියාත්මක වන උපදේශන ක‍්‍රියාවලිය හේතු වී ඇත. වර්තමානයේ සෑම පාසලකම පාහේ පාසල් මනෝඋපදේශකවරයෙකු සිටින අතර ඔහුගෙන් මේ සඳහා ඉමහත් සේවයක් ඉටු වෙයි. උපදේශනය හා ත‍්‍රිවිධ හමුදාව හමුදා සේවයේ උපදේශනය අත්‍යවශ්‍ය සාධකයකි. යුද්ධයකදී ආතතිය, කාංසාව, භීතිය වැනි සාදක නිසා සොල්දාදුවෝ දැඩි ලෙස පීඩනයට පත් වෙති. එසේම අන්තර් සම්බන්ධතා බිඳවැටීම හේතුවෙන් ඇතැම් අවස්ථාවලදී බැරැුක්ක තුළ වෙඩි තබා ඝාතනය කිරීම, ප‍්‍රචණ්ඩත්වය වැනි තත්වයන්ද උද්ගත විය හැකිය. තවද හමුදාවෙන් පැන ආ සොල්දාදුවන් සමාජයම වනසන අපරාධකරුවන් මංකොල්ලකරුවන් වැනි තත්වයන්ට පත්වෙති. මෙවන් තත්වයන් අවම කර ගැනීම පිණිස හමුදාව තුළ මනෝවිද්‍යාත්මක උපදේශනය පැවතිම ඉමහත් පිටුවහලක් වෙයි. යුධ ආතතියට ගොදුරු වූ කොටස් තුළ ක්ලමථකාරී ලක්ෂණ දක්නට තිබේ. ඔවුන් චිත්තවේගික වශයෙන්ද අසමබර විය හැකිය. එහිදී සොල්දාදුවන් පමණක් නොව යුද්ධයට මැදි වූ සිවිල් වැසියන් ද මෙම තත්වයන්ට පත් විය හැකිය. ඔවුන් තුළ අති වන පශ්චාත් ක්ලමථකාරී තත්වයන් මග හැරීම සඳහා මනෝඋපදේශනය යොදා ගත හැකිය. දිවි නසා ගැනීම හා උපදේශනය ශ‍්‍රි ලංකාවේ දිවි නසා ගැනීම සමාජ අර්බුධයක් දක්වා වර්ධනය වී ඇත. ආර්ථික අපහසුතා, පවුල් ප‍්‍රශ්න සහ ආදර සම්බන්ධතා වැනි විවිධ ගැටලූ මුල් කර ගනිමින් පුද්ගලයන් සියදිවි නසා ගැනීමට පෙළඹෙයි. මෙසේ වාර්ෂිකව අතිවිශාල සංඛ්‍යාවක් සිය දිවි නසා ගනිති. එසේ කෙනෙකු සියදිවි නසා ගැනීම එම පවුලටද, ඥාතීන්ට මෙන්ම සමාජයටද මහත් පීඩාවකි වෙයි. එසේම දිවිනසා ගැනීම් ආකල්ප සහිත පුද්ගලයන් ආවේගකාරීව හැසිරෙති. එමගින් ගැටුම් නිර්මාණය වීම සිදු විය හැකිය. මෙයද සමාජයට අයහපත් ලෙස බලපාන සාධකයකි. දිවිනසා ගැනීමේ ප‍්‍රවණතාවක් ඇති පුද්ගලයන් හඳුනා ගැනීමට සහ ඔවුන්ට ප‍්‍රතිකාර කිරීමට උපදේශනය යොදා ගත හැකිය. ඔවුන්ගේ ප‍්‍රශ්නවලට ඇහුන්කන් දී ඒවාට ලබාදිය හැකි විසඳුම් ලබාදීමට කටයුතු කළ හැකිය. ඔවුන්ට ජීවිතයේ ඇරුත වටහා දී ගැටලූකාරී අවස්ථාවන්හිදී ඊට මුහුණ දී විස\ ගැනීමට පෞරුෂය සංවර්ධනය කිරීමට උපදේශනයෙන් හැකියාව පවතියි. මධු ලෝලිත්වය හා සමාජ ගැටලූ අධික මත්පැන් පානය කරන පුද්ගලයන් සමාජයට මහත් ප‍්‍රශ්නයකි. ඔහු තුළින් විවිධ සමාජ ප‍්‍රශ්න, ගැටුම් ඇති වන අතර ඔහුගේ පවුල් ජීවිතයද අඩාල වෙයි. ගෘහස්ථ ප‍්‍රචණ්ඩත්වය, පවුල් බිඳ වැටීම, ළමුන් අනාරක්ෂිත වීම, සෞඛ්‍ය ගැටලූ, රැුකියාවේ ප‍්‍රශ්න වැනි ගැටලූ රාශියකි. එමෙන්ම අන්තර් පුද්ගල සබඳතා බිඳ වැටීම, මාර්ග අනතුරු වැනි බරපතල සමාජ ප‍්‍රශ්න ඇති විය හැකිය. එමෙන්ම පුද්ගලික වශයෙන් ඔහුට විවිධ රෝගාබාධ ඇති විය හැකි අතර ඊට ප‍්‍රතිකාර කරන රජයේ රෝහල් හේතුවෙන් එය රටටද බරක් වෙයි. මෙවැනි වූ මත්ලෝලිත්වය හේතුවෙන් ඇති වන ප‍්‍රශ්න විස\ ගැනීමට මනෝඋපදේශනය උපකාර කර ගත හැකිය. එම පුද්ගලයන්ව මත්ලෝලිත්වයෙන් මුදවා ගෙන යහපත් පුරවැසියන් ලෙස පුනරුත්ථාපනය කිරීමට විිවිධ මනෝ ප‍්‍රතිකාර උපදේශන මනෝවිද්‍යාව තුළ පවතියි. වෘත්තීය මාර්ගෝපදේශනය සම්බන්ධ මනෝඋපදේශනය පුද්ගලයෙක් රැුකියාවක් තෝරා ගැනීමට, ඊට පිවිසීමට, එහි ප‍්‍රගතියක් ලැබීමට ගනු ලබන ප‍්‍රයත්නයට සහය වීම වෘත්තීය මාර්ගෝපදේශනයයි. මෙහිදී පුද්ගයන්ගේ අධ්‍යාපන මට්ටම, කුසලතා, පෞරුෂය, පවුලේ තත්වය, සමාජ වටපිටාව ආදිය විමසා බලා සුදුසු රැුකියාවක් කරා යොමු කිරීම සිදු වෙයි. මෙහිදී විශේෂයෙන් පුද්ගලයාට තමාව හඳුනා ගැනීමට උපකාරී වෙයි. මෙහි උපදේශකවරයාගෙන් ඉටුවන කරුණු දෙකකි. 1. පුද්ගලයාට තමා පිළිබඳව හඳුනා ගැනීමට ඉඩ සැලැස්වීම 2. වැඩ ලෝකය පිලිබඳව විස්තර හැඳින්වීම මෙහිදී සේවා ලාභියාට තමා සතු විවිධ හැකියාවන් රුචි අරුචිකම් ආදිය හඳුනා ගනිමින් සුදුසු රැුකියාවක් කරා යොමු වීමට මගපෙන්වීම සිදු කරයි. එසේම වැඩ ලෝකය පිළිබඳව සේවා ලාභියා දැනුවත් කිරීම උපදේශකයාගේ වගකීමකි. රැුකියාව, තත්වය, ලාභය, නිෂ්පාදනය වැනි වෘත්තීය පුහුණුවක් ලබා ගැනීමට අවශ්‍ය තොරතුරු සැපයීමද මීට ඇතුළත්ය. එමෙන්ම සමාජ කුසලතා සංවර්ධනය, සන්නිවේදන කුසලතා සංවර්ධනය, ගැටලූ නිරාකරණයට සහය වීම, ආකල්ප සංවර්ධනය කිරීම ආදිය වෘත්තීය මාර්ගෝපදේශනය පිළිබඳ උපදේශනය මගින් සිදු වෙයි. සමාලෝචනය මිනිසුන් තමන්ගේ ප‍්‍රශ්න, ගැටලූකාරී තත්වයන් හමුවේ අන්ධ වෙති. යා යුතු මග තේරුම් කර ගත නොහැකිව මංමුලා වෙති. සාවද්‍ය මාර්ගවල ගොස් විපතට පත් වෙති. මෙවැනි වූ තත්වයන්හිදී මිනිසාට යම් අත්වැලක් වෙමින් ඔහුගේ ගැටලූවේ යථා ස්වභාවය ඔහුට වටහා දී ඔහුව නියම මාර්ගයට අවතීර්ණ කිරීමට උපකාර වන්නේ මනෝඋපදේශනයයි. ගැටලූවලින් පිරි සංකීර්ණ ජීවිතය ගැටලූ අවම කර ගනිමින් සරලව පවත්වා ගෙන යාමට මග පෙනවන්නේ උපදේශන මනෝවිද්‍යාවයි. සමාජයට බාධාකාරී වන සංසිද්ධීන්ගෙන් පුද්ගලයා මුදවා ගෙන ඔහුව සමාජ ප‍්‍රගමනයට දායක කරවන්නේ මනෝ උපදේශනයයි. මේ අනුව සමාජ ප‍්‍රගමනය උදෙසා උපදේශන මනෝවිද්‍යාවේ දායකත්වය මැනවින් වටහා ගත හැකිය.   ආශ‍්‍රිත ග‍්‍රන්ථ කමල්ගොඩ, ජානක, 2003, මනෝවිද්‍යාව හා ජීවිතය, කර්තෘ ප‍්‍රකාශන ජයගුංග, රුවන් එම්., 2003, මනෝවිද්‍යාත්මක උපදේශනය, මුල්ලේරියාව, විජේසූරිය ග‍්‍රන්ථ කේන්ද්‍රය ජයතුංග, රුවන් එම්., 2005, සංග‍්‍රාම විඩාව සහ යුධ ආතතිය, මුල්ලේරියාව, විජේසූරිය ග‍්‍රන්ථ කේන්ද්‍රය දයා එදිරිසිංහ සහ ඥානදාස පෙරේරා, 2005, මනෝවිද්‍යා විමර්ශන, වත්මා ප‍්‍රකාශකයෝ, දෙහිවල බුලත්වත්ත, අසංක, 2009, සමාජ මනෝවිද්‍යාව, නුගේගොඩ, සංහිඳ මුද්‍රණ සහ ප‍්‍රකාශන මූර්ති, 1973, මනෝවිද්‍යාව, මියුරෝ පොත් ප‍්‍රකාශකයෝ මූර්ති, 1975, දාරක මනෝවිද්‍යාව, මියුරෝ පොත් ප‍්‍රකාශකයෝ රමණි පෙරේරා, සමුද්‍රා කත‍්‍රිආරච්චි සහ ඉන්දික මුදලිගේ, 2010, මානසික ආතතිය, මුල්ලේරියාව, විජේසූරිය ග‍්‍රන්ථ කේන්ද්‍රය වික‍්‍රමතුංග, ජීවනී හසන්තා, 2003, මනෝවිද්‍යා උපදේශනය, කොළඹ 08, සදීපා ප‍්‍රකාශන සිරිනන්ද හිමි, බඳගිරියේ, 2010, මිනිස් චර්යාවේ මනෝවිද්‍යාත්මක පැතිකඩ, කර්තෘ ප‍්‍රකාශන
 
Copyright © psychology