Tuesday, December 10, 2013

පෞරුෂය පිළිබදව සංක්ෂිප්ත අධ්‍යනයක්..

පෞරුෂය පිළිබදව සංක්ෂිප්ත අධ්‍යනයක්............. එක් පුද්ගලයෙක් වෙනත් පුද්ගලයෙකුගෙන් වෙන්කර හදුනාගත හැකි ඔහුට ආවේනික ඔහුගේ චරිතයෙන් පිළිඹුවන ලක්ෂණ සමස්තය පෞරුෂය ලෙෂ මනෝ විද්‍යාවේ විස්තර කොට තිබේ.මනෝ විද්‍යාවේ පෞරුෂය යන්න පැහැදිළි නිර්වචනයක් නැතත් ඒ සදහා විවිධ මනෝ විද්‍යාඥයන් ඉදිරිපත් කරන ලද විවිධ අර්ථකතනයන් ඔස්සේ අපට පෞරුෂය යන්න කුමක්දැයි පැහැදිළි නිගමනයකට බැසගත හැකිය.ඒ අනුව මනෝ විද්‍යා අධ්‍යනයන්හි පෞරුෂය යන්න ප‍්‍රධාන මාතෘකාවක් ලෙස සාකචිඡුා වන අතර ඒ සදහා නිර්වචන රාශියක් ඉදිරිපත් වි තිබේ. සාහිත්‍යගත මනෝ විද්‍යාවේ ඉදිරිපත් වි ඇති එම නිර්වචන වර්ග තුනකට බෙදා දැක්විය හැකිය. 1* මුහුණත පදනම් කරගත් පෞරුෂ නිර්වචන . 2* පදාර්ථමය සාරයක් ගම්‍ය වන පෞරුෂ නිර්වචන. 3* සමස්තය ආවරණය වන පෞරුෂ නිර්වචන. මුුුුුුුහුණත පදනම් කරගත් පෞරුෂ නිර්වචනයෙදි පැහැදිළි කරන්නේ පුද්ගලයා බැහැරට ප‍්‍රකට වන ආකාරය අනුව පෞරුෂය නිරිවචනය කිරිමයි. ”මුලින්ම පෞරුෂය පිළිබදව නිර්වචන ඉදිරිපත් වුනේ බාහිර කායික ස්වරූපය අනුවය. එසේම කායික හා වාචසික හැසිරිමට ප‍්‍රමුඛත්වය ලබා දෙමින් කරන විග‍්‍රහයක් මේ ගණයෙහිලා ගැනේ.චර්යාවාදි මනෝ විද්‍යා ගුරු කුළය බාහිර චර්යාව පෞරුෂය නිර්වචනය කිරිමට පාදක කර ගැනීම මෙයට ඇතුළත් වේ. පුද්ගළයෙකුගේ ගති ලක්ෂණ හා චර්යාව තීරණය කරන අභ්‍යන්තර සුවිශේෂ පදාර්ථයක් ලෙස හෝ පදාර්ථයන් පදනම් කරගෙන පෞරුෂය විග‍්‍රහ කිරිම පදාර්ථමය සාරයක් පෞරුෂ නිර්වචන විග‍්‍රහ කිරිම ලෙස හැදින්විය හැකිය. පෞරුෂය විවිධ ස්වරූපයන් තීරණය වන්නේ මෙම අභ්‍යන්තර සුවිශේෂ පදාර්ථ බලපෑමෙන් බව මෙහිදි විස්තර කරයි.සිග්මන් ෆ්‍රොයිඞ් කසඉසාද යන පදාර්ථ මුල්කරගෙන පෞරුෂයේ ස්වරූපය විස්තර කරයි.චීන සමිප‍්‍රදායට අනුව චී(ූස* මූල ධාතුවක් පුද්ගල පෞරුෂය තීරණය කිරිමෙහිලා වැදගත් වන බව ඒ මුලාශ‍්‍රවල සදහන් වේ.සමස්ත ආවරනමය නිර්වචනවලදි පුද්ගලයා සතු අභ්‍යන්තර හා බාහිර චර්යාමය ලක්ෂණ අනාගත වර්තමාන අතීත යන කාලාත‍්‍රය පිළිබදව අවධානය යොමු කොට ඒ සියල්ල එකකු කොට පෞරුෂය විග‍්‍රහ කිරිම සිදුවේ.මෝටර් පි‍්‍රන්ස් නම් මනො විද්‍යාඥයාගේ විග‍්‍රහයෙන් උක්ත කරුණු සපථ වේ.පෞරුෂය යන්න ඔහු ව්ස්තර කරනුයේ පුද්ගලයාගේ ජීව විද්‍යාත්මක ගති ලක්ෂණත් ආවේණික ප‍්‍රවනතා අභිරුචිවල සහ ඔහු විසින් සකස් කර ගන්නා ලද සහ ඔහු විසින් සකසා ගන්නා ලද ප‍්‍රවනතාවල එකතුවක් ලෙසයි. ”චැරිදබ්කසඑහ සි එයැ ිමප එදඒක දෙ ්කක ඉසදකදටසජ්ක සබබ්එැ ාසිචදිසඑසදබ සපචකිැි එැබා්බජසැි ්චචැඑසඑැි ්බා සබිඑසබජඑ දෙ එයැ සබාසඩසාම්ක ්බා එයැ ්ජු්රා ාසිචදිසඑසදබ ්බා එැබා්බජසැි ඉහ ැංචැරසැබජැ,, පෞරුෂය පිළිබදව නුතන මනෝ විද්‍යාවේ කරන ලද අධ්‍යනයන් යොමු වි ඇති ප‍්‍රධාන අංශ දෙකක් ඇත. 1* විවිධ පුද්ගලයන්ගේ ස්වභාවය විග‍්‍රහ කළ හැකි පොදු න්‍යායන් හෝ පොදු පෞරුෂ ලක්ෂණයන් සොයා බැලීම.:බදපදඑයැඑසැ චිහජයදකදටහ* 2* ඒඑ ් පුද්ගලයාට අනන්‍ය වු සුවිශේෂ පෞරුෂ ලක්ෂණ සොයා බැලීම. බුදු දහමෙහිද පොදු පෞරුෂ ලක්ෂණ පහක් ගැන විස්තර කොට තිබේ. එනම් පංචස්ඛන්ධයේ එන ස්ඛන්ධ පහ ගැනයි.එම පෞරුෂ පැති හැම පුද්ගලයෙකුටම පොදු වුවද ඒ තුළ අන්තර්ගත ලක්ෂණයන් ඒඑ ් පුද්ගලයාට වෙනස් බවයි.විශේෂයෙන් සඤ්ඤා සංස්කාර හැම පුද්ගලයෙකුටම පොදු වුවද ඒඑ ් පුද්ගලයන් ගනු ලබන සඤ්ඤා විවිධ මතක සටහන් හැදින ගැනීම සහ සංඛාර යටතේ ගැනෙන විවිධ ප‍්‍රවනතා හුරුපුරුදු ඒඒ පුද්ගලයාට ආවේනිකය උක්ත දක්වන ලද අංශ දෙක බෞද්ධ විග‍්‍රහය තුළ ආවරනය වි තිබේ. පෞරුෂය වෙනස් නොවි සදාකාලිකව පවතින්නේ නැත.එම ලක්ෂණයන් විවිධ පරිසර තත්වයන් විවිධ අත්දැකීම් හා විශේෂ පුහුණු කිරිම් හා සාදක මත වෙනස් විය හැකි බව බුදු දහම අවධාරනය කරයි .”තමාට සුවිශෙෂ වු ආකාරයට පුද්ගල චින්තනය හා චර්යාව පරිසරයට අනුව සමායෝගි වීම තීරණය කරන ඔහු තුළ මනෝ භෞතික පද්ධතීන්ගේ ගතික සංවිධානය පෞරුෂයයි,, යනුවෙන් තවදුරටත් අර්ථකතනය කොට තිබේ.ජේ. පි.ගයිල් ෆෝර්ඞ් නම් නුතන මනෝ විද්‍යාඥයා පෞරුෂය පිළිබදව ඉදිරිපත් කරන ලද අංශ පහක් පහත දැක්වේ. 1* කායික පිහිටිම.:චයහිසදකදටහ* 2*අභිරුචි :සබඑැරජරුිඑි* 3* ආශයන් :බැැාි* 4*හැගීම් :එැපචැර්පැබඑි* 5* හුරුපුරුදු :්චඑසඑමාැි* නුතන මනෝ විද්‍යාවේ පෞරුෂය පිළිබදව කරන ලද විග‍්‍රහයන්ට අනුව පෞරුෂයේ ප‍්‍රධාන අංග තුනක් පිළිගෙන ඇත. 1* ප‍්‍රජානන :ජදටබ්එසඩැ ්ිචැජඑ* 2* ආවේදනාත්මක අංශය. :්ෙෙැජඑසඩැ ්ිචැජඑ* 3*යත්නික අංශය.:ජදබ්එසඩැ ්ිචැජඑ* ඵුද්ගල පෞරුෂයක අන්තර්ගත වන පැතිකඩවල් පොදුවේ එකක් වුවත් පෞරුෂ ලක්ෂණයන් හා ප‍්‍රවනතා අනුව සංකීර්ණ වු පෞරුෂ විවිධත්වය සමාජය තුළ දක්නට තිබේ.සෑම පුද්ගලයෙකුටම තමන්ට අනන්‍ය වු පෞරුෂ ලක්ෂණ තිබේ.මනෝ විද්‍යාවෙදි විශේෂයෙන් මෙම පෞරුෂ ලක්ෂණ අධ්‍යනය කරනු ලැබේ.විවිධ පෞරුෂයන් අවබෝධ කරගැනීම තුළින් අධ්‍යාපන ක‍්‍රමවේද සකස් කිරිමේදි මෙම පෞරුෂ විවිධත්වයේ ස්වභාවය අවබෝධකරගැනීම සදහා වැදගත් වේ.නුතන මනෝ විද්‍යා පුද්ගල පෞරුෂ වර්ග පිළිබදව න්‍යායන් එහචැ එයැදරසැි පෞරුෂ ලක්ෂණ පිළිබදව එර්සඑි එයැදරසැි යනුවෙන් ප‍්‍රධාන ප‍්‍රවේශ දෙකකට අයත් විග‍්‍රහයන් හමුවේ.පළමු ප‍්‍රවෙශයෙන් සිදුකරන්නේ පුද්ගලයාගේ විවිධ පෞරුෂ ස්වභාවයන් පොදුවේ ගුන කළහැකි කාන්ඩවලට පෞරුෂය වර්ගිකරණය කිරිමයි.එසේ හැදිනගන්නා ලද පෞරුෂ වර්ග පදනම්කොටගෙන පුද්ගල පෞරුෂයන් පිළිබදව ගැඹුරු අධ්‍යනනයක් කළහැකි බව එම ප‍්‍රවේශයෙදි පිළිගනු ලබයි.එලෙස පෞරුෂය වර්ග කොට දක්වන්නේ පුද්ගල පෞරුෂයේ චින්තනයේ හා චර්යාවේ දැකිය හැකි පොදු රටා ඇසුරෙන් ප‍්‍රමුඛ පෞරුෂ ලක්ෂණ හැදින ගැනීම දෙවැන්නෙන් සිදුකරනු ලබයි.නූතන මනෝ විද්‍යවේ විලියම් සෙල්ඩම් පෞරුෂය පිළිබදව කොටස් තුනකට වර්ගිකරණය කොට අධ්‍යනය කරනු ලබයි.ඔහු කායික ලක්ෂණ පදනම් කොටගෙන එයට සාපේක්ෂ ලෙස මානසික ලක්ෂණ පිළිබදව ඔහුගේ පෞරුෂ තුන වන සුඛ ජීවි වර්ගය මස්තිස්ඛ වර්ගය දෙනික වර්ගය යනුවෙන් හැදින ගත්තේය.කාල්යුං පිළිබදව කොටස් දෙකක් යටතේ කරුණු ඉදිරිපත් කෙළේය.එනම් අන්තර්වර්තිත බහිවර්තිත යන කොටස් දෙකයි.අන්තර්වර්තිත පෞරුෂ ලක්ෂණය වන්නේ තමා වෙත නැඹුරු වු මනසකින් යුතු වීම තනියෙන් සිටිමට කැමති වීම හා නිතර නිතර පසු බසින ස්වභාවයකින් යුතු වීම. එහෙත් සියලූ දේ ගැන සැලකිල්ලක් දැක්වනු ලැබේ.ඉතා ඉක්මනින් සිත්තැවුලට පත්වේ.බහිවර්තික පෞරුෂයකින් යුතු පුද්ගලයාගේ විශේෂ ලක්ෂණය වන්නේ පිටතට නැඹුරු වු මනසකින් යුක්කත වීම. සමාජශීලි වීම නිතර පිරිසක් සමග සිටිමට ප‍්‍රිය කරයි.තමා ගැන වැඩි සැලකිල්ලක් නොදක්වන අතර විනෝදකාමි ජීවිතයක් ගතකරයි.ඉක්මනනින් සිත්තැවුලට පත්නොවේ.ක‍්‍රියාශීලිය. ”යමක් සංජානනය කිරිමේදි බුද්ධියට බර :ජසබඑමසඑසදබ * හා ඉන්ද්‍රියට අත්දැකීමට බර(ිැබිසබට* යනුවෙන් වර්ග දෙකක්ද චින්තනයට මුල්තැන දෙන (ඔයසබනසබට* හැගිම්වලට මුල්තැන දෙමින් (ෙැැකසබට* කාල්යුං හැදිනගත්තේය ,,. මේයර් ප‍්‍රීඞ්මන් නම් මනෝ විද්‍යාඥයා පෞරුෂ වර්ගිකරණයක් හදුන්වා දුන්නේය.්වර්ගයේ පෞරුෂය හා ඊ වර්ගයේ පෞරුෂය එකිනෙකට වෙනස් ලක්ෂණ දරන පෞරුෂ දෙකක් පිලිබදව ඔහු තොරතුරු ඉදිරිපත් කෙළේය.් වර්ගයේ පෞරුෂ ලක්ෂණ ඇති පුද්ගලයෝ නොඉවසිලිමත් තරගකාරි ආක‍්‍රමනශීලී සැහැල්ලූවෙන් සිටිය නොහැකි කාලය පිළිබදව අසිමාන්තික ලෙස සැලකිළිමත් වන තමන් පිළිබදව අනාරක්ෂිත හැගීම් යන ලක්ෂණ දරන අය වෙති.ඊ වර්ගයේ පෞරුෂ දරන්නන්ගේ ලක්ෂණය වන්නේ ඉක්මනින් කලබල නැති සැහැල්ලූවෙන් සිටිය නොහැකි ස්වයං නිර්මාණශීලී විශ්ලේෂණයට නැඹුරුවුනු කලබල අවස්ථාවට ඍජුව මුහුණ නොදි මගහරින කාලය පිළිබදව එතරම් සැළකිල්ලක් නොදක්වන යන ලක්ෂණවලින් යුක්ත වේ. බ්ලොක්ගේ නුතන පෞරුෂ වර්ගිකරණයද නූතනයෙහි පිළිගත් පෞරුෂ වර්ගිකරණයකි.මුල්කාලිනව අනුව ඔහු පෞරුෂ වර්ගිකරණය කොටස් තුනකට බෙදා කරුණු දක්වා ඇත. 1* අතිපාලනශීලි :දඩැර – ජදබඑරදකකසබට * 2* ඌන පාලිත :මබා්රජදබඑරකකැා* 3* සමපාලිත :ඇකක- ඊක්බජැා ්ාවමඑැා* අතිපාලනශීලි වර්ගයට අයත් වන හැමදෙයක්ම පාලනය කිරිමට නැඹුරු හා දැඩි ප‍්‍රතිපත්ති නීති රීති මත කි‍්‍රයාකරන ලක්ෂණවලින් සමන්විත වේ. මොවුන්ට සමාජ සම්බන්ධතා පවත්වා ගැනීම පහසු නොවේ.මෙහි ඌනපාලිත වර්ගයට අයත් වන පුද්ගලයන් කිසිම පාලනයකින් හා පිලිවෙලකින් තොරව කි‍්‍රයාකරයි.අවදානම් සහිත දේට පෙළබෙයි.සමපාලිත වර්ගයට අයත් වන අය යම් පාලනයනකින් යුතු වන අතර නම්‍යශිලි ලක්ෂණ දරයි.මොවුන්ට සමාජ සම්බන්ධතා මැනවින් පවත්වාගත හැකිය.සමාජයේ වෙසෙන පුද්ගලයන් වෙන්කර ගතහැකි විවිධ පෞරුෂ වර්ගයන් හැදින ගැනීම යහපත් සමාජ සම්බන්ධතා පවත්වා ගැනීමේදි වැදගත් වේ.පෞරුෂ වර්ග පිලිබදව අවබෝධයක් ඇත්නම් පුද්ගලයෙකුගේ හැසිරිම් පිළිබදව පූර්ණ අවබෝධයක් ලැබිය හැකි අතර ඒ අවබෝධය මත ක‍්‍රියාකිරිමෙන් අන්තර් පුද්ගල සබදතා සාර්ථකව පවත්වා ගැනීමට හැකියාව ඇත.ඒ අනුව බලන කල්හි පෞරුෂ වර්ගිකරණයේ විශාල ප‍්‍රයෝජනයක් ඇත. පෞරුෂ වර්ග හැදිනගත්තත් පුද්ගලයන් අධ්‍යනය කිරිමෙදි ඔවුන් එම පෞරුෂ වර්ග වල සිරකිරිමක් කරන්නේ නැත.විවිධපෞරුෂ වර්ග ආදර්ශයක් සේ භාවිතා කොට ඒ ඇසුරෙන් ඒ ඒ පුද්ගල පෞරුෂයන් වල ස්වභාවය තේරුම් ගැනීම සිදු කෙරේ.පුද්ගල පෞරුෂ හැදින ගැනීමේදි පෞරුෂ වර්ග පිළිබදව සාර්ථක මග පෙන්වීමක් කරයි.මිනිස් සමාජයක් තුළ නායකත්වයක් හා සංකීර්ණ බව නිර්මාණය වන්නේ කලාන්තරයක් මුලූල්ලෙහි පුරුදු පුහුණු කරගත් ආකාරය පදනම් කොටගෙන බව නුතන මනෝ විද්‍යාව පිළිගනී. එරික් එරික්සන් නම් මනෝ විද්‍යාඥයා පෞරුෂ සංවර්ධනයන් ජීවිත කාලය පුරාම විවිධ අවධින් වල සිදුවිය හැකි බව පෙන්වා දී තිබේ.ඒ ඒ අවධිවල පුද්ගලයා අභ්‍යන්තර මනෝ ලිංගික අවශ්‍යතාත් බාහිර සමාජ පරිසරයත් අතර ගැටුම් වලට මුහුණ දෙයි.එම ගැටුම් විසදා ගන්නා ආකාරය අනුව ඔහුගේ පෞරුෂය සංවර්ධනය සිදුවන බව එරික් එරික්සන් කරුණු ගෙනහැර දක්වා තිබේ. ඔහු පෙන්වා දෙන ආකාරයට පෞරුෂ සංවර්ධනයේ මූල සාධකය වන්නේ ඒ ඒ අවධින්වල ඉස්මතු වන මනෝ ලිංගික අවශ්‍යතාත් බාහිර පරිසරයෙන් ඇතිවන ගැටුම් හා එවා විසදා ගන්නා ආකාරයෙන් බව ඔහු පවසයි. නුතන මනෝ විද්‍යාවේ පෞරුෂ සංවර්ධනයට බලපාන්නේ කවර සාධකද යන්න සාකචඡුාවට බදුන්වේ . පොදුවේ ගත්කල්හි පෞරුෂ සංවර්ධනයට බලපාන සාදක දෙකක් සොයාගෙන තිබේ.එනම් 1* ආරමය සාධක 2* පරිසරමය සාධක (භෞතික හා සමාජ * ආරමය සාධක ලෙස නුතන මනෝ විද්‍යාවේ හැදින්වෙන්නේ මාපියන්ගේ ජාන හරහා දරුවන්ට ලැබෙන ප‍්‍රවේනිගත පෞරුෂ ලක්ෂණයන්ය.උපතේදි පිහිටන පෞරුෂ ලක්ෂණ මේ ගණයට අයත් වේ.පුද්ගලයෙකුගේ පෞරුෂය සකස් වීමේදි ඔහු මුහුණ දෙන භෞතික සමාජ පරිසරයද විශේෂයෙන් බලපාන බව නූතන මනෝ විද්‍යාඥයෝ පිළිගනිති.නූතන මනෝ විද්‍යාාවේ මානවවාදි ගුරුකුළයට අයත් මනෝ විද්‍යාඥයන් මිනිසාට ආවේනික වු උසස් මානසික ශක්තීන් ඉස්මතු කිරිම කෙරෙහි අවධානය යොමුකොට ඇත.මිනිස් පෞරුෂය බාහිර පරිසරය මගින් අභ්‍යන්තර ආශයන් මගින් සම්පූර්ණයෙන්ම මෙෙහෙය වන යාන්ත‍්‍රික ක‍්‍රියාවලියක් නොව විශේෂ ශක්තීන්ගෙන් හා නිදහසකින් යුත් කෙනෙකු ලෙස මානව වාදි මනෝ විද්‍යාවේදි හැදිනගැනේ.සාමාන්‍ය පෞරුෂ ලක්ෂණයේ සිට ආත්මසාත්සාත්කරණයේ වැනි ඉහල තත්වයන්ට යා හැකි පුද්ගල හැකියාව එහිදි පිළිගනී.