Thursday, December 12, 2013

මනෝ විද්‍යාව යනු කුමක්ද ?

මනෝ විද්‍යාව යනු කුමක්ද ? මනෝ විද්‍යාව යන්න හැදින්වීමට ඉංග‍්‍රිසි භාෂාවේි’ඡුිහජයදසදටහ” යන්න භාවිත වේ. මෙම ර්‍ණඡුිහජයැ” (ෙසෙකි* සහි’ඛදටදි”” (ලොගෙස්* යන ග‍්‍රික වචන දෙක ඇසුරින් නිර්මාණය වී ඇත. ර්‍ණඡුිහජයද” යන්නෙන් ආත්මය (මනස* හා ර්‍ණඛදටදි” යන්නෙන් සාකචඡුාව අදහස් කරන ලදී. ඒ අනුව ආත්මය පිළිබ`දව කරන සාකචඡුා ස`දහා යන්න භාවිත විය. ආත්මය හෝ මනස පිළිබ`ද සාකචඡුාව 19 වන සියවස වන තෙක් ස්වාධීන විෂයයන් ලෙස වර්ධනය වී නොතිබුණු අතර පසුව දර්ශන විෂයයන් බැහැරව විය. විලියම් ජේම්ස් මනෝවිද්‍යාව යනු පුද්ගලයන්ගේ මානසික ජිවිතය පිළිබ`ද අධ්‍යයනය කරනු ලබන විද්‍යාව ලෙස හැදින්විය . මනෝවිද්‍යාවේ පියා ලෙසින් සැළකෙන විල්හෙල්ම් වුන්ඞ් මනෝවිද්‍යාව යන්න අප අත්දැකිම් යනුවෙන් හදුන්වනු ලබන දැය පිළිබ`ද පර්යේෂණය කරන විද්‍යාවයි. මෙම මත දෙකම විවේචනය කරන චය්‍ය+_වාදී ජේ.බි. වොට්සන්ගේ අදහස වූයේ ආනුභූතික නොවන මානසික ජීවිතය වෙනුවට ඉන්‍ද්‍රිය ගෝචර වන චර්යාව අධ්‍යනය කළ යුතුය යන්නයි. ආතර් ගේට්ස්ට අනුව මනෝවිද්‍යාව යනු ජීව චර්යාවේ සාමාන්‍ය නියමයන් අධ්‍යනය කරනු විද්‍යාවයි. ගෙල් ඩාට් පවසා ඇත්තේ මනුෂ්‍ය ස්වභාවය පිළිබ`ද විග‍්‍රහ කරන විද්‍යාව මනෝවිද්‍යාව බවයි. ස්ටැග්නර්ගේ මතයට අනුව මනුෂ්‍ය අනුභූතිය හා චර්යාව පිළිබ`ද හදාරන විද්‍යාව මනෝවිද්‍යාව වේ. මනෝවිද්‍යාව යනු ශාරීරික හා මානසික වෙනස්කම් අනුව චර්යාවේ වෙනස්කම් අධ්‍යනය කරන ලබන විද්‍යාව ලෙස ජෝර්ජ් මිලර් හැදින්විය. ජෙරම් කාගන් මානෝවද්‍යාව යනු සත්ත්ව හා මිනිස් චර්යාවන් ද එම චර්යාවන් සම`ග බැ`දුණු ශාරිරික මානසික හා පාරිසරික සාධක පිළිබ`දවද අධ්‍යයනය කරනු ලබන විෂය ක්ෂේත‍්‍රය ලෙස හැදින්විය. ආත්මය පිළිබ`ද දක්වන අදහස් ඔස්සේ මනස පිළිබ`දව හා එය පිළිබ`දව අධ්‍යයනය කිරීම විවිධ ඬේකාට් වැනි විවිධ දාර්ශනිකයන් විසින් විවිධ අයුරින් වග‍්‍රහ කර ඇති අතර එහි ප‍්‍රතිඵලයක් වශයෙන් මනෝවිද්‍යාවේ විෂය ක්ෂේත‍්‍රය පුලූල් විය. ආත්මය හා මනස පිළිබ`ද ග‍්‍රික යුගය දක්වා දාරශනික හා ආගමික මත ආදී මිනිසා ශිෂ්ටාචාරගත වීමේ සිට ආත්මය පිළිබ`ද අදහස් දැක්වීමට උත්සාහ දරා ඇත. පූර්ව ඵෙතිහාසික යුගය ක‍්‍රි.පූ. 100000 - 50000 දක්වා දිවෙන අතර නියැන්වනාල් මානවයා වාසය කර ඇත. පැරණි ග‍්‍රීක යුගයේ ක‍්‍රි.පූ. 3000 පවා ගින්දර හා සත්ව සම්වලින් සෑ¥ ඇදුම් භාවිත කර ඇත. නව ශිලා යුගයේ දී (ක‍්‍රි.පූ. 10000* පමණ ගංගා නිම්නවල පදිංචි වීම හා කපුරෙදි භාවිතය හා රෝදය නිර්මාණය කර ඇත. ලෝහ යුගයෙුදී තඹ සොයා ගැනීම (ක‍්‍රි.ව. 3000 දී* හා යකඩ සොයා ගැනීම (ක‍්‍රි.පූ. 2000 දී* ලෝකය දියුණු මාවතක් කරා යොමු කිීරීමට හේතු විය. ක‍්‍රි.පූ. 3000 පමණ ආරම්භ වූ බවට සලකන ඉන්දු නිම්න ශිෂ්ටාචාර මිනිසුන් මියගිය පසු ක‍්‍රමානුකූලව ක‍්‍රම 3කට මිහිදන් කරවීම තුළින් ඔවුන් ආත්මය පිළිබ`ද යම් යම් විශ්වාස දරා ඇති පැහැදිලි වේ. මෙහි ක‍්‍රමානුකූල නගර නිර්මාණයන් හා ලෝහ භාවිතයක් ද ගණිතයේ ’’ධ’’ ශුන්‍ය සංකල්පයද 0 සිට 9 දක්වා ඉලක්කම් ද මෙහි පැවති ඇත. ක‍්‍රි.පූ. 2000 දී, පමණ මෙසපොතේමියාවේ ජිවත් වූ හිබෲවරුන් රාජධානියක් ගොඩනගා ගැනීමෙන් පසු ක‍්‍රි.පූ. 1000 දී පමණ බයිබලය රචනා කර ඇත. මොවුන් සර්වබලධාරී එක් දෙවි කෙනෙකු කෙරෙහි විශ්වාස කළේය. නයිල් නිම්න ශිෂ්ටාචාරය ක‍්‍රි.පූ. 3400 පමණ ගොඩනැගෙන අතර එය ප‍්‍රධාන යුග 3කට අයත් වේ. පිරමීඩ අවධිය ක‍්‍රි.පූ. 3400 - 2700 දක්වා දිවයයි. වැඩවසම් යුගය ක‍්‍රි.පූ. 2500 - 2000 දක්වාද රාජධානි යුගය ක‍්‍රි.පූ. 1600 - 1000 දක්වා පැවතුනි. මෙම යුග වලදී ආත්මය පිළිබ`ද මතවාද පැවතියේය. ’’මියගිය පාරාවොවරුන් යළිත් පණ ඇතියවුන් ලෙස තමන් අතරට එනබව ඊජිප්තු වැසියන් විශ්වාස කළහ. මියගිය පාරාවොවරුන්ට පමණක් නොව යහපත් ක‍්‍රියාවන්හි යෙදුන සියලූදෙනාම අමරණීය තත්ත්වයන් හිමිවන බව අධිරාජ්‍ය අවධියේ ප‍්‍රචලිතව පැවැති විශ්වාසයක් විය . මරණින් මතු ආත්මයට ජීවත්වීම ස`දහා සියළු අවශ්‍ය දේ තැන්පත්කොට පිරමීඩ ගොඩනගා ඇත්තේ මෙම සංකල්පයෙහි පිහිටාගෙනය. ඉන්‍දු-යුරෝපීයයන් ඉන්දියාව සංක‍්‍රමණයට වීම තුළින් ක‍්‍රි.පූ. 2500 දී පමණ වෛදික ශිෂ්ටාචාරය ආරම්භ විය. ක‍්‍රි.පූ. 2500 - 600 දක්වා වෙද පාඨ රචනා කර ඇත . වෛදික යුගයේ සෘග්, සාම හා යජුර් වේද රචනා වී ඇත. පුරුෂ සුක්තියට අනුව එකපුරුෂ සංකල්පය වැනි සංකල්ප මෙහි දක්නට ලැබේ. බ‍්‍රාහ්මණ යුගයේදී චතුර් ආශ‍්‍රමධම_, යාගය, බ‍්‍රහ්ම සංකල්පය හා පරලොව පිළිබ`ද සංකල්පය දක්නට ලැබී ඇත. ආරණ්‍යක යුගයේ දී යෝග වෘත්තීය හා පුනරුත්පත්තිය පිළිබ`ද සංකල්ප ඉතා වැදගත් වේ. උපනිශද් යුගය දාර්ශනික යුගයක් ලෙසින් හැදින්වේ. තමා පිළිබ`ද වූ ආත්මය ආත්මා නමින් ද එයින් ඔබ්බට ගිය ආත්මය ආත්මන් නමින් ද මෙහි හැදින්වේ. මරණින් මතු කම_ය ඉතිරිවන බැවින් මෙහි කම_ය තුළින් පුනරුප්පත්තිය පිළිගනී. ආත්මයේ අවස්ථා ලෙස ජාගර අරමුණු ලබා ගන්නා අවස්ථාව, ස්වප්න යනු ජාගරය තුළින් මනෝ ලෝකයන් ගොඩනගා ගැනීමයි. සුෂුප්ත යනු නිනිදේදි තාවකාලිකව බ‍්‍රහ්මන් හා එක්වීමයි. තුරියා යනු යෝගී තුළින් ලබා ගන්නා නොකිලිටි ආනන්‍දජනක අවස්ථාවයි. එසේම ආහාර නිසා අන්නමය කෝෂය ද අන්නමය කෝෂය තුළ ප‍්‍රාණීමය කෝෂය ද ප‍්‍රාණීමය කෝෂය තුළ මනෝමය කෝෂය ද මනෝමය කෝෂය තුළ වික්‍ද්ක්‍දානමය කෝෂයද ඇති බව එය ආත්මයේ ස්වභාවය බව දැක්වේ. මෙය අද්වෛතවාදයක් ද වේ. බුදු දහමේහි දි මනස ගැන ස`දහන් වේ. සිත හා කය යනුවෙන් සංකල්පයක් ඇත. සෑම ක‍්‍රියාවකටම සිත ප‍්‍රධාන වන අතර කම_ රැුස් කිරිම අවසන් කිරීම තුළින් නැවත ඉපදීම අවසන් කළ හැකි බව මෙහි දැක්වේ. කයට වඩා වේගයෙන් සිත වෙනස් වේ. එක් රූපක්‍ෂනයක් ඇති වී නැති වන විට චිත්තක්‍ෂණ 17ක් ඇති වී බිදි යයි. ජෛනාගමේ මහාවිරතුමාද (ක‍්‍රි.පූ540* ආත්මය හා කර්මය ගැන ස`දහන් කර ඇත. ආත්මයෙන් මිදීම ස`දහා කර්මය විනාශ කළ යුතුබව දක්වා ඇත. තාඹ් - ධම_යේ කත_ ලා ඕ-ත්සේ සදාකාලික ආත්මය පිළිබ`දව මිනිසුන්ට වඩාත් හොදින් අවබෝධ කර ගත හැක්කේ ඉගෙනීම මගින් හෝ තර්ක කිරීමෙන් නොව ගැඹුරු භාවනාව හා යාඥව ම`ගින් බව ඔහු විසින් ප‍්‍රකාශ කර ඇත. බටහිර දර්ශන ත පූර්වග‍්‍රීක දර්ශනය දර්ශනය යන්නෙහි ගැඔුරු අර්ථයක් පවති පූර්ව යුගවලදී මනස හා ලෝකය පිළිබ`ද ආගමික යථාර්ථය දෙවියන් තුළින් පැහැදිලි කිරීමට උත්සාහ දරා ඇත. නමුත් බටහිර දාර්ශනියෙහි යථාර්ථය පෙර දිග යථාර්ථයට වඩා වෙනස් වේ. එය බටහිර දර්ශන ආගම මුල් කරගෙන බිහි වු අතර එහි යථාර්ථය සැබෑව හෙවත් බුද්ධිගෝචර ද වේ. ග‍්‍රීක ආගමික යුගයේ වූ ඩයනීසස් ආගමේ දි උමතුව හැසිරෙන උත්සව රාත‍්‍රියේ දී ආත්මය ශරීරයෙන් පිටවන අතර මත්ගතිය පහවීමත් සම`ග ආත්මය නැවත ශරීර ගත වන බව විශ්වාස කෙළේය. ඔර්ෆික් ආගමේදී පුනර්භවය විශ්වාස කර ඇත. මරණයේදී ආත්මය ශරීරයෙන් ඉවත් වීමත් සම`ග තාවකාලිකව නිදහස් වී නැවත ආත්මය ශරීරයකට යන බව දැක්වේ. එලූසියන් ආගම යොගියෙකු ලෙස සිටීම නිසා මරණින් මතු ආත්මය යහපත් වනබව දක්වා ඇත. ග‍්‍රීක යුගයේ ට්‍රොයි යුද්ය වස්තු විෂය කර ගනිමින් හොමර් විසින් රචනා කරන ලද ‘‘ඉලියට්’’ හා ‘‘ඔඞ්සි’’ යන වීරකාව්‍යවල ද ආත්මය ගැන ස`දහන් වේ. අවසන් හුස්මපොද පිටවීමත් සම`ග ආත්මය පිටවන බව එහි දැක්වේ. විශාලතුවාල වලින් ද ආත්මය පිටවන බවත් ආත්මය සුළ`ගටත් වඩා සැහැල්ලූ වන අතර මරණින් පසු පාතාලයට (හෙසීස්* යන බව එහි ස`දහන් වේ. ග‍්‍රීක දර්ශනයේ මුලිකය වන්නේ තේල්ස්ය (ක‍්‍රි.පූ 624 -545* ‘‘තෙල්ස් ඉතා දියුණු දර්ශනයක් ඉදිරිපත් කළේ නැත. ඔහු දාර්ශනික ඉතිහාසයෙහි වැදගත්වන්නේ දෙවිවරුන් හා මිථ්‍යා මත සිය දාර්ශනික සිතුවිලිවලින් සම්පූර්ණයෙන් ම බැහැර කළ නිසාය’’ .මිලේසියානු ගුරු කුලයට අයත් ඔහු ජලය සියල්ලක්ම තනන ප‍්‍රකෘති ද්‍රව්‍යය යැයි ද යකඩ චලනය කරන බැවින් චුම්භකයට ආත්මයක් ඇතැයි ද සියලූ දෙයක්ම දෙවියන්ගෙන් පිරි ඇතැයි ඔහු කිවේය. මෙහි දෙවියන් යනු ජලයයි . මොහු විශ්වව්‍යාපී ආත්මයක් හදුන්වා දුන් බවත් ලොව සියලූ දෙයකම ආත්මය අන්තර්ගතවන බව ඔහු පෙන්වා දී ඇත. ලොව සියළුමදෙය එක් මූල ධාතුවකින් සෑදී ඇතිබව ඔහු පෙන්වා දී ඇත. මෙම යුගයෙහි දෙවැනි දාර්ශනික නම් ඇනෙක්සිමැන්ඩර් (ක‍්‍රි.පූ. 624 - 545* වේ. මොහු සියලූම ද්‍රව්‍ය එකම මූල ධාතුවකින් ප‍්‍රභවකොට ඇතිබව දක්වයි. ආර්ද්‍රවතාව සූර්ය රශ්මියෙන් වාෂ්පවී යත්ම එම ධාතුවෙන් සජිවි සත්තු ඇති වූ බවත් සියලූ සතුන් මත්සයන්ගෙන් පැවත ආවේය යයි ඔහු ස`දහන් කරයි . බටහිර ලෝකයට ප‍්‍රථමයෙන්ම පරිණාමවාදය මොහු හදුන්වා දුන් බව බොහෝ උගතුන් පිළිගනි. මිලේසියානු ගුරු කුලයට අයත් අනෙක් දාර්ශනිකයා වන්නේ ඇනෙක්සිමීනිස් (ක‍්‍රි.පූ. 580 - 500* ය. මොහු මූලික පදාර්ථය ලෙස වායුව දක්වා ඇත. ආත්මය යනු වාතයයි. අග්නිය විරලීකෘත වාතයැයි ද ඝනීභූත වූ විට වාතය ජලය බවට පත්ව යළි තවදුරටත් සනීභූත වුවහොත් පඨවි බවටත් අවසානයේ පාෂාණ බවටත් පත්වන බව ඔහු ස`දහන් කරයි. මින්පසු පෛතගොරස් (ක‍්‍රි.පූ.570 - 495* ඉදිරිපත් කළ අදහස් වැදගත් වේ. සියල්ල බිහි වන්නේ ඒකාග‍්‍රතාවය නිසා වේ. එම ඒකාග‍්‍රතාවය හදුන්වන ලද්දේ ‘‘දෙවියන්’’ නමිනි. ආත්මය ඒකාග‍්‍රතාවෙන් බිදී ආ කොටස් වන අතර මරණින් පසු ශරීරය විනාශ වන අතර ආත්මය ආත්මය අමරණීය වන බව මොහුගේ මතයයි. සසරින් මිදීම ස`දහා ගැටලූ ජ්‍යාමිතික විද්‍යාව, තාරකා ශාස්ත‍්‍රය හැදෑරීම වැනි මානසික අභ්‍යාසවල යෙදීම මොහු අවධාරණය කළේය. මරණින් මතු ආත්මය වෙනත් සත්වයෙකු ස්වරූපයෙන් උපදින බව මොහු විශ්වාස කළේය. බල්ලෙකුට ගසන හඩක් ඇසී ඔහු ‘‘එපා ඔහුට ගසන්නට බල්ලාගේ හැඞීමෙන් මට ඇසෙන්නේ මිත‍්‍රයෙකුගේ කට හඩයි’’ යනුවෙන් ප‍්‍රකාශ කර ඇත. ලෞකික ආශාවන්ට වහල් නොවී සිටීමෙන් සුගතිගාමී විය හැකි බව ඔහු පවසයි. සෙනොෆැනිස් (ක‍්‍රි.පූ. 576* දෙවියන් විවේචනය කළ අතර සමාජයේ දුර්වලකම් උපහාසාත්මකව විවේචනය කරයි. මොහු අයත් විය යුත්තේ දාර්ශනික ඉතිහාසයට නොව ආගමික ඉතිහාසයට බව ස්ටේස් පවසයි . මොහු ඉදිරිපත් කළ තර්ක වලින් බුද්ධිය හා භක්තිය අතර ඝට්ටනටය පැහැදිලි වේ. මොහු ආගම (විශේෂයෙන් ඔලිම්පියානු ආගම* විවේචනය කළේ ඔහුගේ නව ආගමික අදහස් හදුන්වාදීමේ අරමුණින්ය . නමුත් ඔහුගේ ආගමික මත විවේචනයේ අතුරුඵලයක් බව ෆී‍්‍රමන් කියයි . ක‍්‍රි.පූ. 535 - 430 පමණ වාසය කළ හෙරක්ලීටස්ගේ දර්ශනයට න්‍යායයන් කිහිපයක් ඇතුළත් වේ. මුලධාතුව අග්නිය වීම, සියලූ දෙය අනිත්‍යබව හා සෑම දෙයම සෑම විට වෙනස්වන බව, පැවැත්මක් ඇත්වන්නේ විරුද්ධ යුගලයන් අතර තිබෙන අරගලය හා සබ`දතාව හේතුවෙන් හා ‘‘වචනය’’ නොහොත් නම් ධම_තාව මත විශ්වයෙහි සියලූ දෙය සිදුවේය යන විශ්වාසය යන න්‍යායයන් වේ. තෙජෝ, ධාතුව මූල ධාතුව වශයෙන් හා ආත්මය අග්නියේ හා ජලයේ මිශ‍්‍රණයක් බවත් හොද ආත්ම ශුෂ්ක ආත්ම බවත් ප‍්‍රීතිමත් ආත්ම ආර්ද්‍රසහිත ආත්ම බව මොහු දක්වයි. ලොව සෑම විටම සියල්ල වෙනස් වන බැවින් ලොවෙහි සත්‍යය පැවතිය නොහැකි බව පාමිනෛඩිස් (ක‍්‍රි.පූ. 515 - 450* පවසයි. මොහුගේ දර්ශනයෙහි තීරණාත්මක සාධකය බුද්ධියයි. බුද්ධියට පැවැත්ම ග‍්‍රහණය කරගත හැකිය. නොපැවැත්ම එසේ කළ නොහැකි බව පවසයි. එකම සැබැ තත්වය නම් බෙදිය නොහැකි අනන්ත වු එකත්වයයි. මින් පසුව වැදගත්වන ඇනැක්සිගොරස් (ක‍්‍රි.පූ. 500 - 428* සතර මහා භූතයන් පිළිබ`ද ස`දහන් කරයි. ප‍්‍රාණය සහිත සියළු දෙයෙහි මනස ආධිපත්‍යය දරයි. එසේම එය අනන්ත වේ. මොහු අදේවවාදියෙකු බවට උගතුන් විශ්වාස කරයි. ඇතීතියානුවන්ට දර්ශනය ගෙන ආ ප‍්‍රථමයා ලෙස සළකනු ලැබේ. සොක‍්‍රටීස්ට මොහුගේ අභාසය පැහැදිලිව ලැබී ඇත . එම්පිඩොක්ලීස් (ක‍්‍රි.පූ. 495 - 435* නමැති දාර්ශනිකයා තමා දෙවියෙකුයි පවසයි. තමා තුළ උපතින්ම තිබෙන දේවත්වය වර්ධනය කර ගැනීමේ සම්පූර්ණ වගකීම ඇත්තේ මනුෂ්‍යා අතෙහි බව මොහු දක්වයි . කේන්ද්‍රෙපසාරී බලය පිළිබ`දව ඔහු සොයා ගත්තේය. මෙම කාලයෙු ග‍්‍රීසියේ විද්‍යාත්මක උනන්දුවක් පැවතිසේය. ආලය, කලහය හා මූලධාතු හතර (සතර මහාභූතයන්* සදාකාලික වන බව මොහු දක්වයි. දෙවියන් හා එක්වීමෙන් ආත්මභාව කිහිපයන් පාපයෙන් වළකින අය වන්නට හැකි බව එම්පිඩොක්ලීස් ප‍්‍රකාශ කරයි. ක‍්‍රි.පූ. 490 - 430 අතර කාලයේ විසූ සීනො ස්ටොයිකවායේ් ආදි කතෘ විය. ලෞකික ආශාවන් අනොන්‍ය වශයෙන් යහපත් වන්නේ යම් කෙනෙක් විසින් තවත් කෙනෙකුගේ ආශාවන් හැකිතාක් දුරට අවම කළහොත් පමණක් බව ප‍්‍රකාශ කරයි. ආත්මය භෞතික අග්නියේන් සෑදුනේ යැයි ද කියයි. දේවධම_ය හා අචාරධම_ පිළිබ`දව මොහු ස`දහන් කර ඇත. ක‍්‍රි.පූ. 460 - 360 පමණ කාලය දක්වා ජීවත් වූ ඩිමොක‍්‍රීටස්ගේ මතයට අනුව විශ්වය යථාර්තමය වශයෙන් පරමාණු හා හිස් ස්වභාවයෙන් සමන්විත වේ . ්එදපි යන ග‍්‍රීක නාමික පරමාණුව කැපිය නොහැකිය. පරමාණුව ගෝලාකාර පරමාණුව හා ඝනත්වයේ පරමාණු වශයෙන් කොටස් දෙකකට අයත්වේ. ගෝලාකාර පරමාණු ගින්න, ගල් වැනි දේවල් වල පමණි. ඝනත්වයේ පරමාණු ජලය වැනි ද්‍රව්‍යයන් වල අන්තර්ගත වේ. මීට අමතරව ක‍්‍රි.පූ. 300 ඇලෙක්සැන්ඩියාවේ වාසය කළ යුක්ලිඩි ග‍්‍රීක ගණිතඥයෙකු ලෙසින් ප‍්‍රකටය. ඔහුගේ ජ්‍යාමිතික ක‍්‍රමවේදය ස්වසිද්ධමය ක‍්‍රමය පිළිබ`ද දාර්ශනික චින්තනයට පදනම සැකසීම ස`දහා බෙහෙවින් ඉවහල් වී ඇත . සිසෙරෝ (ක‍්‍රි.පූ. 106 - 143* දාර්ශණික ගිවිසුම් ද දේව ස්වභාවය පිළිබ`ද රචනාවන්ද කාර්යභාරය පිළිබ`ද ලේඛනයන් රචනා කර තිබේ. ක‍්‍රි.පූ. 60 දී පමණ විසූ ඇන්ඩ්‍රොනිකස් ග‍්‍රීක දාර්ශනිකයෙක් වන අතර ඇරිස්ටොටල්ගේ න්‍යායාත්මක සංකල්ප එක්කොට සංස්කරණය කරන ලදී. සොක‍්‍රටීස්, ප්ලේටො හා ඇරිස්ටොටල් පූව_ යුගයේ සිට ශ්‍රෙෂ්ඨ දාර්ශනිකයෙක් ලෙස සොක‍්‍රටීස් (ක‍්‍රි.පූ. 470 - 399* හැදින්විය හැකිය. සොක‍්‍රටීස් පුනරුත්පත්තිය දැඩිව විශ්වාස කළේය. ශරීරය හා ඉන්ද්‍රයන් බුද්ධිය ලබා ගැනීමට ඇතිවන බාදාවන් අතර ආත්මය ඒවායින් නිදහස් වන තරමට යථාර්ථය හා ඥානය කරා ලගාවන බව ඔහු ප‍්‍රකාශ කළේය. මොහුගේ දර්ශනයට ඔර්ෆික් හා පෛතගොරියානු විශ්වාසයන් තුළින් බලපෑමක් ලබා ඇත . ආත්මය අමරණීය වන අතර ඥාණය නම් සද්ගුණය ද සද්ගුණය නම් ඥාණය වේ යැයි සොක‍්‍රටීස් පවසයි. ආත්මය පිළිබ`ද අදහස් දැක්වූ ශ්‍රේෂ්ඨ දාර්ශනිකයා වන්නේ සොක‍්‍රටීස්ය. ඔහු මරණයට බිය නොවන අතර එය ව්‍යවහාරික ජිවිතයෙන්ම ඔප්පු කළේය. ආත්ම ප‍්‍රපංච ලෝකයට පැමිණීමට පෙර ආකෘති ලෝකයතුළ සැරිසරයි. තවද ෆිඩෝ නම් සංවාදයෙහි දක්වන පරිදි සැළකිලිමත්විය යුත්තේ ආත්මය ගැන මිස ශරීරය ගැන නොවන බව දක්වා ඇත. මොලොව තිබෙන සෑම දෙයකම ආකෘතිමය ස්වරූපයක් දැක්වු මොහු යහපතෙහි ආකෘතිය හැදෑරීමෙන් ආත්මය පූර්ණ බවට පත්වන තුරු පුනරුත්පත්තිය වන බව පවසයි . ඔහු අනුන් ලවා සත්‍යය බිහිකරවන වින්්නඔුවක් බව පවසා ඇත. පෛතගරස් හා සොක‍්‍රටීස් හරහා ප්ලේටෝ (ක‍්‍රි.පූ. 428 - 447* ඔර්ෆියස්ගේ ආත්මවාදී අදහස් පැමිණ තිබේ. පුද්ගල ආත්මය හා ජගදාත්මය ලෙස ආත්ම 2ක් ඇත. ලෝකය පාලනය කරන්නේ ජගදාත්මයයි. බාහිර ලොකයේ සුළං, භූමිකම්පා වැනි දේ ජගදාත්මය නිසා සිදුවේ. මිනිස් සිරුරේ විවිධ පාලනයන් සිදු කර නිනේ ආත්මයයි. අපට ලැබී ඇති ආත්ම ඊට පෙර තිබුණේ ‘‘ආධ්‍යාත්මික ලෝකයේ’’ ය. එම ආත්ම අපට ලැබුණු විට අප දුක් විදි පුද්ගල ආත්මයට විචාර ශීලී හැකියාව පවතී. මෙය අමරණීය වේ. මෙම කොටසට පෙර උපත් සිහි කිරීමේ හැකියාව ඇත. උපත් සිහිකිරීමේ හැකියාව ඇති ආත්ම නැවත ආත්මික ලෝකයේ උපදී. ආත්මයේ විචාරශීලී කොටස හිස තුළ පවති. ආත්මයේ අනෙක් කොටස වන්නේ උසස් කොටස (පපුව තුළ* පවතින අතර පහත් කොටස වන්නේ පපුවෙන් පහළ කොටසයි. ප්ලේටො දර්ශනයේ දියුණුවට විශාල සේවයක් කළේ ඇකඩමිය නමින් විද්‍යාලයක් ආර්ම්භ කරමිනි. එහි දර්ශන, ගණිතය, සරඹ යන විෂයන් උගන්්වන ලදී. සොක‍්‍රටීස් මෙන් මොහුද ආකෘති ගැන ස`දහන් කළ අතර ආකෘති මනසින් ග‍්‍රහනය කළ යුතු අතර අමරණීය වන බවක් එය කාලයේ බැමි කරණයද කරයි යැයි ඔහු ස`දහන් කරයි . ක‍්‍රි.පූ. 384-322 දක්වා විසූ ඇරිස්ටෝටල් ද ශ්‍රේෂ්ඨ දාර්ශනිකයෙකි. ස්වභාවික ශරීරයක ඇති ජීවී අන්තර්ගතය (ධබ එයැ ීදමක* නම් කෘතිය තුළින් ප්ලේටෝගේ දර්ශනය විවේචනය කරයි. එහිදී ප්ලේටෝගේ ආත්මය හා ශරීරය බෙදීමද ලෝකය ආකෘති ලෙස බෙදීමද මොහු විවේචනය කරයි. පෛතගරස් හා පෛතගෝරියානුවාදීන්ගේ ද්වෛතවාදය ඇරිස්ටෝටල් ප‍්‍රතික්‍ෂේප කර ඇත. ශරීරය හා ආත්මය එකක් බව ඇරිස්ටෝටල් ප‍්‍රකාශ කළේය. මොහු ආත්මයේ ආකෘතිය ලෙස විග‍්‍රහ කරන්නේ මෙසේය. මනුෂ්‍ය ආත්මයේ ඇති සබුද්ධික පාර්ශවය ආත්මය වේ යනුවෙන් ඇරස්ටෝටල් පවසයි. අභිපේ‍්‍රරණය යනුවෙන් තවත් අදහසක් ඉදිරිපත් කරයි. සතුන්ට කෘත්‍යයක් හා විඳීමක් ලබාදෙන්නේ අභිපේ‍්‍රරණය තුළිනි. සතුන් හා මිනිසුන් මෙය කරණකොට ගෙන වෙන් වේ. සතුන් සලකනුයේ වර්තමාන තෘප්තිය පමණි. මිනිසුන්ට අසිය නමින් මනෝ රසයක් ඇත. ආත්මය අවිනාශිය හා අමරණීය හා අවිනාශී වන ජීවයේ මූලධර්මය බව ඔහු දක්වයි . ඇරිස්ටෝටල් ආත්මය අමරණ්ීය හා අවිනාශි වන බවත් එය ජීවයේ මූලධර්මය වන බව පැවසුවේය. සත්ව ආත්මය සංවේදනීය නිසා චිත්තවේගානුකූලව ක‍්‍රියාකරන අතර මිනිසුන් තර්කානුකූලව ක‍්‍රියා කරන බව පෙන්වා දුන්නේය. ඇරිස්ටෝටල් ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යාගේ පෞද්ගලික ගුරුවරයාද විය. තර්කශාස්ත‍්‍රයට පාරසැකසූ හෙතෙම පාරභෞතිකවාදය ආචාර ධර්මය, මානෝ විද්‍යාව, බල විද්‍යාව, ජීව විද්‍යාව හා දේශපාලන විද්‍යාව යන ක්‍ෂේත‍්‍රවල පර්යේෂණ සිදු කර තිබේ. පයිතගරස්ගේ අනුගාමිකයෙකු වූ හිප්‍රොක‍්‍රටීස් (ක‍්‍රි.පූ 460-371* මනසෙහි ප‍්‍රතිකාර අංශය වර්ධනය කළේය. මිනිසුන්ගේ මානසික රෝගයන්ට හේතුව අදෘශ්‍යමාන බලවේගයන් නිසා නොව මිනිස් ආත්මයේ නැතහොත් විඥානයේ ක‍්‍රියාකාරිත්වයක දෝෂයක් බව පැහැදිලි කළේය. එය පෝෂ්‍යදායී ආහාර ව්‍යායාම, සංගීතය හා විවේකය වැනි ප‍්‍රතිකාර මගින් එම දෝෂය නිවැරදි හැකි බව දක්වා තිබේ. මොහුගේ මෙම විග‍්‍රහ කිරීම පසුකාලීන දාර්ශනිකයන්ට හා වෛද්‍යවරුන්ට වැදගත් උක්තයක් විය. මොහුගේ මතය අනුව ඇලෙක්ලේපයඩස් (ක‍්‍රි.පූ 124* සීසරෝඇරේටස්, ඇරේටස් හා ගැලන් වැන්නන් අදහස් දක්වා හිප්‍රොක‍්‍රටීස්ගේ මතය තහවුරු කර ඇත . මෙම ග‍්‍රීක යුගයේ දාර්ශනිකයන් ලෝකය පිළිබඳ කරුණු දැකීමේදී ගූඪ හා මිථ්‍යා විශ්වාස බැහැර කිරීමක් විශ්ව සම්භවය පිළිබඳ අදහස් දක්වීමත් භෞතිකමය නිරාකරණයන් වෙත යොමුවීම, ප‍්‍රපංච ලෝකයේ ක‍්‍රියාකාරිත්වය තේරුම් ගැනීමට උත්සහ කිරීම හා ග‍්‍රහතාරකාවන්ගේ චලනය පෘථුවියට කරන බලපෑම අවබෝධ කර ගැනීමට උත්සහ කිරීම වැදගත් වේ. බර්ටන් රසල් හා රොජර්ස් පවසන පරිදි මෙම යුගය කරුණු දෙකක් මත විද්‍යාත්මක දාර්ශනිකයන්ගේ යුගය වන බවයි. එනම් අවිද්‍යමාන බලවේගවලින් සිදුවන දේ පිළිබඳ ප‍්‍රථම වරට ඇති කළ සැකය ඒ ගැන නිරාකරණ සැපයීමට භෞතික කරුණු යොදා ගැනීම පෙන්වා දිය හැකිය. ඒ අනුව මෙම දාර්ශනිකයන් ලබාදුන් දායකත්වය නූතනය දක්වා අඛණ්ඩව දිවයයි. මධ්‍යතන යුගය මධ්‍යතන යුගයේ ආරම්භය හා ලක්‍ෂණ ක‍්‍රි.ව. පස්වන සියවසේදී රෝම අධිරාජ්‍යය බිඳ වැටීම සිදුවිය. මෙය පුරාණ ග‍්‍රීක යුගයේ අවසානය හා මධ්‍යතන යුගයේ ආරම්භය විය. ඇරිස්ටෝටල්ගෙන් පසුව මධ්‍යතන යුගය දක්වා දිවෙන කාලය හෙලනිත යුගය ලෙස හැඳින්වේ. ග‍්‍රීක යුගයේ වහල් හිමියන් හා වහලූන් සමාජයේ ප‍්‍රධාන වර්ගීකරණය වූ අතර මධ්‍යතන යුගයේ රදළයන් හා ප‍්‍රවේණී දාසයන් අතර එම ආර්ථිකය මත පදනම් වූ බෙදීම දකිනු ලැබුණි. මෙම යුගයේදී සාමාජීය හා ආර්ථික දේශපාලන, සංස්කෘතික යන සෑම ක්‍ෂේත‍්‍රයන් කෙරෙහිම ක‍්‍රිස්තියානි ආගම බලය පතුරුවා හැරිය. ක‍්‍රිස්තියානි ආගමෙම යුගයේ බටහිර ව්‍යාප්ත වූ අතර දර්ශනය මෙක පල්ලියේ දර්ශනය විය . දර්ශනය ක‍්‍රිස්තියානි පූජක පක්‍ෂය සතු වූ අතර දර්ශනය ඇත්තේ ක‍්‍රිස්තියානි දෘෂ්ටි කෝණයෙනි . මෙම යුගයේ බුද්ධියට වඩා භක්තියට තැන දී ඇත. මධ්‍යතන යුගය අඳුරු යුගයක් වන්නේ මිනිසාට සත්‍ය අසත්‍ය දැන ගැනීමේ මිනිසාට තිබූ අයිතිය තහනම් කිරීමයි . බාහිරත්වය ප‍්‍රතික්‍ෂේප කර ආත්මයේ අභ්‍යන්තර ස්වරූපය යථාතත්වයට පත්කිරීමට මෙම යුගයේ තැත් කර තිබේ මෙම යුගයේ කතෝලික සභාව ප‍්‍රබල වූ අතර සියළුම රජවරුන්ද අවසානයේ මෙම සභාවේ මතවලට යටත් වූයේ ඔවුන් ද දේවත්වය පිළිගත් හෙයිනි. මෙම යුගය තුළදී මුස්ලිම් දහමේ උනුසුම් බව යුරෝපයට දැනෙනු අතර මුස්ලිම්වරුන් ජෙරුසලම අත්පත් කර ගැනීම නිසා කුරුස යුද්ධ නිසා මෙම යුගය කලබලකාරී ස්වරූපයක් ගනී. මෙම යුගයේ ග‍්‍රීක යුගයේ ප‍්‍රතික්ෂේප වූ මායා කර්ම හා යක්‍ෂ යන සංකල්පය පැමිණීමෙන් ආත්මය සම්බන්ධව යථාර්ථ දර්ශනයන් ඇති නොවීමට හේතුවක් විය. මධ්‍යතන යුගයේ දාර්ශනිකයින් මෙම යුගයේ ප‍්‍රථම දාර්ශනිකයා ලෙස ශාන්ත ඔගස්ටින් (ක‍්‍රි.ව. 354-430* වැදගත් වේ. මොහු ඉන්‍ද්‍රීය සංවේදන පද්ධතියේ ක‍්‍රියාකාරිත්වය හා ප‍්‍රජානනයේ ක‍්‍රියාකාරිත්වය පිළිබඳ පැහැදිලි කළේය. ශාරීරික පැවතීමට උපකාර වන ප‍්‍රාථමික ආයතනයක් වන ඉන්‍ද්‍රීය සංවේදනය උත්තරීතර නොවන අතර මෙය පමණක් ගෙන සතුන් හා සංසන්දනය කළහොත් ලොකු වෙනසක් නැති බව පෙන්වා දුන්නේය. මිනිසා හා සතුන් අතර වෙනසක් පවතින්නේ ප‍්‍රජානනය නම් ආයතනය නිසා වෙති. එයට මිනිස් බුද්ධිය, තර්කනය, ස්මෘතිය හා ස්වච්ඡුන්දතාව යන අංග අයත් වේ. මෙම ප‍්‍රජානනය නිසා ඉන්‍ද්‍රිය සංවේදනය ඉක්මවූ අභ්‍යන්තර ඥානයක් (ෂබඑැර-ණබදඅකැාටැ* ලබාගත හැකිය. ඒ මගින් ඉන්‍ද්‍රීය මායාවන්ගෙන් හා ඉන්‍ද්‍රිය වහල්වීමෙන් මිදිය හැකි බවත් දක්වයි. අභ්‍යන්තර ඥානයේ වැදගත්කම ස්වයං විඥානයයි. විඥානය හේතුවෙන් මිනිසාට ස්වච්ඡුන්දතාවය හා ආත්ම විමුක්තිය ඇති කර ගත හැකි බව පෙන්වා දුන්නේය . ක‍්‍රි.ව. 980-1037 කාලයේ සිටි අරාබි දාර්ශනික අබු-අලි-පුන්සා (ඉබන්සිනා* ආත්මය පිළිබඳ අදහස් ඉදිරිපත් කර තිබේ. ඔහු ඇරස්ටෝටල්ට අනුව යමින් ශාඛමය ආත්මයක් හා සත්වමය ආත්මයක් ඇති බව දක්වා තිබේ. ආත්මය සහ ශරීරය පිළිබඳ ඇති සම්බන්ධය මොහු දක්වා ඇත. මොහුට අනුව ආත්මය මෙසේ බෙදා දක්වයි. ප‍්‍රතිනිෂ්පාදනය තාර්කික අත්මය ධ්‍යානශීලී බව ශාකමය ආත්මය වර්ධනය :ඍ්එසදබ්ක ිදඅ* ප‍්‍රායොගික බුද්ධිය පෝෂණය කාමුක ආශාව ආශාව කිපීමේ ආශාව ආශාව මතකය තක්සේරු මතකය අභ්‍යන්තර සංවේද පරිකල්පනය සංවේදනාත්මක ආත්මය චිත්ත රූප සාමාන්‍ය දැනීම දෘෂ්ටිය බාහිර සංවේදනය ඇසීම ස්පර්ශය රසය සුව`ද ක‍්‍රි.ව. 1126-98 දක්වා සිටි අරාබි දාර්ශනික ඉබන් රෂිද් වැදගත් වේ. දාර්ශනිකයෙකු වශයෙන් ඇරිස්ටෝටලියානු ආකාරයෙන් මොහුගේ දර්ශනය ඉදිරිපත් කරයි. මොහුගේ කෘති ලතින් බසට පෙරළීමෙන් පසු මොහුගේ බලපෑම ස්කොලාස්ටීක්වරුන්ට හා වෘත්තීය නොවූ නිදහස් චින්තකයන්ට විශාල වශයෙන් බලපා ඇත . ඇක්වයිනාස් (ක‍්‍රි.ව. 1225-1274* ඔගස්ටීන්ගේ ඉගැන්වීම් තවදුරටත් සංවර්ධනය කළේය. ඔගස්ටීන්ගේ ඉන්‍ද්‍රීය සංවේදනය හා ප‍්‍රජානනය පිළිගත් මොහු ඉන්‍ද්‍රීය සංවේදන පද්ධතිය ක‍්‍රියාත්මක කරන්නේ ප‍්‍රජානන පද්ධතිය බව පැවසුවේය. මිනිස් ප‍්‍රජානන පද්ධතිය චාලක (ඛදජදපදඑසදබ* අංශය, අභිරුචි (්චැඑසජ* අංශය, ප‍්‍රජානන අංශය හා ස්වච්ඡුන්දතා අංශය යන අංශ හතරෙන් සමන්විත බව ඔහු පැවසුවේය . මොහු ඇරිස්ටෝටලියානු දර්ශනය උපයෝගී කර ගනිමින් දෙවියන් සඳහා වූ භක්තිය සාධාරණීකරණය කිරීමට වැර දරා ඇත. ශාඛවලටද ආත්මයක් ඇති බව මොහු දක්වයි. මොහුගේ සංකල්පය අවසානයේදී දෙවියන් හා සම්බන්ධ වේ. ඉබන්සිනාගේ ආත්මයට සමාන බෙදීමක් මොහු දක්වා ඇත. මිට අමතරව මෙම යුගයේ සිටි බොතියස්, ඇන්සේලම්, අබෙලාච්, අවුරෝස්, මෛමොනිඩස් වැනි චින්තකයන්ටද දාර්ශනික වශයෙන් වැදගත් වේ. මධ්‍යතන යුගය නූතන යුගයට පරිවර්තනය වීම හා විද්‍යාත්මක චින්තනය යුරෝපය මධ්‍යකාලීන යුගයෙන් නූතන යුගය අවතීර්ණ වීමට පටන් ගන්නේ ක‍්‍රි.ව. 12-13 සියවස්වලින් පසුවය. ඒ සඳහා ප‍්‍රාදේශීය රදළයන් බලවත් වීම, කුරුස යුද්ධ, මධ්‍යම පන්තියේ වර්ධනය, ආගමික ප‍්‍රතිසංස්කරණ, විද්‍යාත්මක චින්තනයේ ප‍්‍රබෝධය කාර්මික විප්ලවය, බුද්ධි ප‍්‍රබෝධය වැඩවසම් ක‍්‍රමය බිඳවැටීම ආදී කරුණු හේතු විය. කුරුස යුද්ධ නිසා සමාජය පීඩා පත්විය. මෙහි ප‍්‍රතිඵලයක් වූයේ මධ්‍යකාලීන යුගය ප‍්‍රධාන ක‍්‍රියාවලින් හතරක් ඔස්සේ සංවර්ධනයට පත්වීමය. එනම් පුනරුදය, කාර්මික විප්ලවය, බුද්ධි ප‍්‍රබෝධය හා ධනවාදයයි. පුනරුදය ක‍්‍රි.ව. 453 දී ඔටොමන් තුර්කිවරු කොන්ස්තන්තිනෝපලය ආක‍්‍රමණය කිරීම පුනරුදය ඇතිවීමට ප‍්‍රධාන හේතුව වේ. මේ නිසා එහි සිටි ප‍්‍රංශ, ලතින්, ස්පාඤ්ඤ උගතුන් අරාබියට ගොස් පල්ලියට විරුද්ධව කටයුත කළහ. මෙහිදී ඉරාස්මස්, මෑකියාවලි, ලියනාඩෝ ඩාවින්චි, ජොහැන්නස් කේප්ලර් කොපර්නිකස්, ගැලීලියෝ ගැලිලි, නිවුටන්, රෆායල් වැන්නන් ප‍්‍රධාන වෙයි. මෙකල අන්වීක්‍ෂය, දුරේක්‍ෂය, වායු පීඩන මානය, ඔරලෝසුව වැනි විද්‍යාත්මක සොයාගැනීම් කළේය. රුධිර සංසරණය, ශුක‍්‍රාණු, බැක්ටීරියා ආදියද ශුද්ධ ගණිතය, ලඝුගණක, ජ්‍යාමිතිය, අවකලනය, අග‍්‍රකලනය ආදිය ද සොයාගන්නා ලදි . මේ අනුව කාර්මික විප්ලවයට පසුබිම සකස් විය. පුනරුද සමයේ ඉස්මතු වූ මනව වාදය, ආගමික ප‍්‍රතිසංස්කරණ ව්‍යාපාරය විද්‍යාත්මක චින්තනයේ ප‍්‍රබෝධය, බුද්ධි ප‍්‍රබෝධටය මනෝ විද්‍යාවේ ස්වභාවය සකස් වීමෙහිලා උපස්ථම්භක වී ඇත. වෙඩිබෙහෙත්, තුවක්කුව මෙම කාලයේ සොයාගත් අතර මීට මුලින් සොයාගත් මුද්‍රණ ශිල්පය මගින් විද්‍යාත්මක චින්තනයේ ප‍්‍රබෝධයද ශාස්ත‍්‍රවල සීඝ‍්‍ර දියුණුවක් ඇතිවිය. විද්‍යාත්මක පිබිදීම කොපනීකස්, ගැලීලියෝ්, හාර්ඞ්වි, ඬේකාට් යනාදීන්ගේ තීක්‍ෂණ බුද්ධිය මූලික කරගනෙ පිබිදුණි . ‘‘සොබා දහමත් සොබාදහමේ නීතියෙන් සැඟවුම්ගෙන සිටියේය. දෙවියන් වහන්සේ නිවුටන්ට නිදහසේ ඉන්නට කරුණු කී කළ සියල්ල ආලෝක වූයේය’’ විද්‍යාත්මක දියුණුව නිසා පල්ලියේ පසුබෑම මෙයින් පැහැදිලි වේ. පුනරුද සමයේ මිනිස් සිත් ආචාරවාදී දර්ශන හා පැවැති පාලනය සමගත් බුද්ධිමය වූත් සාදාචාරමය වූත් දේශපාලන නීති සම්බන්ධයෙනුත් කරුණු සමඟ සම්මිශ‍්‍රණය වී පැවැතිනි . කාර්මික විපිලවය හා බුද්ධි ප‍්‍රබෝධය බුද්ධි ප‍්‍රබෝධයේ ප‍්‍රතිඵලයක් වශයෙන් කාර්මික විප්ලවය ඇති විය. නූල්කටින යන්ත‍්‍රය, වාෂ්ප එන්ජිම, ගල් අඟුරු වැනි දෑ සොයාගෙන කර්මාන්ත ශාලා බිහිවීම සමඟ සමාජ පන්ති ක‍්‍රමය බිඳ වැටීය. නාගරීකරණය හා මුඩුක්කු සංස්කෘතිය ඇති විය. ධනපති පන්තිය, මධ්‍යම පන්තිය, කම්කරු පන්තිය වශයෙන් සමාජ ස්ථර ඇතිවිය. බුද්ධි ප‍්‍රබෝධයේ මූලිකයා වන්නේ ඬේකාට්ය. එමානුවල් කාන්ට් බුද්ධි ප‍්‍රබෝධයේ දාර්ශනිකයා ලෙස පිළිගැනේ. ඬේකාට් ඇති කළ හේතුවාදයෙන් මිදීමට පසුව සිටි දාර්ශනිකයන්ට නොහැකි විය. ඬේකාට්, ලොක්, නිවුටන් බුද්ධි ප‍්‍රබෝධයේ පුරෝගාමීන්ය. බුද්ධි ප‍්‍රබෝධයේ අදහස් ප‍්‍රංශ දේශපාලන අරගලයක් වශයෙන් ඉදිරිපත් විය. ප‍්‍රංශයේ බුද්ධි ප‍්‍රබෝධය දාර්ශනිකයන් ලෙස රූසෝ, වෝලටෙයාර්, මොන්ටෙස්ක්‍යු වැදගත් වේ. නිවුටොනියානු විද්‍යාවත්, ඒ විද්‍යාව තහවුරු කිරීමට දාර්ශනිකව මෙහෙයවූ කාටිසියානු දර්ශනය බුද්ධි ප‍්‍රබෝධයේ අග‍්‍රඵලයයි. තවද සම්පරීක්‍ෂණ හා නිරීක්‍ෂණ මගින් විද්‍යාත්මක අධ්‍යයනය කිරීමට පටන් ගැනීම තුලින් දර්ශනය විෂය පථය ඉතා ශීඝ‍්‍රයෙන් දියුණු විය. පූර්ව නූතන යුගය නූතන යුගය ලෙස හඳුන්වන්නේ ක‍්‍රි.ව. 15 සිට 19 වන ශතවර්ෂ අතර කාලපරිච්ෙඡ්දයයි. මේ යුගයේදී මනෝවිද්‍යාවේ ශීඝ‍්‍ර දියුණුවක් ඇති විය . සෑම අංශයකම නවීකරණයක් සිදුවූ අතර දාර්ශනිකයන් ප‍්‍රධාන අරමුණු වූයේ මිනිස් ඥානය පිළිබඳ තොරතුරු දර්ශනය මගින් ඉදිරිපත් කිරීමයි. මෙකල පැවති ප‍්‍රධාන දාර්ශනික මතවාද ලෙස බුද්ධිවාදය:ර්එසදබ්කසිප*ල අනුභූතිවාදය :ැපචසරසජසිපල විඥානවාදය හැඳින්විය හැකිය. ක‍්‍රි.ව. 5 වන සියවසේ විසූ බේකන් නවීන විද්‍යාවේ ප‍්‍රථම විධික‍්‍රමවාදියා වේ. දාර්ශනිකයෙකු, තර්ක ශාස්ත‍්‍රඥයෙකු වූ බේකන් ඥානය ලබා ගැනීමට සම්පරීක්‍ෂණ උපයෝගී කරගත යුතු බව කීවේය. දුරදක්න, ධාවනය වන රථ, ගුවන්යානා ද නිපදවිය හැකි බව හේ කීවේය . ජීවිතය අමරණීය වන අමෘතය සෙවීමට ඔහු උත්සාහ ගත්තේය . ශාස්ත‍්‍රඥයා මකුළුවෙකු වැනි යැයිද ශිල්පියෝ කුහුඹුවෝ වැනි යැයි ස්වභාවධම_ය හදාරන්නා මීමැස්සෙකු මෙනැයි ඔහු සඳහන් කරයි . රෙනේ ඩෙකාට් (ක‍්‍රි.ව. 1596-1650* නූතන දාර්ශනික මනෝවිද්‍යාවේ පියා වේ. ඔහු දර්ශනය, විද්‍යාව, ගණිතය පිළිබඳ හසල බුද්ධිමතෙකි. තර්ක බුද්ධිය මගින් ඥානය ලබාගත හැකි බව පිළිගන්නා දාර්ශනික මතවාදය (බුද්ධිවාදය* පිළිගත්තෙකි. අපට සංකල්ප සහජයෙන් ලැබෙන බව මොවුහු පිළිගනිති. ඬේකාට් විසින් ඥානය වෙත ලඟාවීමේ ක‍්‍රමය ලෙස නිගාමිතර්ක ක‍්‍රමය හඳුන්වා දුන්නේය. මොහුගේ දර්ශනයේ සංශය වේ . මොහුට සංශය කළ නොහැකි නියත ප‍්‍රස්තුතය වූයේ ‘‘මම සැක කරමි’’ යන්නයි. යන්ත‍්‍රවාදය හා කායචිත්ත ගැටළුව මගින් නූතන මනෝවිද්‍යාවට ප‍්‍රධාන දායකත්වයක් දුන්නේය. මෙහි දෙවැන්න තුළින් මානසික යථාර්ථය හා භෞතික යථාර්ථය අතර ඇති සම්බන්ධය විමසීමට ලක් කරන ලදුව එය ප්ලේතෝනික දර්ශනය දක්වා දිවයයි. ආනුභූතිමය සංකල්ප හා සහජ සංකල්ප දෙක මිනිස් මනස සංයුක්තව ඇති ප‍්‍රධාන මූලාශ‍්‍ර දෙකක් ගැන සඳහන් කරයි . මනසේ ක‍්‍රියාකාරිත්වයට ද්‍රව්‍යය අවශ්‍ය නොවන අතර ද්‍රව්‍යයේ ක‍්‍රියාකාරිත්වයට මනස අවශ්‍ය වන සඳහන් කරයි. මනස හා ද්‍රව්‍යය ස්වෛරී වස්තූන් ලෙස පවතින අතර මෙය මොහුකේ කාටිසියානු ද්වෛතය යැයි කියයි . මෙයින් ඔහු මනස හා ශරීරය ඊදාහ ්බා ීදමක යැයි වෙන්කර දක්විය. ආවස්ථික චලනය සිදුවන්නේ සරලරේඛීය යැයි දක්වන මාතයද මෙහිදී වැගත් වේ. මෙය තුළින් මනෝවිද්‍යාව විෂයක් වශයෙන් සංවර්ධනය වීමට අවස්ථාව උදාවිය. ආත්මය වෙනුවට මනස යනුවෙන් හඳුන්වා ඇත්තේද ඬේකාට්ය . බෙනඩික්ට් ස්පිනෝසා (ක‍්‍රි.ව. 1632-1677* අතර කාලයේ වාසය කළේය. මොහු ඬේකාට්ගේ ද්වෛතවාදයට වෙනස් වූ මතයක් ඉදිරිපත් කරයි. දෙවියන් වහන්සේ හා ස්වභාවධම_ය ද්වෛතයක් ලෙස ස්පිනෝසා දක්වා ඇත. ඬේකාට්ගේ කායචිත්ත ගැටළුවට විසඳුමක් සෙවීමට මොහු උත්සාහ දරා ඇත. ඬේකාට්ට අනුව යථාර්ථය මනස හා ශරීරය යනුවෙන් කොටස් 2ක් යන්න ස්පිනෝසා ප‍්‍රතික්ෂේප කරයි. ක‍්‍රි.ව. 1646-1716 දක්වා විසූ ලයිබ්නිස් මහාගණිතඥයෙකිි. ඔහුගේ නිපයුම් අතර ගණක යන්ත‍්‍රය, ආක‍්‍රමණ පිළිබඳ ප‍්‍රංශ සැලසුම්, දාර්ශනික ලිපි ඉතා වැදගත් වේ. නිවුටන් හා ලයිබ්නිස් එකවිටම වාගේ කලණය නිපදවන ලද්දේය. ඔහු බර්ලින් නුවර ‘‘විද්‍යාතමක විද්‍යා පීඨය’’ ආරම්භ කිරීමට මූලික වූ බව පෙනේ . යථානුභූතය හා සම්බන්ධ දර්ශනය තනිමාත‍්‍රවාදය නම්වේ . ලයිබ්නීස් එපිනෝසා ඉදිරිපත් කරන අද්වෛතවාදය ගොඩනැගීමට උත්සාහ දැරුවද ඔහු ද්වෛතවාදී අදහස් ඉදිරිපත් කර ඇත. මුලින් සඳහන් කළ ‘‘තන්මාත‍්‍රවාදය’’ චිදේකතවාදය යනුවෙන්ද හැඳින්වේ. තන්මාත‍්‍රය විඥානය (මනස* හා ව්‍යාප්තිය (ද්‍රව්‍ය* ලෙස කොටස් දෙකකට බෙදා ඬේකාට්ගේ කායචිත්ත ගැටළුවට විසඳුමක් ලබාදේ. නූතන බටහිර දර්ශනයේ ප‍්‍රගතියට මොහු ඉතා වැදගත් වේ. මොහුගේ දර්ශනයේ ගැටළුවලට විසඳුම් වශයෙන් දෙවියන් එකතු කරයි. අනුභූතිවාදය බුද්ධිවාදයට එරෙහිව අනුභූතිවාදය ඇති වූ අතර එය ජෝන් ලොක්ගෙන් (1632-1714* ආරම්භ වේ. ලොක්ට අනුව ඥානයේ ප‍්‍රභවය අනුභූතියට වන අතර කිසියම් සංකල්පයක් ඉන් පරිබාහිරව නොවේ. සංවේදන (ිැබි්එසදබ* හා ප‍්‍රත්‍යාවේක්‍ෂණය (රුකෙැජඑසදබ* ඥානයේ උල්පත් දෙකයි. පසිඳුරන් මගින් අරමුණු ගැනීමෙන් ගොඩනැගෙන ඥානය සංවේදනය වේ. එයින් ලබාගත් සරල දැනීම විමර්ශනය, විශ්ලේෂණ, ආවර්ජනය හා සංසන්දනය කිරීමෙන් ගොඩනැගෙන සංකීර්ණ ඥානය ප‍්‍රත්‍යවේක්‍ෂණය නම් වේ . ලොක්: මනස උපතේදී සුදු පුවරුවක් ලෙස දක්වන අතර අනුභූතියෙන් දැනුම එකතුවන බව දක්වයි. බුද්ධිවාදීන්ට අනුව ඥානය ලැබීමේ මාර්ගය සැකයෙන් ආරම්භ වී නිශ්චිතතාවයකට ගමන් කරන බවයි. අනුභූතිවාදීන් විශ්වාස කරන්නේ නිශ්චිතතාවය තුලින් සැකයට ගමන් කරන බවයි. ජෝන් ලොක් ආරම්භ කළ අනුභූතිවාදී චින්තනය ඉදිරියට වර්ධනය කළ දාර්ශනිකයකු වශයෙන් ජෝර්ජ් බර්ක්ලේ (ක‍්‍රි.ව.1685-1753* වැදගත් වේ. මිනිසා දැනුම ලබන්නේ සංජානනය තුළින් බැව් ඔහු පිළිගත්තේය. මනස භෞතික ලෝකයෙන් වෙන්කිරීමට විරුද්ධ නොවූ බර්කිලේ භෞතික ලෝකය මිනිස් ඥානයේ මූලිකම අවශ්‍යතාවයක් බව ප‍්‍රකාශ කළේය. ඉන්‍ද්‍රීය ප‍්‍රත්‍යක්‍ෂය තුළින් ගොඩනැගෙන සංජානනය පුද්ගලික බවද මොහු පවසයි. බර්ක්ලේ පවසන පරිදි අවට ලෝකය යනු මානසික නිෂ්පාදනයක් බවයි. ලෝකය යන්නෙන් සංවේදන ලෝකය හැඟවෙන බවත් ඔහු පවසයි. ගැඹුරු සංජානනය පිළිබඳ ඉගැන්වීමෙන් මොහු මනෝවිද්‍යාවට විශාල සේවයක් සිදුකර ඇත. අනුභූතිවාදීන් පවසන්නේ ගැඹුරු සංජානනය සහජ සංකල්පයක් නොවන බවයි. නමුත් යම් කිසි දෙයක් නිරන්තර පුරුද්ද නිසා කිසියම් දැනීමක් ඇතිවිය හැකි බවයි. බුද්ධිවාදීන් මෙය සහජ සංකල්පයක් වන බව පවසයි. අනුභූතිවාදයේ සංවර්ධනය සඳහා කටයුතු කළ තවත් දාර්ශනිකයෙක් වූයේ ඬේවිඞ් හ්‍යුම් (1711-1776* ය. අවට ලෝකය පවතින්නේ අප එය සංජානනය කරන විට පමණක් යන්න බර්කිලිට අනුව යමින් ඔහු පැවසුවේය. මනස නිරීක්‍ෂණය කළ හැක්කෙ සංජානනය තුලින් පමණක් යැයි ඔහු කීවේය .ආත්මයක් තිබේද යන්න සොයා බැලීම සඳහා හ්‍යුම් අන්තරාවලෝකනය නම් ක‍්‍රමය යොදා ගෙන ඇත. එසේම මනස යනු සංවේදනය, ඥානය, ස්මෘතිය ආදී දේවල්වල එකතුවක් බව පැවසීය. හ්‍යුම්ගේ මෙම අදහස් පසුකාලීන චර්යාවාදී මනෝවිද්‍යාඥයන් මනස සම්බන්ධයෙන් ඉදරිපත් කළ මතයන් පෝෂණය කිරීමට හේතුවිය. ඉන්‍ද්‍රිය උපස්ථිතිතින් හා සංකල්ප සම්බන්ධයෙන් හ්‍යුම්ඉදිරිපත් කළ විග‍්‍රහය මනෝවිද්‍යාවේ දියුණුවට හේතුවූයේ එම දැනුම ලබාගන්නේ කෙසේදැයි යන්න පැහැදිලි කිරීමට තැබූ පියවරක් නිසාය. හ්‍යුම්ගේ ඇතැම් අදහස් තුලින් ඔහු බුදුදහමට සමාන වෙයි. ‘‘ඉතාමත්ම අස්ථිර වූත්, උග‍්‍ර කැළඹීම්වලට භාජනය වන්නාවූත් ආත්මය, අමරණීය හා වෙනස් නොවී පවතින්නේද එය කුමන වාදයක්ද’’ හ්‍යුම් ප‍්‍රත්‍යක්‍ෂය කොටස් 2 කට බෙදා විග‍්‍රහ කරයි. ප‍්‍රත්‍යක්ෂයන් සංස්ථිතියන් :ෂපචරුිිසදබි* සංකල්ප ප‍්‍රත්‍යක්ෂය ප‍්‍රත්‍යවේක්ෂණය කාන්ට්ගේ (ක‍්‍රි.ව 1724-1804* චින්තනය සඳහා දිරි ගැන්වීම සමකාලීන දශ_න තුළින් ලැබී ඇත. ලයිබ්නීස් විසින් කාන්ට්ගේ දර්ශනයට ප‍්‍රබල බලපෑමක් සිදුකර තිබේ . කාන්ට්ගේ ඥාන විභාගයේ දී අනුභූතියට වැදගත් තැනක් හිමි වී තිබේ. ඔහුට අනුව ඥානය ආරම්භ වන්නේ අනුභූතිය සමගය . නමුත් කාන්ට්ගේ දර්ශනය විමසීමේදී බුද්ධිවාදය, අනුභූතිවාදය හා එම යුගයේ පැවති විද්‍යාවන් හේතුඵල නියමයන් ඉතා වැදගත් වේ . කාන්ට්ට අනුව බුද්ධිවාදය හා අනුභූතිවාදය කාසියේ දෙපැත්තකි. මොහු බුද්ධිවාදය හා අනුභූතිවාදය එක්කිරීමට උත්සාහ දැරීය. හ්‍යුම් ඥානය ප‍්‍රමාණාත්මකව ඉදිරිපත් කරයි. බාහිර වස්තූන් ප‍්‍රත්‍යක්‍ෂය මගින් මනස හා ප‍්‍රජානනය මගින් අභ්‍යන්තර ඥානයක් බවට පත්වන බව ඔහු විග‍්‍රහ කරයි. එසේම සාදාචාරය සම්බන්ධව ඥානයන් නෛසර්ගිකව සෑම මනුෂ්‍යයෙකුටම ලැබෙන බව කාන්ට් සඳහන් කරයි . ජෝජ් හෙගල් (ක‍්‍රි.ව. 1770-1831* දාර්ශනික වටිනා ක‍්‍රමවේදයක් හඳුන්වා දී තිබේ. සියළු ඥානයන් සැලසුම් සහගතව ගොනු වන්නේ කරුණු 3 ක් පදනම් කරගෙනය. එනම් තර්ක ශාස්ත‍්‍රය ස්වභාවික දර්ශනය හා මනසයි. හෙගල් දර්ශනයට ‘අපෝහකය’ නමින් නව සංකල්පයක් හඳුන්වාදෙන ලදි. අපෝහක ක‍්‍රමය හරහා ඉතිහාසය ප‍්‍රගතිය කර ගමන් කරයි. වාදය, ප‍්‍රතිවාදය හා සංවාදය හරහා ඔහු දකින ප‍්‍රගතිය සිදුවේ. නූතන යුගයේ සාරය ලෙසින් ද සැලකිය හැකි යන්ත‍්‍රවාදය පිළිබඳ හේගල් අදහස් දක්වා ඇත. හේගල්ගේ ප‍්‍රධාන දර්ශනය වූයේ පරමාර්තමයයි. කාල් මාක්ස් ඉදිරිපත් කළ දාර්ශනික විග‍්‍රහයක්ද මනෝවිද්‍යාවට හැඩගැනීමෙහිලා බලපා ඇත. මාක්ස්වාදීන්ගේ මතවල අනුව මානසික ක‍්‍රියාවලිය වර්ධනය කරගනු ලැබුවේ භෞතික පැවැත්මට සාපේක්‍ෂ බව ඔහු දක්වයි. මානසික ක‍්‍රියාවලිය භෞතිකයට දෙවැනි යැයි දක්වා ඇත. භෞතිකයේ උසස්ම නිර්මාණය ලෙසින් මොහු විඥානය සලකයි. මොහු ජීවවිද්‍යාත්මකව මනස පිළිබ`ද අධ්‍යයන සිදුකර ඇති අතර එය මනෝ විද්‍යාවේ ශීඝ‍්‍ර දියුණුවට බෙහෙවින් ඉවහල් වී ඇත. සම්පරික්‍ෂණ මනෝවිද්‍යාවේ ආරම්භයත් සමග මනෝවිද්‍යාව පිළිබඳ පර්යේෂණාගාර තුළ පරික්‍ෂණ සිදුවිය. අර්නස්ට් වෙබර්, ගුස්ටාව් ෆෙක්නර්, හර්මාන් හා විල්හෙල්ම් වුන්ඞ් මෙහිදී වැදගත් වේ. මෙම කාලයේ මිනිස් මොළයේ ආකෘතිය සම්බන්ධයෙන් සොයාගැනීම් කර ඇත. ජාන, ස්නායු පද්ධතිය, ජෛව රසායන ආදී ක්‍ෂේත‍්‍රවල සොයාගැනීම් තුළින් මිනිස් චින්තනයේ විද්‍යාත්මක වර්ධනයක් ඇති කළේය. මනෝවිද්‍යාවේ නූතන හා සමකාලීන යුගය ආරම්භ වන්නේ 19 වන සියවසේදීය. නූතන මනෝවිද්‍යාවේ පියා ලෙසින් පිළිගැනෙන විල්හෙම් වුන්ඞ් ලිප්සීස් විශ්වවිද්‍යාලයේ මනෝවිද්‍යා පර්යේෂණාගාරයක් පිහිටුවීමෙන් හා මනෝවිද්‍යාව විශ්වවිද්‍යාල අධ්‍යයන විෂයයක් බවට පත්කිරීමෙන් එහි ශීඝ‍්‍ර දියුණුවක් ඇතිවිය. චුන්ඞ් සිය මනෝවිද්‍යා පර්යේෂණ පැවැත්වීමට හ්‍යුම් වැනි දාර්ශනිකයන්ගේ මත උපයෝගී කරගෙන ඇති අතර ඔවුන්ගේ දාර්ශනික ආභාසය තුළින් ඔහු මනෝවිද්‍යාව විෂයක් වශයෙන් දියුණු කළේය. මෙම යුගයේ දී මනෝවිද්‍යාව විද්‍යාත්මකව පර්යේෂණ පැවැත්වීමත්, මනෝවිද්‍යාවේ සිද්ධාන්ත අංශය හා මනෝ ප‍්‍රතිකාර ඒකකය එක්විය. මෙහිදි මනෝවිද්‍යාවේ ගුරුකුල ආරම්භ වීමත් සිදුවිය. මනෝවිද්‍යාව දර්ශනයෙන් වෙන්ව ස්වාධීන විෂයයන් වශයෙන් ආරම්භ වීම සිදුවිය. වුන්ඞ් විසින් ව්‍යුහවාදය සඳහා පදනම ලබාදුන්නේය. මෙයින් පසු විවිධ මනෝවිද්‍යාඥයන් හා මනෝ වෛද්‍යවරු හා උගතුන් මනෝවිද්‍යාව දියුණු තත්වයට පත් කළේය. ආත්මය පිළිබඳ අදහස් දැක්වීම් ඈත ශිෂ්ටචාර යුගය දක්වා දිවයයි. වෛදිකය බුදුදහම තුළ ද ආත්මය පිළිබඳ අදහස් ඇත. ග‍්‍රීක යුගයේ දාර්ශනිකයන්ද ආත්මය පිළිබඳ අදහස් දක්වා තිබේ. එම යුගයේ ඇරිස්ටෝටල්, ප්ලේටෝ වැන්නන් විවිධ පැතිකඩවල් ආවරණය වන පරිදි ආත්මය පිළිබඳ අදහස් දක්වා ඇත. ග‍්‍රීක යුගයෙන් මධ්‍යතන යුගයට පැමිණීමෙන් පසු එම යුගයේ ක‍්‍රිස්තියානි ආගමේ බලවත් වීම මත ආත්මය යන්නට දෙවියන් සම්බන්ධ වේ. මධ්‍යතන යුගය බිඳවැටී නූතන යුගයට එළඹීමේ දී යුරෝපයේ ප‍්‍රතිසංස්කරණ වැන කාර්යයන් තුළින් ආර්ථික, දේශපාලනික, ආගමික, සමාජීය හා දාර්ශනික වශයෙන් දියුණුවක් ඇතිවිය. නූතන යුගයේ සිටි ඬේකාට් ආත්මය වෙනුවට මනස යනුවෙන් ද මනස ශරීරයෙන් වෙන් කොට හඳුනා ගැනීමත් සමඟ මනස පිළිබඳ අධ්‍යයනය වෙනමම කිරීමට මග සැලසුනි. බේකන් හඳුන්වා දුන් නිරීක්‍ෂණ හා සම්පරික්‍ෂණ ක‍්‍රමය සියළු විද්‍යාවන්හි දියුණුවට ඉවහල් වී ඇත. මෙය උපයෝගී කරගෙන එකල සිටි දාර්ශනිකයන් විවිධ විද්‍යාත්මක සොයාගැනීම් කළහ. එසේම මෙයට පුනරුදය, කාර්මික විප්ලවය, බුද්ධි ප‍්‍රබෝධය ද විද්‍යාත්මක පසුබිමකට යොමු කිරීමට හේතු විය. විවිධ දාර්ශනිකයන් බුද්ධිවාදය, අනුභූතිවාදය වැනි වාදයන් ගොඩනැගීම තුළින් දර්ශනය දියුණු වීමෙන් මනෝවිද්‍යාව ද දියුණු විය.මෙම කාලයේදී විද්‍යාත්මක නිෂ්පාදන නිපදවීම තුළින් ඒවා උපයෝගී කරගෙන ශරීර පිළිබඳ විවිධ පර්යේෂණ සිදුකරමින් ඩාවින්, ස්පෙන්සර්, ෆ‍්‍රැන්සිස්, ගැල්මන්, පෝල් බ්‍රොකා, කාල් මාක්ස් විවිධ සොයාගැනීම් කළ අතර එයින් ජීව විද්‍යාත්මක අංශය දියුණු විය. 1872 දි මිනිසාගේ හා සතුන්ගේ චිත්තවේගී ප‍්‍රකාශන නම් නිබන්ධනය කළ ඩාවින් පරිනාමය, මිනිසා හා වානරයා සම`ග සමානකම් (මූලික සංවේදන ප‍්‍රකාශ කිරීමේදී* දක්වන බව පැවසුවේය. ඩාවින්ට පරිණාමවාදී0 මත පලකිරීමට ලූකේසියස් තාලූන්, එපික්යුරිස්, ඇනෙක්සිගෝරස් එම්පීඩොක්ලිස්, ඇරිස්ටෝටල්, ඩිමොක‍්‍රීටස්, ගාලෙන් වැන්නන්ගේ බලපෑම නිසැකයෙන්ම ලබා ඇත. ඩාවින්ට සමකාලීන වෝල්ස් ඉදිරිපත් කළ පරිණාමවාදී මත මනෝ විද්‍යාවේ දියුණුවට හා විෂය බිහි වීමට බෙහෙවින් ඉවහල් වී ඇත. ඩාවින් මිනිසාගේ හා සතුන්ගේ මොළය අතර කාය විද්‍යාත්මක සමානත්වය පෙන්වාදුන් අතර පසුව අයිවන් පැව්ලෝ එහි ගුණාත්මක බව වැඩි දියුණු කළේය. මෙම විද්‍යාත්මක පදනම හා පරිණාමවාදී මත වුනඞ් උපයෝගී කරගෙන ඇත. 1879 විල්හෙල්ම් වුන්ඩි පර්යේෂණාගාර තුළ මනස පිළිබඳ පර්යේෂණ කිරීම තුළින් මනෝවිද්‍යාව ඇතිවිය. එය දර්ශනය ූ විද්‍යාත්මක විධි ූ ජීවවිද්‍යාව ූ ඩාවින් යන සියළු දේවල් එකතු වී නූතන මනෝවිද්‍යාව බිහිවී ඇත. ඊෂධඛධඨශ ඡුීශක්‍්‍යධඛධඨශ මේ අයුරින් සළකා බලන විට අතීතයේ සරළ තත්වයේ සිට දියුණු වී දර්ශනය තුළ අඩංගු වූ මනෝ විද්‍යාව සොයාගැනීම් තුළින් ලත් ඥානය සමඟ මෙම කාරණා දෙක පිළිබඳව විද්‍යාත්මකව අධ්‍යනය කිරීම තුළින් නූතන මනෝවිද්‍යාව බිහි වී ඇති බව පැහැදිලි වේ.