Sunday, December 8, 2013
01. චර්යාවාදී ඉගෙනුම් න්‍යාය
01. චර්යාවාදී ඉගෙනුම් න්‍යාය
චර්යාවාදය නමින් නවතම මනෝවිද්‍යාත්මක ආකෘතියක් ප‍්‍රථම වරට හඳුන්වා දෙනු ලැබුයේ 1913දී ඇමරිකානු ජාතික මනොවිද්‍යාඥයකු වන ජෝන් බී වොට්සන් විසිනි. විශේෂයෙන් ම මනෝ විශ්ලේෂණවාදයේ මූලික ඉගැන්වීමක් වන අන්තරාවලෝකනය පිළිබඳව දැඩි ලෙස ප‍්‍රතික්‍ෂේප කළ මොහු ”මනස” යන සංකල්පය වෙනුවට ”චර්යාව” යන්න යොදාගත යුතු බව ප‍්‍රකාශ කළේය. මන්ද මනස යනු විද්‍යාත්මක සංකල්පයක් නොවේ. එහෙයින් මනස විද්‍යාත්මක පර්යේෂණයන්ට භාජනය කළ නොහැකිය. තවද විද්‍යාත්මක නොවන සංකල්පයක් විද්‍යාවක පදනම විය නොහැකි නිසා ඒ සඳහා පදනම චර්යාව බව පැහැදිලි කළේය. ඔහු විසින් රචිත ” ඡුිහජයදකදටහ ්ි එයැ ඊැය්ඩසදරසිඑ ඩසැඅ සඑ -1913 කෘතිය ම`ගින් මනෝවිද්‍යාව වනාහි මිනිස් චර්යාව පිළිබඳව අධ්‍යයනයකි” , යන්න ඉතා වැදගත් වේ. එමෙන් ම වොට්සන් ප‍්‍රකාශ කළේ මිනිස් චර්යාව යනු නිරීක්‍ෂණය, පරීක්‍ෂණය හා සම්පරීක්‍ෂණය යන විද්‍යාත්මක ක‍්‍රමවේදයන් ඔස්සේ අධ්‍යනය කළ යුත්තක් බවයි. ”ඔයසබනසබට සි ිසකැබඑ ිචැැජය – න්‍ග ඊ උ්එිදබ සිතීම යනු නිහ`ඩව කතා කිරීමයි”.
තවද චර්යාවාදී ඉගෙනුම් න්‍යාය පිළිබඳව අධ්‍යයනය කළ මනෝවිද්‍යාඥයින් ලෙස ඉවාන් පැව්ලෝ, බී. එෆ් ස්කිනර්, එඞ්වට් තොන්ඩයික් යන මනොවිද්‍යාඥයින් හඳුන්වා දිය හැකිය. එමෙන් ම සතුන් ඇසුරෙන් කරන ලද පරීක්‍ෂයන් තුළින් නව සිද්ධාන්ත ඔවුන් විසින් සොයා ගන්නා ලදී. එකී පරීක්‍ෂණ ලෙස,
සම්භාව්‍ය ආරෝපණ න්‍යාය
සම්භාව්‍ය ආරෝපණ න්‍යාය ඉදිරිපත් කළ පැව්ලෝ උත්තේජ සහා ප‍්‍රතිචාර තුළින් නව චර්යාවන් බිහි කරගත හැකි පෙන්වා දෙයි. එනම් ස්වභාවික හෙවත් අනාරෝපිත (නූගත්* උත්තේජයකට ආරෝපිත (උගත්* ප‍්‍රතිචාරයක් සම්බන්‍ධ කිරීම තුළින් නව චර්යා බිහි කරගත හැකි බවයි. එමෙන් ම නව චර්යාව උගත් ආරෝපිත චර්යාවක් ලෙස හඳුන්වනු ලැබේ.
ආහාර දීම ඛේටය ශ‍්‍රාවය වීම.
(අනාරෝපිත ප‍්‍රබෝධකය* (අනාරෝපිත ප‍්‍රතිචාරය*
සීනුව නාද කිරීම ඛේටය ශ‍්‍රාවය නොවේ.
(උදාසීන ප‍්‍රබෝධකය*
සීනුව ආහාර දීම කේටය ශ‍්‍රාවය වීම.
සීනුව ඛේටය ශ‍්‍රාවය වීම.
(ආරෝපිත ප‍්‍රබෝධකය* (ආරෝපිත ප‍්‍රතිචාරය/උගත් චර්යාව*
ප‍්‍රකාරක ආරෝපණ න්‍යාය
ප‍්‍රකාරක ආරෝපණ න්‍යාය සහ උපස්ථම්භන කාර්යයන් පිළිබඳව බී. එෆ් ස්කිනර් මෙසේ හඳුන්වා දෙයි. ”යම්කිසි චර්යාවක ප‍්‍රතිඵල ක‍්‍රමානුකූලව කළමනාකරණය කිරීම තුලින් එම චර්යාව දුර්වල කිරීම හෝ ශක්තිමත් කිරීම හේතුවෙන් යහපත් ඉගෙනුමක් සිදුවෙයි” යනුවෙනි.
”උපස්ථම්භනයන් යනු යම් චර්යාවක් දුර්වල කිරීමට හෝ ශක්තිමත් කිරීමට හේතු වන එම චර්යාවේ ම ප‍්‍රතිඵලයයි” . එමෙන් ම ස්කිනර් උපස්ථම්භන කාර්යයන් ගණනාවක් පිළිබඳව විග‍්‍රහ කරයි. ඒ අතර ස්ථාවර අනුපාත කාර්යයන්, අස්ථාවර අනුපාත කාර්යයන්, අස්ථාවර අන්තර් කාර්යයන් වැදගත් වේ. තවද උපස්ථම්භන සංකල්පය ම`ගින් සංකීර්ණ ඉගෙනුම් විග‍්‍රහ කළ හැකි බව ද ඔහු පෙන්වා දෙයි.
නිදසුන් -: ස්කිනර් මීයෙකු යොදා කරන ලද පර්යේෂණය ”ීනසබබැර ඊදං”
උපස්ථම්භන වර්ග හතරකි.
ෂග ප‍්‍රාථමික/ කායික උපස්ථම්භනය.
ෂෂ. ද්විතීයික/ මානසික.
ෂෂෂ. ධන උපස්ථම්භන.
ෂඪ. ඍණ උපස්ථම්භන.
වශයෙනි.
ප‍්‍රබෝධක ප‍්‍රතිචාර න්‍යාය
එඞ්වඞ් තොන්ඩයික්ට අනුව ප‍්‍රබෝධක ප‍්‍රතිචාර න්‍යාය යනු ”බාහිර පරිසරයේ විවිධ උත්තේජනයන්ට ප‍්‍රතිචාර දැක්වීමට ඉගෙනගැනීම ම`ගින් ජීවීන්ගේ විවිධ චර්යා බිහි වන බවයි”. එනම් චර්යාව වනාහි උගත් ආරෝපිත වූවකි. පුද්ගලයාට හිතකර උත්තේජ සඳහා ප‍්‍රතිචාර දක්වන අතර ඒ සඳහා ඉගෙනගත යුතු චර්යා ඉගෙනීමට බලපාන සාධක කිහිපයක් ඔහු පෙන්වා දී ඇත. එනම්
ස. තැත් වරද ක‍්‍රමය - යම් උත්තේජයකට කිහිපවරක් වැරදි ප‍්‍රතිචාර දක්වා නිවැරදි ප‍්‍රතිචාරය ඉගෙනීම.
සස. අභ්‍යාස සිද්ධාන්තය - ප‍්‍රතිචාර දැක්වීම ම`ගින් ඉගෙනීම.
සසස. ප‍්‍රතිපල නියාමය - ප‍්‍රතිඵල නියාමය තුළින් ඉගෙනීම.
සඩ. ත්‍යාග හා ද`ඩුවම් - ප‍්‍රතියත්නය හරහා ඉගෙනීම.
02. ප‍්‍රජානන ඉගෙනුම් න්‍යාය
විසිවන සියවසේ මැද භාගයේදී පමණ ඇරඹි ගුරු කුලයක් වන ප‍්‍රජානනවාදී ගුරුකුලය ව්‍යූහවාදය, කාර්යබද්ධවාදය, හා ගෙස්ටෝල්ට්වාදය වැනි ගුරුකුලයන් තුළින් පෝෂණය වූවකි. ප‍්‍රජානනය යනුවෙන් හැඳින්වෙන්නේ මිනිසා සතු උසස් මානසික හැකියාවන්ය. එනම් චින්තනය, සංජානනය, තර්කනය, ගැටලූ විසඳීම, මතකය, භාෂාව අවබෝධය ආදියයි. ප‍්‍රජානන මනෝවිද්‍යාඥයින් ලෙස බැට්ලර්, බෲනර් හා ජින් පියාජේ ඉතා වැදගත් වේ. ”ප‍්‍රජානනවාදීහු මනුෂ්‍ය චර්යාව කෙරෙහි පරිසරය ඇති කරන බලපෑමේ ප‍්‍රබලතාව පිළිගන්නා අතර පරිසරය හා ජිවියා අතර ඇති වන අන්තර් ක‍්‍රියාවලියේදී චින්තනයෙන්, සැලසුම් නිර්මාණයෙන් හා තොරතුරු සැකසීමේ ක‍්‍රියාවලියෙන් ඇති කරන බලපෑමේ වැදගත්කම ද පෙන්වා දෙති” .
ගෙස්ටෝල්ට් මනෝවිද්‍යාව
ගෙස්ටාල්ට්වාදීන් අවධාරණය කරන ලද්දේ ඉගෙනුම, මතකය ගැටලූ විසඳීම වැනි තත්‍වයන්හිදී ජීවියා අවට පරිසරයේ උත්තේජයන් මානසිකව සංවිධානය කර ගන්නා බවයි. මැක්ස් වර්තයිමර්, කාර්ට් කොෆ්කා, වොල්ෆ්හෑන්ග් කොලර් ආදී ගෙස්ටාල්ට් පුරෝගාමීන් ලෙස හඳුන්වා දිය හැකිය. මොලයට ඉන්ද්‍රියන් ම`ගින් ලැබෙන සංවේදන නොහොත් සංජානනය කර ගැනීමේදී බලපාන මූලධර්ම කිහිපයකි. එනම්,
රූපය හා පසුතලය
මෙය පසුතලය හා රූපය වශයෙන් සංජානනය කරයි. රූපය ලෙස සලකන දෙය සෑම විටම පසුතලයට පෙර ලෙස පෙනෙයි.
සමානත්‍වය
සමීප බව, ආසන්නතාව
අවිච්ýන්නතාව
අවසන්බව
වශයෙනි.
03. ප‍්‍රජානනවාදී ඉගෙනුම් න්‍යාය පන්ති කාමරයේ භාවිතා කළ හැකි ආකාරය.
ප‍්‍රජානනවාදී ඉගෙනුම් න්‍යාය පන්ති කාබරය තුළ භාවිතා කළ හැකි අන්දම පිළිබඳව විමසා බැලීමේදී මෙය ඉතා සාර්ථක ඉගැන්වීම් ක‍්‍රමයක් ලෙස හඳුන්වා දිය හැකිය. මන්ද ඉගැන්වීම් කාර්යයයේදී ඉගෙනගන්නා පුද්ගලයා කිසියම් වූ වස්තුවක් සංජානනය කරන අන්දම, එය සංවිධානය කරගන්නා අන්දම හා තොරතුරු නැවත නැවත ගොනු කරන ආකාරය යන සියල්ල සිදුවනුයේ ප‍්‍රජානන ක‍්‍රියාවලිය තුළිනි.
ගෙස්ටෝල්ට් න්‍යාය පංති කාමරයට සම්බන්‍ධ කර ගැනීම.
01. ශිෂ්‍යයින්ගේ වයසට අනුකූලව විසඳිය හැකි සරල ගැටලූ ඉදිරිපත් කිරීම.
මෙහිදී ගුරුවරයා විසින් ශිෂ්‍යාගේ වයස් මට්ටම නිසියාකාරව තේරුම් ගෙන ඔවුන්ට විසඳිය හැකි ගැටලූ ඉදිරිපත් කිරීම වැදගත් වෙයි. එමෙන් ම ඒවා ඉදිරිපත් කිරීමට වැඩිපුර කාලය ලබාදීම වැදගත් වෙයි. නිද-: ශිෂ්‍යත්‍ව පංතියේ ළමයකුට සාමාන්‍ය පෙළ පංතියේ ගණිත ගැටලූවක් ලබාදීම තුළින් එම ශිෂ්‍යා අපහසුතාවයට පත්වීම පමණක් සිදු වේ.
02. ශ‍්‍රව්‍ය දෘෂ්‍ය ආධාරක භාවිතා කිරීම.
මනාව සැලසුම් කළ ශ‍්‍රව්‍ය දෘශ්‍ය ආධාරක භාවිත කරමින් ඉගැන්වීම. ශිෂ්‍යාට සමස්තය සංජානනය කර තේරුම් ගැනීමට හැකිවන පරිදි චිත‍්‍ර හා රූප සටහන් ඇඳීම. ඉස්මතු කළ යුතු අදහස රූපය ලෙසත්, අන් කොටස් පසුබිම් ලෙසටත් ගැනෙන පරිදි දෘශ්‍යාධාරක සැපයීම. වගු ප‍්‍රස්ථාර, චාට් සටහන් හා සිතියම් ම`ගින් සමස්ත තොරතුරු සංජානනය කර ගැනීමට හැකි වන ලෙස රූප ගතකර ඉදිරිපත් කිරීම.
03. පළමුව සමස්ත අදහස (පූර්ණ රූපය* ඉදිරිපත් කර අනතරුව කොටස් කොටස් තේරුම් කරදීම.
කිසියම් වූ මාතෘකාවක් හේ ඒකකයක් පංතියට ඉගැන්වීමට පෙර එම සම්පූර්ණ ඒකකය හෝ මාතෘකාවට අදාල සියල්ල පළමුව කෙටියෙන් හඳුන්වාදීම. සමස්ත අදහස වටහාදීමෙන් පසුව අන්තර්ගත කරුණු වඩා සවිස්තර ලෙස විස්තර කර දීම. කවි, සූත‍්‍ර, චක‍්‍ර ආදිය පාඩම් කිරීමට පෙර සම්පූර්ණ කවියම හෝ සූත‍්‍රය තේරුම් කර දී අනතුරුව (කවි* පදයෙන් පදය පාඩම් කිරීමට යොමු කිරීම. කවි පංතියක් රස ව`දීමේදී සමස්තය එක්ව ගෙන රස වි`දීම. එය මනාව නිම කළ පසුව වචනවල අර්ථය, ශබ්ද රසය ව්‍යාකරණ ආදිය වටහාදීම.
04. කෙටි සටහන් සකස් කිරීම.
නිම කරන සෑම ඒකකයක ම සමස්ත රූපය දැකීමට උචිත කෙටි සටහන් සකස් කිරීම. සෑම පාඩමක් අවසානයේදී ම මුළු පාඩමට ම අදාල කෙටි සටහන් අදාල තැන්හි රූප සටහන් අනු කොටස් සහිතව දැක්වීම. කළු ලෑල්ලේ ලිවීම.
05. පන්ති කාමරයේ ප‍්‍රසන්න වාතාවරණයක් මැවීම.
පාසල, පංති කාමරය ශිෂ්‍යාගේ සිත් ඇදගන්නා තැනක් බවට පත් කිරීම.මනෝවිද්‍යාත්මක පරිසරය, ජීවන ආකාශය ප‍්‍රසන්න කිරීමට උනන්දු වීම. ගුරුවරයා ශිෂ්‍යයින්ට ධනාත්මකව සැලකීම. ශිෂ්‍යයින්ගේ දක්‍ෂතා අගය කිරීම. අසීරු කාර්යයන් හා අභියෝග ජයගත් කල්හි ධන උපස්ථම්භන දීම.
06. මතුවන නව සිතුවිලි හා යෝජනා ඉදිරිපත් කිරීමට පෙළඹවීම.
ගුරුවරයා විසින් ශිෂ්‍යා තුළ ඇති නව සිතුවිලි, නිර්මාණාත්මක හැකියාවන්, නව සූත‍්‍ර ආදිය ඉදිරිපත් කිරීමට ශිෂ්‍යා පෙළඹවීම ඉතා වැදගත්ය.
නිද-: ශිෂ්‍යයින්ගේ නව අදහස්, උපකරණ හා නිර්මාණ දැක්වීමට ප‍්‍රදර්ශන, තර`ග, වැඩ මුළු සංවිධානය කිරීම.
07. පාසල් ගැටලූ හා සමාජ ගැටලූවලට විසඳුම් යෝජනා කිරීම.
ශිෂ්‍යා තමන්් ඉගෙන ගන්නා පාසලේ, අවට ප‍්‍රජාවගේ් හෝ සමාජයේ ගැටලූ හඳුනාගෙන එහි ස්වරූපය, හේතුව හා විසඳුම පිළිබඳව කල්පනා කර සමස්ත ගැටලූව අධ්‍යනය කර විසඳුම් ඉදිරිපත් කිරීමට පන්ති කාමරය තුළින් ගුරුවරයා විසින් අවස්ථාව සලසා දීම.
නිද-: ව්‍යාපෘති වැඩසටහන්වලට ශිෂ්‍යා පෙලඹවීම.
08. ගුරුවරයා උගන්වන ක‍්‍රියා පටිපාටිය පිලිබඳව සැළකිලිමත් වීම.
පන්ති කාමරය තුළදී ශිෂ්‍යයින්ට උගන්වන පාඩම්වලදී කරුණු ලිහිල් කිරීම, ශිෂ්‍යයිනුත් පාඩමට සම්බන්ධ කර ගැනීම, ශිෂ්‍යයින්ගෙන් පාඩම පිලිබඳව ප‍්‍රශ්න න`ගමින් විවිධ කවි, කතන්දර ඉදිරිපත් කිරීම තුළින් ශිෂ්‍යයින්ගේ බුද්ධි ව්‍යූහයන් (ස්කිමාවන්* සංවිධානය කර සංවර්ධනය කර ගැන්මට ඉඩ සැලැස්වීම.
සමාලෝචනය
මේ අනුව උක්ත කරුණු පිලිබඳව විමසා බැලීමේදී චර්යාවාදී සහා ප‍්‍රජානනවාදී ගුරු කුලයන්හි මූලික ඉගැන්වීම් මොනවාද? යන්නත් එකී ඉගැන්වීම් ක‍්‍රමවේදයන් පන්ති කාමර ඉගෙනුම් ක‍්‍රියාවලියේදී යොදාගත හැකි ආකාරය පිළිබඳවත් මැනවින් පැහැදිලි වේ.
ආශ‍්‍රිත ග‍්‍රන්ථ නාමාවලිය
ද්විතීයික මූලාශ‍්‍රයයෝ
අතුකෝරාල, දයාරෝහණ සහ අතුකෝරාල, හඳුන් රසාරි, 2008, පුද්ගල පෞරුෂ සංවර්ධනය හා මනෝවිද්‍යාත්මක උපදේශන න්‍යායන්, බොරැුල්ල, ශික්‍ෂා මන්දිර ප‍්‍රකාශන.
අතුකෝරාල දයාරෝහණ සහ අතුකෝරාල, හඳුන් රසාරි, 2009, අධ්‍යාපන මනෝවිද්‍යාව හා ගුරුවරයා, බොරැුල්ල, ශික්‍ෂා මන්දිර ප‍්‍රකාශන.
බණ්ඩාරනායක, අභය, 1999, මනෝවිද්‍යා ප‍්‍රවේශය, කොට්ටාව: සාර ප‍්‍රකාශන, එදිරිසිංහ දයා, 1998, මනෝවිද්‍යාව ගුරුකුල සහ මනෝවිද්‍යාඥයෝ, වත්මා ප‍්‍රකාශකයෝ, දෙහිවල.
කමල්ගොඩ ජානක, 2003, මනෝවිද්‍යාව හා ජීවිතය, කර්තෘ ප‍්‍රකාශන.
ජයතුංග රුවන් එම්, 2003, මනෝවිද්‍යාත්මක උපදේශනය, මුල්ලේරියාව, විජේසූරිය ග‍්‍රන්ථ කේන්ද්‍රය.
එදිරිසිංහ, දයා සහ පෙරේරා, ඥානදාස, 2005, මනෝවිද්‍යා විමර්ශන, වත්මා ප‍්‍රකාශකයෝ, දෙහිවල.
බුලත්වත්ත, අසංක, 2009, සමාජ මනෝවිද්‍යාව, නුගේගොඩ, සංහිඳ මුද්‍රණ සහ ප‍්‍රකාශන.
මූර්ති, 1973, මනෝවිද්‍යාව, මියුරෝ පොත් ප‍්‍රකාශකයෝ.
මූර්ති, 1975, දාරක මනෝවිද්‍යාව, මියුරෝ පොත් ප‍්‍රකාශකයෝ.
වික‍්‍රමතුංග, ජීවනී හසන්තා, 2003, මනෝවිද්‍යා උපදේශනය, කොළඹ 08, සදීපා ප‍්‍රකාශන.