Sunday, December 8, 2013

ළමා මනෝ විද්‍යාව හා ළමා සංවර්ධනය

ළමා මනෝ විද්‍යාව හා ළමා සංවර්ධනය හැදෑ මුල් පිටුවදැනුම පිළිබඳඅපේ ප්‍රතිපත්තිසොයන්නසල්ලාපඅප අමතන්න නිවස අධ්‍යාපනික අධ්‍යාපනික ළමා මනෝ විද්‍යාව හා ළමා සංවර්ධනය හැදෑ ප්‍රධාන ‍මෙනුවකෘෂිකාර්මික සත්තව සෞන්දර්ය චරිතාපදාන සංස්කෘතික ආර්ථික අධ්‍යාපනික පාරිසරික විලාසිතා/රූපලාවන්‍යය සෞඛ්‍ය ඓතිහාසික නිර්මාණ රැකියා දැනුම පුවත් විද්‍යා හා තාක්ෂණ නිවේදන දේශපාලනික ආගමික සමාජමය ක්‍රිඩා ශිල්පීය දැණුම සංචාරක මල් වගාව පළතුරු වගාව ධාන්‍ය වගාව ඖෂධ පැලෑටි සත්ව පාලනය වී වගාව පලිබෝධ එළවලු වගාව සත්තව සෞන්දර්ය කාව්‍යය චරිතාපදාන සංස්කෘතික මුල්‍ය නිෂ්පාදනය අළෙවිකරණය කුඩා ණය දුප්පත්කම වෙළදාම සාමාන්‍ය දැනීම අධ්‍යාපනික වනාන්තර දුෂණය ජලය/සනීපාරක්ෂාව විලාසිතා/රූපලාවන්‍යය ලෙඩ රෝග පෝෂණය/මන්දපෝෂණය ඓතිහාසික නිර්මාණ රැකියා දැනුම අන්තර්ජාතික පුවත් සමීප පුවත් ප්‍රාදේශීය පුවත් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය විද්‍යාත්මක අන්තර්ජාලය විදුලි සංදේශ රජයේ නිවේදන නිවේදන ස්වේච්චා සේවය දේශපාලනික ආගමික ගැටුම් නිරාකරණය දුෂණය /විනිවිද භාවය ලිංගික වර්ගය ජනගහනය රැකවරණය හා නිවාස තරුණකම/තාරුණ්‍ය ක්‍රිඩා ශිල්පීය දැණුම සංචාරක වෙබ් අඩවියට ඇ‍තුල්වීමපරිශීලක නාමය මුරපදය මාව මතක තබා ගන්න Please enter the following characters you see into the textbox below. Letters not clear ? Click to renew captcha ඔබගේ මුර පදය අමතකද? ඔබගේ පරිශීලක නාමය අමතකද? ගිණුමක් සාදන්න ළමා මනෝ විද්‍යාව හා ළමා සංවර්ධනය හැදෑ 2010 මැයි 13 වෙනි බ්‍රහස්පතින්දා, 05:30 ළමා මනෝ විද්‍යාව හා ළමා සංවර්ධනය හැදෑරීම වැදගත්වන්නේ ඇයි? පෙර පාසල් ගුරුවරිය විසින් කුඩා දරුවන්ගේ සිතුම් පැතුම් හා කි‍්‍රයාකාරකම් වටහා ගත යුතුය. ඒ සඳහා දරුවන් පිළිබඳ විද්‍යානුකූල වූ දැනුමක් පෙර පාසල් ගුරුවරිය සතුවීම වැදගත් වේ. පසුගිය සතියේ පාඩම තුළින් මේ පිළිබඳ අප කතා කළා ඔබට මතක ඇති. අද ඒ ගැන වැඩි දුරටත් කරුණු සලකා බලමු. ළමයින්ගේ විවිධතා හඳුනා ගැනීමට පෙර පාසල් ගුරුවරිය ළමා විවිධතා මැනවින් අත් දකින්නියකි. විවිධ සමාජ පංතිවලින්, විවිධාකාරයේ නිවෙස්වලින් දරුවන් පෙර පාසලට පැමිණෙත.’ ඔවුන් තුළ සංකීර්ණ ලක්ෂණ ඇත. බස හැසිරවීම එකිනෙකාට වෙනස්ය. භාෂාවේ අඩු ලුහුඬුකම් නැත්නම් මනා දක්ෂතා ඇත. චිත්තවේග පාලනයට ඇතමෙක් හුරු පුරුදුව ඇත. නමුත් ඇතැම් දරුවනට එම පුහුණුව ලබා දිය යුතුය.සෑම ළමයකු තුළම බැලූ බැල්මට පෙනෙන පොදු ලක්ෂණ අතරින් දිවෙන අසමාන වූ චර්යා ලක්ෂණ හා ගති ලක්ෂණ තිබේ. මේ සංකීර්ණ සංස්කෘතීන් ඇති නිවෙස්වලින් පැමිණෙන, විවිධ ගති පැවතුම් ඇති ළමයින් පළමු කොටම සමාජානුයෝගී පුද්ගලයන් බවට පත් කිරීමේ වගකීම් පැවරෙනුයේ පෙර පාසල් ගුරුවරියටයි. මේ සඳහා ඇය ළමා මනෝ විද්‍යාව පිළිබඳ ප‍්‍රමාණවත් දැනුමක් ලබා තිබිය යුතුය. ඒ තුළින් ප‍්‍රායෝගික අත්දැකීම්වලට මුහුණ පෑමේ නිසි සූදානමකින් යුතුව සිටිය යුතුයි. ළමා වර්ධනය ගැන දැනුවත් වීමට ළමයකු සමාජානුයෝගී පුද්ගලයකු බවට පත් කිරීමටත්, ඉගෙනුම් අත්දැකීම් ලබා දීමටත් ගුරුවරුන් දරුවාගේ වර්ධන රටාව පිළිබඳ අවබෝධයකින් සිටිය යුතු වේ. ළමයාගේ වර්ධන අවස්ථාවට අනුකූලව දිය යුතු අත්දැකීම් කවරේද? යෙදිය හැකි ඉගැන්වීම් ක‍්‍රම කවරේද ? අපේක්ෂා කළ හැකි හැසිරීම් ලක්ෂණ මොනවාද? ආදී ප‍්‍රශ්න රාශියකට ගුරුවරියට මුහුණ පාන්නට සිදු වේ. ඒ සඳහා ළමා වර්ධනය හා සංවර්ධනය, ඒ කෙරෙහි බලපාන සාධක, කායික, මානසික, සමාජයීය, චිත්තවේගී වර්ධන අංශ මෙන්ම ඔහුගේ හෝ ඇයගේ ලැදියා, පෙළඹීම, අභිරුචි, අවශ්‍යතා හඳුනා ගැනීම කළ යුතුය. සංවර්ධනයට බාධකව පවත්නා ආපාදා තත්ත්වයන් කලින් දැන සිටිය යුතුය. එම අවබෝධය ලබන්නට ළමා මනෝවිද්‍යාවෙන් ලබන දැනුම බොහො සේ ඉවහල්වනු ඇත. සහජ ශක්තීන් හඳුනා ගැනීමට පෙර පාසලේ මූලික කාර්යයක් වන්නේ ළමයාගේ සැඟවුණු දක්ෂතා මතුකර ගැනීමට අවස්ථා සලසා දීමයි. ඒ සඳහා පරිසරය සකස්කර දීම හා පෙළඹවීම් ලබාදීම තුළින් මුල් සමයේ සිටම, ඔහුගේ හෝ ඇයගේ දක්ෂතා විකසිත වීම සිදු කළ හැකි වේ. මෙම අවබෝධය ගුරුවරිය මනෝවිද්‍යාව ඉගෙනීම තුළින් ලබා ගන්නා අතර දරුවන්ගේ සංවර්ධනයට අත දීමට, ඇය පුහුණුව ලබයි. ඉගෙනුම් අත්දැකීම් ලබාදීමට ළමයකුගේ බුද්ධි වර්ධනය සඳහා අද ඇත්තේ ඉමහත් උනන්දුවකි. මෙහිලා ළමා පරිණතිය හඳුනාගෙන ඉගෙනුම් අත්දැකීම් සංවිධානය කිරීමට ගුරුවරියට සිදු වේ. ළමා කුතුහලය වටහාගෙන ඒ අනුව අත්දැකීම් ලබා දෙන්නට ඇයට සිදු වේ. ඒවා රසවත්ව ඉදිරිපත් කරන්නටත්, ළමා අත්දැකීම් හා ඒවා ගළපාලන්නටත් මනෝ විද්‍යාව තුළින් ලබන දැනුම ඇයට මහත්වූ පිටිවහලකි. ළමයින් පෙළඹවීමට ඉගෙනුම් අත්දැකීම් ලබා ගැනීමටත් යහපත් චර්යාවන් පුරුදු පුහුණු වීමටත් සිසුන් පෙළඹවීම පෙර පාසල් ගුරුවරියකගේ මූලික කාර්යයකි. ඇතැම් ළමයින් අභ්‍යන්තරයෙන්ම පෙළඹී කි‍්‍රයා කළත්, ඇතමුන් විවිධ ක‍්‍රම ශිල්ප මගින් ඉගෙනුමට පෙළඹවීම අවශ්‍යයි. සමහර ගුරුවරුන් දැඩි දඬුවම්, තර්ජන, ඇනුම්පද ආදිය ඒ සඳහා ඉවහල් කරගන්නේ දරුවන් පිළිබඳ නිසි අවබෝධය නැති කමිනි. තෑගි, ප‍්‍රශංසා, දිරි ගැන්වීමේ වදන්, සාර්ථකත්වය ලබා ගැනීමේ අවස්ථා වැනි යහපත් ක‍්‍රම මගින් ඔවුන් පොළඹවාලීමට අප උත්සුක විය යුතුය. ඒ සඳහා ළමා සංවර්ධන අවස්ථාවල ස්වභාවය හඳුනාගෙන පෙළඹවීමේ උපක‍්‍රම, ඒ පිළිබඳ ආකල්ප, කුසලතා ලබාගැනීමට මනෝ විද්‍යාව තුළින් ලබන දැනුම බෙහෙවින් ඉවහල්වනු ඇත. විශේෂ ළමයින් හඳුනාගෙන කටයුතු කරන්නටබෙහෝ පංතිවල විශේෂ ළමයින් ඇත. එනම් ආබාධිත, නොහැකියා සහිත, මානසික ඌනතා ඇති, ගැටලු සහගත චර්යා ඇති ළමයින් සිටී.ඒ අය හැකි ඉක්මනින් හඳුනාගෙන ඊට ප‍්‍රතිකර්ම ලබාගැනීම සඳහා මාපියන් වෙත යොමු කළ හැකිය. පංතිය තුළම යම් යම් ප‍්‍රතිකර්ම යෙදීමට ද පිළිවන. මේ අය හැකිතාක් ඉක්මනින් හඳුනාගෙන ඔවුනට සරිලන පරිදි කටයුතු කිරීමට මනෝ විද්‍යා විෂය තුළින් ලබන දැනුම ගුරුවරියට අතිශ්‍ය ප‍්‍රයෝජනවත් වනු ඇත. නව දැනුම් කරා එළඹීමට නූතන මනෝ විද්‍යාව සමාජ විද්‍යා හා වෛද්‍යවිද්‍යා පර්යේෂණා දියෙන් දරුවන් පිළිබඳ හෙළි කෙරෙන නව දැනුම් සම්භාරය අති විශාලය. මේ නව දැනුම අවශ්‍යයෙන්ම පෙර පාසල් ගුරුවරිය විසින් අත්පත් කරගත යුතුය.මෑතකදී පර්යේෂණ තුළින් හෙළි කරගත් දැනුම නිසා, මුල් ළමා විය කෙරෙහි සැමගේ අවධානය යොමුව ඇත. නිදසුන් වශයෙන් මුල් උත්තේජකවල වැදගත්කම බ්‍රොන් ෆෙ‍්‍රනර් Bron Frener ආදීහු පෙන්වා දී ඇත. වර්තමානයේ ළමයා ගැන බොහෝ පර්යේෂණ සිදු කෙරේ. ළමයාට සීඝ‍්‍රයෙන් ඉගෙනුම ලබාදිය යුත්තේ කෙසේ ද? රූපවාහිනිය නැරඹීමෙන් ළමයකුට ඇතිවන බලපෑම් කෙබඳු ද? ආදී නවතම ගැටලු ආශ‍්‍රයෙන් පර්යේෂණ, සමීක්ෂණ, අධ්‍යයන සිදු කෙරේ. මෙවැනි දෑ පිළිබඳ අවදි බවකින් හා සකි‍්‍රය බවකින් පෙර පාසල් ගුරුවරියක කටයුතු කළ යුතුය. මේ නවතම සමීක්ෂණවලින් පර්යේෂණ වලින්් හෙළිවන තොරතුරු ඉගෙනුම් අත්දැකීම් සැලසුම් කිරීමේ දී, ළමයින් ශික්ෂණයේ දී මෙන්ම ළමයා අවබෝධ කර ගැනීමේ දී යොදා ගැනීම ඉතා වැදගත්ය. මව්පියන් දැනුවත් කිරීමට ළමා මනෝ විද්‍යා දැනුම අවශ්‍ය වන්නේ පෙරපාසල් ගුරුවරියකට පමණක් නොවේ. මවුපියන් වෙත ද මේ දැනුම ගලා යා යුතුය. අද මාපියන්, පෙර පාසල් ළමයින් ගැන දැනුවත් භාවය අඩුවීම නිසා අකුරු කියවීම, ලිවීම, ගණන් සෑදීම සඳහා ඉල්ලුම් කරන්නට ඉඩ ඇත. ළමා අධ්‍යයන ගැන අදහස් මවුපියනට පැහැදිලි කිරීමෙන්, ඒ ගැටලුව සරලව විසදාගත හැකියි. තවද බොහෝ මවුපියන්, ළමයින් හදාවඩා ගන්නේ තම ව්‍යවහාරික දැනුම පසුබිම් කරගෙනයි. මේ හේතුවෙන්, ඇතැම්විට න්‍යෂ්ටික පවුලක දරුවන්ට ඇතිවන අනර්ථකාරී තත්ත්වයන් බහුලය. දරුවන් ක‍්‍රමානුකූලව හදාගන්නට, ළමයින්ගේ පොදු ලක්ෂණ, සුවිශේෂ ලක්ෂණ තේරුම් ගන්නට, විභව ශක්තීන් මතු කරන්නට,මනෝ විද්‍යාත්මක දැනුම බෙහෙවින ඉවහල් වේ. එම දැනුම මවුපියන්වෙත ළඟා කිරීම සම්බන්ධව විශේෂ වගකීමක් පෙර පාසල් ගුරුවරියකට පැවරෙනු ඇත. ගුරු භූමිකාව අවබෝධ කරගැනීම පෙර පාසලක අරමුණු ඉටු කර ගැනීම සම්බන්ධයෙන් ගුරුවරියකගේ කාර්යභාරය ඉතා වැදගත් ඇයගේ කැපවීම, ආකල්ප, සකි‍්‍රය භාවය මෙනම ඇය තුළ ඇති දැනුම ද ගුරු වෘත්තිය සාර්ථක කරගැනීම කෙරෙහි බලපායි. ළමයින්ගේ සංවර්ධනය හා තම කාර්යභාරය ගැන හඳුනාගෙන, ස්වකීය ආකල්ප දරුවන් කෙරෙහි බලපාන බව දැන ගැනීම සම්බන්ධයෙන් මනෝ විද්‍යාව බෙහෙවින් ඉවහල් වෙයි. මේ සඳහා ඇය ළමයා ගැන විෂය මාලාව ගැන මෙන්ම තමා ගැන ද පහැදිලි අවබෝධයකින් සිටිය යුතුය. ගුරුවරයාගේ යහපත් මානසික සෞඛ්‍යය, හොඳ පැවතුම් සඳහා මෙන්ම ළමයින්ගේ අභිවෘද්ධියට ද බලපාන්නකි. මේ සඳහා ඇය ළමා මනෝවිද්‍යාව මෙන්ම අධ්‍යාපන මනෝවිද්‍යාත්මක දැනුමෙන් ද පෝෂණය වීම ඉතා අගනේය. පූර්ණ පෞරුෂයකින් යුත් පුද්ගලයකු බිහි කිරීම සඳහා මූලික පදනම වැටෙනුයේ මුල් ළමා වියේදී ය. ළමයාගේ මුල් ම සැකැස්ම සහ මේ අවධියේ සිදුවන සංවර්ධනාත්මක කි‍්‍රයාවන්, පසු අවධීන්හි සංවර්ධනයට අතිශයින් බලපාන බව මනෝ විද්‍යාව විසින් හෙළිකර ඇත. එබඳු මනෝවිද්‍යාත්ම දැනුම් ප‍්‍රායෝගිකව අත්දැකීම් හා ගළපාගෙන ඉදිරියට යාමටත්, තම කි‍්‍රයාවන් දෙස ආපසු හැරී බලා වැරැදි නිවැරැදි කරගැනීමටත්, ළමා හා අධ්‍යාපන මනෝ විද්‍යාව තුළින් ඔබට ලබාගත හැකි ප‍්‍රයෝජනය අති විශාලය
 
Copyright © psychology