Thursday, December 12, 2013

ආක‍්‍රමණශීලී චර්යා පිළිබඳ සමාජ මනෝවිද්‍යාත්මක විමසුමක්

ආක‍්‍රමණශීලී චර්යා පිළිබඳ සමාජ මනෝවිද්‍යාත්මක විමසුමක් ප‍්‍රවේශය උපතින්ම සමාජීය සත්ත්වයන් වන අපි විවිධ සමාජ වරප‍්‍රසාද, අයිතිවාසිකම් මෙන්ම විවිධ හිංසන පීඩනයන්ටද ලක්ව විවිධ සමාජ ප‍්‍රපංචයන් හමුවේ දුක, සතුට, භය, තරහව මෙන්ම ඒවා මගින් විවිධ ගැටුම්ද ඇතිකර ගනිමු. එය අපගේ සාමාන්‍ය ජීවන රටාවයි. එම සමාජ ජීවිතය තුළ අප විවිධ අවස්ථාවන්හිදී අත්පත් කර ගැනීම්, යටත් කර ගැනීම්, මැඩලීම් මෙන්ම විනාශ කිරීම් වැනි චර්යාවන්ට පෙලඹෙන බව අපි දනිමු. නූතන ලෝකයේ මානව සමාජය තුළ සිදුවන යුදවැදීම්, ඝාතනයන්, පහරදීම් හා මර්දනයන් වැනි විවිධ පුද්ගල හා සමාජ ගැටුම් හමුවේ නූතන සමාජයේ පුද්ගල චර්යාවන් ආක‍්‍රමණික පෙලඹීම් අනුවම ගොඩනැගී ඇති බවත්, එවැනි චර්යාවන් මානව සමාජයේ ආවේණික ලක්‍ෂණයක් බවත් දැක්විය හැකිය. මෙවැනි චර්යාවන් තුළින් සිදුවන සමාජමය බලපෑම බොහෝ දෙනාගේ අවධානයට ලක්වුවද මෙසේ පුද්ගලයා සමාජයේදී එවැනි ආක‍්‍රමණික චර්යාවන්ට, ප‍්‍රචණ්ඩකාරී තත්ත්වයන්ට පෙලඹෙන්නේ ඇයි? එවැනි චර්යාවන්ට බලපාන පුද්ගල ආභ්‍යන්තරික හා බාහිර පාරිසරික සාධක මොනවාද? එවැනි චර්යාවන් පාලනය කිරීමට හැකියාවක් තිබේද? එසේනම් ඒ කෙසේද? ආදි කරුණු කෙරෙහි අවධානය යොමුවන්නේ ඉතා අවම වශයෙනි. එහෙත් සමාජයේ මානව චර්යාවන් ස්වකීය අධ්‍යයනයන්ට බඳුන් කළ බොහෝ සමාජ විද්‍යාඥයන් හා මනෝවිද්‍යාඥයන් විසින් පුද්ගලයාගේ මෙම ආක‍්‍රමණික චර්යාවන් හා එහි ස්වරූපය මෙන්ම ඒවායෙහි මූලික සාධක න්‍යායාත්මකව විවරණය කරන ලදි. එම පුද්ගල ආක‍්‍රමණික චර්යාවන් පිළිබඳ සමාජ මනෝවිද්‍යාත්මක පසුබිම විමසා බැලීම මෙම ලිපියෙහි මුඛ්‍යාර්ථයයි. ආක‍්‍රමණශීලීත්වය යනු කුමක්ද? පුද්ගලයාගේ ආවේගශීලී, චණ්ඩ හා ප‍්‍රතිවිරෝධකාරී චර්යාවන් හැඳින්වීම සඳහා ,ධංදෙරා, ඉංගී‍්‍රසි ශබ්දකෝෂය භාවිත කරනුයේ ,්ටටරුිිසදබ, යන්නයි. එම ඉංග‍්‍රීසි වචනය සඳහා සිංහල අරුත් සපයන ”මලලසේකර” ශබ්දකෝෂය එය ”සටනක හෝ කලහයක මුලපිරීමක්, ආක‍්‍රමණකාරී හෝ ප‍්‍රචණ්ඩකාරී චර්යාවක්” ලෙස විග‍්‍රහ කරයි. මේ අනුව සිංහල භාෂාවට ආගන්තුක වචනයක් වන ආක‍්‍රමණශීීලීත්වය යන්නෙන් චණ්ඩභාවය, ප‍්‍රචණඩත්වය, නොහික්මුණු, නොදැමුණුබව යන අදහස ඉදිරිපත් කරයි. එසේම විරුද්ධවාදීබව :්‍යදිඑසකසඑහ*ල නුරුස්සනබව :ඍැිැබඑපැබඑ*ල වෛරය :්බඑසච්එයහ*ල අරෝව :්බටැර*ල කෝපය :්බටරහ*ල හානි කිරීම :ෘ්ප්ටැ*ල විනාශ කිරීම :ෘැිඑරදහ*ල වදකිරීම :ඔදරඑමරු*ල රිදවීම :්‍යමරඑ*ල අවමන් කිරීම :ෂබිමකඑ*ල තර්ජනය :ඔයරු්එැබ* යන වචන සමූහයද මෙම ආක‍්‍රමණශීලීත්වය :්ටටරුිිසදබ* යන වචනය හා බැඳී පවතියි. ඉහත පද සමුච්චය අධ්‍යයනයේදී ආක‍්‍රමණශීලීත්වය යනු පුද්ගලයෙකුගේ රැුවීම, එරවීම වැනි චර්යාවන්ගේ සිට නින්දා කිරීම හා ඝාතනය කිරීම දක්වා වූ පරාසයක් තුළ විහිදී යන හැසිරීමක් බව පෙනේ. එබැවින් ආක‍්‍රමණික චර්යාවන්ට නිශ්චිත නිර්වචනයක් ඉදිරිපත් කිරීමද ඉතා අපහසු කරුණකි. කෙසේ නමුත් මේ පිළිබඳ ඉතා ප‍්‍රකට නිර්වචනයක් ඉදිරිපත් කර ඇති ඩොලාර්ඞ් :ෘදකක්රා-1939* ඇතුළු කණ්ඩායම ආක‍්‍රමණශීලීත්වය යනු ජීවියෙකුට හානි කිරීම අරමුණු කරගත් චර්යාවන් බව ප‍්‍රකාශ කරයි :්ටටරුිිසදබ සි ්බ ්ජඑ අයදිැ ටද්ක රුිචදබිැ සි සබවමරහ එද ්බ දරට්බසිප*ග මේ අනුව කායිකව හෝ මානසිකව තවත් අයෙකුට රිදවීමේ, අපහසුතාවට පත් කිරීමේ අරමුණින් කායිකව හෝ වාචිකව සිදු කරන චර්යාවන් මෙම ගණයට අයත් වේ. මෙයට අමතරව ත්‍රුැාප්බ * ක්‍්රකිපසඑය :1978* පෙන්වා දෙන ආකාරයට කිසියම් පුද්ගලයෙකු තුළ ජීවියෙකුට මෙන්ම දේපලකට හානිදායක ප‍්‍රතිඵල ලබාදෙන ලෙස සකස් වූ චර්යාව ආක‍්‍රමණශීලීත්වය වේ. මේ අනුව පෙනීයන්නේ හිතාමතාම තවත් පුද්ගලයෙකුට හානිදායක අයුරින් පුද්ගලයා විසින් මුදාහරින චර්යාමය තත්ත්වයන් ආක‍්‍රමණශීලී චර්යාවන් ලෙස හැඳින්විය හැකි බවයි. ඒ අනුව එහි ප‍්‍රධාන ලක්‍ෂණ තුනකි. x ආක‍්‍රමණශීලීත්වය යනු චර්යාමය ප‍්‍රකාශනයකි. x එය සචේතනික හැසිරීමකි. x හානි කිරීමක් හෝ යටත් කර ගැනීමක් අරමුණු කර ගනී. බොහෝවිට ලෝකයේ සැම සමාජයකම පාහේ සාමාජිකයන්ගේ චණ්ඩභාවය හෙවත් ආක‍්‍රමණශීලී හැසිරීම් හෙළා දකිනු ලබන අතර එය සමාජ අපගාමී චර්යාවක් ලෙස අර්ථකථනය කරනු ලබයි. එහෙත් ඇතැම් විශේෂිත තත්ත්වයන් යටතේ චණ්ඩත්වය වීරත්වයක් සේ සලකනු ලබයි. එසේම එවැනි චර්යාවන්හිදී ඇතැම් විට සමාජය වෙතින්ම විවිධ උපස්ථම්භනයන්ද හිමිවේ. මල්ලවපොර වළල්ල ඇතුළතදී එම මල්ලවපොර ක‍්‍රීඩකයන්ගේ ආක‍්‍රමණශීලී චර්යාවට ලැබෙන ප‍්‍රතිචාරය කෙසේදැයි අපි රූපවාහිනී වැඩ සටහන්වලදී දැක ඇත්තෙමු. එහෙත් එම කී‍්‍රඩකයා ඉන් පිටතදී එවැනි චර්යාවක් පෙන්වුවහොත් එම සමාජය වෙතින් ඔහුට ලැබෙනුයේ ඊට හාත්පසින්ම වෙනස් ආකාරයක ප‍්‍රතිචාරයකි. මෙලෙස සමාජය පුද්ගලයන්ගේ ආක‍්‍රමණකාරී චර්යාවන් හඳුනා ගන්නේ දෙයාකාරයකටය. 1ග සැබෑ ආක‍්‍රමණශීලීත්වය :ඍැ්ක ්ටටරුිිසදබ* 2ග ක‍්‍රීඩාකාරී ආක‍්‍රමණශීලීත්වය :ඡුක්හමෙක ්ටටරුිිසදබ* මිනිසා විසින් තම ආක‍්‍රමණික චර්යාවන් ආකාර දෙකකින් මුදාහරින බව තවදුරටත් පෙන්වා දෙන මේයර් :ඵ්හැර-1991* පුද්ගලයෙකු විසින් තවත් පුද්ගලයෙකු විනාශයට පත් කිරීම අරමුණු කර ගනිමින් මෙවැනි චර්යාවන්ට පෙළඹෙන බවත් එහෙත් ඇතැම් අවසථාවලදී විනාශ කිරීම නොව අඩපණ කිරීම අරමුණු කරගෙන ආක‍්‍රමණික චර්යාවන් මුදාහරින බවත් පෙන්වා දෙමින් ආක‍්‍රමණශීලීත්වයෙහි ප‍්‍රභේද දෙකක් දක්වයි. 1ග සතුරු ආක‍්‍රමණික චර්යාව :්‍යදිඑසකැ ්ටටරුිිසදබ* 2ග උපකාරක ආක‍්‍රමණික චර්යාව :ෂබිඑරමපැබඒක ්ටටරුිිසදබ* උපකාරක චණ්ඩභාවයේ අවසානය චණ්ඩභාව නිෂ්ටාවකි. උදාහරණයක් ලෙස උපකාරක චණ්ඩභාවයේ නිෂ්ටාව මුදල්, බලය හෝ ලිංගික තෘප්තිය විය හැකිය. ජයග‍්‍රහණයේ ත්‍යාග මල්ල ලබාගැනීම සඳහා බොක්සිං වළල්ලේදී ප‍්‍රතිවාදියා අඩපණ කිරීමට දරන උත්සාහය හා පහරදීම මෙම උපකාරක ආක‍්‍රමණශීලීත්වයට නිදසුන් වේ. එහෙත් සතුරු චණඩභාවයේදී සැම අතින්ම හිංසාව නිෂ්ටාව බවට පත් වේ. එවැනි අවස්ථාවලදී මිනිස්සු මානසික රෝගීන් සේ හැසිරීමට පටන් ගනිති. බොහෝවිට තමන්ට අකැමති වූ තරුණිය ඝාතනය කිරීමට තරුණයන් පෙලඹෙන්නේ මෙවැනි අවසථාවන්හිදීය. මේයර්ගේ් විග‍්‍රහයට අනුව ඇතැම් විට උපකාරක ආක‍්‍රමණික චර්යාව සතුරු ආක‍්‍රමණික චර්යාවක් ලෙසද අවසන් විය හැකි අතර සතුරු ආක‍්‍රමණික චර්යාවක්ද උපකාරක ආක‍්‍රමණික චර්යාවක් සේ අවසන් විය හැකිය. ෂබිඑරමපැබඒක ්ටටරුිිසදබ ්‍යදිඑසකැ ්ටටරුිිසදබ ්‍යදිඑසකැ ්ටටරුිිසදබ ෂබිඑරමපැබඒක ්ටටරුිිසදබ මෙයට අමතරව පුද්ගලයා ස්වකීය ආක‍්‍රමණික පෙලඹීම ඍජු හා වක‍්‍ර :ෘසරුජඑ ්ටටරුිිසදබ * ෂබාසරුජඑ ්ටටරුිිසදබ* ආකාරයටද මුදාහරියි. මෙහිදී පුද්ගලයා යමෙකුට හානි කිරීමේ අරමුණින් පහරදීම්, තල්ලූකිරීම්, රැුවීම්, බැන වැදීම් වශයෙන් සිදු කරන ආක‍්‍රමණකාරී හැසිරීම ඍජු ආක‍්‍රමණික චර්යාවකි. එසේ නොවන පරිදි කේලාම්, ඕපා¥ප හා විවේචනයන් මගින් සහ කටකතා පැතිරවීම තුළින් යම් පුද්ගලයෙකුට හානි පැමිණවීම සඳහා ක‍්‍රියා කිරිම වක‍්‍ර ආක‍්‍රමණික චර්යාවකි. තම සේවා දායකයා සමග උරණ වී සේවකයෙකු විසින් සේවාදායකයාගේ සේවා කුටියෙහි දොර ශබ්දය ඇසෙන සේ වසා දමා පිටව යන්නේ එවැනි චර්යාමය ප‍්‍රකාශනයකදීය. මානව චණ්ඩභාවයේ ස්වභාවය :ඔයැ බ්එමරු දෙ යමප්බ ්ටටරුිිසදබ* නමැති කෘතිය රචනා කරන මොන්ටෙගු :ඵදබඒටම* ප‍්‍රකාශ කරන පරිදි චණ්ඩභාවය හෙවත් ආක‍්‍රමණශීලීත්වය වනාහි මානව සමාජයේ ආවේණික ලක්‍ෂණයකි. එසේම පුරාණ දාර්ශනික චින්තකයෙකු වූ තෝමස් හොබ්ස් ප‍්‍රකාශ කොට ඇති පරිදි මිනිසා ස්වභාවයෙන්ම වෘකයෙකු මෙන් :්‍යදපද ්‍යදපදබස ඛමචමි* ක‍්‍රියාකරයි. මෙවැනි අදහස් අනුව යමින් ඇතැම් සමාජ විද්‍යාඥයන් හා මනෝවිද්‍යාඥයන් සෙසු සත්ත්වයාට මෙන්ම මිනිසාටද ආක‍්‍රමණික චර්යාවන් සහජයෙන්ම උරුමවන බවටත්, පරිණාමීය වශයෙන් මානව සමාජය තුළ සකස් වූ බවටත්, එය කිසියම් ජීවවිද්‍යාත්මක පදනමක් සහිත හැසිරීමක් වන බවටත් බොහෝ සාධක ඉදිරිපත් කරයි. එහෙත් පසුකාලීනව එම අදහසෙහි වලංගුභාවය පිළිබඳ ගැටලූ මතු වූ අතර ඒ නිසාම මානව ප‍්‍රචණ්ඩකාරී හැසිරීම් අධිගත හැසිරීමක් :ඛැ්රබැා ඊැය්ඩසදමර* ද නැතහොත් සහජයෙන්ම උරුම වන විසමතාවක් :ෂබබ්එැ ඊැය්ඩසදමර* ද යන්න බොහෝ සමාජ මනෝවිද්‍යාඥයන්ගේ විමසුමට ලක් වී තිබේ. ආක‍්‍රමණශීලීත්වයේ න්‍යායාත්මක පසුබිම ආක‍්‍රමණශීලීත්වය පිළිබඳ මුලින්ම ඉතාම වැදගත් අදහසක් ඉදිරිපත් කළ අයෙකු වන්නේ සිග්මන්ඞ් ෆ්‍රොයිඞ් :ීසටපමබා ත්‍රුමා*ය. ඔහු විසින් කරන ලද මනෝවිශ්ලේෂණවාදි :ඡුිහජයද්බ්කහිසි* විවරණයට අනුව පුද්ගලයාගේ ආක‍්‍රමණික චර්යාමය තත්ත්්වයන් ඔහුට උපතින්ම හිමිවන, ඔහුගේ ශාරීරික ක‍්‍රියාවලිය හරහා ඔහු තුළින්ම පැන නගින හැසිරීම් වේ. ෆ්‍රොයිඞ් ස්නායු ශල්‍ය වෛද්‍යවරයෙකු ලෙස ජීවිතය ආරම්භ කළ අයෙකි. ඒ අනුව ඔහු ඉදිරිපත් කළ සැම මතයක්ම ඔහුගේ පදනම් දැනීම වූ මිනිස් ස්නායු සංයුතීන් හා බැඳී පැවතුණි. ඒ අනුව ඔහු කල්පනා කළේ සහජාශය යනු මිනිසාගේ ජීවවිද්‍යාත්මක අවශ්‍යතාවක් නිසා මතු වන මානසික නියෝජනයක් බවයි. ෆ්‍රොයිඞ්ට අනුව ආක‍්‍රමණශීලීත්වය වූකලී ශරීරය තුළම උත්පාදනය වන, එහෙත් දුරාචාරය නිසා අගතියට පත් :ෘසිිසච්එැා* යමකි. මේ ශරීරාභ්‍යන්තර ශක්තිය එක්කෝ නිෂ්ක‍්‍රීය කළ හැකිය. නැතිනම් මුදාහළ හැකිය. මුදා හැරීම යනු කිසියම් ආකාරයකට ප‍්‍රචණ්ඩකාරී චර්යා විෂමතාවකි. ඔහුගේ කෘතියක් වන ඊැහදබ එයැ චකැ්ිමරු චරසබජසච්ක :1959* කෘතියෙහි සාකච්ඡුා කර ඇති පරිදි ලොව ඕනෑම සත්ත්වයෙකු හා මිනිසෙකු තුළම ප‍්‍රධාන උත්තේජන දෙකක් පවතී. එනම් ලූබ්ධිය :ෑරදි* හා මරණාශය :ඔය්බ්එදි* වශයෙනි. මෙහිදී පුද්ගලයාගේ පැවැත්ම උදෙසා පුද්ගලයා තුළ ඇතිකරන ස්වයං ආරක්ෂණ චර්යාවන් ෑරදි නම් වේ. මෙය ජීවන ආශය :ඛසෙැ ෂබිඑසබජඑි* වශයෙන්ද හැඳින්වේ. අපට හානිදායක හෝ පීඩාකාරී අවස්ථාවන් ම`ග හැරීමට, මැඩලීමට, අප තුළ නිරායාසයෙන්ම පෙලඹවීම් ඇති කරනු ලබන්නේ මේ නිසාවෙනි. එසේම ඇතැම් විට සියදිවි නසා ගැනීමට, නිරාහාරව සිටීමට හෝ අවධානම් සහගත ක‍්‍රීඩාවන්ට යොමුවීම වැනි හැසිරීම් සඳහා පේ‍්‍රරණය වීමේදී පුද්ගලයා තුළ සහජයෙන්ම ගොඩනැගී ඇති මරණාශය :ෘැ්එය ෂබිඑසබජඑ* අවදි වන බව ෆ්‍රොයිඞ් පෙන්වා දෙයි. මෙහිදී පුද්ගලයා තුළ මරණය පිළිබඳ, හානි කර ගැනීම පිළිබඳ හැඟීම ඇති වේ. ඔය්බ්එදි වශයෙන් හඳුන්වන්නේද මෙයයි. මේ අනුව ෆ්‍රොයිඞ් පෙන්වා දෙන්නේ මිනිසා තුළ ආක‍්‍රමණශීලීත්වයට ඇති නැමියාව සහජ :ෂබබ්එැ*, ස්වාධීන :ෂබාැචැබාැබඑ* හා ආශයික චිත්ත ස්වභාවයක් :ෂබිඑසබජඑම්ක ෘසිචදිසඑසදබ* බවයි. ෆ්‍රොයිඞ්ගෙන් පසුව නව ෆ්‍රොයිඞ්වාදීන් විසින් :භැද ත්‍රුමාස්බි* ෆ්‍රොයිඞ්ගේ අදහස් නැවත සලකා බලන ලදි. ඔවුන්ගේ අදහසට අනුව චණ්ඩභාවය අතාර්කික :ෂරර්එසදබ්ක* කි‍්‍රයා මාර්ගයකට වඩා තාර්කික :ඍ්එසදබ්ක* කි‍්‍රයා මාර්ගයකට සමානය. හාර්ට්මන් කි‍්‍රස් සහ ලොවෙන්ස්ටින් :්‍ය්රඑප්බ නරසි * ඛමැඇබිඑස්බ* පෙන්වා දෙන ආකාරයට පරිසරයේ ඇති යථාර්ථයන් උකහා ගන්නා නිසා චණ්ඩභාවය ඉතා නිරෝගිමත් ලෙස ඉදිරියට ගමන් කරනු ලැබේ. එහෙත් පසුකාලීනව යලිත් වරක් ඔවුන් ෆ්‍රොයිඞ්ගේ මතයට නැඹුරුතාවක් දැක්වූ බව පෙන්වා දිය හැකිය. කෙසේ නමුත් ෆ්‍රොයිඞ්ගේ අදහසට සමීප තවත් අදහසක් ඉදිරිපත් කළ ප‍්‍රකට සමාජ මනෝවිද්‍යාත්මක චින්තකයෙකු වූ කොන්රඞ් ලෝරන්ස් :ණදබර්ා* ස්වකීය ’ආක‍්‍රමණශීලීත්වයේ ස්වභාවය‘ :ධබ ්ටටරුඑසදබ* නැමැති කෘතියේ සඳහන් කරනුයේ පුද්ලගයා හා සත්ත්වයා තුළ තමාගේම වර්ගයේ සාමාජිකයන්ට එරෙහිව සටන් කිරීමේ සහජාශයක් ඇති බවයි. වර්ගයාගේ පැවැත්ම සඳහා මේ සටන අවශ්‍ය වේ . මේ අනුව කොන්රඞ් ප‍්‍රකාශ කරනුයේ ආක‍්‍රමණකාරී හැසිරීමට ජීවය පවත්වා ගැනිමේ වටිනාකමක්ද ඇති බවයි. කෙසේ නමුත් මේ පිළිබඳ අදහස් දැක්වූ පසුකාලීන සමාජ මනෝවිද්‍යාඥයින් ප‍්‍රකාශ කරන්නේ ආශයික චර්යාවන් පැවතිය හැකි වුවද ඒවා අවදි විම සදහා කිසියම් උත්තේජනයක් අවශ්‍ය වන බවයි. එය මුදා හැරීමේ උත්තේජනය ලෙස හැඳින්විය හැකිය. එම චර්යාමය මුදා හැරීම අභ්‍යන්තර තොරතුරු හා බාහිර උත්තේජන අතර පවතින සබඳතාව තුළින් සිදු වෙයි. උදාහරණයක් ලෙස පුද්ගලයා ආක‍්‍රමණකාරී වුවද එම චර්යාවන් දිගටම ඔහු තුළින් දැකිය නොහැකිය. ඒ සඳහා අවශ්‍ය කරන සිත් රිදවීමක්, තරහවක්, ඉච්ඡුාභංගත්වයක් වැනි චිත්තවේගමය සාධකයන් හෝ බාහිර පාරිසරික සාධකයන් ඒ සඳහා පදනම් විය යුතු බව නූතන මනෝවිද්‍යාඥයන්ගේ අදහසයි. මෙම ආශයික නැඹුරුතාවෙන් පසුව විමසුමට ලක්කරනු ලබන්නේ ආක‍්‍රමණශීලීත්වයේ සමාජ ජීවවිද්‍යාත්මක :ීදජසදඉසදකදටහ* පදනම කෙසේද යන්නයි. මෙමඟින් ප‍්‍රකාශ කරන පරිදි බොහෝමයක් සමාජ චර්යාවන් පුද්ගලයාගේ භෞතික කායික ක‍්‍රියාකාරීත්වය හා සබඳතාවක් පවතී. එනම් ශරීරයේ මධ්‍ය ස්නායු පද්ධතියේ ක‍්‍රියාකාරීත්වයද ජාන හා හෝමෝන ක‍්‍රියාකාරීත්වය පුද්ගලයාගේ ආක‍්‍රමණික හැසිරීමට පදනම් වේ. මේ අනුව පුද්ගලයාගේ ප‍්‍රජනන :ඍැචරදාමජඑසදබ* ක‍්‍රියාවලිය හරහා චර්යාමය තත්ත්වයන් උරුම කර දෙන බව පෙන්වා දීම සදහා පර්යේෂණයක් සිදු කළ ඍමියඑදබ ඇතුළු කණ්ඩායම නිවුන් යුගල පන්සිය හැත්තතුනක් (573* සහභාගි කරවා ගෙන සිදු කළ සමීක්‍ෂණය තුළදී සහෝදර නිවුන් දරුවන්ට :ත්‍ර්එැරබ්ක එඅසබි* වඩා අනන්‍ය නිවුන් දරුවන් :ෂාැබඑසජ්ක එඅසබි* තුළ සමාන ආක‍්‍රමශීලි නැඹුරුබවක් පෙන්නුම් කළ බව දැක්වේ. මෙම න්‍යායික ඉගැන්වීමට අනුව සමාජයේ දැඩි ආක‍්‍රමණකාරී පෞරුෂ තත්ත්වයකින් යුක්ත පුද්ගලයෙකුගේ ජානමය සම්බන්ධතාව පවතින ඔහුගේ දරුවන්ද නියත වශයෙන්ම එවැනිම චර්යා රටාවක් පෙන්නුම් කළ යුතුය. එහෙත් එවැනි තත්ත්වයක් නියතියක් ලෙස දක්නට නොලැබේ. එබැවින් ජානමය සම්බන්ධතාව පුද්ගල ආක‍්‍රමණික හැසිරිමෙහි ප‍්‍රාථමික සාධකයක් ලෙස හැඳින්විය නොහැකිය. චණ්ඩතාවෙහි ඇති ජීවවිද්‍යාත්මක පදනම තවදුරටත් විමසා බැලූ තවත් ස්නායු විද්‍යාඥයන් පිරිසක් පෙන්වා දුන්නේ පුද්ගලයාගේ මොළය, මධ්‍ය ස්නායු පද්ධතිය, ස්නායුක සම්පේ‍්‍රෂණ ද්‍රව්‍ය වැනි සාධක හා පුද්ගල ආක‍්‍රමකාරී හැසිරීම් අතර සම්බන්ධතාවක් දක්වන බවයි. විශේෂයෙන් මොළයේ ප‍්‍රාථමික ප‍්‍රදේශය වන ලිම්බික් පද්ධතිය :ඛසපඉසජ ීහිඑැප* උත්තේජනය වීම ආක‍්‍රමණික හැසිරීමකදී දක්නට ලැබෙන අතර විද්‍යුත් චුම්බක ධාරාවක් මඟින් මොළයේ ප‍්‍රාථමික ප‍්‍රදේශ අවදි කළ පසුද පුද්ගලයන් ආක‍්‍රමණකාරී හැසිරීමක් පෙන්නුම් කර තිබේ. තවද සෙරටොනින් :ීැරදඑදබසබ* නම් ස්නායුක සම්පේ‍්‍රෂණ ද්‍රව්‍යය අධික වීමද මේ සඳහා බලපාන බව ස්නායු විද්‍යාඥයෝ පෙන්වා දෙති. එයට හේතුව වන්නේ සියදිවි හානි කරගත් බොහෝ පුද්ගලයන් තුළ මෙම සෙරටොනින් සාන්‍ද්‍රණය ඉහළ අගයකින් පැවතීමයි. එමෙන්ම පුද්ගල ක‍්‍රියාකාරීත්වය සඳහා හේතුවන හෝමෝන වැනි සාධකද මේ සඳහා හේතු වේ. විශේෂයෙන් ටෙස්ටස්ටෙරෝන් :ඔැිඑදිඑැරදබැ* වැනි හෝමෝන අධික වීම තුළ පුද්ගලයා ආක‍්‍රමණික චර්යාවන්ට පෙළඹීම වේගවත් කරන බව පැවසේ. විශේෂයෙන් පුරුෂයා තුළ ස්වාභාවිකවම කාන්තාවකට වඩා වැඩි ටෙස්ටස්ටෙරෝන් හෝමෝනවල අගයක් පවතී. සමාජයේදී කාන්තාවකට වඩා ඉක්මනින් පුරුෂයා ආක‍්‍රමණකාරී චර්යා විෂමතාවක් පෙන්නුම් කරන්නේ එම නිසා බව පෙන්වා දිය හැකිය. ආක‍්‍රමණශීලීත්වය යනු උගත් හැසිරීමක්ද? ආක‍්‍රමණකාරී චර්යාවන් මුදාහැරීමේදී මිනිසා හා සත්ත්වයා අතර කිසියම් ආකාරයක වෙනසක් දැකිය හැකිය. මෙහිදී සතුන් අතර ඇතිවන චණ්ඩභාවය ආශයික තත්ත්වයන් මඟින් විස්තර කළ හැකි වුවද මිනිසා සම්බන්ධයෙන් ආශයික තත්ත්්වයන් පමණක්ම උපයෝගී කරගෙන ආක‍්‍රමණකාරී චර්යා විස්තර කළ නොහැකි බව බොහෝ සමාජ මනෝවිද්‍යාඥයන්ගේ අදහසයි. එයට හේතුව මිනිසා තමන් සතු ඉගෙනුම, මතක තබා ගැනීම වැනි උසස් මානසික හැකියාවන් :ක්‍දටබසඑසඩැ ්ඉසකසඑසැි* තම හැසිරීම් සඳහා යොදා ගැනීමයි. මේ නිසා මිනිසාගේ ආක‍්‍රමණකාරි හැසිරීම්ද සමාජය වෙතින් ඉගෙන ගන්නා බව පෙන්වා දුන් ප‍්‍රකට මනෝවිද්‍යාඥයෙකු වූ ඇල්බට් බැන්¥රා :්කඉැරඑ ඉ්බාමර් - 1973* පුද්ගල ආක‍්‍රමණික හැසිරීම තුළින් ලබාගත හැකි වරප‍්‍රසාද මත එම චර්යාමය ක‍්‍රියාවලිය ගොඩනැගෙන බව ප‍්‍රකාශ කළේය . උදාහරණයක් වශයෙන් තම පන්තියේ සහෝදර සිසුවෙකු සමඟ දබර කරගත් සිසුවෙකුට ගුරුවරයා විසින් එය ප‍්‍රශංසාත්මකව අගය කිරීමක් හෝ ටොෆී, චොකලට් වැනි රසවත් ත්‍යාගයක් හෝ ලබා දුනහොත් එය එම සිසුවාගේ ආක‍්‍රමණික චර්යාව ස්ථාවර වීමට හේතුවක් වේ. බැන්¥රා දක්වන පරිදි මෙම න්‍යාය ප‍්‍රධාන දෘෂ්ටිකෝණ දෙකකින් යුතු වේ. 1ග උපකරණමය ඉගනුම :ෂබිඑරමපැබඒක ඛැ්රබසබට* 2ග නිරීක්‍ෂණමය ඉගනුම :ධඉිැරඩ්එසදබ්ක ඛැ්රබසබට* පුද්ගලයෙකුගේ සැම ප‍්‍රතිචාරයක්ම, චර්යා විෂමතාවක්ම උපස්ථම්භනයකින් :ඍැසබදෙරජැපැබඑ* හෝ ත්‍යාගයකින් :ඍැඅ්රා* හෝ තහවුරු වන්නේ නම් එම චර්යා විෂමතාව අනාගතයේදීත් නැවත නැවත ඇති වේ. ඒ අනුව පුද්ගලයෙකුගේ චණ්ඩ හැසිරීමකට ලැබෙන ත්‍යාගය තවත් එවැනිම ප‍්‍රචණ්ඩකාරී චර්යාවකට ඔහු පොලඹවන සුලූය. කිසියම් පුද්ගලයෙකුගේ චණ්ඩභාවයකට සමාජයෙන් අනුග‍්‍රහයක්, ප‍්‍රශංසාවක් හෝ එමගින් ඔහුගේ සමාජ තත්ත්වයෙහි ඉහළයාමක් හෝ සිදු වේ නම් එය එම කි‍්‍රයාව වෙනුවෙන් ලැබෙන උපස්ථම්භනයකි. ග‍්‍රීන් සහ ස්ටෝනර් :ඨරුැබ * ීඑදබබැර-1971* විසින් ඉදිරිපත් කළ මෙම මතයට අනුග‍්‍රහය දක්වමින් බස් :ඊමිි-1971* පෙන්වා දුන්නේ එවැනි චර්යාවන් සඳහා පුද්ගලයාට ලැබෙන ද`ඩුවම්, විවේචන හා අවාසි සහගත ප‍්‍රතිචාරයන්ද ආක‍්‍රමණශීලී චර්යාවන් සඳහා ඍණාත්මක උපස්ථම්භනයන් වන බවයි. එසේම එම ප‍්‍රතිසාධන කාරකයේ ස්වභාවය අනුවද පුද්ගල චර්යාවේ ස්වභාවයද වෙනස් වනු දැකිය හැකිය. වෝල්ටර් සහ බ‍්‍රව්න් :උ්කඑැර * ඊරදඅබ-1963* පෙන්වා දෙන පරිදි ළමුන්ගේ චණ්ඩභාවයට පැණිරස ආහාරය ඉතාම හොඳ ත්‍යාගයක් වන බවයි . කෙසේ නමුත් චණ්ඩ හැසිරීමක් නොවන නමුත් තමන්ට අවශ්‍ය දේ ඉල්ලා අඬන දරුවෙකුගේ හැසිරීමක් තුළ වුවද එක් ඇඬීමකදී ඔහු ජයග‍්‍රහණය ලැබුවහොත් ඉන් පසුව එවැනි සැම අවස්ථාවකදීම ඇඬීම ඔහුගේ චර්යාවේ තහවුරු ලක්‍ෂණයක් බවට පත් වේ. පුද්ගලයෙකු තවත් අයෙකුගේ හැසිරීමක් නිරීක්‍ෂණය කිරීමෙන් තම චරිතයටද එවැනි හැසිරීම් ආදේශ කරගන්නේ නම් හෝ ඒ අනුව තම චර්යාව වෙනස් කර ගන්නේ නම් එය නිරීක්‍ෂණික චර්යාමය ඉගනුමකි. මෙය රීතියක් ලෙසද හැඳින්විය හැකිය. විශේෂයෙන් අපට වෙනත් පුද්ගල ක‍්‍රියාකාරකම් නිරීක්‍ෂණය කොට අලූත් හැසිරීම් අපගේ චර්යාවට එකතු කරගත හැකිය. කුඩා ළමුන් සම්බන්ධ කරගෙන කරන ලද පර්යේෂණ බොහොමයකදී ළමුන් තම ඇසට හසුවන චර්යා විෂමතාවන් තම චර්යාවට එකතු කරගන්නා බව පෙන්වාදී තිබේ. බැන්¥රා විසින් ළමුන් යොදාගෙන සිදු කළ පර්යේෂණයකදී ඔහු මූලික වශයෙන් උත්සාහ කළේ ආක‍්‍රමණශීලීත්වය නිරීක්‍ෂණය තුළින් පුද්ගලයා උකහා ගන්නේ කෙසේද යන්න විමසා බැලීමටයි. ඔහු මේ සඳහා සිදු කළ බොබඩෝල් පරීක්‍ෂණය :ඊදඉදා්කක ෑංචැරසපැබඑ* ඉතා ප‍්‍රකට වූවකි. එහිදී බොබඩෝල් නම් සෙල්ලම් බඩු විශේෂයක් යොදාගෙන ඔවුන් සමඟ ආක‍්‍රමණික ලෙස හැසිරෙන ඔවුන්ට පහර දෙන වැඩිහිටි පිරිසක් ඇතුළත් චිත‍්‍රපටියක් ළමයින් පිරිසකට පෙන්වීමට සලස්වන ලදී. ඉන් අනතුරුව එම ළමයින්ටද එවැනි බොබඩෝල් ලබා දුන් අතර එවිට එම දරුවන්ද චිත‍්‍රපටියේ ස්වරූපයටම එම සෙල්ලම් බඩු සමඟ ආක‍්‍රමණික චර්යාවන් ප‍්‍රකට කරන ලදී. අනුකරණය කරන ලදී. එසේම චිත‍්‍රපටයට අනුව එවැනි ආක‍්‍රමණකාරී චර්යාවන්ට පසුව කිසියම් ද්‍රව්‍යමය වරප‍්‍රසාදයක් ලබනවා දුටු ළමුන් පෙරටත් වඩා ආක‍්‍රමණකාරී චර්යාවන් ප‍්‍රකට කරන ලදී. එසේම මෙම පර්යේෂණයේ සුවිශේෂී සොයාගැනීමක් වූයේ එම ආදර්ශ චිත‍්‍රපටයේ නිරූපණ ශිල්පීන් එහිදී සිය ආක‍්‍රමණශීලීත්වය සඳහා දඩුවම් ලබන දර්ශනයන් ප‍්‍රදර්ශනය කළ නමුත් එය අනුකරණය කරන ළමුන් ආක‍්‍රමණශීලීත්වය තමාටම ආවේණික ආකාරයකින් ඉගෙන ගැනීමට පෙලඹීමක් දක්නට ලැබෙන බවයි. කෙසේ නමුත් මෙලෙස ඉගෙන ගන්නා ආක‍්‍රමණික චර්යා පියවර කිහිපයකින් මෙසේ දැක්විය හැකිය. 1ග නිරීක්‍ෂකයා (ළමුන්* විසින් ආක‍්‍රමණශීලීත්වයේ නව ක‍්‍රමශිල්ප ඉගෙන ගනී. 2ග ආක‍්‍රමණශීලී චර්යා වරප‍්‍රසාද ලබාගැනීමට හේතු පාදක වේද යන්න සොයා බලයි. මෙම සමාජමය ඉගෙනුම පිළිබඳ න්‍යායවාදයට අනුව පුද්ගලයාගේ අක‍්‍රමණික චර්යාවට ලැබෙන උපස්ථම්භනයන් හා නිරීක්‍ෂණයන් හරහා එම චර්යාවන් ස්ථාවර වන්නා සේම එම උපස්ථම්භනයන් ඍණාත්මක වීමේදීද එය අස්ථාවර වේ. උදාහරණයක් ලෙස තම අයියා සම`ග දබර කරන මල්ලීට පියා විසින් දඬුවම් කිරීමක් හෝ යම් වරප‍්‍රසාද අහිමි කිරීමක් සිදු කළ විට මල්ලී විසින් එවැනි චර්යාවන් අත හැර දමනු ඇත. නිරීක්‍ෂණයේදී වුවද ප‍්‍රබල චණ්ඩ චර්යාවන්ට හිමිවන ප‍්‍රතිචාරය ඍණාත්මක ස්වරූපයක් ගන්නා විට නිරීක්‍ෂකයාගේ චණ්ඩ හැසීරීම පාලනයකට ලක්වනු ඇත. ආක‍්‍රමණකාරීත්වයේ සමාජීය දායකත්වය මෙසේ පුද්ගල ආක‍්‍රමණකාරී හැසිරීමෙහි ඇති න්‍යායාත්මක පසුබිම, එහි කායික විද්‍යාත්මක පදනම හා සමාජ ඉගෙනුම පිළිබඳ මෙන්ම චර්යාත්මක දෘෂ්ටිය හඳුනා ගත හැකිය. එහෙත් පුද්ගල සමාජ හැසිරීම් හා එහි සමාජ පසුබිම තව දුරටත් විමසුමට ලක් කරන බොහෝ සමාජ මනෝවිද්‍යාඥයන් පෙන්වා දෙන්නේ උක්ත විමසුමට ලක් කළ ජීවවිද්‍යාත්මක හේතූන් පුද්ගල චණ්ඩ චර්යාවෙහි ප‍්‍රධාන මූලයන් නොවන බවයි. ඔවුහු ඒ සඳහා බලපාන තවත් මනෝමය හා බාහිර පාරිසරික සාධක රාශියක් වන බව පෙන්වා දෙති. 1ග ඉච්ඡුාභංගත්වය :ත්‍රමිඑර්එසදබ* 2ග වාචික හා භෞතික ප‍්‍රහාර :ඪැරඉ්ක * ඡුයහිසජ්ක ්එඒජන * 3ග තුන්වන පාර්ශ්වයක ප‍්‍රරෝචනය :ඔයසරා ච්රඑහ ෂබිඑසට්එසදබ* 4ග අප‍්‍රත්‍යයකරණය :ෘැසබාසඩසාම්එසදබ* 5ග මත් ද්‍රව්‍යය හා මත්පැන් :ෘරමටි * ්කජදයදක* 6ග පාරිසරික සාධක :ෑබඩසරදබපැබඒක ේජඑදරි* 7ග හරස් සංස්කෘතික තුලනය :ක්‍රදිි ජමකඑමර්ක ජදපච්රසිදබි* 1ග ඉච්ඡුාභංගත්වය පුද්ගලයාගේ සමාජ චර්යාව ඉලක්ක හා අරමුණු ගත හැසිරීමක් වන අතර එහෙත් එම ඉලක්ක සාධනය කර ගැනීමේදී එම ඉලක්ක ගත දිසාව අවහිර වීම හෙවත් ඉච්ඡුාභංගත්වය පුද්ගලයාගේ ආක‍්‍රමණකාරී හැසිරීම සඳහා මනෝමය උත්තේජනයක් වන බව ප‍්‍රථම වරට ප‍්‍රකාශ කරන ලද්දේ විලියම් මැක්ඩුගල් :උසකස්ප ඵ්ජාමට්ක* විසිනි. එය තවදුවරටත් අධ්‍යයනය කළ ජෝන් ඩොලාර්ඞ් ඇතුළු ඬේල් විශ්වවිද්‍යාලයේ මනෝවිද්‍යාඥයන් පිරිසක් විසින් ඔවුන්ගේ ඉච්ඡුාභංගත්වය හා ආක‍්‍රමණශීලීත්වය :ත්‍රමිඑර්එසදබ * ්ටටරුිිසදබ* යන කෘතියේදී ආක‍්‍රමණශීලීත්වය යනු ඉච්ඡුාභංගත්වයේ ප‍්‍රතිඵලයක් බව පෙන්වා දෙන ලදි. ඉච්ඡුාභංගත්වය බොහෝ විට ඇත :්එඒසබපැබඑ* අතර ඇති පරතරය :ිවන්නේ යම් දෙයක් ලබා ගැනීමට තදබල ආශාවක් ඇති වී එය අවශ්‍ය අවස්ථාවලදී නොලැබුණු විටය. මේ නිසා බලාපොරොත්තු :ෑංචැජඒඑසදබ* හා ලබාගත් දේ ඨ්ච* ඉච්ඡුාභංගත්වය ලෙස සැලකිය හැකිය. ඉච්ඡුාභංගත්වය = බලාපොරොත්තු ‐ ලබාගත් දෙය මෙම න්‍යායට අනුව ඉච්ඡුාභංගත්වය හැමවිටම ආක‍්‍රමණකාරී චර්යාවන්ට ම`ග පාදන බවත් එම ආක‍්‍රමණකාරී චර්යාවන් බලාපොරොත්තු බිඳවැටීම නිසාවෙන්ම හටගන්නා බවත් ගම්‍යමාන වේ. කෙසේ නමුත් පුදගලයෙකුගේ අපේක්‍ෂාවන් බිඳවැටීම නිසා ඇතිවන කාංසා සහගත මානසික තත්ත්වය තුළ ආක‍්‍රමණකාරී හැඟීම් ජනිත වන නමුත් සැමවිටම චණ්ඩ හැසිරීම් ප‍්‍රකට නොකරයි. එවැනි අවස්ථාවකදී පුද්ගලයාගේ ප‍්‍රතිචාරය ආකාර කිහිපයකින් දැකිය හැකිය. අකී‍්‍රය රටාව :ඡු්ිිසඩැ ීඑහකැ - ඵදඩැ එදඅ්රා චැදචකැ* තමන්ගේ අපේක්‍ෂාවන් බිඳ දැමූ පුද්ගලයන්ට කීකරු වීම, අවනත වීම හා එකතු වීම තුළින් අදාළ තත්ත්වයන් ම`ග හරවා ගැනීමට පෙලඹීමයි. විශේෂයෙන් අන්‍යයන් දෙසට හැරීම හා ඔවුන්ගේ ආදරය, කරුණාව හා සහයෝගය අපේක්‍ෂා කිරීමක් මේ තුළින් දැකිය හැකිය. නිෂ්ක‍්‍රමණ රටාව :උසඑයාර්අ්ක ීඑහකැ – ඵදඩැ ්අ්හ රෙදප චැදචකැ* මෙහිදී සිදු වන්නේ තමාගේ අපේක්‍ෂාභංගත්වය මත පහළ වන චිත්තවේග සඟවාගෙන යටපත් කර ගැනීම හා අවබෝධ කර ගැනීමයි. එ් සඳහා බොහෝවිට අන්‍යයන් ප‍්‍රතික්‍ෂේප කොට හුදෙකලා වීමට උත්සාහ කරයි. ආක‍්‍රමණශීලී රටාව :්ටටරුිිසඩැ ීඑහකැ – ඵදඩැ ්ට්සබිඑ චැදචකැ* තම අපේක්‍ෂාව කෙසේ හෝ සාධනය කර ගැනීමේ අටියෙන් ඒ සඳහා තවදුරටත් සටන් කරයි. මෙහිදී අන්‍යයන්ට එරෙහි වීම, තර`ගකාරී වීම හා අන්‍යයන් පාලනය කරන සුලූ චර්යාවක් දැකිය හැකිය. මේ අනුව ආක‍්‍රමණකාරීත්වය යනු ඉච්ඡුාභංගත්වය නිසා අප තුළ ඇති වන එකම ප‍්‍රතිචාරය නොවේ. ඉච්ඡුාභංගත්වයට පත්වන සමහර පුද්ගලයන් නිෂ්ක‍්‍රීය තත්ත්වයක් හෝ ඉවසා සිටින ආකාරයේ චර්යාවක් පෙන්වනු ඇත. උදාහරණයක් ලෙස යම් පුද්ගලයෙක් දුම්රියේ සුව පහසුවෙන් ගමන් කිරීමට දෙවන පන්තියේ අසුනක් වෙන් කර ගැනීම සඳහා ටිකට් පතක් මිලට ගැනීමට උත්සාහ කිරීමේදී එහි අසුන් වෙන් කර අවසන් වී ඇති බව දැන ගන්නට ලැබේ. එවිට ඔහු තුළද ඇති වන්නේ ඉච්ඡුාභංගත්වයකි. එහෙත් ඔහු එවැනි අවස්ථාවකදී ආක‍්‍රමණකාරී චර්යාවකින් එහි අසුනක් ලබා ගැනීමට උත්සාහ නොකරනු ඇත. ඇතම්විට ශේෂ වී ඇති තෙවන පන්තියේ අසුනක් සඳහා ටිකට්පතක් මිලදී ගැනීමට හෝ දුම්රිය වෙනුවට බස්රියෙන් ගමන් කිරීමට පෙළඹෙනු ඇත. මේ නිසා ඉහත දැක්වූ ඉච්ඡුාභංගත්වය හා ආක‍්‍රමණශීලී චර්යා :ත්‍රමිඑර්එසදබ ්ටටරුිිසදබ ්‍යහචදඑයැිසි* පිළිබඳ ඩොලාර්ඞ් ඉදිරිපත් කළ මූලික ආකෘතියේ මෙම දෝෂ ම`ගහරිමින් නැවත සකස් කරන ලද ආකෘතියක් ලෙනාර්ඞ් බර්කොවිට්ස් :ඛැදබ්රා ඊැරනදඅසඑ‘ - 1989* විසින් ඉදිරිපත් කරන ලදී. බර්කොවිට්ස්ට අනුව ඉච්ඡුාභංගත්වය ද්‍රව්‍යාත්මක ආක‍්‍රමණශීලීත්වයට වඩා චිත්තවේගීමය ආක‍්‍රමණකාරී චර්යාවන් සම`ග සම්බන්ධතාවක් දක්වයි. මෙයට අනුව ඉච්ඡුාභංගත්වය තුළින් ඇතිවන සෘණාත්මක චිත්තවේගයන් ආක‍්‍රමණශීලී චර්යා ඇති වීමට ප‍්‍රධාන වශයෙන් බලපායි. ඔහුට අනුව මනෝවිද්‍යාත්මකව සෘණාත්මක හැ`ගීම් ඇති වන ඕනෑම ප‍්‍රපංචයක් ආක‍්‍රමණශීලීත්වය ඇති වීම සඳහා මූලික විය හැකිය. මෙම ප‍්‍රපංචයන් වශයෙන් වේදනාව, දැඩි පිපාසය, උණුසුම, මනෝවිද්‍යාත්මක අපහසුතාවන් යනාදිය සැලකිය හැකිය. 2ග වාචික හා භෞතික පහරදීම් (ඪැරඉ්ක ්බා ඡුයහිසජ්ක ්එඒජන* ඉහතින් විස්තර කළ ඉච්ඡුාභංගත්වයට වඩා, පහර දීමට ලක්වීම හෝ ආක්‍රෝෂ පරිභවයකට ලක්වීම තරහ උපදවන, ප‍්‍රචණ්ඩභාවයට පත් විය හැකි විශ්වාස කටයුතු මාර්ගයකි. පහරදීමේදී හා පරිභව කිරීමේදී එය සිදු කරනු ලබන්නේ පිරිමියෙක්ද නැති නම් ගැහැනියක්ද යන කරුණ මත ආරම්භ වන චණ්ඩභාවයේ දරුණු භාවය තීරණය වෙයිග සමාජීය පිළිගැනීම් අනුවද මෙය වෙනස් වෙයි. ”උඹ ගැහැනියෙක් නිසා මම නිකං ඉන්නවාග වෙන කව්රු හරි ඔය ටික කිව්ව නම් මං දන්නවා කරන්න ඕන දේ” යනුවෙන් ඇතැම් පරිභවවලට පුද්ගලයන් ප‍්‍රතිචාර දක්වනු අප අසා ඇතග එහි තේරුම වන්නේ තමන්ගේ චණ්ඩ හැසිරීම සමාජීය පිළිගැනීම්වලින් පාලනය කර ගත් ආකාරයයිග බැනුම් ඇසිමේදී තමා ඉන්නා පරිසරයද තමන්ගේ චණ්ඩභාවය පාලනය කරනු ලබන වැදගත් සාධකයකිග ”මට කේන්ති ගියේ දරුවෝ ඉන්න තැන ඒ මිනිහා කතා කරපු විදියට” යනුවෙන් අදහස් පළ කරන පුද්ගලයා ඒ වචනම තමා තනිව ඉන්නා විට ඇසුවේ නම් කෝප නොවනු ඇත ග මේ ආකාරයට පහර දීම හා පරිභවය නිසා ඇති වන චණ්ඩභාවය පුද්ගලයාගේ සමාජ පිළිගැනීම්, සමාජ තත්ත්වය, පරිසරය හා උගත්කම ආදි බොහෝ කරුණු නිසා අඩු වැඩි වන බව පිළිගැනීමට සිදු වේග 3ග තුන්වන පාර්ශ්වයේ ප‍්‍රරෝචනය (ඔයසරා ඡු්රඑහ ෂබිඑසට්එසදබ* තුන්වන පාර්ශ්වයක කුපිත කිරීම් බොහෝ විට අපට මල්ලව පොර තර`ගවලදී හා බොක්සිං තරගවලදී සුලබව දැකිය හැකියග ඇතැම් විට තුන්වන පාර්ශ්වය පහර දිය යුතු ස්ථානය හා පහර දිය යුතු ආකාරය ගැනද කියනු ලබනු අප දැක ඇතග මැදිහත් වන තුන්වන පාර්ශ්වය ගැහැනුන්ද පිරිමින්ද යන කරුණ මත චණ්ඩභාවයද අඩු වැඩි වන බව බෝර්ඩන් :ඊදරාැබ - 1975* කරන ලද පරීක්ෂණවලදී සොයා ගෙන ඇතග ඒ අනුව තුන්වන පාර්ශ්වය කාන්තාවක් වන විට පුද්ගලයන් ප‍්‍රමාණයෙන් අඩු චණ්ඩභාවයක් දක්වන බව සොයා ගෙන ඇත ග එසේම, විරුද්ධ මතධාරීන් තුන්වන පාර්ශ්වයක් වූ විටද පුද්ගලයන්ගේ චණ්ඩභාවය ඉහළ යන බව සොයාගෙන ඇතග කරාටේ සංගමයක දර්ශනයක් බැලීමට සාම සංවිධායක කණ්ඩායමක් පැමිණි අවස්ථාවේදී කරාටේ ක‍්‍රීඩකයන් වඩාත් චණ්ඩ ආකාරයට ක‍්‍රීඩා කළ බව සොයා ගන්නට යෙදුණි. සාම සාමාජිකයන් ඉවත් වූ කළ ක‍්‍රීඩකයන්ගේ චණ්ඩභාවයේ වර්ධනයක් නොවීයග තුන්වන පාර්ශ්වය ලෙස සිටින සමිපව බලා සිටින්නන්ගේ අනුමැතියද පුද්ගලයාගේ චණ්ඩභාවය ඉහළ නැංවීමට උපකාරි වේග එහෙත් මේ තුන්වන පාර්ශ්වය සිදුවීම නොසලකා හරින කල අදාළ පුද්ගලයාගේ චණ්ඩ හැසිරීම ක‍්‍රමාණුකූලව අඩු වී යන බවක්ද දැකිය හැක ග 4ග අප‍්‍රත්‍යකරණය (ෘැසබාසඩසාම්එසදබ* විශේෂයෙන් සිම්බාර්ඩෝ :’සපඉ්රාද - 1970* විසින් සිදු කරන ලද පරික්ෂණවලදී සොයා ගත් කරුණක් වුයේ, නාමිකව සිටින අවස්ථාවන්ට වඩා නිර්නාමිකව (අප‍්‍රත්‍යයකරණය* අවස්ථාවලදී පුද්ගලයා වැඩි ප‍්‍රචණ්ඩ ආකාරයකින් ක‍්‍රියා කරනු ලබන බවයි. ප‍්‍රින්ටීස්, ඩන් හා රොජර්ස් :ඡුරුබඑසජැල ෘමබබ * ඍදටැරි - 1982* සොයා ගත් ආකාරයට පහර දෙන පුද්ගලයා නිර්නාමික වීමේදීද චණ්ඩභාවය උග‍්‍ර වෙයි. මැද පෙරදිග රටවල බොහෝ ත‍්‍රස්තවාදි කණ්ඩායම්වල සමාජිකයන් තම මුහුණු ආවරණය කරගෙන සිටින්නේ තම චණ්ඩ හැසිරීම්වලට සහයක් ලෙසින් බවද ඇතැම් සමාජ මනෝවිද්‍යාඥයන්ගේ අදහසයි. පසුපස නොපෙනෙන වීදුරුවක් සහිත වාහනයක් පසු පස ඔබගේ වාහනය ගමන් ගන්නේ යයි සිතන්න. ඔබගේ වාහනය ඉදිරිපස අය දකින්නේ පැති කණ්ණාඩියෙන් පමණි. එහෙත් ඔබගේ ඉදිරිපස වීදුරු යම් ආලේපනයක් කර ඇති නිසා ඹබගේ වාහනය තුළට ඉදිරි වාහනයේ පැති කණ්ණාඩිය පැහැදිලිව නොපෙනෙන්නේයයි සිතන්න. මේ තත්ත්වය තුළ ඔබ පසුපසින් සිට අනවශ්‍ය ලෙස නළාව හ`ඩවමින් ඉදිරියේ ඇති වාහනය පසුකර යාමට ඉඩ ඉල්ලන්නේ යයි සිතන්න. තමා කිසිසේත්ම හඳුනාගත නොහැකි බව දන්නා ඉදිරි වාහනයේ සිටින තැනැත්තා ඹබට ඉදිරියට යෑමට ඉඩ නොදී පාර පුරා වාහනය පදවනු දැකිය හැකිය. නිශ්චිත පුද්ගලයකු ඉලක්ක කොට නොගත් මෙවැනි චණ්ඩාකාර හැසිරීම්ද අප‍්‍රත්‍යයකරණය නිසා මතු වීමට පිළිවන. පසු පස වාහනයේ සිටින තැනැත්තාද හිතාමතාම එසේ කරන්නේ නම් එයද චණ්ඩ හැසිරීමකි. 5ග මත්ද්‍රව්‍යය හා මත්පැන් (ෘරමටි * ්කජදයදක* මේ සම්බන්ධව මිනිසුන් යොදා කරන ලද පරික්‍ෂණ ඉතාමත් අල්පය. එහෙත් යම් ප‍්‍රමාණයක මත්පැන් ශරීරගත වීම නිසා චණ්ඩ චර්යාවන් පෙන්වීමට පිළිවන. එහෙත් මත්පැන් ප‍්‍රමාණය අධික වූ විට චණ්ඩ චර්යාවකට යොමු වීමේ ප‍්‍රවණතාව අඩු වී යයි. එසේම පරික්‍ෂණවලදී සොයාගත් කරුණක් වූයේ, මර්ජුවානා වැනි මත්ද්‍රව්‍ය ගැනීමේදීද චණ්ඩ චර්යාවට ඇති ප‍්‍රවණාතාවන් හීන වී යන බවයි. මත්ද්‍රව්‍ය හා මත්පැන් විශාල ප‍්‍රමාණයක් ශරීරගත වීමේදී පුද්ගලයා නියත වශයෙන්ම අකර්මණ්‍ය වන බැවින්, මේ ආකාරයට පුද්ගලයාගේ චණ්ඩ චර්යා ප‍්‍රවණතාව අඩු වී යන බව පැහැදිලිය. 6ග පාරිසරික සාධක (ෑබඩසරදබපැබඒක ත්‍්ජඑදරි* ස්වාභාවික පාරිසරික සාධක මෙන්ම නිර්මිත පාරිසරික සාධකද, පුද්ගලයා චණ්ඩ චර්යාවන් කරා යොමු කරනු ලබන බව පරික්‍ෂණවලින් සොයාගෙන තිබේ. උණුසුම් කාලගුණ තත්ත්වයක් තුළ කාමරයක නිවී සැනසිල්ලේ යමක් කිරීමට ඔබගේ සිත සන්සුන් නැත. වටපිටාව විවිධ ඝෝෂාකාරී තත්ත්වයක් පවතින්නේ නම් එවිටද ඔබට නිවී සැනසිල්ලේ වැඩක් කිරීමට අපහසුය. එවැනි අවස්ථාවකදී ඔබගේ චර්යාවට යම් ප‍්‍රමාණයක චණ්ඩභාවයක් ආරෝපණය වනු ඇත. ඩොනර්ස්ටීන් සහ විල්සන් :ෘදබබැරිඑසැබ * උසකිදබ - 1976* කරන ලද පරික්‍ෂණයකදී සොයා ගත්තේ, අනවශ්‍ය ඝෝෂාකාරී ශබ්දවලදී පුද්ගලයා පෙන්වන චණ්ඩකාරී හැසරීම අඩු ඝෝෂාකාරී තතත්්වයකදී හා නිහඬතාවේදී සම්පූර්ණයෙන්ම අඩු වන බවයි. 1960 දශකයේ ඇමෙරිකා එක්සත් ජනපදයේ තිබූ දීර්ඝ උණුසුම් ඍතුව (ඛදබට ්‍යදඑ ීමපපැර* කාලයේ එරට සාහසික කි‍්‍රයාවල සංඛ්‍යාව ඉහළ ගිය බව වාර්තාවලින් පෙන්නුම් කොට ඇත. කෙසේ නමුත් පරිසරගත සාධක පිළිබඳව පර්යේෂණාගාර සාක්‍ෂ්‍යද විරලය. පලම්රේක් සහ රූල් (ඡු්ක්පරුන * ඍමකැ - 1976* කරන ලද විද්‍යාගාර පරික්‍ෂණයකදී උෂ්ණත්වය වැඩි වීම නිසා සිසුන්ගේ චණ්ඩභාවය වැඩි වූ බව සොයාගෙන ඇත. පන්ති කාමරයක උෂ්ණත්වය සාමාන්‍ය ප‍්‍රමාණයේ පවතිද්දී කරන ලද අපහාස කිරීම්වලට දැක්වූ ප‍්‍රතිචාරයන්ට වඩා, පන්ති කාමරයේ උෂ්ණත්වය අසාමාන්‍ය ලෙස ඉහළ ගිය විට කරන ලද අපහාස කිරීම්වලට දැක්වූ ප‍්‍රතිචාර වඩාත් චණ්ඩකාරී වූ බව පෙනෙන්නට තිබුණි. බැරන් (ඊ්රදබ - 1980* කරන ලද පරික්‍ෂණයකදී, සුවඳ විලවුන් චණ්ඩ චර්යාවට බලපාන සාධකයක් ලෙස සොයා ගන්නට යෙදුණි. ඇතැම් සුවඳ විලවුන් අපට ඉතාමත් සුන්දර අත්දැකීමක පහස ලබා දෙයි. එම නිසා එම සුවඳ විලවුන් ඇඟලා ගත් පුරුෂයන්ට හා ස්තී‍්‍රන්ට අපගේ ප‍්‍රසාදය පළවේ. එසේම ඇතැම් සුවඳ විලවුන් අපට ඇති කරන්නේ විරුද්ධතා හැඟීමකි. එවැනි සුවඳක් වහනය වීම නිසා ඇතැම් විට ඇතැමකු තුළ චණ්ඩකාරී චර්යා විෂමතාවක් මතු විය හැකිය. 7ග හරස් සංස්කෘතික තුලනය (ක්‍රදිි - ක්‍මකඑමර්ක ක්‍දපච්රසිදබි* චණ්ඩභාවය උපාර්ජිත චර්යා විෂමතාවක් ලෙස සලකනු ලැබේ. ඒ අනුව ඇමෙරිකා එක්සත් ජනපදයේ මෙන්ම කැනඩාවේද ඒ ආකාර සාමකාමී, තනි වූ ගෝත‍්‍ර පවතින බව පෙන්වාදී තිබේ. ආමිෂ්් (්පසිය* හා මෙනොනීටිස් (ඵැබබදබසඑැි* එවැනි සාමකාමී ගෝත‍්‍රවලට උදාහරණ වේ. එම ගෝත‍්‍ර සමාජවල චණ්ඩභාවය ප‍්‍රතිස්තම්භනය (ඍැසබදෙරජැපැබඑ* ලබන චර්යා විෂමතාවක් නොවේ. මේ හැරුණු කොට සමාජ විද්‍යාව තුළ ඉතා ප‍්‍රසිද්ධ නිව් ගයනාවේ (්ර්චැිය දෙ භැඅ ඨමසබැ්* අරපේෂ් හා මධ්‍යම අපි‍්‍රකාවේ පිග්මිවරුද (ඡුසටපසැි දෙ ක්‍ැබඑර්ක ්රෙසජ්* ඉහත ආකාරයෙන්ම සාමකාමී පැවැත්මක් ඇති ගෝත‍්‍ර වෙති. මෙවැනි සමාජ බොහෝ විට තමන්ගේ ආහාර, අන්තර් සම්බන්ධතා මෙන්ම, ලිංගික කටයුතුද සාමකාමී ආකාරයට පවත්වාගෙන යෑමේ වැදගත්කම දනී. එහෙත් ඇතැම් සමාජවල ගැහැනිය හා පුරුෂයා අතර වෙනස් බවක් නිර්මාණය කොට, විශේෂයෙන්ම පුරුෂ පක්ෂයට වීරත්වය හා වීරත්වය රැුක ගැනීමට අවශ්‍ය චණ්ඩභාවයද ආරෝපණය කරනු ලබයි. එම නිසාම රෝනර් (ඍදයබැර - 1979* වැනි අය ප‍්‍රකාශ කරන්නේ ලොව බොහෝ ගෝත‍්‍රවල කිසියම් ආකාරයක චණ්ඩභාවයක් දැකිය හැකි බවයි. අනික් අතට, සමාජය විසින් පිළිගනු ලබන විවිධ පදනම් මතද මානව කි‍්‍රයාවන්හි චණ්ඩභාවය අර්ථකථනය වන බැවින් ගෝත‍්‍රයෙන් ගෝත‍්‍රයට චණ්ඩ චර්යා විෂමතාවන්ද වෙනස් විය හැකිය. ආක‍්‍රමණශීලිත්වය පාලනය කළ හැකිද? ආක‍්‍රමණශීලිත්වය හිටි හැටියේ ඉන්ද්‍රිය සංජානනයකින් තොරව හටගන්නා එකක් වුවද ඒ සඳහා අවශ්‍ය මූලික තොරතුරු අවට පරිසරය හරහා සවිඥානිකව සංජානනය කරයි. පරිණාමවාදී මනෝවිද්‍යාඥයන් පෙන්වා දෙන අන්දමට ආක‍්‍රමණශීලිත්වය සඳහා අප සතුව සහජාශයක් පවතී. සහජාශයන්ට අනුව ආක‍්‍රමණශීලිත්වය වූ කලී බාහිර පරිසර තත්ත්වයන්ට දක්වන ජීව විද්‍යාත්මක ප‍්‍රවණතාවකි. බොහෝ මනෝවිද්‍යාඥයන් පිළිගන්නා අන්දමට අපට ආක‍්‍රමණශීලිත්වය අවම කළ හැකිය. එමෙන්ම ආක‍්‍රමණශීලිත්වයට මුහුණ දෙන ආකාරය පිළිබඳවද ඔවුහු කරුණු දක්වා සිටිති. පාසල් ආශි‍්‍රතව පවත්වන ලද මනෝවිද්‍යාත්මක පරීක්‍ෂණ ම`ගින් මූලික පන්තිවල ඉගෙන ගන්නා ළමුන්ගේ හිංසාකාරී චර්යා සාර්ථක ලෙස මැඩ පවත්වා ඇත :ධකඩසැමිල 1991*ග එමෙන්ම නව යොවුන් වියේ පවතින ළමුන් අතර ප‍්‍රචණ්ඩත්වය අවම කිරීම සහ ඔවුන් අත්අඩංගුවට පත්වීම අවම කිරීම සඳහාද මනෝවිද්‍යාත්මක වැඩසටහන් සාර්ථක ලෙස භාවිත කිරීමේ හැකියාවක් පවතී. :න්‍මබටල 1993* ආක‍්‍රමණශීලිත්වය අවම කිරීම සඳහා පියවර ගැනීමේදී ආක‍්‍රමණශීලිත්වයට පාදක විය හැකි විවිධ අභිපේ‍්‍රරණ කාරක පිළිබඳවද අවධානය යොමු කිරීම අත්‍යවශ්‍ය කරුණකි. ආක‍්‍රමණශීලිත්වය අවම කිරිම පිළිබඳව ඇති වැඩසටහන් පිළිබඳව සලකා බලන විට ඒවායේ විවිධ ප‍්‍රභේද දක්නට ලැබේ. 1ග ඇතැම් ඒවා ආක‍්‍රමණශීලිත්වය ම`ගහැරීම තුළින් වරප‍්‍රසාද ළඟා කර ගන්නා වැඩසටහන් 2ග ඇතැම් ඒවා ආක‍්‍රමණශීලිත්වයට පාදක වන අප‍්‍රසන්න හැඟීම් සහ උරණ සිතුවිලි ම`ගහරවන වැඩසටහන් 3ග සමහර වැඩසටන් ආක‍්‍රමණශීලිත්වයට දඬුවම් කරයි. 4ග ආක‍්‍රමණශීලිත්වය පාලනය කරන්නේ කෙසේදැයි වටහා දෙන වැඩසටහන්ද වෙයි. අපේක්‍ෂාවන් සාධනය සඳහා විකල්ප ක‍්‍රියා මාර්ග භාවිතය :ඍැඅ්රාසබට ්කඑැරබ්එසඩැි ්ටටරුිිසදබ* ආක‍්‍රමණශීලී ළමුන් සඳහා සකසන වැඩසටහන්වලින් වඩාත් සාධනීය එකක් ලෙස ජෙරල්ඞ් පැටර්සන් :ඨැර්කා ඡු්එඑැරිදබ* සහ ඔහුගේ පිරිස විසින් හඳුන්වා දුන් වැඩසටහන සැලකිය හැකිය. :ඡු්එඑැරිදබල ක්‍ය්පඉැරක්සබ ්බා ඍැසාල 1982ත ඡු්එඑැරිදබල 1997* බොහෝ විට අප ආක‍්‍රමණශීලිත්වය දක්වන්නේ කිසියම් වරප‍්‍රසාදයක් පාදක කොට ගෙනය. ආක‍්‍රමණශීලිත්වය අවම කිරීමේ මෙම වැඩසටහන තුළද ආක‍්‍රමණශීලිත්වය තුළින් ලබා ගන්නා ත්‍යාග එසේ නොවන චර්යාවක් තුළින් ලබාගත හැකි වන අයුරින් ප‍්‍රතිස්ථාපනය කරයි. මෙම වැඩසටහන තුළින් x දෙමාපියන්හට චර්යා විවිධාංගීකරණය පිළිබඳව යම් වැටහීමක් ලබා දෙයි. :ඊැය්ඩසදමර පදාසසෙජ්එසදබ* x ආක‍්‍රමණශීලී චර්යා හමුවේ වරප‍්‍රසාද ලබා නොදීම හා එවැනි චර්යා දිරි නොගන්වන ආකාරය කියාදීමක් සිදු කරයි. x ආක‍්‍රමණශීලී නොවන චර්යා හමුවේ වරප‍්‍රසාද ලබා දීම හා එවැනි චර්යා දිරි ගන්වන ආකාරය කියාදීමක් සිදු කරයි. මෙම වැඩසටහනට සහභාගී වන ළමුන් තම ආක‍්‍රමණශීලී චර්යා සඳහා ලකුණු අඩුකර ගන්නා අතර ආක‍්‍රමණශීලී නොවන චර්යා සඳහා ලකුණු වැඩි වශයෙන් හිමිකර ගනියි. මෙයද ආක‍්‍රමණශීලිත්වය අවම කිරීමේ එක්තරා උපක‍්‍රමයකි. ප‍්‍රජානනික තත්ත්වයන් උපයෝගිත්වය තුළින් ආක‍්‍රමණශීලිත්වය කළමනාකරණය කිරීම මෑත කාලයේදී ඩොල්ෆ් සිල්මන් :ෘදකෙ ’සකකප්බ - 1994* විසින් ආක‍්‍රමණශීලිත්වය සඳහා පුද්ගල වගකීම හා බලපෑම පිළිබඳ කරුණු රැුසක් හෙළි කරන ලදි. සිල්මන්ගේ ආකෘතියට අනුව මිනිසුන් ආක‍්‍රමණශීලිත්වය ක‍්‍රමයෙන් වර්ධනය කොට ගනියි. ආක‍්‍රමණශීලිත්වය හා පුද්ගල ප‍්‍රජානනය මෙන්ම චිත්තවේගීමය නැගී සිටීම් අතර අන්තර් රඳා පැවැත්ම හා ඒවායින් ආක‍්‍රමණශීලිත්වය බිහි වීම පහදා දෙන සිල්වන්ගේ ආකෘතිය මෙසේ දැක්විය හැකිය. ප‍්‍රජානනය චිත්තවේග චර්යාවන් රේමන්ඞ් නොවැකෝට :ඍ්හපදබා භදඩ්ජද.ිල 1975ල 1995* අනුව අසහනකාරී ලෙස ආක‍්‍රමණශීලිත්වය ආරම්භ වී වර්ධනය වීම පියවර හතරකින් විස්තර කෙරේ. මෙය පුද්ගලයෙකු ආක‍්‍රමණශීලී ලෙස තම කතාබහ ආරම්භ කිරීමේ ක‍්‍රමෝපාය වශයෙන් සැලකිය හැකිය. 1. තරහ හෝ කණගාටුවක් ඇති කිරීමට සමත් දෙයක් සඳහා සූදානම් වීම. මෙහිදී ඒ සඳහා සුදුසු, ගැළපෙන විවිධ ප‍්‍රකාශයන් ඔවුන් විසින් සිදු කරනු ලබයි. උදා:  මට තරහා ගිය විට හෝ කණගාටුවක් ඇති වූ විට කරන දේ මා දන්නවා.  මට මෙම අවස්ථාව කළමනාකරණය කරගන්නට පුළුවන්. මා දන්නවා මගේ තරහ පාලනය කරගන්නේ කොහොමද කියලා. 2. අරගලයට එරෙහි වීම. ඔබට ඔබගේ සාධාරණත්වය ඔප්පු කිරීමට අවශ්‍ය නොවේ. මෙම පුද්ගලයා මෙලෙස හැසිරීම ලැජ්ජා සහගතය. 3. චිත්තවේගීමය නැගී සිටීම, කණගාටුව සමනය කිරීම (සංශයට පත්වීම සිදුවේ. මම මෙය එතරම් ගණන් නොගනිමි.* 4. අරගලය දෙස නැවත හැරී බැලීම. (මෙම සිදුවීම තරමක් අසීරු සිදුවීමක්ය. මෙය දුරදිග ගියා නම් වඩා දරුණු විපතක් වීමට තිබුණා.* රේමන්ඞ්ගේ එළඹුම ආක‍්‍රමණශීලිත්වය පාලනය කිරීම සම්බන්ධයෙන් ප‍්‍රශ්න පවතින පුද්ගලයන්ට එය දියුණු කර ගැනීම සඳහා ඉවහල් වන එළඹුමක් ලෙස සැලකේ. මෙසේ මිනිසුන්ගේ ප‍්‍රචණ්ඩ හැසිරීම පාලනය කළ හැකිද යන කරුණ බොහෝ සමාජ මනෝවිද්‍යාඥයන්ගේ සාකච්ඡුාවට භාජනය වී තිබේ. ඇතැම් මනෝවිද්‍යාඥයන් පෙන්වා දෙන්නේ ප‍්‍රචණ්ඩත්වය මිනිසා තුළ පවතින සහජාසයක් බවයි. එසේ නම් එය පාලනය කිරීම හෝ ඉවත් කිරීම අප සිතන තරම් පහසු නැත. කුමන අවස්ථාවේ කවර ආකාරයකට මතු වේදැයි අප නොදන්නා බැවිනි. තවත් සමහර මනෝවිද්‍යාඥයන් පෙන්වා දෙන ආකාරයට ඉච්ඡුාභංගත්වයද :ත්‍රමිඑර්එසදබ* ප‍්‍රචණ්ඩත්වයට හොඳ දොරටුවකි. රැුන්ස්ෆර්ඞ් :ඍදබිදෙරා - 1968* පෙන්වා දෙන ආකාරයට යම් ආකාරයකින් ඉච්ඡුාභංගත්වය පාලනය කළ හැකි නම් ඒ ප‍්‍රමාණයටම ප‍්‍රචණ්ඩත්වයද පාලනය කළ හැකිය. මේ හැරුණු කොට තමන්ගේ ඉච්ඡුාභංගත්වය නිසා ඇති වන මානසික පීඩනය අඩු කර ගැනීම සඳහා ඇති අනෙකුත් සංරක්‍ෂණ ප‍්‍රයෝග වන පලායාම සහ ආදේශ කිරීම වැනි උපක‍්‍රම ගැනද පුද්ගලයන්ට අවබෝධයක් ලබා දෙන්නේ නම් තව දුරටත් ප‍්‍රචණ්ඩත්වය අඩු කර ගැනීමට හැකිය. භාව ශුද්ධිය හෙවත් ක්‍්එය්රිසි සංකල්පය හඳුන්වා දුන් ප්‍රොයිඞ් කල්පනා කළේ, එම`ගින් මිනිසා තමන්ගේ ප‍්‍රචණ්ඩත්වය පහ කර ගනු ලබනවා හෝ අඩු කර ගනු ලබන බවයි. මේ අදහස ඩොලාර්ඞ්ද :ෘදකක්රා 1939* සනාථ කොට තිබේ. ඔබට කිසියම් කෝපයක් ඇති වූ අවස්ථාවක බාහිර පරිසරය කිසියම් ආකාරයකට සාමකාමී හිතවාදී ලෙස සකස් කළ හැකි නම්, එයද ප‍්‍රචණ්ඩත්වය අවම කිරීමට හොඳ සාධකයෙකි. අනවශ්‍ය ඝෝෂාකාරී ශබ්ද තදබදය අඩු කළ හැකි නම්, ප‍්‍රචණ්ඩත්වයද ඒ ආකාරයටම අඩු වනු ඇත. මේ සඳහා නව නීති රීති සකස් කිරීමේ අවශ්‍යතාවයක්ද ඇත. ඇතැම් එෆ්. එම්. නාලිකාවලින් තමන්ගේ වැඩ සටහන් ශබ්දය වැඩි කොට ‘කන පැළෙන්නට දමන’ ලෙස ඉල්ලා සිටිනු මට ඕනෑ තරම් ඇසී ඇත. ඔබද අසන්නට ඇත. මෙහි අයහපත්ම අංශය වන්නේ එසේ මහත් ශබ්දයෙන් ගුවන් විදුලි යන්ත‍්‍රය කි‍්‍රයාත්මක කරන අයට ත්‍යාග ප‍්‍රදානය කිරීමටද එකී එෆ්. එම්. නාලිකා කි‍්‍රයා කිරීමයි. මේ තත්ත්වය පැහැදිලිවම ප‍්‍රචණ්ඩත්වය වර්ධනය කිරීමේ සාධකයකි. සමාජ ඉගෙනුම දෘෂ්ටි කෝණයට :ීදජස්ක ඛැ්රබසබට ඪසැඅි* අනුව ප‍්‍රචණ්ඩ නොවන කි‍්‍රයා මාර්ගවලින් සාර්ථකත්වය ලබා ගත හැකි ආදර්ශ සමාජය තුළ ප‍්‍රචලිත කිරීමෙන්, සමාජය තුළ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා අඩු කිරීමට හැකිය. උදාහරණයක් ලෙස පසු ගිය කාල වකවානුව තුළ ලාංකික සමාජයේ තරුණ පිරිස් තුළ ඇති වූ බෞද්ධාගමික ප‍්‍රබෝ්ධය, මෙවන් ප‍්‍රතිඵල සඳහා හේතු වන බව දැක්විය හැකිය. යම් තැනැත්තෙකුගේ ප‍්‍රචණ්ඩ කි‍්‍රයාවක් සමාජය අනුමත නොකරන්නේ නම් හා එය හෙළා දකින්නේ නම්ද, එවැනි කි‍්‍රයාවලට පෙළඹීමට ඒ පුද්ගලයා තුළ අභිපේ‍්‍රරණයක් ඇති නොවේ. දඬුවම්දීම හෝ තර්ජනය ප‍්‍රචණ්ඩ කි‍්‍රයා අවම කිරීමට මහත් සේ බලපාන බවක් නොපෙනෙයි. උදාහරණයක් ලෙස ඇතැම් ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සම්බන්ධයෙන් ඇතැම් මැද පෙරදිග රටවල දෙනු ලබන දඬුවම් දෙස බලන විට ඒ රටවල සියලූම ප‍්‍රචණ්ඩ කි‍්‍රයා අතුරුදහන් විය යුතුය. එහෙත් එසේ වී නැති බව අපි දනිමු. එයින් අපට තේරුම් කරන්නේ දඬුවම ප‍්‍රචණ්ඩ කි‍්‍රයා අවම කිරීමට හැකි බලවත් විධි ක‍්‍රමයක් නොවන බවයි. ආක‍්‍රමණකාරී චර්යා සඳහා ජන මාධ්‍යයේ බලපෑම ආක‍්‍රමණශීලිත්වය තුළින් යම් වැරැුදිවලට හසුවූ පුද්ගලයින් ළමා කාලයේ සිට ප‍්‍රචණ්ඩත්වයට බොහෝ සෙයින් විවෘත වී ඇත. බන්දුරාට අනුව ජනමාධ්‍ය සතු වරප‍්‍රසාද ප‍්‍රමුඛ කොටගත් ආක‍්‍රණශීලිත්වය ඉගැන්වීමේ හැකියාවක් තිබෙයි. වඩාත් වැඩි පේ‍්‍රක්‍ෂක අවධානයක් ඇති වේලාවන්හිදී ළමුන් සඳහා විකාශන කරන කාටුන් චිත‍්‍රපට හා ළමා චිත‍්‍රපට ආශි‍්‍රතවද බොහෝ සෙයින් ආක‍්‍රමණශීලිත්වය හා ප‍්‍රචණ්ඩත්වය දැක ගැනීමේ හැකියාවක් තිබෙයි. 1973 වසරේදී බැන්දුරා කෙටි කාලීන වශයෙන් ආක‍්‍රමණශීලී චර්යාවන් නිරීක්‍ෂණය කොට එය අනුකරණය කිරීම පිළිබඳව පර්යේෂණ (පෙර සඳහන් කරන ලද බෝබඩෝල් පරීක්‍ෂණය* සිදු කරන ලද අතර අනතුරුව රූපවාහිනිය තුළින් දිගු කාලීන වශයෙන් විවිධාකාර ආක‍්‍රමණශීලී චර්යාවන්ට විවෘත වීම තුළින් ළමුන් තුළ මානසිකමය වශයෙන් හා චාර්යාමය වශයෙන් ඇතිවන වෙනස්කම් පිළිබඳ පර්යේෂණ රැුසක් සිදු වී ඇත. රූපවාහිනිය තුළින් ආක‍්‍රණශීලී චර්යා නරඹන ළමුන්, විශේෂයෙන් පිරිමි ළමුන් අනෙක් ළමුන් කෙරෙහි වඩාත් ආක‍්‍රමණශීලී වෙයි :ඊැකිදබල 1978ත ත්‍රසැාරසජය-ක්‍දෙැර ්බා ්‍යමිඑදබල 1986*ග ආක‍්‍රමණශීලිත්වය සඳහා පූර්ව වශයෙන් පුහුණුව ලද ළමුන් අනෙක් අයගේ පෙලඹවීමකින් තොරව ආක‍්‍රමණශීලී චර්යා ඇතුළත් රූපවාහිනී වැඩසටහන් නැරඹීමට පෙලඹීමක් දක්වයි. ලංකාවේ ඉතා ජනපි‍්‍රයත්වයට පත් වූ රොබින්හුඞ් ටෙලිනාට්‍ය මාලාව ප‍්‍රචාරය වූ අවධියේ කුඩා දරුවෝ දුනු හා ඊතල සකස් කරගෙන ඒවා විවිධ අතට විදිමින් රොබින්හුඞ් අනුකරණය කිරීමෙන් පෙනී යන්නේ ජන මාධ්‍ය ප‍්‍රචණ්ඩත්වය කෙරෙහි සෘජු බලපෑමක් කරන බවයි. සමාජ මනෝවිද්‍යාඥයන් කල්පනා කරන ආකාරයට නූතන ජන මාධ්‍ය අතර ප‍්‍රබල ස්ථානයක් ගන්නා රූපවාහිනියේ බලපෑම බොහෝ සෙයින් ඇති වන්නේ කුඩා දරුවන්ටය. එහෙත් මෙහිදී අප කල්පනා කළ යුත්තේ ඇතැම් ළමා ප‍්‍රචණ්ඩ කි‍්‍රයාවන් මාධ්‍යයේ ප‍්‍රකාශනය අනුකරණය කිරීමක් විනා, හිංසාව ඉලක්ක කරගෙන කරනු ලබන ඒවා නොවන බවයි. එම නිසා ළමා අනුකරණය එක එල්ලේම ප‍්‍රචණ්ඩ කි‍්‍රයා ගණයට ඇතුළත් කළ හැකිද යන්නත් ප‍්‍රශ්නයකි. මෙලෙස පුද්ගල ආක‍්‍රමණකාරී චර්යාවන් විවිධ කායික හා මනෝ මූලික සාධක මෙන්ම සමාජ සංස්කෘතික හා පාරිසරික සාධක මත ඇති වන බව දැකිය හැකිය.
 
Copyright © psychology