Tuesday, December 10, 2013
සියදිවි නසා ගැනීම වැළැක්වීම
හැඳින්වීම
සියදිවි නසා ගැනීම හෙවත් තමන් විසින්ම තමන්ගේ ජීවිතය විනාශ කර ගැනීම වර්තමාන ලෝකයේ බොහෝ රටවල දිනෙන් දින උග‍්‍ර වන සමාජ ප‍්‍රශනයක් වන තරමට ප‍්‍රබල වූ ගැටලූවක් බවට පත්ව ඇත. ‘සාපේක්ෂව බලන කල සියදිවි නසා ගැනීම එක් සමාජ ගැටලූවක් මෙන්ම තවත් සමාජ ප‍්‍රශ්න රාශියක් ඇති කිරීමට ඉවහල් වන චර්යා රටාවක් බව අද බොහෝ වි්‍ය්‍යාඥයන්ගේ මතයයි ’ (එම්. සී. එස්. පෙරේරා, 2004, 79 පිටුව*.
කෙසේ නමුත් සියදිවි නසා ගැනීම පිළිබඳව සාකච්ඡුා කිරීමේදී සියදිවි නසා ගැනීම, සියදිවි නසා ගැනීමට උත්සාහ කිරීම, සියදිවි නසා ගන්නවා යැයි තර්ජනය කිරීම/ප‍්‍රකාශ කිරීම, සියදිවි නසා ගැනීම පිළිබඳ දරුණු සිතුවිලි නිතර ඇති වීම, සියදිවි නසා ගැනීම පිළිබඳ වූ යම් යම් අභිනයන් දැක්වීම, අනෙක් අයගේ සියදිවි නසා ගැනීම පිළිබඳ තොරතුරු ඉතා උනන්දුවෙන් කීම/ඒවා ඒකරාශී කිරීම/එවැනි සිද්ධීන් දැකීමට ප‍්‍රිය කිරීම යන අංශ දැකගත හැකිය ( එම්. සී. එස්. පෙරේරා, 2004, 79 පිටුව*.
සමස්තයක් ලෙස බලන කල ලෝකය තුළ සියදිවි නසා ගැනීම්වලට වඩා ඒ සඳහා උත්සාහ කරන ප‍්‍රමාණය වැඩි බව පර්යේෂණ පෙන්වා දෙයි. ඉච්ඡුාභංගත්වය, ආර්ථික හා විවිධ සමාජ (පවුල, රැුකියාව වැනි* ප‍්‍රශ්න, පේ‍්‍රම ස්මබන්ධතා බිඳ වැටීම මෙන්ම භින්නෝන්මාදය (ිජයස‘දචයරුබස්*, විෂාදය (ාැචරුිිසදබ*, බයිපෝලා (ඉසචදක්ර ාසිදරාැර*, මත් ද්‍රව්‍ය ඇබ්බැහි බව (්කජදයදකසිප දර ාරමට ්ඉමිැ* වැනි මානසික රෝග තත්වයන් මතද පුද්ගලයන් සියදිවි නසා ගැනීමට පෙළඹෙයි.
ශී‍්‍ර ලංකාවේ සියදිවි නසා ගැනීම්
ශ‍්‍රී ලංකාවේ සමාජ ප‍්‍රශ්න අතුරින් සියදිවි නසා ගැනීම ප‍්‍රධාන ස්ථානයක් ගනියි. සියදිවි නසා ගැනීම වැළැක්වීම පිලිබඳව කතා කිරීමට මත්තෙන් ඒ පිළිබඳ ලංකාවේ වර්කතමාන තත්වය විමසා බැලීම සුදුසුය. වර්තමාන ලෝකයේ වැඩි වශයෙන් සියදිවි නසා ගැනීම් වාර්තා වන රටක් ලෙස ශ‍්‍රී ලංකාව හැඳින්වේ. දළ වශයෙන් ලංකාවේ වසරකට 7000 ත් 10,000 ත් අතර ප‍්‍රමාණයක් සියදිවි නසා ගනු ලැබෙයි. ලංකාවේ වැඩි වශයෙන් සියදිවි නසා ගන්නේ වයස අවු. 20-25 අතර තරුණ තරුණියන්ය. 1995 වර්ෂයේ ගණනය කිරීම් අනුව 1070 ක් තරුණයන්ය. ඇමරිකාව වැනි රටවල මැදි වයසේ හා මහලූ වයසේ අය වැඩි වශයෙන් සියදිවි නසා ගැනීමට පෙළඹෙයි (ඞී. එදිරිසිංහ, ජී. පෙරේරා, 2005, පිටුව 262*.
ලංකාවේ ස්ත‍්‍රීන්ට වඩා පිරිමින් සියදිවි නසා ගනු ලබයි. 1995 වසරේ දත්තයන්ට අනුව පිරිමින් 6251ක්ද ස්ත‍්‍රීන් 2263ක්ද සියදිවි නසා ගෙන ඇත. ලංකාවේ සියදිවි නසා ගැනීම්වලට ප‍්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ තරුණ තරුණියන් අතර පේ‍්‍රම සම්බන්ධතා බිඳ වැටීම, වැඩිහිටි හා මහලූ අයගේ ආර්ථික පීඩනය, දික්කසාදය, මත්පැන්, බිරිඳගේ හෝ සැමියාගේ අනියම් සම්බන්ධතා ආදී ප‍්‍රශ්නයි. මෙහිදී වැඩි වශයෙන්ම වස බීමෙන් සියදිවි නසා ගැනීම දැකිය හැකි බව පර්යේෂණ වාර්තා පෙන්වා දෙයි.
සියදිවි නසා ගැනීම වැළැක්වීම
යම් පුද්ගලයකු සියදිවි නසා ගැනීමට යාම වැළැක්වීම එතරම් පහසු කාර්යයක් නොවෙයි. මන්ද යත් ඔහුගේ සිතුවිලි හා සියදිවි නසා ගැනීමේ සිතුවිලි පිළිබඳව නිවැරදි තක්සේරුවකට පැමිණීමට නොහැකි බැවිනි. එසේම ඔවුන්ගේ සිතුවිලි යම් ස්ථානයකට සීමා වී ඇති අතර ඒවා අතාර්කිකය. අහේතුවාදීය. පැහැදිළිව දැකිය නොහැකිය. එසේ නමුත් සමාජ ප‍්‍රශ්නයක් බවට පත්ව ඇති මෙය අවම කිරීමට යම් කිසි ක‍්‍රියා මාර්ගයක් ගැනීමට සෞඛ්‍ය අමාත්‍යංශයට වගකීමක් තිබෙයි. එසේම මනෝවිද්‍යාඥයන් ලෙස අප හටද එවැනි වටිනා ජීවිතයක් බේරා ගැනීමට වගකීමක් තිබෙයි.
මෙහිදී සෞඛ්‍ය අමාත්‍යංශයේ ඉල්ලීම පරිදි සංවිධානය කරන සියදිවි නසා ගැනීම අවම කිරීම පිළිබඳ ශාස්ත‍්‍රීය සම්මන්ත‍්‍රණය සඳහා මා විසින් මෙකී ගැටලූවට නිසි විසඳුමක් සඳහා මග පෙන්වීමක් ලබා දිය හැකි සය දෙනෙකුගෙන් යුත් විද්වත් මඩුල්ලක් තොරා ගනු ලබන අතර සියදිවි නසා ගැනීම නිවාරණය සම්බන්ධයෙන් එකී ප‍්‍රවීණයන්ගේ දායකත්වය හා වගකීම කෙබඳුද, ඔවුන් මෙයට සහයෝගී කර ගැනීමේ හේතුව කුමක්ද යන්න මෙහිදී සවිස්තරව විස්තර කෙරෙයි.
සියදිවි නසා ගැනීම වැළැක්වීමේ ශාස්ත‍්‍රීය සම්මන්ත‍්‍රණය සඳහා
සහභාගි කර ගන්නා පුද්ගලයන්
සායනික මනෝචිකිත්සකයෙකු (අවම වශයෙන් වසර පහක පමණ අද්දැකීම් සහිත*
සියදිවි නසා ගැනීම නිවාරණය සම්බන්ධයෙන් විශාල වැදගත්කමක් පවතින ක්ෂේත‍්‍රයක පුද්ගලයකු ලෙස සායනික මනෝචිකිත්සකයන් පෙන්වා දිය හැකිය. ලොකය තුළ සියයට අනූවක් පමණ සියදිවි නසා ගැනීම් පිළිබඳ අධ්‍යනයන් හා රෝග විනිශ්චයන් සිදු කරනුයේ සායනික මනෝචිකිත්සකයන් විසින්ය :ඊ්රකදඅ * ෘමර්බාල 2005*. එබැවින් ඔවුන් හට මේ සම්බ්නධයෙන් විශාල අද්දැකීම් හා දැනුම් සම්භාරයක් පවතින අතර සියදිවි නසා ගැනීම වැළැක්වීම පිළිබඳවද විශාල දැනුමක් පැවතිය හැකිය. විශේෂයෙන්ම සාමාන්‍ය ජනතාවට වඩා විෂාදය, බයිපෝලා, යුනිපෝලා වැනි :ප්වදර පදදා ාසිදරාැරි* මානසික රෝගී තත්වයන් සහිත පුද්ගලයන් සියදිවි හානි කර ගැනීමට ඇති ප‍්‍රවණතාවය වැඩිය. එසේම ඛැදබ්රාද ඔදබාද සහ ඍදිි න්‍ග ඊ්කාැිි්රසබස ට අනුව, බයිපෝලා මානසික රෝගීන් යොදා ගනිමින් කරන ලද පර්යේෂණ විසි අටකට අනුව ඔවුන් මේ බව තහවුරු කරයි. ඊට අනුව ඔවුන් අධ්‍යනය කළ බයිපෝල රෝගීන් විසි එක් දහස් පන්සියයකගෙන් අටසිය විසි තුන් දෙනෙකු සියදිවි හානි කරගෙන හෝ ඊට උත්සාහ ගෙන ඇත. එසේම ජපානයේ කරන ලද පර්යේෂණයන්ට අනුව සියදිවි හානි කර ගැනීමට උත්සාහ ගෙන දැඩි සේ අසාද්‍ය වූ පුද්ගලයන්ගෙන් සියයට විස්සක් පමණ ්ාවමිඑපැබඑ ාසිදරාැර රෝගීන් ලෙස රෝග විනිශ්චය කර ඇත.
මෙසේ කරන ලද විවිධ පර්යේෂණයන්ට අනුව පැහැදිළි වන්නේ සියදිවි නසා ගත් හා ඊට උත්සාහ කළ පුද්ගලයන්ගෙන් බහුතරයක් යම්කිසි මානසික රෝගයකින් පෙළුණු, මානසික අස්ථාවර බවක් සහිත වූවන් බවයි. එවැනි මානසික රෝගීන් සමග කටයුතු කිරීමට වඩාත්ම සුදුසු පුද්ගලයන් වන්නේ සායනික මනෝචිකිත්සකයන්ය. සායනික මනෝචිකිත්සකයකු යනු මානසික සෞඛ්‍ය පිළිබඳ විශේෂ පුහුණුවක් සහිත වෘත්තීය වෛද්‍යවරයෙකි. එසේම ඔහු/ඇය එවැනි මානසික රෝගීන්ට දිය යුතු බෙහෙත් පිළිබඳව විශාල දැනුවත් බවක් පවතින අතර විශේෂයෙන්ම සයිකෝෂීය මානසික රෝගීන්ගේ චර්යාව, මනසේ හා මොළයේ ක‍්‍රියාකාරීත්වය පිළිබඳව මනා දැනුමක් සහිත වූවෙක් වෙයි. එසේම එම සායනික මනෝවෛද්‍යවරයාට ක්‍ඔල ක්‍්ඔල ඵඍෂල ඡුෑඔ වැනි ස්කෑන් :ිජ්බබසබට* මගින් ලබා ගන්නා මොළයේ ඡුායා රූප (දළ සේයා පට* අධ්‍යයනය කිරීමේ විශාල දැනුමක් සහිත වන අතර එමගින් ඔහුගේ අද්දැකීම්ද සමග සියදිවි නසා ගැනීමේ සිතුවිලි සහිත පුද්ගලයකුගේ මොළයේ ක‍්‍රියාකාරීත්වය පිළිබඳව අධ්‍යනය කොට යම් යම් නිගමනයන්ට හා රෝග විනිශ්චයන්ට එළඹිය හැකි අතර ඒ හරහා සියදිවි නසා ගැනීමේ සිතුවිලි සහිත පුද්ගලකයකු ඉන් ගලවා ගැනීමට ගත යුතු පියවර ගැනීමට හැකියාව තිබෙයි.
එසේම සායනික මනෝචිකිත්සකයකුට සයිකෝසීය රෝගියෙකුගේ ජීවවිද්‍යාත්මක අංශය පිළිබඳව ද විශේෂ දැනුමක් තිබෙයි. නිදසුනක් ලෙස සියදිවි නසා ගැනීමට උත්සාහ කළ හා සියදිවි නසාගත් පුද්ගලයන්ගේ ශරීරයේ සෙරටොනින් :ීැරදඑදබසබ* මට්ටම ඉතා අවම මට්ටමක පවතින බව සොයා ගෙන ඇත. එසේම ජානමය වශයෙන් සලකා බැලීමේදීද සියයට තිහත් පනහත් අතර ප‍්‍රමාණයක සියදිවි නසා ගැනීමට ජානමය ප‍්‍රවණතාවක් පවතියි. එමෙන්ම වරක් සියදිවි නසාගත් තැනැත්තා නැවත වරක් ඒ සඳහා උත්සාහ කිරීමේ වැඩි ප‍්‍රවණතාවක් තිබිය හැකිය. තවද සයිකෝසීය මානසික රෝගීන්ගේ මානසික ක‍්‍රියාකාරීත්වය සාමාන්‍ය මිනිසාට වඩා වෙනස්ය. එනම් භින්නෝන්මාදය :ීජයස‘දචයරුබස්* සමග ඩොපමින්, සෙරටොනින් වැනි ස්නායු රසායනික ද්‍රව්‍යයන්ගේ අසමබර බවක් ඇති වෙයි. සායකින මනෝචිකිත්සකයන් හට මෙම රසායනික ක‍්‍රියාවලීන් පිළිබඳව පැහැදිළි අවබෝධයක් ඇති බැවින් සියදිවි නසා ගැනීමට තැත් කරන හෝ එවැනි සිතුවිලි සහිත පුද්ගලයකුගේ චර්යාව විස්තර කිරීමට සහ අවබෝධ කරගැනීමට හැකියාව ඇත.
මේ අනුව මෙවැනි සායනික මනෝචිකිත්සකයකු මෙම සම්මන්ත‍්‍රණය සඳහා සහභාගි කර ගැනීමෙන් ඊට සවන් දෙන්නන් හට එවැනි ලක්ෂණ සහිත පුද්ගලයන් පිළිබඳව පැහැදිළි අවබෝධයක් මවා ගත හැකි අතර හඳුනා ගැනීමට ද හැකි වෙයි. එසේම මෙම සායනික මනෝචිකිත්සකගේ දැනුම සහ අද්දැකීම් අනුව සියදිවි නසා ගැනීමට උත්සාහ කරන පුද්ගලයකු සම්බන්ධයෙන් කළයුත්තේ හා නොකළ යුත්තේ කුමක්ද යන්න ද දැනගත හැකිය. එහෙයින් සායනික මනෝචිකිත්සකයකු මෙම සම්මන්ත‍්‍රණය සඳහා අත්‍යවශ්‍ය සහ ඉතා වැදගත් පුද්ගලයකු ලෙස සැලකිය හැකිය.
සමාජ මනෝවිද්‍යාඥයෙකු (අවම වශයෙන් වසර පහක පමණ අද්දැකීම් සහිත*
සියදිවි නසා ගැනීම සෑම සමාජයකටම පොදු ප‍්‍රශ්නයක් වන අතර සමාජමය පරිසරය අනුව එහි අනුපාතයන් වෙනස් විය හැකිය. කෙසේ නමුත් සියදිවි නසා ගැනීම සමාජ ප‍්‍රශ්නයක් දක්වා වර්ධනය වී ඇතිවා සේම විරැුකියාව, දුප්පත්කම, නිවාස විරහිත බව, ණය හා ඇතැම් සංස්කෘතික තහංචි වැනි සමාජ ආර්ථිකමය හා සංස්කෘතිකකමය හේතු පදනම් කර ගනිමින් සියදිවි නසා ගැනීමට පුද්ගලයා පෙළඹෙයි. මෙය සමාජ විද්‍යා ක්ෂේත‍්‍රය තුළද විශාල වශයෙන් සාකච්ඡුාවට බඳුන් වන ප‍්‍රශ්නයක් වන අතර සමාජ මනෝවිද්‍යාඥයා සමාජමය හා මානසික යන දෙඅංශය ම එක් කරමින් සියදිවි නසා ගැනීම පිළිබඳ සමාජ මනෝ සාදක අධ්‍යයනය කරයි.
යම්කිසි පුද්ගලයකු සියදිවි නසා ගැනීම එම පවුලටම ප‍්‍රශ්නයක් විය හැකිය. ඇතැම් විට එම බලපෑම ආර්ථික වශයෙන් පමණක් නොව සමාජ අවමානයටද ලක් විය හැකිය. මේ හේතුවෙන් රැුකියාවකට යාම, දුව පුතා දීග දීම වැනි වෙනත් ප‍්‍රශ්නද සමාජීය වශයෙන් ඇති කරයි. එපමණක් නොව සමහරු තමාද එය ආදර්ශයට ගෙන සියදිවි හානි කර ගැනීමට පෙළඹීමේ ප‍්‍රවණතවක්ද ඇත. එහෙයින් මෙවැනි තත්වයන් අධ්‍යනය කොට ඒ පිළිබඳව සමාජය දැනුවත් කිරීම, සමාජ සම්බන්ධතා ඇති කර ගැනීමට පෙළඹවීම මෙන්ම න්‍යායාත්මක දැනුම තව තවත් ලබා දීමද සමාජ මනෝවිද්‍යාඥයාගේ කාර්යභාරයෙහි කොටසකි.
එක් එක් සමාජය සංස්කෘතිය ගත්කල එකක් අනිකට වඩා වෙනස්ය. එනිසා එක් සමාජයකට ගැලපෙන ක‍්‍රමවේදය තවත් සමාජයයකට නොගැලපිය හැකිය. මන්ද යත් දිවිනසා ගැනීමේ ක‍්‍රමයන් පිළිබඳව සැලකීමේදී ලංකාවේ කෘෂි ගොවිතැන බහුල ප‍්‍රදේශවල වස පානය කිරීම දැකිය හැකි අතර ඇමරිකාවේ විශාල ලෙසම සියදිවි නසා ගන්නේ වෙඩි තබා ගැනීමෙනි. එනිසා එකම ක‍්‍රමවේදය සෑම සමාජයටම නොගැලපෙයි. සමාජ මනෝවිද්‍යාඥයන් මෙකී සමාජ හා සංස්කෘතික වෙනස්කම් පිළිබඳව මනා අවබෝධයකින් යුක්ත වෙයි. එමෙන්ම රැුකියොවේ ප‍්‍රශ්න හෝ විරැුකියාව, දුප්පත්කම, නිවාස රහිත බව යනාදි සමාජමය මූලික ප‍්‍රශ්නවලට ගැලපෙන විසඳුම් සමාජ මනෝවිද්‍යාඥයා සතු වෙයි. එසේම ඒවා පිටු දැකීමට කළ හැක්කේ කුමක්ද යන්න පැහැදිළි කිරීමටද ඔවුන්ට හැකියාව පවතියි. එසේම ඇතැම් ළමුන් මෙන්ම වැඩිහිටියන්ද කිසිඳු සමාජ සහයක් නොමැතිව සිටින අවස්ථා දක්නට තිබෙයි. ඔවුන් සඳහා සමාජ සහය මාර්ග සලසා දීම හා රැුකබලා ගන්නා ස්ථාන වෙත යොමු වීමට හෝ යොමු කිරීමට මග පෙන්වීමට සමාජමනෝවිද්‍යාඥයාට හැකියාව පවතියි.
අනුරාධපුර පොළොන්නරුව වැනි කෘෂිකාර්මික ප‍්‍රදේශවල බොහෝ පුද්ගලයන් ණය ගෙවා ගැනීමට නොහැකිව දිවිනසා ගැනීමට පෙළඹෙන අවස්ථා විශාල වශයෙන් දැකිය හැකිය. එසේම ලංකාව පුරාම අවු. 20-25 අතර තරුණ තරුණියන් බොහෝ ප‍්‍රමාණයක් පේ‍්‍රම සම්බන්ධතා බිඳ වැටීම් හා දෙමාපිය අවසරය නොලැබීම මත සියදිවි නසා ගැනීමට පෙළඹෙයි. එම තත්වය ඔවුන්ගේ පවුල්වලට මෙන්ම සමාජයටද රටේ අනාගතයටද ඍජු බලපෑමක් එල්ල කරයි. මෙවැනි දුෂ්කර මානසික පීඩනය ඉහළ යන තත්වයන්හිදී ඊට මුහුණ දී විස\ ගන්නේ කෙසේද යන්න පිළිබඳව දැනුවත් කිරීමට සමාජ මනෝවිදයාඥයන්ට හැකියාව ඇත.
එසේම සමාජ මනෝවි්‍යාඥයා යනු පර්යේෂකයකුද වෙයි. ඔහුගේ පර්යේෂණ හරහා ඒ ඒ ප‍්‍රදේශයට අදාළ කර ගත හැකි ක‍්‍රමවේදයන් පිළිබඳව දැනුවත් කිරීමෙන් දායක වීමටද සමාජ මනෝවිද්‍යාඥයාට හැකියාව තිබෙයි. එනිසා මෙම සම්මන්ත‍්‍රණයට ඔහුද ඉතා වැදගත් පුද්ගලයකු ලෙස පිළිගත හැකිය.
වෘත්තීය මනෝ උපදේශකවරයකු (අවම වශයෙන් වසර පහක පමණ අද්දැකීම් සහිත*
වෘත්තීය මනෝඋපදේශකයකු යනු නන්අයුරින් මානසික ගැටලූවලට මුහුණ දී විසඳුමක් සොයා ගත නොහැකිව අසරණ වී සිටින පුද්ගලයන්ට මගපෙන්වන වෘත්තිකයෙකි. ඔහුගේ වෘත්තීය කාලය තුළ නිසැක ලෙසම, නියත ලෙසම සියදිවි නසා ගැනීමට උත්සාහ කළ හෝ එවැනි සිතුවිලි සහිත පුද්ගලයන් සමග ගනුදෙනු කොට අද්දැකීම් තිබෙයි. ඒ අනුව ඔහු/ඇයට සියදිවි නසා ගැනීමේ සිතුවිලි සහිත පුද්ගලයන් හට කුමක ප‍්‍රතිකාරයක් හෝ චිකිත්සක ක‍්‍රමයක් අනුගමනය කළ යුතුද යන්න පිළිබඳව හොඳ අවබෝධයක් පවතියි.
විශේෂයෙන්ම සියදිවි නසා ගැනීමට යමෙකු උත්සාහ ගන්නේ යම් කිසි බරපතල ජීවිත ප‍්‍රශ්නයක් නිසා ඊට මුහුණ දීමට නොහැකි වූ විටෙකදීය. නිදසුන් ලෙස පේ‍්‍රම සම්බන්ධයක් බිඳ වැටීම, ණයක් ගෙවා ගත නොහැකි වීම වැනි ගැටලූවකි. මෙවැනි අවස්ථාවකදී එම පුද්ගලයාට ගැටලූවට විසඳුමක් සොයා ගැනීමට තරම් තාර්කික චින්තනයක් හෝ යතාර්ථවාදී දැක්මක් හෝ නොමැති අතර ඔහුගේ/ඇයගේ චින්තනය යම් තැනකට සීමා වී පවතියි. එවැනි අවස්ථාවකදී වෘත්තීය මනෝඋපදේශකයකුට එකී ගැටලූවට මුහුණ දුන් පුද්ගලයා සමග සාකච්ඡුා කිරීමෙන් නිසි මගපෙන්වීමක් කිරීමේ හැකියාව ඇත. එමෙන්ම එක් තැනකට සීමා වී ඇති සිතුවිලි වලින් මුදවා පුළුල් ලෙස තාර්කිකව සිතීමට මගපෙන්විය හැකිය. තවද සියදිවි නසා ගැනීමට තැත් කරන පුද්ගලයකුගේ සිතුවිලි අතාර්කික, ඍණාත්මක, යථාර්ථවාදී නොවන, අහේතුවාදී සිතුවිලිය. වෘත්තීය මනෝඋපදේශකයකුගේ මගපෙන්වීම යටතේ ඔහුගේ සිතුවිලි පද්ධතිය නැවත සකස් කොට ධනාත්මක හේතුවාදී සිතුවිලි ඇති කර ගැනීමට හැකියාව පවතියි.
එමෙන්ම ඇතැම් විට සියදිවි නසා ගන්නෙකු එම තත්වයට පත් වන්නේ සිය ගැටලූව පවසා සිත සැහැල්ලූ කර ගැනීමට කිිසිඳු විස්වාසවන්ත අයෙකු නොමැති වූ විටය. නමුත් ක‍්‍රියාශීලී ඇහුන්කන් දීමේ හැකියාව :්ජඑසඩැ කසිඑැබසබට*, ධනාත්මක පිළිගැනීම වැනි කුසලතා සහිත වෘත්තීය මනෝඋපදේශකයකුට ඔහුට සවන් දී ඔහුගේ මනස සැහැල්ලූ කරගැනීමට සහය විය හැකිය. එසේම ගැටලූවේ ගැඹුරටම ගොස් නිසි විසඳුමක් ලබාදීමේ හැකියාවද පවතියි.
මෙසේ ගැඹුරු දැනුමක් හා අද්දැකීම් ප‍්‍රමාණයක් සහිත වෘත්තීය මනෝ උපදේශකයකු මෙම සම්මන්ත‍්‍රණය සඳහා සහභාගි කරවා ගැනීමට ඉතාම සුදුසු පුද්ගලයකු ලෙස සැලකිය හැකිය.
වෘත්තීය වෛද්‍යවරයකු (සියදිවි නසාගැනීමට උත්සාහ ගත් පුද්ගලයන්ට ප‍්‍රතිකාර කිරීමෙන් වසර පහක පමණ අද්දැකීම් ඇති*
සියදිවි නසා ගැනීමට උත්සාහ කළ පුද්ගලයකු බේරා ගැනීමට සිදු කළ යුත්තේ වහාම රෝහල් ගත කිරීමයි. එහිදී ඔහුගේ/ඇයගේ ජීවිතය හෝ මියයාම ර\ පවතින්නේ අදාළ රෝහල් වෛද්‍යවරයාගේ කාර්යක්ෂම බව හා ප‍්‍රතිකාර මතය. යම් අයුරකින් සියදිවි නසා ගැනීමට උත්සාහ කළ පුද්ගලයකු සම්බන්ධයෙන් එම අවස්ථාවේ කළ යුතු හා නොකළ යුතු දෑ තිබෙයි. එනම් ඇතැම් විට ගම්වල කෙනෙකු වස පානය කළ විට නිවසේදීම සබන් පෙවීම, ලූණු පෙවීම වැනි දෑ සිදු කරනු ලබයි. වමනය කරවීමට උත්සාහ කරයි. මේ අයුරින් එවැනි අවස්ථාවක කටයුතු කළ යුත්තේ කෙසේද යන්න පිළිබඳව මෙම රෝහල් වෛද්‍යවරයාට අද්දැකීම් සමග කැටි වූ විශාල දැනුමක් තිබෙයි. එම දැනුම තුළින් මෙවැනි අවස්ථාවකදී අනෙක් අය කළ යුතු රෝහල් ගත කිරීම හා ඊට පෙර කාර්යයන් පිළිබඳව දැනුවත් කිරීමට වෛද්‍යවරයාට හැකියාව ඇත.
විශේෂයෙන්ම රෝගියාගේ ජීවිතය එම අවස්ථාවේ බේරාගත හැකි වුවහොත් ශාරීරික වශයෙන් කුමක් කරන්නේද යන්න පිළිබඳව ජනතාවට මනා දැනුමක් තිබිය යුතුය. මෙවැනි අවස්ථාවකදී කටයුතු කිරීමේදී පුද්ගලයන් අතින් යම් යම් අත් වැදීරදීම් හේතුවෙන් රෝගියාගේ ජීවිතය තවත් හානි වීමට ඉඩ තිබෙයි. මෙවැනි අත්වැරදීම් මග හරවා ගනිමින් නිවැරදි ක‍්‍රමයකට රෝගියා සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව දැනුවත් කිරීමට මෙවැනි වෘත්තීය වෛද්‍යවරයෙකු මෙම සම්මන්ත‍්‍රණය සඳහා සම්බන්ධ කරගැනීම ඉතා උචිතය.
ආගමික නායකයකු (බහුශ‍්‍රැත බෞද්ධ භික්ෂුවක්*
ලොව පුරා සියදිවි නසාගත් පුද්ගලයන් පිළිබඳව කරන ලද පරීක්ෂණවලින් හෙළි වී ඇති කරුණු අනුව වැඩි වශයෙන් සියදිවි නසා ගැනීමට උත්සාහ කර ඇත්තේ කිසිඳු ආගමකට අයත් නොවන හෝ ආගමට එතරම් බැඳීමක් නැති පුද්ගලයන්ය. සත්‍ය ලෙසම ආගම සියදිවි නසා ගැනීම පිළිකුලෙන් හෙළා දකියි. විශේෂයෙන්ම ලංකාව තුළ බුදු දහම පිලිබඳව සලකා බැලීමේදී මනුෂ්‍ය ජීවිතයක වටිනාකම පෙන්වා දෙන බුදුදහම කිසිඳු ලෙසකින් මිනිස් ජීවිතයක් විනාශ කිරීම අනුමත නොකරයි. මනුෂ්‍ය ඝාතනය විශාල පාපයක් ලෙස පෙන්වා දෙන බුදුදහම යමෙකුට සියදිවි නසා ගැනීමට සහය වීම හෝ ඊට අනුබල දීමද විශාල පාපයක් ලෙස පෙන්වා දෙයි. යම් අයෙකු සියදිවි නසා ගනීනම් ඔහුට තවත් කල්ප ගණනක් යනතුරු මනුෂ්‍ය ආත්මභාවයක් ලැබිය නොහැකි බවද බෞද්ධයෝ විස්වාස කරති. එමෙන්ම බෞද්ධ භික්ෂූන් වහන්සේ නිරන්තරයෙන්ම ලැබූ මිනිස් ජීවිතයේ වටිනාකම පෙන්වා දෙන අතර දුර්ලභව ලැබුවා වූ මිනිස් ජීවිතයෙන් උපරිම ප‍්‍රයෝජන ලැබීමට කුසල් දහම් වඩන ලෙස බෞද්ධයනට උපදෙස් දෙයි. සෑම ආගමකම පාහේ මෙන්ම බුදු දහමේද සියදිවි නසා ගැනීමට එරෙහි තහංචි බොහෝ පැනවී ඇත.
විශේෂයෙන්ම ශී‍්‍ර ලංකාවේ සෑම පුද්ගලයෙකුම පාහේ යම් කිසි ආගමකට අයිති වෙයි. ඉන් බහුතරයක් සිටින්නේ බෞද්ධයන් වන අතර ඔවුන් බෞද්ධ භික්ෂුවට ගෞරව භක්තියෙන් සලකන අතර භික්ෂුවගේ උපදේශයන් හිස් මුදුනින් පිළිගැනීමට ද නොපැකිලෙති. මන්ද යත් භික්ෂුව කිසි විටෙකත් අවැඩ පිණිස උපදෙස් නොදෙන බැවිනි. විශේෂයෙන්ම නූගත් ගැමි ජනතාව පිළිබඳව සලකා බැලීමේදී ඔවුන් කිසිවෙකුගේ උපදෙස් පිළිගැනීමට අකමැති නමුත් භික්ෂූන් පවසන දෙය පිළිගැනීමට හුරු වී සිටිති. එසේම බොහෝ විට ගැමි ජනතාව තවමත් යම් කිසි ගැටලූවක් පැමිණි විට පන්සලේ ස්වාමීන් වහන්සේගෙන් උපදෙස් ලබා ගැනීමටත් බෝධි පූජා වැනි ආගමික ශාන්ති කර්මයක් මගින් සැනසීමක් ලබා ගැනීමටත් පෙළඹෙති. එපමණක් නොව ඇතැම් උගත් පිරිස පවා ජීවිත ප‍්‍රශ්න හා විවිධ ගැටලූකාරී අවස්ථාවන්වලදී භාවනා කිරීම, ආගමික ස්ථානයක නිදහසේ හැසිරීම, බෝධි පූජා පැවැත්වීම, උගත් බුද්ධිමත් භික්ෂූන් වහන්සේ නමක සමග සාකච්ඡුා කිරීම වැනි චර්යාවන්ට යොමු වනු දැකිය හැකිය.
ඒ අනුව ආගමික නායකයෙතු ලෙස බෞද්ධ භික්ෂුවක් මෙම සම්මන්ත‍්‍රණයට සහභාගි කර ගැනීම ඉතා වැදගත් වෙයි. එමගින් බුදු දහමට අනුව ගැටලූ විස\ ගැනීමට ඇති හැකියාව, මනුෂ්‍ය ජීවිතයක වටිනාකම, ගැටලූකාරී අවස්ථාවන්හිදී ආගමික වශයෙන් ලැබිය හැකි සැනසීම පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමට උන්වහන්සේගේ දේශනයන් වැදගත් වනු ඇත.
සියදිවි නසාගත් හෝ ඊට උත්සාහ කළ පුද්ගලයකුගේ පවුලේ සමීප ඥාතියෙකු
සියදිවි නසාගත් හෝ ඊට උත්සාහ කළ පුද්ගලයකුගේ පවුලේ සමීප ඥාතියෙකුට ඒ පිළිබඳව විස්තර කිරීම ඉතා දුක්බර හා අසීරු කාර්යයක් වුවද ඔවුන්ගේ අද්දැකීම් හා සිදුවීම් පිළිබඳ අදහස් සම්මන්ත‍්‍රණයට සහභාගි වන්නන් හට සියදිවි නසා ගැනීම වැළැක්වීම පිළිබඳ සාකච්ඡුාවේදී ඉතා වැදගත් වීමට පිළිවන. මෙහි දී සම්මන්ත‍්‍රණය සඳහා මා සම්බන්ධ කර ගන්නා ආගමික නායකයා හැර අනිකුත් අය ක්ෂේත‍්‍රයේ අද්දැකීම් බහුල පුද්ගලයන්ය. එසේ මෙම පුද්ගලයාද ක්ෂේත‍්‍රයෙහි විශාල දැනුමක් නොමැති අයෙකු වුවද ඔහුට සියදිවි නසා ගත් හෝ ඊට උත්සාහ කළ ඔහුගේ ඥාතියාගේ එම ආසන්න දිනවල හෙවත් ඊට පෙර දිනවල හැසිරුණු ආකාරය, ප‍්‍රකාශ කළ දෑ සහ භාව ප‍්‍රකාශන පිළිබඳව වැදගත් කරුණු රාශියක් අනාවරණය කරගත හැකි වෙයි. ඒ අනුව එවැනි පුද්ගලයකු සම්බන්ධයෙන් කටයුතු කළයුතු ආකාරය, එවැනි අදහස් ඇති පුද්ගලයකු හඳුනාගත හැකි ආකාරය මෙන්ම සියදිවි නසාගැනීමට උත්සාහ කළ පුද්ගලයකු රැුකබලා ගත යුතු අන්දම පිළිබඳව ඔහුගේ අදහස් මෙම සම්මන්ත‍්‍රණ සභාවට ඉතා වැදගත් විය හැකිය.
මනෝවිද්‍යාඥයෙකු ලෙස මගේ කාර්යභාරය
මනෝවිද්‍යාඥයෙකු ලෙසින් පෞද්ගලිකව මා හටද සියදිවි නසා ගැනීම නිවාරණ පිළිබඳ පණිවිඩය සමාජයට ගෙන යාමට හා මිනිසුන් දැනුවත් කිරීමටත් එවැනි ඍණාත්මන සිතුවිලි සහිත පුද්ගලයන් හමු වූ විට ඔවුන්ව සුදුසු ස්ථානයකට යොමු කිරීම සඳහා විශාල වගකීමක් හා කාර්යභාරයක් තිබෙයි.
විශේෂයෙන්ම සියදිවි නසා ගැනීම නිවාරණය පිළිබඳව සමාජය දැනුවත් කිරීමට මා හට රූපවාහිණි, ගුවන්විදුලිය, පුවත්පත් වැනි ජනමාධ්‍ය යොදා ගත හැකි අතර මෙම සම්මන්ත‍්‍රණය ආවරණය කිරීමටද ඔවුන්ට ආරාධනා කොට මේ සම්බන්ධයෙන් ඔවුන්ට (ජනමාධ්‍යයට* ඇති වගකීම හා කළයුතු දෑ පිළිබඳව පැහැදිළි අවබෝධයක් ලබා දිය හැකිය. එමෙන්ම මෙම සියදිවි නසා ගැනීම නිවාරණය කිරීමේ පණිවුඩය නොකඩවා සමාජය වෙත ගෙන යාමට ඇති අවශ්‍යතාවය පිළිබඳවද ඔවුන්ව දැනුවත් කළ හැකිය. තවද එවැනි පණිවුඩයක් සමාජයට ගෙන යාමේදී යම් කිිසි රීති පද්ධතියකට යටත්ව සුදුසු අයුරින් සන්නිවේදනය කිරීමේ අවශ්‍යතාවයද දැනුවත් කළ යුතුය.
මීට අමතරව ෆේස්බුක් හා වෙනත් වෙබ් අඩවි හරහාද මෙම පණිවුඩය සමාජයට ගෙන යාමේ හැකියාව මා හට පවතින අතර සම්මන්ත‍්‍රණ සභාවද ඒ පිළිබඳව අවදිමත් කිරීම හා උනන්දු කිරීමටද හැකියාව පවතියි.
එමෙන්ම සමාජ සේවා අමාත්‍යංශ, සෞඛ්‍ය අමාත්‍යංශ නිළධාරීන් හා වෙනත් වෘත්තීමය වගකීමක් සහිත නිළධාරීන්හටද මෙම සම්මන්ත‍්‍රණය සඳහා සහභාගි වීමට ආරාධනා කරන අතර ඔවුන්ට මින් ලබා ගන්නා අදහස් හා දැනුම ප‍්‍රායෝගික වශයෙන් ගැටලූ විසඳීමේදී යොදා ගැනීමට උනන්දු කළ හැකිය. එසේම රට පුරා පවතින ස්වේච්ඡුා සංවිධානයන්ටද මේ සඳහා ආරාධනා කොට සියදිවි නසා ගැනීම නිවාරණය කිරීම පිළිබඳව ඔවුන්ව උනන්දු කරවීමටත් රට පුරා සියදිවි නසාගැනීමට උත්සාහ කරන්නන්ට පිහිට වන උපදේශන මධ්‍යස්ථාන පවත්වා ගෙන යාමටත් උනන්දු කරවිය හැකිය.
එමෙන්ම, කරන ලද පර්යේෂණයන්ට අනුව වැඩි වශයෙන් ලංකාවේ සියදිවි නසාගනු ලබන්නේ තරුණ තරුණියන්ය. මීට ප‍්‍රධානම හේතුව ලෙස එම පර්යේෂකයන් දක්වන්නේ පේ‍්‍රම සම්බන්ධතා බිඳවැටීමයි (ඞී. එදිරිසිංහ, ජී. පෙරේරා, 2005, පිටුව 262*. මේ හේතුවෙන් තරුණ වයසේ පසුවන පාසල් ළමුන්, විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් පිළිබඳ දැනුවත් භාවයක් හා වගකීමක් සහිත පාසල් ගුරුවරුන්, විදුහල්පතිවරුන් සහ විශ්වවිද්‍යාලයන්හි ශිෂ්‍ය සුභසාධනය හා ශිෂ්‍ය විනය සම්බන්ධ ආචාර්යවරුන් හට මෙම සම්මන්ත‍්‍රණයට සහභාගි වීමට ආරාධනා කළ හැකි අතර මෙම තරුණ තරුණියන් සියදිවි නසා ගැනීමෙන් වැළැක්වීම සඳහා ගත් යුතු ක‍්‍රියාමාර්ග පිළිබඳව ඔවුන් දැනුවත් කිරීමද මගේ වගකීමකි.
මේ අයුරින් සෞඛ්‍ය අමාත්‍යංශය මගින් මා හට උපදෙස් දුන් පරිදි සියදිවි නසා ගැනීම වැළැක්වීමේ ශාස්තී‍්‍රය සම්මන්ත‍්‍රණය සඳහා මා ආරාධනා කරන ඉහත සඳහන් කළ සය දෙනාගේ සහ පෞද්ගලිකව මාගේ දායකත්වය තුළ මෙම ශාස්ත‍්‍රීය සම්මන්ත‍්‍රණය ඉතා සාර්ථකව සිදුකළ හැකි වන්නේය.
නිගමනය
සියදිවි නසා ගැනීම වැළැක්වීම යනු ඉතා ගැටලූ සහගත මෙන්ම ඉතා දුෂ්කර කාර්යයකි. එමෙන්ම එය සාකච්ඡුා සම්මන්ත‍්‍රණ පැවැත්වීමෙන් පමණක් සිදු කළ හැක්කක් නොවන අතර ඊට සක‍්‍රීය ලෙස ප‍්‍රායෝගිකව ක‍්‍රියාත්මක විය යුතුය. කෙසේ නමුත් මෙසේ සෞඛ්‍ය අමාත්‍යංශයේ දැනුම්දීම මත සංවිධානය කරනු ලබන ශාස්ත‍්‍රීය සම්මන්ත‍්‍රණය තුළින් මෙම ගැටලූවට විිවධ පැතිවලන් සම්බන්ධ වන අතිප‍්‍රවීණයන් හා අද්දැකීම් සහිත මෙම ආරාධිතයන්ගේ දැනුම හා අද්දැකීම් සමගින් ජනතාව දැනුවත් කිරීම තුළින් ඒ සඳහා යම් දායකත්වයක් සිදු කළ හැකිය. එසේම මෙම පණිවුඩය විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය හරහා ප‍්‍රචාරය කරවීමෙන් මුළු රටම මෙම ගැටලූව වැළැක්වීම සඳහා උනන්දු කරවිය හැකි බවද පැවසිය හැකිය.
ආශ‍්‍රිත ග‍්‍රන්ථ
ක්‍්රිදබල ඍග ක්‍ගල ඊමඑජයැරල න්‍ග භගල ඵසබැන්ල ීගල :2000*ල ්ඉබදරප්ක චිහජයදකදටහ ්බා පදාැරබ කසෙැ :11එය
ැාග*ල ෘැකයසථ ඡුැ්රිදබ ෑාමජ්එසදබ
ඊ්රකදඅල ෘග ්‍යගල * ෘමර්බාලඪග ඵල :2005*ග ්ඉබදරප්ක චිහජයදකදටහ :4එය ැා*ග ඹී්ථ ඔයදපිදබ
උ්ාිඅදරඑය
දයා එදිරිසිංහ සහ ඥානදාස පෙරේරා, (2005*, මනෝවිද්‍යා විමර්ශන, දෙහිවල; වත්මා ප‍්‍රකාශකයෝ
එම්. සී. එස්. පෙරෙරා, (2004*, සමාජ ප‍්‍රශ්න, කර්තෘ ප‍්‍රකාශන