Thursday, December 5, 2013
රැකියා ක්ලමතය ඇති වීම කෙරෙහි බලපාන මානසික සාධක
ශ්‍රි ලංකා ආර්ථිකය තුළ කාර්මික අංශය ඉතා වැදගත් භූමිකාවකට හිමිකම් කියයි.
ඒ අනුව කාර්මික අංශය තුළ පවතින ඉතාම වැදගත් සංරචකයක් වන්නේ ඇඟළුම් හා
රෙදිපිළි අංශයයි. ශ්‍රි ලංකාවේ අපනයන ක්ෂේත්රයට වැඩි දායකත්වයක් ලබා
දෙන්නේ ද ඇඟළුම් හා රෙදිපිළි අංශයයි. මෙම ඇඟළුම් ආයතන තුළ දස සහස් ගණනින්
සේවයේ නිරත වන්නෝ කම්කරුවෝය. මෙම කම්කරුවන් තුළ නොයෙකුත් හේතු සාධක නිසා
රැකියා ක්ලමත තත්ත්වයන් දැකිය හැකි වේ.
සංවිධානයක සිටින පුද්ගලයෙකු තමන්ගේ බාහිර පරිසරයට මුහුණ දීමේදී සිදුවන
කායික මානසික හෝ චර්යාත්මක විතැන් වීම රැකියා ක්ලමතය ලෙස සරලවම හඳුනා ගත
හැක. රැකියා ක්ලමතය සම්බන්ධව විවිධ අධ්‍යයනයන් කර තිබුන ද මනෝවිද්යාක්මක
සාධක කෙරෙහි අවධානය යොමු කර කරුණු පැහැදිලි කිරීම් හරහා පූර්ව අධ්‍යයනයන්
සිදුකර ඇත්තේ අතලොස්සකි.
මෙම අධ්‍යයනය හරහා අරමුණු කරගනු ලැබුවේ සේවකයින් තුළ රැකියා ක්ලමතය ඇති
වීමට බලපාන මානසික සාධක පිළිබඳ අවධානය යොමු කිරීමටයි. මෙම අධ්‍යයනයේදී
මහනුවර ප්‍රදේශය ආශ්රිත ඇඟළුම් ආයතනයක සේවකයින් 05 දෙනෙකු නියැදිය
වශයෙන් යොදා ගනිමින් ප්රත්යෙක අධ්‍යයනයක් කිරීම සඳහා දත්ත රැස් කිරීම
සිදුකරන ලදි.
රැස් කරගත් දත්ත තේමා විශ්ලේෂණය යටතේ ගුණාත්මක දත්ත විශ්ලේෂණය සිදුකර තිබේ.
ඒ ඇසුරින්, රැකියා ක්ලමතය සඳහා චිත්තවේග, සිතුවිලි, ආයතනික සාධක,
ආයතනයෙන් පරිබාහිර සාධක, විවාහය සහ පවුල ආශ්රිත ගැටලූ බලපාන බව, සෑම
සාධකයක්ම අවසානයේ මානසික සාධකයක් වන බව යනාදී වශයෙන් ලබාගත් නිගමනයන්
කිහිපයක් පූර්වයෙන් දක්වා ඇත.