Sunday, December 8, 2013

රසායනික සමාජයෝජනය

රසායනික සමාජයෝජනය ශරීරයේ දීර්ඝ කාලීන සමායෝජනයකට අවශ්‍ය වන්නේ රසායනික සමායෝජනයයි. රසායනික සමායෝජනයේදී පණිවිඩ කාරකය වන්නේ රසායනික ද්‍රව්‍යයන් දේහ ෙසෙල මගින් නිපදවන රසායනික ද්‍රව්‍ය කාණ්ඩ 4කට බෙදිය හැක. රසායනික සමායෝජනය ස`දහා විශේෂයෙන් සැකසී ඇති පද්ධතිය වන්නේ අන්තරා සග_ පද්ධතියයි. මෙය දේහය පුරා විසිරි ඇති අතර පටකමය වශයෙන් එකිනෙකට සම්බන්ධ නැත. හෝර්මෝන ස‍්‍රාවය වීම ස`දහා විශේෂණය වී ඇති ෙසෙල ගොනුවක් අන්තරාසර්ග පද්ධතියක් ලෙස හැ`දින්විය හැක. අන්තරාසර්ග පද්ධතිය නම් යම් ග‍්‍රන්‍ථි මගින් නිපදවන හෝර්මෝන නාල රහිතව රුධිරයට කෙලින්ම පරිවහනය වීමෙන් වෙනත් අවයවයන් හෝ ඉලක්ක ෙසෙල මත ක‍්‍රියා කරන රසායනික සමායෝජනයට විශේෂිතව සැකසුණු ග‍්‍රන්‍ථ වේ. ‘‘මෙම ග‍්‍රන්‍ථි නර්නාල ග‍්‍රන්‍ථි ලෙස හ`දුන්වන්නේ ඒවායේ ස‍්‍රාවයන් කිසිවිටක ප‍්‍රනාලයකට විවෘත නොවීම නිසාය. ඒ වෙනුවට එම ස‍්‍රාවයන් කෙලින්ම රුධිර ප්ලාස්මයට විසරණය වී රුධිරය මගින් දේහයේ නොයෙකුත් අවයවයනට ගමන් කර එම අවයවයන්ගේ ආවරණ ඇති කරයි.’’ හෝර්මෝන පද්ධතිය ස්වංයසාධක ස්නායු පද්ධතිය සමඟ එක් වී අභ්‍යන්තර පරිසරයේ සමස්ථිතිය පවත්වා ගැනීම හා සම්බන්ධයෙන් වැදගත් කාර්යයක් ඉටු කරයි. මෙම ග‍්‍රන්‍ථි පිහිටා තිබෙන ස්ථානය එතරම් වැදගත් නොවේ. හෝර්මෝනයන් යනු අන්තරාසර්ග ග‍්‍රන්‍ථියන් මගින් ස‍්‍රාවය කරනු ලබන, රුධිරය හෝ වසා මගින් පරිවහනය වී නිපැවූ ස්ථානයෙන් බැහැරව වෙනත් ස්ථානයක කායික විද්‍යාත්මක ප‍්‍රතිචාරයක් ඇති කරන සාන්ද්‍රණවලින් ක‍්‍රියාකාරීවන රසායනික ද්‍රව්‍යයකි. එම නිසා සාන්ද්‍රණය වන හෝර්මෝන ප‍්‍රමාණය ඉතා වැදගත් වේ. විශේෂ අවස්ථාවලදී පමණක් ගර්භනී හා ප‍්‍රසූතිය සිදුවන අවස්ථාවල ඉහළ සාන්ද්‍රණයකින් ස‍්‍රවය වේ. දේහයේ අවශ්‍යතාව මත ස‍්‍රාවය කරන ප‍්‍රමාණය රදා පවතී. නර්නාල ග‍්‍රන්‍ථියන් හදුනා ගැනීමට පහත ලක්‍ෂණ වැදගත් වේ. 1. ප‍්‍රණාල රහිත වීම 3. ස‍්‍රාවී ෙසෙලවල ගොල්හි බහුල වීම 2. වාහිනිිමත් වීම රුධිරයේ හෝර්මෝන සාන්ද්‍රණය වරින් වර වෙනස් විය හැකි අතර සාමාන්‍ය මට්ටමකින් පවත්වා ගැනීම ස`දහා ස්වයංයාමන යන්ත‍්‍රයක් මගින් අසමාන්‍ය තත්ත්වයක් ඇතිවේ. හෝර්මෝනවල ප‍්‍රධාන කාර්යය සමස්ථිතිය පවත්වා ගැනීම වන අතර, හෝර්මෝනවල සන්ද්‍රණය සෘණ ප‍්‍රතිපෝෂණ යන්ත‍්‍රයක් මගින් පාලනය වේ. සාන්ද්‍රනය අඩු කිරීමට හෝ වැඩි කිරීමට හැකියාවක් ඇත. හෝර්මෝනයක පහත ලක්‍ෂණ දැකිය හැක. 1. ඉතා සුළු සාන්ද්‍රණයකින් ස‍්‍රාවය වී ක‍්‍රියාකරී වේ. 2. එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට පරිවහනය වී ක‍්‍රියාත්මක වීම. 3. ප‍්‍රධාන වශයෙන් රුධිරය මගින් පරිවහනය වීම. 4. කායික ප‍්‍රතිචාරයක් හෝ වෙනස් වීමක් ඇති කරයි. 5. රසායනික පිණිවිඩ කාරකයක් ලෙස ක‍්‍රියාකරයි. හෝර්මෝන ස‍්‍රාවය පාලනය ආකාර තුනකට සිදුවිය හැකිය. 1. වෙනත් ග‍්‍රන්‍ථියක නිපදවන හෝර්මෝනයක් මගින් තවත් ග‍්‍රන්‍ථියක හෝර්මෝන නිපදවීමට යම් අනුබලයක් ලැබීම (තයිරොයිඞ් හෝර්මෝන* 2. රුධිරයේ පවතින ද්‍රව්‍ය සාන්ද්‍රණය මගින් (රුධිරයේ සීනි මට්ටම අනුව ඉන්සියුලින්, ග්ලූකගැන් ස‍්‍රාවය වීම*ස‍්‍රාවය වීම. 3. ස්නායු පද්ධතිය මගින් (මොළය මගින් හදුනා ගන්නා බාහිර හෝ අභ්‍යන්තර උත්තේජ අනුව හෝර්මෝන ශ‍්‍රාවය වේ. ඇඩි‍්‍රනලීන් වැනි* මීට අමතරව ධන ප‍්‍රතිපෝෂණ යන්ත‍්‍රණයක් මගින්ද හෝර්මෝන ශ‍්‍රාවය වීම පාලනය වේ. දරු ප‍්‍රසූතියේදී නිපදවෙන හෝර්මෝන ස‍්‍රාවය වීම පාලනය වේ. දරු ප‍්‍රසූතියේ දී නිපදවෙන ඔක්සිටොසින් වැනි හෝර්මෝන ඉහළ සාන්ද්‍රණයක් පවත්වා ගනී. අන්තරාසර්ග පද්ධතිය හා ස්නායු පද්ධතිය අතර පවතින සමානත්වයන් වන්නේ දේහයේ සමායෝජනයයි. ඊට අමතරව මෙම කරුණු දෙක අතර සමාන හා අසමානකම් ඇත. හෝර්මෝන සමායෝජනයේදී සිදුවන්නේ රසායනික සමායෝජනයක් වන අතර ස්නායුක සමායෝජනයේදී විද්‍යුත් හා රසායනික සම්පේ‍්‍රෂණයන් සිදුවේ. එහිදී ස්නායුවල සිදුවන රසායනික සමායෝජනය රුධිරයට පරිවහනය නොවේ. ස්නායු ආවේගයන් සිදුවීමේදී විද්‍යුත් ආවේග ඔස්සේ වේගයෙන් සිදුවේ. නමුත් හෝර්මෝන සමායෝජනයෙදී එසේ නොව්. ස්නායු ආවේග යම් විශිෂ්ට ස්ථානයකට යොමු කළ හැක. රසායනික සමායෝජනය මුළු ශරීරය පුරාම ව්‍යාප්ත වේ. ස්නායුක ප‍්‍රතිචාර සාමාන්‍යයෙන් කෙටි කාලයක් පවතී. නැවතත් යථා තත්ත්වයට පත් වේ. හෝර්මෝනමය ප‍්‍රතිචාර එසේ නොවේ. ප‍්‍රතිචාර දිගු කලක් පවතින අතර නැවත යම් තත්ත්වයට පත් නොවේ.(එය නිදසුන් ලෙස දේහ වර්ධනය, පරිවෘත්තීය වැනි ප‍්‍රතිචාර දැක්විය හැක. හෝර්මෝනවල රසායනික ස්වභාවය අනුව කාණ්ඩ හතරකට බෙදිය හැක. 1. පොලිපෙප්ටයිඩ/ ප්‍රෝටීන - පොලිපෙප්ටයිඩ ලෙස සලකන හෝර්මෝන ඇමයිනෝ අම්ල 100ට වඩා අඩු පොලිපෙප්ටයිම දාම වේ. (ප‍්‍රතිමෞත‍්‍රල්‍ය හෝර්මෝනය, ප්‍රොටීන හෝර්මෝන ඉහත ඒවාට වඩා විශාල වේ. (ඉන්සියුලින්* 2. ග්ලයිකෝප්‍රොටීන (කාබෝහයිඞ්රේට සමග බැදුන ඇමයිනෝ අම්ල 100කට වැඩි පොලිපෙප්ටයිඩ දාම වේ. 3. ඇමීන - ඇමයිනෝ අම්ලවල තැනෙයි (තයිරෝක්‍ෂීන් * 4. ස්ටරෝයිඩ - කෝලෙස්ටරෝල්වලින් තැනේ.(ඊස්ට‍්‍රජන්* හෝර්මෝනවල ද්‍රව්‍යතාව අනුව කොටස් දෙකකට බෙදේ. 1. ලිපිඩ ද්‍රාවී / ලිපිඩ කාමී(ස්ටරෝයිඩ හා තයාරෝක්‍ෂීන් හෝමෝන* 2.ජල ද්‍රාවී අනෙකුත් සියළුම හෝර්මෝන මේ ආකාරයට යුතුවේ. ජලකාමී හෝර්මොන ජලයේ පහසුවෙන් දියවේ. ඉලක්ක ෙසෙල තුලට ඇතුළු නොවේ. ප්ලාස්ම පටලයේ පිටත පිහිටි ප‍්‍රතිග‍්‍රාහකවලට බැදීමෙන් ෙසෙල උත්තේජනය වේ. ලිපිඩද්‍රාවී හෝර්මෝන රුධිරයේ ප්‍රෝටීනවලට බැදීමෙන් ප්ලාස්ම පටලය හරහා ගමන් කර ප‍්‍රතිග‍්‍රාහක ප්‍රෝටීනවලට බැදේ. මෙම හෝර්මෝන දින හෝ සති කිහිපයක් ක‍්‍රියාත්මක වේ. ජලද්‍රාවී හෝර්මෝන ඉක්මනින් විනාශ වේ. ක‍්‍රියාකාරීත්වය අනුවද හෝර්මෝන කාණ්ඩ 3 කට වෙන් කළ හැක. 1. පෝෂී හෝර්මෝන - වෙනත් නිර්නාළ ග‍්‍රන්‍ථියක් මත ක‍්‍රියා කරයි. (ඔ 5්‍ය* 2. ගොනැඩොට්‍රොපින් හෝමෝන - ප‍්‍රජනක අවයව මගින් ස‍්‍රවය වේ. 3. ප‍්‍රජනක හෝර්මෝන - ප‍්‍රජනක අවයව මගින් ශ‍්‍රාවය වේ. (ඊස්ට‍්‍රජන්* මේ අනුව හෝර්මෝන ව විවිධ වන අයුරු සහ ක‍්‍රියාකාරීත්වය මෙන්ම එහි ප‍්‍රමානයන්ද ක‍්‍රියාකරන හෝ අදාල ඉලක්ක ෙසෙල විවිධ වේ. අන්තරාසර්ග පද්ධතිය. දේහයේ අභ්‍යන්තර පරිසරයේ සංස්ථිතිය පවත්වා ගැනීම ස`දහා විශේෂණය වී ඇති ග‍්‍රන්‍ථි හෙවත් නිර්නාල ග‍්‍රන්‍ථි කිහිපයක් පිහිටා ඇත. 1. පිටයුටරි ග‍්‍රන්‍ථිය 2. ලැන්ගර්හැන් දීපිකා 2. තයිරොයිඞ් ගන්‍ථය 4. කේතු දේහය 5. පැරාතයිරොයි 6.තයිමසය 7.අධිවෘක්කය 8.අග්න්‍යාශය 9.වෘෂණ(පුරුෂ*/ඩිම්බ කෝෂ (ස්ත‍්‍රි* හයිපොතැලමස (්‍යහචදඑය් ක්පමි* මිනිසාගේ හයිපොතැලමස පිහිටා ඇත්තේ පූර්ව මස්තිෂ්කය පාදස්ථයේ තැලමසයට පහළිනි. හයිපොතැලමසයෙන් ස‍්‍රාවය කරනු ලබන හෝර්මෝන හතක් මගින් පූර්ව පිටයුරියෙන් හොර්මෝන ස‍්‍රාවය වීම යාමනය කරනු ලැබේ. මෙය අන්තරායග_ ග‍්‍රන්‍ථියන් නොව මොළයට අයත්වන කොටසකි. හයිපොතැලමස, රුධිර වාහිනී සහ නියුරෝනවලින් පිටියුටරියට සම්බන්ධ වී ඇත. එමෙන්ම හයිපොතැලමස ස්නායු පද්ධතිය හා අන්තරාසර්ග පද්ධතිය සමඟ කෙළින්ම සම්බන්ධ වේ. හයිපොතැලමසයේ අඩංගු විශේෂ ස්නායු ස‍්‍රාවී ෙසෙල මගින් පහත ස`දහන් හෝර්මෝන නිපදවා ශ‍්‍රාවය කරයි. 1. වර්ධක හෝර්මෝනය නිදහස් කරීමේ හෝර්මෝනය (ඨරදඅඑය යදරපදබැ රුකැ්ිසබට යදරපදබැරැු ඨ්‍යඍ්‍ය* 2. වර්ධක හෝර්මෝනය නිදහස් කිරීම නිෂේධනය කිරීමේ හෝර්මෝනය (ඨරදඅඑය යදරපදබැ රුකැ්ිැසබයසඉසඑසබට යදරපදබැරැු ඨ්‍යඍ්‍ය* 3. ප්‍රෝලැක්ටින් නිදහස් කිරීමේ හෝර්මෝනය (ඡුරදක්ජඑසබ රුකැ්ිසබට යදරපදබැරැු ඡුඍ්‍ය* 4. ප්‍රෝලැක්ටින් නිෂේධනය කිරීමේ හෝර්මෝනය (ඡුරදක්ජඑසබ සබයසඉසඑසබට යදරපදබැරැු ඡුෂ්‍ය* 5. ලූටෙනිකාරක හා ගොනැඩෝට්‍රොෆින් හෝර්මෝන නිදහස් කිරීමේ හෝර්මෝන (ඨදබ්ාදඑරදචයසබ රුකැ්ිසබට යදරපදබැරැු ඨභඍ්‍ය* 6. කොටිකෝට්‍රොෆින් නිදහස් කිරීමේ හෝර්මෝනය ( ක්‍දරඑසජදඑරදචයසබ රුකැ්ිසබට යදරපදබැ /ජරය* 7. තයිරොයිඞ් නිදහස් කිරීමේ හෝර්මෝන (ඔයහරදසා රුකැ්ිසබට යදරපදබැරැු ඔඍ්‍ය* රසායනික සමායෝජනයේදී හයිපොතැලමයා හා පිටියුරිය තනි ඒකකයක් ලෙස ක‍්‍රියා කරමින් අනෙකුත් අන්තරාසර්ග ග‍්‍රන්‍ථිවල ක‍්‍රියාකාරීත්‍වය යාමනය කරයි. පිටියුටරිය (ඡුසඑමසඒරහ ඨක්බා* බහිිස්චර්මියව පිහිටා ඇත. පිටියුටරිය හයිපොතැලමසයට පහළින් නිඛාතය නැමැති අවපාතයක තැන්පත්පත්ව ඇත. බොංචි බීජයයක ප‍්‍රමාණයෙන් යුතුවන අතර බරින් 500 පට පමණ වේ. රතු අළු පැහැයෙක් ගනී. මෙය ඕවලාකාර වේ. මෙය ප‍්‍රධාන කොටස් 2කින් යුතු වේ. 1. පූර්ව පිටියුරිය 2. අපර පිටියුටරිය පිටියුටරියෙන් වැඩි හෝර්මෝන ප‍්‍රමාණයක් ස‍්‍රාවය වන්නේ පූර්ව පිටියුටරියෙනි. හෝර්මෝන හතක් නිපදවන අතර ඉන් හතරක් වෙනත් ග‍්‍රන්‍ථිවල ක‍්‍රියා කාරීත්‍වය යාමාන්‍ය කරයි. ඉතිරි හෝර්මෝන අන්තරා සර්ග නොවන වෙනත් ග‍්‍රන්‍ථ හෝ ෙසෙල වලට බලපායි. හෝර්මෝන ස‍්‍රාවයවීම පාලනය වන්නේ හයිපොතැලමසයෙන් ස‍්‍රාවය වන හෝර්මෝන මගිනි. 1. ගොනැඩොට්‍රොපින් හෝර්මෝනය ්* ස්‍යුනිකා උත්තේජනක හෝර්මෝනය (ත්‍ී්‍ය* ඉ* ලූටෙනිිකාරක හෝර්මෝනය (ඛ්‍ය* ත්‍ී්‍ය ස්ත‍්‍රීන් මෙන්ම පුරුෂයන්ගේ ජන්මානුජනනය උත්තේජනය කරයි. ස්ත‍්‍රීන්ගේ ත්‍ී්‍ය හා ඛ්‍ය ආර්ථව චක‍්‍රයේදී ඊස්ට‍්‍රජන් සහ ප්‍රොජෙස්ටෙජන් නිපදවීමට වැදගත් වේ. පුරුෂයන්ගේ ඛ්‍ය අඩංගු අන්තරාල ෙසෙල උත්තේජක හෝර්මෝනය (ෂක්‍ී්‍ය* මගින් වෘෂණවලින් ටෙස්ටෙස්ටොරොන් හෝර්මෝනය නිපදවීම උත්තේජනය කරයි. 2* ප්‍රොලැක්ටින් (ඡුරදක්ජඑසබරැු ඡුඍඛ* දරු උපතකින් පසු කෙලින්ම ස්ථන ග‍්‍රන්‍ථිවලින් ක්‍ෂීරය නිපදවීම උත්තේජනය කරයි. 3* තයිරොයිඩ උත්තේජන හෝර්මෝනය (ඔී්‍ය* තයිරොයිඞ් ග‍්‍රන්‍ථි වර්ධනය හා ක‍්‍රියාකාරිත්‍වය උත්තේජනය කරයි. 4* අධිවෘක්ක බාහික පෝෂි හෝර්මෝනය අධිවෘක්ක බාහිකය උත්තෙජනය කරමින් කොලෙස්ටෙරොල් හා ස්ටෙරොයිඩ සාන්ද්‍රණය වැඩි කරයි. කොටිසෝල් වැනි හෝර්මෝන ග‍්‍රන්‍ථියෙන් බැහැර වීම පාලනය කරයි. 5* වර්ධක හෝර්මෝනය (ඨ්‍ය* බෙහෝ දේහ ෙසෙල බෙදීම කරමින් පටක වර්ධනය කරයි. අස්ථි උත්තේජනය කරයි. ප්‍රෝටීන සංස්ලේෂණය වේගවත් කරයි. රුධිර ග්ලූකෝස් සාන්ද්‍රණය වැඩි කරයි. එමෙන්ම අක්මාව, අන්ත‍්‍රය, අග්න්‍යාශය වැනි අවයව වල පරිවෘත්තීය ක‍්‍රියාවන් යාමනය කරයි. අපර පිටියුටරිය (ඡුදිඑැරසදර ඡුසඑමසඒරහ* මෙහිදී කිසිම හෝර්මෝනයක් නිපදවන්නේ නැති අතර හයිපොතැලමය නිපදවන හෝර්මෝන දෙකක් ගබඩාකර අවශ්‍ය තැන්වලදී නිදහස් කරයි. 1* ඔක්සිටොසින් (ධංසඑදජසබ* දරු උපතකදී ගර්භාෂයේ සිනිදු පේෂී සංකෝචනය හා කිරි ස‍්‍රාවය ස`දහා ස්ථන ග‍්‍රන්‍ථිවල ෙසෙල උත්තේජ කරයි. 2* ප‍්‍රතිමෞතල්‍යය හෝර්මෝනය (්ෘ්‍ය* මෙහි ප‍්‍රධාන බලපෑම පිටවන මුත‍්‍ර ප‍්‍රමාණය අඩු කිරීමයි. කේතු දේහය (ඡුසබැ්ක ඉදාහ දර ටක්බා* සම්භවය බහිස්චර්මියැයි මොළයේ 3 වන කෝෂිකාවට ඉහළින් කෙටි වෘත්තයකින් සම්බන්ධ වූ කුඩා දේහයකි. විශාලත්වය මිලිමීටර් 10 ක් පමණ වේ. රතු පැහැති වේ. මෙලටොනින් හෝර්මෝනය ස‍්‍රාවය කරයි. මොලය, ප‍්‍රජනේන්ද්‍රය හා වර්ණක ෙසෙල මෙයට ඉලක්ක වේ. මෙම හෝර්මෝනය ප‍්‍රජනන අවයව වල වර්ධනයට හා විකසනය කෙරෙහි බලපායි. ජීව විද්‍යාත්මක රිද්මයන් යාමනය කරයි. තයිරොයිඞ් ග‍්‍රන්‍ථිය (ඔයහරදසා ඨක්බා* මෙය ස්වරාලය ආරම්භ වන ස්ථානයේ ස්වරාලය හා ස්වාසනාලයට පිටුපසින් පිහිටා ඇත. 25ටප පමන බරවේ. තන්තුමය ප‍්‍ර‍්‍රවරයකින් යුක්ත වේ.මෙම තයිරොයිඩය කාටිලේජය හා ශ්වාසනාළයේ පළමු කාටිලේජ මුදුව දෙපස පිහිටයි. මෙයට හෝර්මෝන නිපදවීම ස`දහා අයඩින් අත්‍යාවශ්‍ය සංඝටකයකි. මෙම ග‍්‍රන්‍ථියෙන් ස‍්‍රාවය කරන ප‍්‍රධාන හෝර්මෝන 3කි. 1. තයිරොක්ෂින් 2. ට‍්‍රයිඅයඩොතයිරොනින් 3. කැල්සිටොනින් මෙම මුල් හෝර්මෝන දෙක බොහෝ දෙහ ෙසෙල වලට බලපාන අතර ළමයින් ස`දහා අතවශ්‍ය වේ. ඔවුන්ගේ කායික හා මානසික වර්ධනයට වැදගත්ය. වැඩිහිටියන්ගේ බොහෝ දේහ ෙසෙලවල ක‍්‍රියාකාරිත්‍වය වැඩි කරයි. අඩු වු විට ෙසෙලවල ක‍්‍රියාකාරීත්‍වය අඩුවේ. පහත කාර්යයන් කරයි. x පාදස්ථ පරිවෘත්තීය වේගය වැඩි කිරීම හා තාපය නිපදවීම x කාබෝහයිඞ්රේට, ප්‍රෝටීන හා ලිපිඩ පරිවෘත්තීය පාලනය x බොහෝ පද්ධතිවල වර්ධනයට හා විකසනයට හෝර්මෝන වැඩි වූ විට අසාමාන්‍යතා දේහ ලක්‍ෂණ දිස්වේ. කැල්සිටොනික් ප‍්‍රධාන වශයෙන් අස්ථි හා වෘක්කවලට වන අතර රුධිරයේ කැල්සියම් හා පොස්පෙට් අයන මට්ටම වැඩි වූ විට එම මට්ටම අඩු කරයි. රුධිරයේ කැල්සියම් මට්ටම වැඩි වීම මගින් කැල්සිටොනින් ස‍්‍රාවය උත්තේජනය වේ. පැරාරයිරෝයිඞ් ග‍්‍රන්ථිය පැරාතයිරොයිඞ් ග‍්‍රන්ථි හතරකි.ඒවා තයිරෝයිඞ් ග‍්‍රන්ථියේ ථණ්ඩිකාවල අපර පැත්තෙන් ගිලී පටක ගොනු හනරක්ලෙෂ පවති.ස‍්‍රාවය කරව\න්නේ පැරිතයිරෝයිඞ් හෝමෝනයයි. තයිමසය :ඔ්‍යශඵ්ී ඨඛ්භෘ* හෘදයේ උත්තර සීමාවේ පිහිටන ග‍්‍රන්ථියකි.ළදරු අවස්ථාවේ සිට තරුණ අවස්ථාව දක්වා පිහිටයි. ළදරුවන්ගේ මෙය වඩා සක‍්‍රියයි. වැඩිහිටි බවට පත්වන විට ක‍්‍රමයෙන් හෝමනය ස‍්‍රාවයවීම අඩුවේ.ස‍්‍රාවය කරන හෝමනය තයිමොසීන්ය. ෙසෙලීය ප‍්‍රතිශක්තිය ඇතිකරයි. ඔ ෙසෙල වැනි සුදු රුධිරාණු පරිනත වීම සදහා වැදගත් වේ. ඔ ෙසෙල එවාට ක්‍ෂුද්‍ර ජීවීන් විනාශ කීැරීමටද වැදගත් වේ. අධිවෘක්ක ග‍්‍රන්ථිය :්ෘඍඹභ්ඛ ඨඛ්භෘ* මෙය ග‍්‍රන්ථි යුගලයක් ලෙස පිහිටයි.4ජප පමණ දිග හා 3ජප පමණ ඝණකම් ව්‍යුහයකි. වෘක්කවලට උත්තරව පිහිටයි. විවිධ කෘත්‍යයන් සදහාද හැඩයෙන්ද බාහිකය හා මජ්ජාව ලෙස කොටස් දෙකකට පිහිටා ඇත. මෙහි ස‍්‍රාවයන් පාලනය වන්නෙ ්ක්‍ඔ්‍ය හෝර්මෝ මගිනි. ෙමි ස‍්‍රවය වන සියලූ හෝමෝන සටේරොයිඩ නම්වේ. අධිවෘක්ක බාහිකය :්ෘඍෂභ්ඛ ඣඍඔත්‍ඞ* මේ මගින් හෝමෝන දෙකක් ස‍්‍රාවය කරයි. 1*.කෝටීසෝල් - දේහ පරිවෘත්තියට හා විඩාවට පත්වු විට ඇතිවන ප‍්‍රතිචාර පාලනය කරයි. කායික ආතතියට පත්වූවිට ෙසෙල ඉන්ධන වැඩි කරයි. මේද හා ප්‍රෝටීන ග්ලූකෝස් බවට පත් කරයි. රුධිර පීඩනය වැඩි කරයි. 2*.ඇල්ඩෙස්ටෙරෝන් - වෘක්ක නාලිකා වලින් සෝඩියම් අයන ප‍්‍රතිශෝෂණය පාලනය කරයි.දේහ තරලවල ආකාබනික අයන ප‍්‍රමාණය පාලනය කරයි. අධිවෘක්ක මජ්ජාව :්ෘඍෂභ්ඛ ඵෑෘඹඛඛ්* බාහිකය මගින් සම්පූර්ණයෙන් වටවී ඇත. මෙහි ස‍්‍රාවය වන්නේ ඇඩි‍්‍රනලීන් හා නොඇඩි‍්‍රනලින්ය. මෙම හෝමෝන දෙක ව්‍යුහාත්මක හා කෘත්‍යාත්මකව සමාන වේ. මෙම හෝමෝන මගින් සටන් කීරීමේදි හෝ පලායාමේදි ක‍්‍රියාත්මක වේ.මෙමගින් පහත ස`දහන් කාර්යන් ඇති කරයි. 1*.හෘදස්ඵනිදනය වැඩි කරයි. 4*. පරිවෘත්තීය වේගය වැඩි කරයි 2*.රුධිර පීඩනය වැඩි කරයි. 5*. කණිනිකාව විස්ථාපනය කරයි. 3*.අත්‍යවශ්‍ය අවයවවලට (මොළය* වැඩිපුර රුධිරය සපයයි. අග්න්‍යාශය /ලැන්ගර්හැන්දීපිකා :ඡු්භක්‍ඍෑ්ඔෂක්‍ ෂීඛෑඔ* අග්න්‍යාශය අන්තරාසර්ග මෙන්ම බහිරාසර්ග ග‍්‍රන්ථියකි.අග්න්‍යාශය පුරාවට පිහිටා ඇති ලැන්ගර්හැන්දීපිකාවල අඩංගු ෙසෙලවලින් හෝමෝන දෙකක් ස‍්‍රාවය කරයි. 1*.ග්ලූකලොන් :ඨඛඹක්‍්ඨධභ* 2*.ඉන්සියුලින් :ෂභීඹඛෂභ* මෙම හෝමෝන දෙකෙහි ඉලක්ක වන්නේ කංකාල පේශි,අක්මාව ,මේද පටක හා දේහ ෙසෙල වේ. ඉන්සියුලින් හා ග්ලූකෝස්වලින් එකිනෙකට විරුද්ධ කාර්යන් දෙකක් ඉටු කරයි.රුධිරයේ ග්ලූකෝස් මට්ටම ඉන්සියුලින් මගින් අඩුකර පාලනය කරයි.ග්ලූකගෝන් මගින් රුධිරයේ ග්ලූකෙස් මට්ටම වැඩි කරයි. ඉන්සියුලින් අඩුවෙන් ස‍්‍රාවය වීම නිසා මධුමේහයද වැඩියෙන් ස‍්‍රාවය වීමෙන් මන්ද මධුරක්තිය හෙවත් රුධිරයේ ග්ලූකෝස් මට්ටම අඩුවේ. ඩිම්භකෝෂතුළ ඊසට‍්‍රජන් හා පෝජස්ටරෝන් යන හෝමෝන නිෂ්පාදනය වේ.ස්ත‍්‍රි ද්වීතියික ලිංගිකලක්‍ෂණ වන උකුල පළල් වීම,ස්ථන ග‍්‍රන්ථි වැඞීම,කිහිලි හා ලිංගේන්ද්‍රිය වටා රෝම වැඞීම ආදිය සිදුවේ. මෙහි දැක්වු ග‍්‍රන්ථිවලට අමතරව කලල බන්ධය හා ආහාර මාර්ගයේ ඇතැම් කොටස්මගින් අන්තරාසර්ග කාර්යන් ඉටුවන අතර එවාට ටිටියුටරි ග‍්‍රන්ථියේ බලපෑමක් නැත. වෘෂණ :ඔෑීඔෑී* මෙම අවයවයෙදී හෝමෝන නිපදවන්නේ අනුඛණ්ඩිකාවල ඇති ශූක‍්‍රධර නාලිකා අතර පිහිටි ලෙඩිග් හෙවත් අන්තරාල ෙසෙල මගින් ටෙස්ටෙස්ටෙරෝන් නිපදවයි. පුරුස ප‍්‍රජනක අවයවවල විකසනය,නඩත්තුව හා ද්විතීයික ලිංගික ලක්‍ෂණ ඇතිකරයි,මෙමගින් ස්වරාලය වර්ධනය වීම ,රෝම හා රුවුල වැවීම හා ලිංගික ක‍්‍රියාකාරීත්‍වය ඇතිවේ. හෝමෝන ආශි‍්‍රත අසාමාන්‍යතා (ආබාධ* හෝමෝන ස‍්‍රාවය වීම සාමාන්‍ය මට්ටම ඉක්මවීම හෝ අඩුවීම විවිධ ආබාධ හටගනි.වර්ධක හෝමෝනය ස‍්‍රාවය වීම සාමාන්‍ය මට්ටම ඉක්මවා ගිය විට යෝධතාවය :ඨෂ්භඔීඵ* නැමැති ආබාධය හටගනි. මීට අදාළව අස්ථිවල අධිවර්ධනය ,අභ්‍යන්තර අවයව විශාල වීම,සම්බන්ධක පටල විශාල වීම හා රුධිර පීඩනය වැඩිවීම හා ග්ලූකෝස් සදහා සංවේනදිතාව අඩුවීම නිසා දියවැඩියාවේ පූර්ව අවස්ථාවට පත්වේ.මේ නිසා වර්ධක හෝමෝනය අධිකව ස‍්‍රාවය වීම නිසා යෝධ පුද්ගලයන් ඇතිවේ. ඇක්‍රෝමෙගලිය :්ක්‍ඍධඵෑඨ්ඛශ* වැඩිවියට පත්වූ පුද්ගලයෙකු තුළ වැඩියෙන් ස‍්‍රාවය වීමෙන් මේ තත්ත්වයට පත්විය හැක.අස්ථි දිගින් වැඩි නොවූවද ඝනකමින් වැඩිය.මුහුණෙන් එය වඩාත් හොදින් නිරුපණය වේ.දිව,අත් ,පා හා පාද විශාල වීම මෙහිදි දැකිය හැක. පිටියුටරි කුරුභාවය :ඡුඍෂඔඹෂඔ්ඍශ ෘඋ්ඍඍත්‍ෂීඵ* ලාබාල අවස්ථාවේ වර්ධක හෝමෝන සාමාන්‍ය මට්ටමට වඩා අඩු වූවිට කුරු පුද්ගලයන් බවට පත්වේ.මානව වර්ධක හෝමෝන වර්ධන අවධියේදී එන්නත් කර ගැනීම තුළින් මේ තත්වය මගහරවා ගත හැක. අතිතයිරොයිඩතාව (්‍යශඡුෑඍඔ්‍යශඍධෂෘෂීඵ* තයිරොක්‍ෂින් හෝමෝන සාමාන්‍ය මට්ටමට වඩා ඉහළ යම මෙහිදි දැකිය හැක.පාදස්ථ පරිවෘර්තීය ඉහළ යයි.දේහයේ බෝහෝ අසාමාන්‍යතා ඇතිවේ. මන්දතයිරෝයිඩතාව :්‍යශඡුධඔ්‍යශඍධෂෘෂීඵ* තයිරොක්‍ෂීන් හෝමෝනය අඩුවූවිට තයිරෝයිඞ් ග‍්‍රන්ථිය විශාල වේ.අයඞීන්,තයිරෝක්‍ෂීන් හෝමෝනයේ කොටසකි.අයඩින් හිග වූවිට අවශ්‍ය ප‍්‍රමාණයට හෝමෝන නිපදවීම සදහා ග‍්‍රන්ථිය විශාල වේ.අවශ්‍ය ප‍්‍රමාණයට දිනපතා අයඞීන් ලබා ගැනීමෙන් මෙම තත්ත්වය මගහරවා ගත හැක. ග‍්‍රන්‍ථිය වර්ධනය වූ විට ග‍්‍රන්‍ථියේ වර්ධනයවී ඇති කොටස ඉවත් කරනු ලැබේ. දියවැඩියාව සාමාන්‍ය මට්ටමට වඩා ඉන්සියුලින් සාන්ද්‍රනය අඩු වීමෙන් මෙය ඇතිවේ. රුධිරයේ සීනි මට්ටම ඉහළ යෑම ප‍්‍රධාන ලක්‍ෂණයයි. 1*. ඔශඡුෑ ස ෘෂ්ඊෑඔෑී ඉන්සියුලින් නිපදවන ශෛල ප‍්‍රතිශක්ති පද්ධතියබ ම`ගින් විගාශ කිරීම මෙහි ලක්‍ෂණයයි. ලාබාල අවධියේදී මෙය ඇතිවේ. එවිට ඉන්සියුලින් එන්නත් කළ යුතුය. 2*. ඔශඡුෑ ස ෘෂ්ඊෑඔෑී ඉන්සියුලින් ප‍්‍රතිග‍්‍රෘහක සංඛ්‍යාව අඩුවීමෙන් ඉන්සියුලින්වලට දේහය දක්වන ප‍්‍රතිචාරය අඩුවේ. ආහාර වැඩැපුර ගැනීමෙන් මෙය වර්ධනය වේ. මුල් අවස්ථාවේදී මේ තත්ත්වය දැනගතහොත් බොහෝදුරට පාලනය කළ හැකිය. අමිෂ්ට මේහය හයිපෝතැලමතට හානිවීමෙන් එහි නිපදවන ප‍්‍රතිමෞත‍්‍රල්‍ය හෝමෝනය ඌනවීමෙන් වෘක්කානුවලින් ජලය ප‍්‍රතිශෝෂණය අඩු වී තනුක මූත‍්‍ර දෛනිකව පිටවේ. මෙම`ගින් පිපාසය, විජලනය හා ජය සමතුලිතතාව බිඳවැටේ. මීට අමතරව තයිරොක්ෂීන් පරිවෘත්තීය ශීඝ‍්‍රතාව වැඩිකරන අතර එය අඩුවුව හොත් ක්රේටිනතාව(ජරුඑසබසිප* නැමැති රෝගය වැළදේ. සමාලෝචනය අන්තරාසර්ග පද්ධතිය යනු නාල රහිතව රසායනික සමායෝජන ක‍්‍රියාවලියට විශේෂණය වී ඇති පද්ධතියයි. මෙය විවිධ ස්ථානවල අන්තරාසර්ග ශෛල එක්වීමෙන් සෑදී ඇත. වෘෂණ හැරුනු විට අනෙකුත් ග‍්‍රන්‍ථ පිහිටි තැන් එතරම් වැදගත් නැත. වැදගත් වනුයේ ඒවායෙහි කාර්යන්ය. ස්නායු පද්ධතියද සමායෝජන ක‍්‍රියාවලියක යෙදේ. එහිදී ප‍්‍රධාන වශයෙන් විiුත් වශයෙන් තොරතුරු හුවමාරු වේ. එහිදී ස්නායුද සම්පේ‍්‍රෂණයෙදී රසායනිකව කාර්ය සිදුවන්නේ රුධිරය හරහා නොවේ. නමුත් හෝමෝන රුධිරය ම`ගින් සමායෝජනය සිදුවේ. ස්නායු සමායෝජනය මෙන් ඉතා ඉක්මනින් සමායෝජනය නොවන අතර හෝමෝනවලින් කරන ප‍්‍රතිචාරය දීර්ඝ කාලීන වේ. හෝමෝනවල බලපෑමට දේහයම අදාල වේ. අන්තරාසර්ග ග‍්‍රන්‍ථි ම`ගින් විශේෂ පණිවිඩ කාරකයක් වන හෝමෝන සා‍්‍රවයකරණය කරනු ලබයි. නිර්ණාල ග‍්‍රන්‍ථියක් හඳුනාගැනීම සඳහා දැකිය හැකි ප‍්‍රධාන ලක්‍ෂණ අතර ප‍්‍රණාල රහිත වීම, වාහිනීමත් වීම, ස‍්‍රවී ශෛලවල ගෝල්ගී දේහ බහුලවීම වැනි ලක්‍ෂණ වැදගත් වේ. හෝහෝන පද්ධතිය ස්වයං සාධක ස්නායු පද්ධතිය සමග එක්වී අභ්‍යන්තර පරිසරයේ සමස්ථිතිය පවත්වා ගැනීම සඳහා වැදගත් කාර්යක් සිදු කරයි. මිනිසාගේ නිර්ණාල ග‍්‍රන්‍ථ ලෙස පිටියුටරිය, පැරාතයිරොයිඩය, තයිරොයිඩය, තයිමස, අධිවෘක්කය, අග්න්‍යාශය, ඩිම්බකෝෂ, වෘක්ක හා වෘෂණ වැදගත් වේ. හයිපොතැලමස අන්තරාසර්ග ග‍්‍රන්‍ථියක් නොවුවද පිටියුටරි ග‍්‍රන්‍ථිය වැනි ග‍්‍රන්‍ථිවල ක‍්‍රියාකාරීත්වය සඳහා උපකාරීවන හෝමෝන ගණනාවක් හයිපෝ තැලමසයේ අඩංගු විශේෂ ස්නායු ස‍්‍රවී ශෛල ම`ගින් හෝමෝන නිපදවා ස‍්‍රාවය කරයි. පිටියුටරි ග‍්‍රන්‍ථිය පූර්ව පිටියුටරිය හා අපර පිටියුටරිය ලෙස ප‍්‍රධාන කොටස් දෙකකට බෙදයි. පූර්ව පිටියුටරියෙන් ස‍්‍රාවයකරණ හෝමෝන හතක් අතරින් හතරක් වෙනත් ග‍්‍රන්‍ථිවල කි‍්‍රයාකාරීත්වය යාමනය කරයි. අපර පිටියුටරිය හය්පෝතැලමසයේ නිපදවන හෝමෝන තැන්පත් කර අවශ්‍ය අවස්ථාවන්හි නිදහස් කරයි. කේතුදේහය ම`ගින් මොළය,ප‍්‍රජනෙන්ද්‍රිය හා වණ_ක ෙසෙල ඉලක්ක කර මෙලටොනින් නිපදවයි. තයිරොයිඩ ග‍්‍රන්‍ථිය ම`ගින් තයිරොක්‍ෂීන්, ට‍්‍රයිඅඩතයාරොනින් හා කැලසිටෝනින් නිපදවයි.ඩපැරාතයිරෝයිඞ් ග‍්‍රන්‍ථිය ම`ගින් පැරාතයිරෝයිඞ් හෝමෝනය නිපදවයි.තයිමසය වර්ධනය හා සම්බන්ධ වන තයිමොසින් හෝමෝනය නිපදවයි. අධිවෘක්ක ග‍්‍රන්ථියෙන් ්ීඔ්‍ය හෝමෝනය නිපදවයි. අධිවෘක්ක බාහිකය මගින් කෝටීසෝල් හා ඇග්ඩෙස්ටෙරෝන් හෝමෝන නිපදවයි. අධිවෘක්ක මජ්ජාවද ඇඩි‍්‍රනලීන් හා නෝඇඩි‍්‍රනලීන් හෝමෝන ස‍්‍රාවය කරයි. අග්න්‍යාසය මගින් ග්ලූකොන් හා ඉන්සියුලින් හෝමෝන ස‍්‍රාවය කරයි. වෘෂණ මගින් ටෙස්ටෙස්ටෙරෝන් නිපදවයි. ඩිම්භ කෝෂ මගින් ඊස්ට‍්‍රජන් හෝමෝනය නිපදවයි. හෝමෝන ඉතා සුළු සාන්ද්‍රණයකින් වුවද බොහෝ කාර්යව් සිදු කරයි.නිර්නාල ග‍්‍රන්ථිවලට අමතරව ඇතැම් ශරීර කොටස්වලින් හෝමෝන ස‍්‍රාවය වේ.ආහාර මාර්ගයේ ඇතැම් කොටස් හා කලල බන්ධය ඒ අතර වැදගත් වේ. ඇතැම් විශේෂිත අවස්ථාවලදී (ගැබිනි අවස්ථාවේදී හා ප‍්‍රසූතිය සිදුවන අවස්ථාවේදි* හෝමෝන ඉහළ සාන්ද්‍රණයකින් ස‍්‍රාවය වේ.අනිත් අවස්ථාවලදි සාමාන්‍ය මට්ටම ඉක්මවා අඞ් හෝ වැඩි වූ විට විවිධ ආබාධ ඇතිවේ. ඒ අතර යෝධතාව, ඇක්‍රොමෙගලිය, පිටියුටරි කුරුභාවය, අතිතයිරෝයිඩතාව, මන්දතයිරෝයිඩතාව, ගලගණ්ඩය, දියවැඩියාව හා අමිශ්ටමේහය වැනි තත්ත්වයන් ප‍්‍රධාන වේ. මෙම කරුණුවලින් පැහැදිලි වන්නේ නිර්නාල ග‍්‍රන්ථි මගින් ශරීරයේ ක‍්‍රියාකාරීත්වය හොදින් සිදුවීමට හා විශේෂ අවස්ථාවන්ට අදාළව සමස්ථිතිය පවත්වා ගැනීම සදහා වීශේෂන්‍ය වී ඇති අයුරුයි.හෝමෝන පද්ධතියේ සාමාන්‍ය තත්ත්වයක් පවත්වා ගැනීම නීරෝගීභාවය සදහා බෙහෙවින් ඉවහල් වේ. ආමුඛය ශරීරයේ සිදුවන සමායෝජන ක‍්‍රියාවලායේදී ස්නායුක සමායෝජනය හා රසායනික සමායෝජනය ඉතා වැදගත් වේ. මෙම ක‍්‍රියාවලීන් දෙක තුළ සමාන අසමානකම් පවතී. රසායනික සමායෝජනය සදහා විශේෂණය වී ඇති පද්ධතිය අන්තරාසර්ග පද්ධතිය වේ. මෙහි ප‍්‍රධාන කාර්යභාරය වන්නේ සමස්ථිතිය පවත්වා ගැනීමයි. හෝමෝන ග‍්‍රන්ථි මගින් ඉතා වැදගත් හෝමෝන රාශියක් නිපදවා ස‍්‍රාවය කරයි. ඇතැම් හෝමෝන අවශ්‍ය අවස්ථාවලදී පමණක් ශ‍්‍රාවය කරයි. ඇතැම් ග‍්‍රන්ථි තූළ අවශ්‍ය අවස්ථාවලදි නිකුත් කිරිමට ගබඩා කර ගනියි. නිර්නාල ග‍්‍රන්ථි ලෙස නොහැදින්වුවත් ශරීරයේ ඇතැම් කොටස් තුළින් හෝමෝන නිපදවා ස‍්‍රාවය කරයි. මෙම සියලූ ලක්‍ෂණ අන්තර්ගත වන පරිදි හෝමෝන පද්ධතිය පිළිබදව තොරතුරු පරීපූර්ණ වශයෙන් ගැබ් කිරීමට ගන්නා උත්සාහයකි, මෙම නිබන්‍ධනය. ආශ්‍රේය ග‍්‍රන්ථ  අධිකාරම්,කාන්ති ,ඩි.ඩි,ක‍්‍රියාකාරී සත්වයා,කර්තෘ ප‍්‍රකාශන ,ගල්කිස්ස, (ප‍්‍ර.මු.* 2008  ග්‍රෝව් ඒ. ජේ හා නෙවිල් ජී.ඊ ,සත්ව විද්‍යාව (පරි*,රාජ්‍ය භාෂා දෙපාර්තමෙන්තුව,කොළඹ,(ප‍්‍ර.මු*1964  සත්ව ජීව විද්‍යාව,ඒ .ජේ ග්රෝට් සහ පි.ඊ නෙවඞ්,රාජ්‍ය භාෂා දේපාර්තමෙන්තුව,කොළඹ,1964  විද්‍යාව,11 ශ්‍රේණිය,අධ්‍යාපන ප‍්‍රකාශන දේපාර්තමෙන්තුව,එස් ගොඩගේ සහ සහෝදරයෝ(ප‍්‍රකාශනය*,2007(ප‍්‍ර.මු*  වීරතුංග පී. තිලකරත්න, සමායෝජනය සමස්ථිතිය සහ බහිස‍්‍රාවය, බයෝගැපික් පබිලිකේෂන්ස්, ඞී71/ඒ, නාපේ, නෙලූන්දෙණිය, (ප‍්‍රකාශනය*, 2010 (ප‍්‍ර.මු*  පරිරත්න අශෝකා, විජයරත්න එම්.ජේ.එස්. ක‍්‍රියාකාරී සත්ත්වයා, එස්. ගොඩගේ සහ සහෝදරයෝ, 675, පි.එස්. කුලරත්න මාවත, කොළඹ 10, 2003(ප‍්‍ර.මු.*  රත්නායක සහ කොතලාවල,සංසන්දනාත්මක සත්ව කායික විද්‍යාව,03 කාණ්ඩය සී.ස ලෙක් හවුස් ඉන්වෙස්ට්මන්ට් සමාගම,කොළඹ 02,(ප‍්‍ර.මු*1998  වීරසිංහ චන්‍ද්‍රා පද්මිනි, උසස් පෙළ සත්ත්ව විද්‍යාව, පුබුදු මුද්‍රන ශිල්පියෝ හා ප‍්‍රකාශකයෝ, කොළඹ 10, 1980  වීරසිංහ චන්ද්‍රා,සත්ත්වවිද්‍යාව,පුබුදු මුද්‍රණ ශිල්පියෝ හා ප‍්‍රකාශකයෝ, කොළඹ 10,(ප‍්‍ර.මු*1980  වීරසිංහ ,පී,තිලකරත්න,ක‍්‍රියාකාරී සත්ත්වයා,කර්තෘ ප‍්‍රකාශන,ප‍්‍ර.මු.2003  ස්ටොරේ සහ උසින්ගර්,සාමාන්‍ය සත්ත්ව විද්‍යාව,03 කොටස, කෝඩාටා වංශය,අධ්‍යාපන ප‍්‍රකාශන දෙපාර්තුමෙන්තුව  ීචැබජැර ්ග ඍ්එයමිල ඡුිහජයදකදටහල ීැඩැබඑය ැාසඑසදබල භැඅ ශදරන මබසඩැරිසඑහ පටුන 1.*ආමුඛය 2.*රසායනික සංයෝජනය 3.*මානව අන්තරාසර්ග පද්ධතිය 4.*හෝමෝන ආශ‍්‍රිත අසාමාන්‍යතා 5.* සමාලෝචනය
 
Copyright © psychology