Sunday, December 8, 2013

‘‘ශ‍්‍රී ලංකාවේ අධ්‍යාපන පද්ධතියේ ආකෘතියයක් ඇ`ද , ඒ පිළිබද කෙටි විග‍්‍රහක් කරන්න.’

‘‘ශ‍්‍රී ලංකාවේ අධ්‍යාපන පද්ධතියේ ආකෘතියයක් ඇ`ද , ඒ පිළිබද කෙටි විග‍්‍රහක් කරන්න.’’ ශී‍්‍ර ලංකාවේ අධ්‍යාපන පද්ධතිය හා එහි තත්ත්‍වය මිනිසාට සිතීමට යම් දිනෙක ශක්තිය ලැබීද එදින සිට බොහෝ දේ ඉගෙන ගන්නට ඇත. මානවයාගේ ආදිතම ඤාතින්ට සිතීමට ශක්තිය ලැබුණු පසු ියදපද’ නම් විශේෂ ගුණ වාචක පදයකින් හැදින්විය. ඉන් පසු ඔහු තැත් වැරදි වැනි ක‍්‍රමයන් තුළින් අලූත් බොහෝ දේ ඉගෙන ගන්නට ඇත. පසුව විවිධ ක‍්‍රමොපායන් අධ්‍යාපනය හා මිශ‍්‍ර කරගන්නට ඇත. පැරුන්නන් තම අත්දැකීම් හා ශිල්පයන් අනාගත පරම්පරාවට ලබා දීමේදි විවිධ අධ්‍යාපන ක‍්‍රමයන් භාවිත කරන්නට ඇත. මේ ආකාරයට අධ්‍යාපනය මෙන්ම එහි ශිල්පීය ක‍්‍රමයන්ද දියුණු වන්නට ඇත. බුදුන් වහනසේගේ කාලය වන විට අධ්‍යාපනය ඉතා හොදින් දියුණුව පැවැති ක‍්‍රමයක් විය. එම කාලය වන විට විවිධ අධ්‍යාපනය සදහා ප‍්‍රචලිත ගුරුවරු සිට ඇත. බුදු හිමියෝ අධ්‍යාපනය සදහා කායික මානසික මෙන්ම භෞතික පරිසරය වැදගත් බව පෙන්වා දුන්හ. එම කාලය වන විට අධ්‍යාපනය ලෞකික හා ලොකෝත්තර වශයෙන් පැවැති බවටද සිතිය හැක. තමන් නියැලී සිටි ක්‍ෂේත‍්‍රය විවිධ අයුරින් අධ්‍යාපනය තුළින් සංවර්ධනය වී ඇත. වර්තමානයේ අධ්‍යාපනය යන සංකල්පය විස්තර කිරීම එතරම් සූකර නොවේ. විවිධ දාර්ශනිකයන් මෙම සංකල්පය විවිධ අයුරින් ව්ස්තර කර ඇත. ඇරිස්ටොටල් සදහන් කරන්නේ අධ්‍යාපනය යනු ‘‘ නීරෝගි මනසක් තුළ නීරෝගී මනසක් බිහි කිරිමයි’’යැයි සදහන් කරයි. කොමිනියස් සදහන් කරන්නේ අධ්‍යාපනය යනු සම්පූර්ණ මිනිසෙකු බිහිකිරිමයි. එම පුද්ගලයා දැනුම , කුසලතාව මෙන්ම පුද්ගල ශීක්‍ෂණයකින් යුතු පුද්ගලයෙකු විය යුතුය. හිස ,හදවත හා අත දියුණු කිරීම අධ්‍යාපනයයැයි මහත්මා ගාන්‍ධි සදහන් කරයි. ඒ තුළින් බුද්ධිය , පරදුක්ඛ දුක්ඛිතබව මෙන්ම බාහිර හැකියා පවතින පුද්ගලයෙකු විය යුතු බව ඔහු සදහන් කරයි. අධ්‍යාපනයෙහි වැදගත් පරමාර්ථයන් ගණනාවක් එහි සදහන් වේ. ප්ලේටෝ ‘‘ රිපබ්ලිකන් ’’ නැමැති ග‍්‍රන්‍ථයේ අධ්‍යාපනය පිළිබද බොහෝ වැදගත් කරුණු අඩංගු වේ. ඔහුගේ අර්ථය ලෙසට අධ්‍යාපනය යනු ‘‘මුල් කාලයේදීම ළමයින් තුළ ඇතිවන ස්වාභාවික ලැදිකම් , යහපත් ක‍්‍රියා ස`දහා නිසිසේ පුරුදු කිරීමෙන් ලැබෙන පුහුණුව’’ යැයි නම් කළ හැක. ශිෂ්‍යයා මුල් කරගත් ශිෂ්‍ය කෙන්‍ද්‍ර අධ්‍යාපනය ශිෂ්‍යයා මුල් කරගෙන ඇති කළ යුතු බව ඔහු දක්වයි. පොදුවේ ගත් කල අධ්‍යාපනය යනු පුද්ගල සංවර්ධන ක‍්‍රියාවලියක් මෙන්ම සමාජ සංවර්ධන ක‍්‍රියාවලියකි. අතීතයේ දී ගුරුවරයා ලගට ගොස් ඉගෙන ගන්නා ගුරුකුල අධ්‍යාපනයක් තිබි ඇත. විදේශ ආක‍්‍රමණවලට මෙරට ගොදුරු වීමෙන් පසු ඔහුන්ගේ වැඩ කරවා ගැනීමට අවශ්‍ය කුසලතාවන් බිහිකරවා ගැනීමේ පරමාර්ථයෙන් මෙරට අධ්‍යාපනය සකස් විය. පසුව එම අධ්‍යාපන රටාවම විවිධ ප‍්‍රතිසංස්කරණ සිදුවෙමින් වර්තමානය වන විට දියුණු වී ඇත.එය වෙනත් ලෙසකින් පවසතොත් අධ්‍යාපනය පද්ධත්යක් ලෙස සංවර්ධනය වී ඇත. අරමුණක් හෝ අරමුණු කිහිපයක් ඉටු කරගැනීම ස`දහා සම්පත් උපයෝගී කරගනිමින් විවිධ අංශ සමූහයක් හෝ වැඩකරන කොටස් සමූහයක් විසින් යොජනා කරගත් ක‍්‍රියාවලියක යෙදීම පද්ධතියක් ලෙස හැදිනවේ. නැතහොත් අරමුණක් ඉටු කරගැනීම ස`දහා විවිධාංග රුසක් එකිනෙක හා බද්ධ වී ක‍්‍රියාත්මක වීම පද්ධතියයි. පද්ධතියක තුළ දකිය හැකි මූලික ලක්‍ෂණ කිහිපයක් හදුනා ගත හැක. 1*.අරමුණක් හෝ අරමුණු කිහිපයක් තිබීම 2*.මේ අරමුණු ඉටු කර ගැනීමට ක‍්‍රියාවලියක් සහාය කර ගැනීම 3*.අවශ්‍ය සම්පත් මේ ස`දහා තිබිය යුතුය 4*.ක‍්‍රියාවලිය විවිධ කොටස්වලට හෝ අංගවලට වෙන් වී තිබිම පූර්වොක්ත ලක්‍ෂණ අධ්‍යාපනය ස`දහාද ඇත. අධ්‍යාපනය ස`දහා අරමුණු රැුසක් යෝජනා කර ඇත. එම අරමුණු ඉටු කර ගැනීම පිණිස ක‍්‍රියාවලියක් තිබේ.එ ය ඉගෙනුම් ඉගැන්වීම් ක‍්‍රියාවලියයි. මෙය ක‍්‍රියාත්මක කිරීම ස`දහා විවධ සම්පත් අවශ්‍ය ය. අධ්‍යාපන ක‍්‍රියාවලිය තුළ විවිධ කාර්යයන් රුසක දැකිය හැක. මේ අනුව පද්ධතියක් ක‍්‍රියාත්මක වන ආකාරය මෙලෙස පැහැදිලි කළ හැක. අරමුණු :දඉවැජඑසඩැි* යෙදවුම් :සබචමඑි* ක‍්‍රියාවලිය :චරදජැිි* නිමැවුම :දමඑචමඑ* අරමුණ :දඉවැජඑසඩැි* මෙම පද්ධතිය තුළ යෙදවුම් වශයෙන් හැදින්වෙනුයේ ව්‍යුහය ක‍්‍රියාත්මක කිරීම ස`දහා අවශ්‍ය සියලූ සම්පත්ය. නිමවුම වශයෙන් අදහස් කරන්නේ යෙදවුම් උපයොගි කරගෙන ක‍්‍රියාවලිය නිසි පරිදි දියත් කළ විට ලැබෙන අවසාන ඵලයයි. ශ‍්‍රි ලංකාවේ අධ්‍යාපන පද්ධතිය සැකසී ඇති ආකාරය මෙලෙස පැහැදිලි කළ හැක. පශ්චාත් උපාධි ආයතනය අධයාපන අමාත්‍යංශයෙන් පරිබාහිර පරිපාලනය විශ්ව විද්‍යාල අධ්‍යාපනය වෘත්තිය හා විශ්ව විද්‍යාල උසස් වෘත්තීය අධ්‍යාපනය නොවන තෘතියික අධ්‍යාපනය (කාර්මික* ජ්‍යෙෂ්ඨ ද්විතියික අධ්‍යාපනය ජ්‍යෙෂ්ඨ ද්විතීයික පාසල් අධ්‍යාපනය කාර්මික විදුහල ජ්‍යෙෂ්ඨ ද්විතියික පාසල් අධ්‍යාපනය වෘත්තිය පුහුණුව කණිෂ්ඨ ද්විතීයික පාසල (1 - 9* ප‍්‍රාථමික පාසල ( 1 - 5 * පෙර පාසල පෙර දැක්වූ අධ්‍යාපන පද්ධතිය ක‍්‍රියාත්මක වන මුලින් දැක්වූ ආකාරයටම ක‍්‍රියාකාරී වීම සිදුවේ. මෙම පද්ධතිය ස`දහා අවශ්‍ය යෙදවුම් හා ක‍්‍රියාකාරීත්‍වය වඩා ප‍්‍රතිඵල දායක වූ විට නිමවුම හෙවත් ශිෂ්‍යයා බුද්ධිමත් ,උගත් ප‍්‍රයොජනවත් පුද්ගලයෙකු වේ. මෙම අධ්‍යාපන පද්ධතිය පහත කරුණු සම්පූර්ණ වූ විට ක‍්‍රීයාශිලී හා සඵලදායක පද්ධතියක බිහිවේ. භූමිය ගොඩනැගිලි උපකරණ ලී බඩු යෙදවුම් ක‍්‍රියාවලිය නිමවුම ගුරුවරු :සබචමඑි* :චරදජැිි* :දමඑචමඑ* සිසුන් ක‍්‍රීඩාභූමිය විද්‍යාගාර ඉගැන්වීම් ඉගෙනුම් අධ්‍යාපනය ප‍්‍රධාන වශයෙන් විධිපත් ,අවධිමත් හා නොවිධිපත් යැයි කොටස් තුනකට බෙදේ. මෙම විධිසමත් අධ්‍යාපන පද්ධතිය ප‍්‍රධාන වශයෙන් කොටස් හතරකට බෙදා දැක්විය හැකියි. ප‍්‍රාථමික අධ්‍යාපන චක‍්‍රය ,කණිෂ්ඨ ද්විතීයික අධ්‍යාපන චක‍්‍රය ,ජ්‍යෙෂ්ඨ ස්විතීයික අධ්‍යාපන චක‍්‍රය , උසස් අධ්‍යාපන චක‍්‍රය යනු එම කොටස් හතරයි. ප‍්‍රෘථමික අධ්‍යාපන අවධි තුනකි. එම අවධි නම් 1 හා2 ශ්‍රේණි හා 3 හා4 ශ්‍රේණි ,5 ශ්‍රේණිය යන අවධි වේ. වයස අවු: 5 - 14 දක්වා ඉගෙනුම ලබන අධ්‍යාපනය අනිවාර්ය අධ්‍යාපනය වේ. අධ්‍යාපන පද්ධතිය ආශ‍්‍රිතව දැකිය හැකි ලක්‍ෂණයක් වන්නේ කඩ ඉම් විභාග පැවැත්වීමයි. අධ්‍යාපන පද්ධතියේ ඉහළට යාමට නම් එම විභාග සමත් විය යුතුය. පෙර පාසල් අධ්‍යාපනය සැලකූවිට මෙම මෙර පාසල් විධිමත් ආකාරයකට නොපැවැත්වේ. එයට හේතුව නම් මෙම අධ්‍යාපනය ලබා දෙන ආයතන මනා නිරීක්‍ෂණයකට ලක් නොවීමයි. මෙම හේතුව නිසාම සුදුසුකම් නොමැති බොහෝදෙනෙකු පෙරපාසල් අධ්‍යාපනය ලබාදෙයි. එය දරුවෙකුට ලබාදෙන විධිමත් අධ්‍යාපනයේ ආරම්භය බැවින් එය අසාර්ථක වීම තුළ දරුවාගේ සම්පූර්ණ අධ්‍යාපන පද්ධතියම බිද වැටිය හැක. කණිෂ්ඨ ද්විතීයික පාසැල් වර්ගයට 6-9 ශ්‍රෙණිය දක්වා වූ ශ්‍රේණි ඇතුළත් වේ. ඉන්පසු ජ්‍යෙෂ්ඨ ද්විතීයික පාසල ස`දහා 9-11 දක්වා වු ශ්‍රේණි ඇතුළත් වේ. ජ්‍යෙෂ්ඨ ද්වීතියික අධ්‍යාපනය ස`දහා 12- 13 යන ශ්‍රේණි ඇතුළත් වේ. මෙහිදි උසස් අධ්‍යාපනය හැදැරීම ස`දහා කඩඉම් විභාග තුළින් අවශ්‍ය සුදුසුකම් ලබා ගනි. මෙම මට්ටමේදි වෘත්තීය හා විශ්වවිද්‍යාල නොවන තෘතියික අධ්‍යාපනයක්ද තිබේ. උසස් අධ්‍යාපන අමාත්‍යංශයෙන් පරිබාහිරව පරිපාලනය වන්නේ වෘත්තීය අධ්‍යාපනය යි. මෙය වර්තමාන අධ්‍යපනයේ ඇති ප‍්‍රමුඛ දුර්වලකමක් වේ. ශාස්ත‍්‍රීය අධ්‍යාපනය ලබන්නවුන්ට ප‍්‍රමාණවත් රුකියා අවස්ථා වර්තමානයේ නොමැත. බොහෝ අතිදක්‍ෂයින් යොමුවන්නේ ශාස්ත‍්‍රීය අධ්‍යාපනය වෙතයි. ඔහුන්ට වෘත්තීය අධ්‍යාපනය ස`දහා යොමු වීවට අවශ්‍ය මාර්ගොපදේශකත්‍වය මනාව ලබා දීමක් වර්තමානයේ දක්නට නොලැබේ. අධය්‍යාපන ක‍්‍රමයක් ම`ගින් දැනුමෙන් , කුසලතාවෙන් සහ ආකල්පවලින් පොහොසත් දරුවෙකු බිහි නොවුණ හොත් අසහනය සහ කලකිරීම සමාජ සන්තුෂ්ටිය අභිබවා යාම නොවැළක්විය හැකිය. මේ නිසා උගත් පුරවැසියා ඵලදායි රුකියාවල නියුක්ත කිරීම තුළින් ඔහුන් ජාතික සම්පතක් බවට පත් කළ හැක. වෘත්තීය අධ්‍යාපනය පාසැල් පද්ධතියට මෙය හදුන්වා දිය යුතුය. 1981 නව අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ හදුන්වා දෙමින් නිකුත් කරනු ලැබූ ‘ අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ යොජනා ’ තුළ වූ පාඨශාලා විෂය මාලාවට වෘත්තීය හා තාක්‍ෂණික විෂය ධාරාවන් ඇතිකළ යුතුය යන ප‍්‍රධාන නිර්දේශයක් වූ නමුදු එය ක‍්‍රියාත්මක වී නොමැත. 1977 අවසානය වන විට රුකියා වියුක්ත සංඛ්‍යාව සමස්ත ශ‍්‍රමික සංඛ්‍යාවෙන් සියයට 20 දක්වා ඉහළ නැග ඇත. ප‍්‍රතිසංස්කරණ රුසක් අධ්‍යාපන ක්‍ෂේත‍්‍රය අළලා ක‍්‍රියාත්මක වුවද අපේක්‍ෂිත ප‍්‍රතිඵල නොලැබුණි. ප‍්‍රතිසංස්කරණ දීර්ඝකාලීන ප‍්‍රතිඵලයක් ලැබෙන ලෙස ප‍්‍රතිපත්තිමය රාමුවක් තුළ රෝපණය නොකරමින් සමස්ත ප‍්‍රතිපත්තිය තුළ සමොධානය නොවීමේ භයානක ප‍්‍රතිඵල මෙමගින් පෙන්වා දී ඇත. වෘත්තීය අධ්‍යාපනය හදාරන තැනැත්තන්ට විශ්වවිද්‍යාල අධ්‍යාපනය ස`දහා යොමු වීමට ඇති අවකාශ ඉතාමත් සීමිත වේ. ඒ ලෙසින් ඔහුන් පශ්චාත් උපාධි ස`දහා යොමු වන පිරිස ඉතා අඩු වේ. ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව විසින් වරින්වර විවිධ ප‍්‍රතිසංස්කරණ හදුන්වා දුන්නද ඒවා සාර්ථක වී ඇති ආකාරයක් නොපෙනේ. ‘කුසලතා පූර්ණ ගුරු පරපුරක් ’ යන ඉතා වැදගත් අධ්‍යාපන සාධකය පෙර නොවූ විරූ ලෙස සොදාපාළුවකට ලක් වී ඇත. ශී‍්‍ර ලංකාවේ පළාත්වල දැකිය හැකි පාසල් ගණන චරදඩසබජැ 1්ඊ 1ක්‍ ඔශඡුෑ2 ඔශඡුෑ3 ඔධඔ්ඛ උෑීඔෑඍභ 160 256 634 303 1353 ක්‍ෑභඔඍ්ඛ 93 308 520 546 1467 ීධඹඔ්‍යෑඍභ 91 238 548 216 1093 භධඍඔ්‍යෑඍභ 62 118 313 399 892 ෑ්ීඔෑඍභ 55 160 362 394 971 භධඍඔ්‍ය උෑීඔෑඍභ 74 260 643 244 1221 භධඍඔ්‍ය ක්‍ෑභඔඍ්ඛ 31 147 339 265 782 ඹඪ් 43 169 376 243 1104 ී්ඊ්ඍ්ඨ්ඵඹඋ් 50 198 490 366 1104 ීඍෂඛ්භණ් 659 1854 4225 2976 9714 ශි‍්‍ර ලංකාවේ පාසල් පද්ධතිය පිළිබදව විපසීමේදී පැහැදිලි වන්නේ දුෂ්කර පළාත්වල උසස් මට්ටමේ පාසල් පැහැදිලි අඩුවක් දක්නට ලැබේ. මේ අනුව සෑම පහසුකමක්ම ඇති පාසැල් සෑම පළාතකම ස්ථාපිත කළ යුතුය. මෙම ක්‍ෂෙත‍්‍රයේ දැකිය හැකි තවත් ප‍්‍රධාන ගැටළුවක් වන්නේ පරිපාලනය වශයෙන් පළාත්වලට අවශ්‍ය බලය මධ්‍යම රජය තබා ගැනීමයි. එක කාර්යයක් සිදු කර ගැනීමට විවිධ ප‍්‍රදේශවලට යාමට සිදුවේ. බලය නිවැරදිිව බෙදීයාමක් දක්නට නොලැබේ. විවිධ රජයන් පත්වීමත් සමගම අ¥රද්ශීව අධ්‍යායන පද්ධතියේ බරපතල වෙනස්කම් කිරීමට යාම තුළින්ද අධ්‍යාපන පද්ධතියේ බිද වැටීමක් දක්නට ලැබේ. සමාලෝචනය අධ්‍යාපනය යන්නට පුළුල් අරුතක් ඇත. නිශ්චිතවම හා පරිපූර්ණව අර්ථනිරූපණය කිරීම දුෂ්කර වේ. අතීතයේ සිට එය විවිධ අවධිවලදී විවිධ ලෙසින් සංවර්ධනය වී ඇත. පොදුවේ ගත් කළ අධ්‍යාපනය යනු පුද්ගල සංවර්ධන ක‍්‍රියාවලියක් මෙන්ම සමාජ සංවර්ධන ක‍්‍රියාවලියකි. පද්ධතියක් තුළ යෙදවුම් හා ක‍්‍රියාවලියක් තුළින් නිමවුමක් ලැබිය හැක. එක් පද්ධතියක් තවත් බොහෝ පද්ධතීන් සමග සම්බන්‍ධ වී ඇත. මෙරට අධ්‍යාපනය පද්ධතියක් ලෙස සකස් වූයේ විදේශ ආක‍්‍රමණවලින් පසුවයැයි සිතිය හැක. මෙම පද්ධතිය කොටස් හතරක් යටතේ හදුනා ගත හැක. පාසැල් කොටස් හතරක් යටතේ වර්ගීකරණය කළ හැක. මෙරට අධ්‍යාපන පද්ධතිය පිළිබද විමසීමෙදී නිදහසින් පසුව විවිධ දේශපාලකයන් , උගතුන් හා කොමිෂන් සභා විවිධ නව යොජනා හා අත්හදාබැලීම් මෙන්ම විවිධ ක‍්‍රියාවලි ක‍්‍රියාවේ යොදවා ඇත. නමුත් වර්තමානය වන විට සාර්ථක වී ඇත්තේ ඉන් අතලොස්සක් පමණි. කන්නංගර මහතා වෘත්තීය අධ්‍යාපනය නගා සිටු වීමට යොජනා ගණනාවක් කර තිබූ නමුදු ක‍්‍රියාවේ යොදවා ඇත්තේ ඉන් අතලොස්සක් පමණි. 1970 පමණ වන කාලයේ සිට මෙරට රුකියා වියුක්තිය ඉහළ ගොස් ඇති අතර උපාධිධාරීන්ද බොහෝ ගණනක් රුකියාවලින් වියුක්තව සිට ඇත. වර්තමානය වන විද එම තත්ත්වය ඊට බොහෝ ශිඝ‍්‍රව වැඩි වී ඇත. වෘත්තීය අධ්‍යාපනය පාසැල් අධ්‍යාපනයට එක් වී නොමැත. අධ්‍යාපන පද්ධතියේ දැකිය හැකි පොදු ලක්‍ෂණයක් වන්නේ විභාග පැවැත්වීමයි. මෙම විභාග ත්‍මම පද්ධතියේ ඉහළට ගමන් කිරීම සදහා කඩ ඉම් ලෙස සැලකේ. ශාසත‍්‍රීය අධ්‍යාපනය හා වෘත්තීය අධ්‍යාපනය උසස් අධ්‍යාපනය තුළද බොහෝ විට වෙන්ව පවතී. වෘත්තීය අධ්‍යාපනය යම් තරමකට හෝ නිරතවන පිරිස උසස් අධ්‍යාපනය ස`දහා යෙමු වීමේ දුර්වලතාවක් දැකිය හැක. එම නිසා වෘත්තීය අධ්‍යාපනය හදාරන්නවුන්ට උසස් හා පශ්චාත් උපාධි සදහා යොමු වීමට උත්සාහවත් කිරීම හා මාර්ගෝපදෙශනය ලබා දිය යුතුය. එයට සමගාමීව කාර්මික විද්‍යාල ආරම්භ කිරීමද කළ යුතුය. දුෂ්කර පළාත් සදහාද 1 ්ඊ හා 1ක්‍ පාසැල් 2 වර්ගයේ පාසැල්වලට සමගාමීව හෝ ප‍්‍රමාණවත් පරිදි ස්ථාපනය කළ යුතුය. දේශපාලන පක්‍ෂ කලින් කලට වෙනස් වුවද යහපත් අධ්‍යාපන ප‍්‍රතිපත්ති වෙනස් නොකර ක‍්‍රියාත්මක කළ යුතුය. අධ්‍යාපනය ස`දහා පැහැදිලි ඉදිරි දැක්මක් හා දර්ශනයක් ඇතිව ක‍්‍රියාකරන්නේ නම් අධ්‍යාපනය තුළින් ජනතාවට ප‍්‍රයෝජනවත් හා සඵලදායි පුරවැසියෙකු බිහි විම නොවැළක්විය හැකිය. හැදින්වීම අධ්‍යාපනය යනු පුළුල් අර්ථයෙන් යෙදෙන සංකල්පයකි . එය විධිමත් , නොවිධිමත් හා අවිධිමත් යන කොටස් හතරක් යටතේ සාකච්ඡුා කළ හැකිය.පද්ධතිය යන්නද යෙදවුම් , ක‍්‍රියාවලිය හා නිමවුම වශයෙන්ද විචාරාක්‍ෂිය යොමු කළ හැක. මෙරට අධ්‍යාපනය විදේශීය ආක‍්‍රමණ පැමිණීමත් සමග පද්ධතියක් ලෙස සංවර්ධනය විය. එක් පද්ධතියක් අනික් බොහෝ පද්ධතීන් සමග සම්බන්‍ධ වේ. අධ්‍යාපන පද්ධතියක ලක්‍ෂණ පිළිබදව හා මෙරට අධ්‍යාපන පද්ධතිය හා ඇති ගැටළු මෙහිදි විමර්ශනය කිරීමට අවඹානය යොමු කර ඇත. ආශ‍්‍රිත ග‍්‍රන්‍ථ නාමාවලිය අතුකොරළ දයා , නව අධ්‍යාපන රචනා , ඇස් ගොඩගේ සහ සහෝදරයෝ (ප‍්‍රකාශනය*, 1982 (ප‍්‍ර.මු* කුලරත්න ඩබ්.ජි , අධ්‍යාපන සැලසුම්කරණය , සාර ප‍්‍රකාශන හා මුද්‍රණ , අතුරුගිරිය පාර , කොට්ටාව , 2000 (මු.ද්‍ර* රණසිංහ හෙමසිරි , විශිෂ්ඨ පාසලක් ස`දහා අධ්‍යාපන සැළසුම්කරණය , කත_ෘ ප‍්‍රකාශන , 2004 (ප‍්‍ර.මු* රස්නැක් , බෙන් , අධ්‍යාපනය හා ජීවිතයේ අරුත , ඇස් . ගොඩගේ සහ සහෝදරයෝ , කොළඹ 10 (ප‍්‍රකාශනය * , 1996 (ප‍්‍ර.මු* වීරතුංග .එන් , අධ්‍යාපන මූලධම_ අධ්‍යාපන නීතිය හා පරිපාලනය , ඇස් . ගොඩගේ සහ සහෝදරයෝ , කොළඹ 10 (ප‍්‍රකාශනය *, 1996 (ප‍්‍ර.මු* සිරිසෙන එස් , ශ‍්‍රී ලංකාවේ අධ්‍යාපන ප‍්‍රතිපත්ති පරමාර්ථ හා අරමුණු , ප‍්‍රින්ට් ඇන්ඞ් ප‍්‍රින්ට් ග‍්‍රැෆික් ආයතනය .බොධිරාජ මාවත , කොළඹ (ප‍්‍රකාශනය* , 1999 (ප‍්‍ර.මු* සේනාධීර , සිල්වියා සහ ගාමිණි වනසිංහ , ශ‍්‍රී ලංකාවේ අධ්‍යාපන සැළසුම්කරණය ස`දහා දාර්ශනික මාර්ගොපදේශ , ඇස් . ගොඩගේ සහ සහෝදරයෝ , කොළඹ 10 (ප‍්‍රකාශනය *, 2002 (ප‍්‍ර.මු* සිරිසෙන , එච් , ශ‍්‍රී ලංකාවේ අධ්‍යාපන ප‍්‍රතිපත්ති පරමාර්ථ හා අරමුණු , කැළණිය විශ්ව විද්‍යාලය , කැළණිය (ප‍්‍රකාශනය*, 1999 (ප‍්‍ර.මු* සහොදරයෝ ,675 , පී .ද . එස් කුලරත්න මාවත , කොළඹ හෙට්ටිආරච්චි කුමාරදාස , විසිඑක්වන ශතවර්ෂය ස`දහා අධ්‍යාපනය , එස් . ගොඩගේ සහ
 
Copyright © psychology