Sunday, December 8, 2013

ඉගෙනුම් ඉගැන්වීම් ක‍්‍රියාවලිය වඩාත් සාර්ථක කරගැනීමට පහත සඳහන් සංකල්ප යොදාගත හැකි ආකාර

ඉගෙනුම් ඉගැන්වීම් ක‍්‍රියාවලිය වඩාත් සාර්ථක කරගැනීමට පහත සඳහන් සංකල්ප යොදාගත හැකි ආකාර නිදසුන් සහිතව විස්තර කරන්න. 01. අවධානය 02. සංජානනය 03. මතකය ඉගෙනුම් ඉගැන්වීම් කාර්යය සාර්ථක කර ගැනීමට නම් ගුරුවරයා ඉගැන්වීමේ ශිල්පීය ක‍්‍රම දැන සිටීම වඩාත් ප‍්‍රයොජනවත් වේ. ශිෂ්‍යයා ඉගෙන ගැනීමේදි එය සාර්ථක කර ගැනීමට හොදින් ඉගෙන ගැනීමේ ශිල්පීය ක‍්‍රම දැන සියීම ප‍්‍රයොජනවත් වේ. ’ ‘ සිසුනාච ගුරු: ගුරුනාච සිසු: ‘ යන සංස්කෘත පාඨයෙන්ද පැහැදිලි වන්නේ එයයි. ඉගෙනුම් ඉගැන්වීම් ක‍්‍රියාවලිය සාර්ථක වීමට ගුරු සිසු දෙපක්‍ෂයේම සහභාගීත්වය වැදගත් වේ. අවධානය , සංජානනය හා මතකය ඉගෙනුම් ඉගැන්වීම් ක‍්‍රියාවලිය හා බද්ධ වූ සංකල්ප ත‍්‍රිත්වයකි. අවධානය යනු පඤ්චෙන්‍ද්‍රියන්ට ලක්වන අරමුණු කෙරෙහි මනා සැලකිල්ලක් දැක්වීමයි. සංජානනය යනු පරිසරයේ ඇති දේවලින් අවධානය තුළින් අවබොධ කරගැනීම ලෙස හැදින්විය හැක. මතකය යනු ධාර්ණයේ පවතින යම් කරුණක් නැවැත ප‍්‍රයොජනයට ගැනීම ලෙසස රලව හැදින්විය හැක.මෙම කරුණු තුනම අධ්‍යාපනය හා ඉතා වැදගත් වේ. ඒ වැදගත්වන ආකාරය පිළිබ`දව මෙහිදි සැඛෙවින් විස්තර වේ. අවධානය පංචේන්‍ද්‍රියන් තුළින් ග‍්‍රහණය කරගන්නා වූ සංඥා කෙරෙහි මනස යොමුකිරීම අවධානය නම් වේ. සංකීර්ණ පරිසරයේ ඇති ප‍්‍රබෝධකයක් තෝරාගෙන, අනෙක් ප‍්‍රබෝධක නොසළකා හැරීම අවධානය ලෙස ලොවෙල් නිර්වචනය කර ඇත. උදාහරණ වශයෙන් ගුරුවරයා පාඩමක් උගන්වන විට ශිෂ්‍යයා එම පාඩමට පමණක් අවධානය යොමු කිරීම දැක්විය හැකි ය.‘‘ ‘‘මානසික අවස්ථාවකට හෙවත් මානසික ගති ලක්‍ෂණයකට මනස භාවිත කිරීම’’අවධානය ලෙස සාමාන්‍යයෙන් නිර්වචනය කරනු ලැබේ. ‘ඒකාග‍්‍රගත සවිඥානක භාවය’ යනුවෙන් එය නිතරම හඳුන්වනු ලැබේ. නමුත් ඇතැමුන් දක්වන පරිදි, අවධාකය සවිඥානක භාවයේ ඵලයක් නොව, වසිඥානක භාවය අවධානයේ ප‍්‍රතිඵලයකි.’’ මෙහිදී අවධානයට බලපාන සාදක දෙකක් පෙන්වා දිය හැකි ය. 01. විෂය බද්ධ සාදක 02. පුද්ගල බද්ධ සාදක විෂය බද්ධ සාධක - විෂය බද්ධ සාධක වශයෙන් අපට පෙන්වා දිය හැක්කේ අවධානට ලක්වන දෙයයි(ප‍්‍රබෝධකය*. අපගේ අවධායට ලක්වන වස්තුවෙහි හෝ කාරණයෙහි (ප‍්‍රබෝධකයෙහි* යම් යම් ලක්‍ෂණයන් හේතුවෙන් අවධානය අඩු වැඩි වීම සිදු වේ.  කිසියම් ප‍්‍රබෝධකයක ආකර්ෂණමය ශක්තිය, විශාලත්වය  ප‍්‍රබෝධකය නැවත නැවත ඉදිරිපත් කිරීම තුළින් වැඩි අවධානය යොමු වේ.(ගින්නක්, ගින්නක්*  වෙනස්වන ප‍්‍රබෝධක කෙරෙහි වැඩි අවධානය යොමු වේ. (විදුලි සංඥා,*  කිසියම් ද්‍රව්‍යයක පසුබිම එම ද්‍රව්‍යයට වඩා වෙනස් වීම හේතුවෙන් එම වස්තුවට වැඩි අවධානය යොමු වේ.  අසම්පූර්ණ හා අස්වාභාවික වස්තූන්ට වඩා ක‍්‍රමවත් ලෙස නිම වූ සම්පූර්ණ වස්තූන්ට අවධානය යොමු වේ.  නුහුරු නුපුරුදු පරිසරයක නව ප‍්‍රබෝධකයක් කෙරෙහි වැඩි අවධානය යොමු වේ. පුද්ගල නිශ‍්‍රිත සාධක පුද්ගල නිශ‍්‍රිත සාධක යනු අවධානය යොවීමේදී පුද්ගලයාගෙන් එම ප‍්‍රබෝධකය ග‍්‍රහණය කර ගැනීම කෙරෙහි බලපානු ලබන සාධකයන් ය. අවධානය යොමු කරන පුද්ගලයාගේ මනසෙහි ඇති නොයෙකුත් ස්වභාවයන් අනුව අවදානය යොමු වීම වෙනස් වේ.  පුද්ගලයාගේ ඇල්ම, අභිරුචිය, ලැදියාව, උනන්දුව අනුව අවධානය වෙනස් වේ.  සුපුරුදු දෑ කෙරෙහි අවධානය යොමු වීම.  අස්වාභාවික ආශාවන් සහ ජීව විද්‍යාත්මක අවශ්‍යතා අනුව අවධානය වෙනස් වේ. අධ්‍යාපනය හා අවධානය අතර සම්බන්ධය අධ්‍යාපනය ලැබීමේදී හා ලබා දීමේදී අවධානය යන ක‍්‍රියාවලියෙහි අවධානයට ලක් විය යුතු කරුණු කිහිපයක් වෙයි.  ශිෂ්‍ය මානසික වයස.  සාමාන්‍ය බුද්ධිය ඇතුළු වාචික හැකියාව.  ශිෂ්‍යයා මාතෘකාව, විෂය කෙරෙහි දක්වන අවධානය,් අවධානය වැඩි වශයෙන් රඳවා ගැනීම සඳහා පාඩමක් ඉදිරිපත් කිරීමේදී ගුරුවරයාට වැදගත්වන කරුණු  දිර්ග පාඩමක් කොටස් වශයෙන් ඉදිරිපත් කිරීම  ශිෂ්‍යයා තුළ කරුණු වර්ධනය වන ආකාරයට නව කරුණු ඉදිරිපත් කිරීම,  කළු ලෑල්ල මනාව භාවිත කිරීම.  පැහැදිලි කථා විලාශය.  අවධානයට බාධාකාරී සාධක ඉවත් කිරීම.  ගැටළු විසඳමේ හැකියාව වර්ධනය. ඉහතින් විස්තර කරන ලද ‘අවධානය’ නමැති සංකලපය අධ්‍යාපන ක‍්‍රියාවලිය කෙරෙහි කෙබඳු බලපෑමක් ඇති කරන්නේ ද යන්න පිළිබඳ උගතුන් යොයෙක් අවස්ථාවල තම මතය ප‍්‍රකාශ කොට ඇත්තේ එතරම්ම අවධානය ඉලෙනීම විෂයෙහි බලපාන කරුණක් වන බැවිණි.‘‘අදාළ කරුණ මත පිහිටුවන ලද අවධානයේ ප‍්‍රමාණය අනුව සවිඥානක භාවය ර\ පවතින බව විශ්වාස කෙරේ. අවධානයේ බුද්ධිමය අංශය මත විද්වත්හු ඉමහත් අවධාරණයක් දක්වති. අවධානයෙන් තොර ව ඉහළ මට්ටමේ දැනුමක් ඇති විය නො හැකි යයි ඔවුහු සලකති.’’ ඉහත ප‍්‍රකාශය අනුව ගම්‍ය වන්නේ ඉගෙනීම් ඉගැන්වීම් ක‍්‍රියාවලිය සාර්ථක කරගැනීම විෂයෙහි අවධානය යන සංකල්පය මහත් පිටිවහලක් වන බව යි. සංජානනය පරිසරයේ තෝරාගත් යම් දෙයක් කෙරෙහි අවධානය යොමු කිරීමෙන් පසු තම ඉන්ද්‍රියයන් මගින් ඒ දෙය දැන ගැනීම සංජානනය යි. ඉහත දැක්වුණු රූපය පුද්ගලයන් කිහිප දෙනෙකුට විවිධ ආකාරයෙන් සංජානනය වේ. සංජානනය යනු සංවේදනටයන් ඇති වන වින්දනය තුළින් හට ගන්නා සිතුවිලි ය. සංජානනයේදී සංවේදන ගණනාවක් එක් සිතුවිල්ලක් හෙවත් සංඥාතයක් තුළ ගොනු කරනු ලැබේ. මනස සංවේදනය මගින් විඳ ගනියි. එසේ විඳ ගන්නා බව මනස දැන ගන්නේ සංජානනය මගිනි. බිළිඳකුගේ සංජානනය දුබල ය. ඔහු මදින් මද අත්දැකීම් ලබත්ම, සංඥාත ඇති කර ගනිමින් සංජානන ක‍්‍රියාවෙහි සමත්කම ලබයි. සංවේදනය මගින් ඔහු හෝඩියේ අකුරු හඳුනා ගනියි. අකුරු වලින් වචන හා වාක්‍ය තනනු ලබන්නේ සංජානනය මගිනි. මෙසේ බ, ළ, ලා යන අකුරු සංවේදනය සංකේතවවත් කරයි. ‘බළලා’ යන වචනය ඒ දෙයෙහි සංජානනය සංකේතවත් කරයි. සැබෑ චින්තනය හෙවත් දැනුම පිළිබඳ පරිපුඅර්ණ ක‍්‍රියාවලිය ඇරඹෙන්නේ සංජානනය සමග ය.අත්දැකීම් වැඩි වන තරමට සංජානන හැකියාව වැඩි වේ.අපගේ සංජානන ශක්තීන් පුහුණු කර වර්ධනය කර ගැනීම අකිශයින් වැදගත් ය. කවර හෙයි ද යත්, අපගේ අධ්‍යාපනය වැඩි වශයෙන් අපගේ සංජානන හැකියාව මත ර\ පවතින බැවිනි. යමෙකුගේ ප‍්‍රායෝගික දැනුම් සංචිතය සංවර්ධනය වූ සංජානනය මත බෙහෙවින්ම ර\ පවතින අතර, ඔහුගේ සාර්ථකත්වය ර\පවතින්නේ ඒ හැකියාවන් මත ය.ව්‍යාපාරික සහ වෘත්තීය ජීවිතය තුළ සාර්ථක පුද්ගලයකු වන්නේ, සංජානන හැකියාව හැකියාව වර්ධය කර ගත් පුද්ගලයා ය.එනම් නිරීක්සීමට පසක් කර ගැනීමට හා මානසිකව ‘සටහන් තබා ගැනීමට’ හැකියාව ලද පුද්ගලයා ය. ‘පොත් ලොවේ’ ජීවත් වීම, බොහෝ විට නිරීක්‍ෂණය සහ සංජානන හැකියාව දුබල වීමට හේතු වන බව පෙනේ. අභ්‍යාසය මගින් සංජානන හැකියාව වර්ධනය කළ හැකි ය. විශ්ලේෂණය කිරීම අවශ්‍ය වන ඕනෑම ඉගෙනුමක් හෝ රැුකියාවක් සංජානන හැකියාව වර්ධනය කරනු ඇත.පුද්ගලයෙකු ලබා ගන්නා හොඳම දැනුම ඔහු පෞද්ගලික සංජානනය මගින් ලබා ගන්නා දැනුම වේ.සැම ජීවනෝපාය මාර්ගයක් සඳහාම ඉතා හොඳ සංජානනයක් ලෝකයට අවශ්‍ය වී ඇත.දරුවන්ගේ අධ්‍යාපනයේදී සංජානනය නමැති හැකියාව නොමඳ අවධානයට යොමු විය යුතු ය. මතකය උසස් ලෙස සංවර්ධනය වූ මොළයක් සහිත ජීවිඅනන් තුළ මතකය දැකිය හැක. ඒ අනුව මිනිසුන් තුළද මතකය ඉතා දියුණු ලෙසින් පවති. මතකය යනු තම පැරුණි අත්දැකීමක් නැවැත හ`දුනාගත හැකි ලෙස ගබඩාකොට තබා ගත හැකි මානසික ධාරිතාවයි. එය ජීවිතයේ පැවැත්ම , අනුවර්තනය හා කාලය ස`දහා ඉතා වැදගත් වේ. මතකය යනු සංකර්ණ කි‍්‍රයාදාමයකි. එහිදි කාලය ඉතාමත් වැදගත් වේ. මෙය පිළිබ`දව ප්ලෙටෝ , ඇරිස්ටොටල් හා සිසරෝ වැනි දාර්ශනිකයන් එහි ලක්‍ෂණ පැහැදිලි කිරීමට උත්සාහ දරා ඇත. යම් කිසිවක් මොළයෙහි ධාරණය කිරීමත් එය නැවත සහි කිරීම දත්වා එම අත්දැකීම් හො කරුණක් ගබඩා කර තබා ගැනීම මතකය නම් වේ. මෙය කොටස් තුනකින් සමන්විත වේ. 1*.ඉන්‍ද්‍රිය මතකය 2*. කෙටිකාලීන මතකය 3*. දිගුකාලීන මතකය යනුවෙනි. ඉගෙනුම හා මතකය අතර සමීප සම්බන්‍ධතාවක් පවතී. මතකය උසස් ප‍්‍රජානන හැකියාවක් වන අතර එය නැවත ආවර්ජනය කිරීම , ගබඩා කිරීමේ ක‍්‍රමවේදය හා බලපෑම වැදගත් වේ. මතකය හා සම්බන්‍ධ මස්තිෂ්ක බාහික ප‍්‍රදේශය ඉවහල් වේ. එහිදි මොළයේ නියුරෝණමය සැකැස්මත් ප්‍රෝටීන අනුවල සංශ්ලේෂී ක‍්‍රියාවලියත් වැදගත් වේ. ඒ අනුව මතකය යනු ජීව විද්‍යාත්මක ක‍්‍රියාවලියකි. මේ අනුව පැහැදලි වන්නේ මතකය යන කාර්යය සිදුවීමේදී මොලය තුළ සංකීර්ණ ක‍්‍රියාවලියක් සිදවන බවයි. මතකය පිළිබ`දව මනොවිද්‍යාවේදී පරීක්‍ෂණයක් සිදුකරන ලද්දේ හර්මන් එබින් හවුස් විසිනි. ඔහු පෙන්වා දුන්නේ මතකයේදී අර්ථ විරහිත සංකල්ප බාධාවක් වන බවත් යම් යම් දේවල් ධාරණය කිරීමේදී පැරුණි දේවල් යම් ප‍්‍රමාණයකට යම් අවස්ථාවලදී අමතක විය හැකි බවයි. ඉන්‍ද්‍රිය මතකය තත්පර කිහිපයක් තුළ පවතියි. මෙහි රූප සංඥා මතකය ඩෙජාවු මතකය වැනි ප‍්‍රභේද දැකිය හැක. කෙටිකාලීන මතකය තත්පර 20ක් පමණ කාලයක් පවතියි. එහි ධාරිතාව 2 - 7 දක්වා විය හැකිය. දීර්ඝකාලීන මතකයේ ධාරිතාව අසීමිත වන අතර එය ජීවිත කාලය පුරාම පැවැතිය හැක. යම් යම් තත්ත්වයන් මතකය තබා ගැනීමේ ක‍්‍රිමාවලියට බලපෑම් එල්ල කරයි. විශේෂයෙන්ම ෙඖෂධවල රසායනික සංයුතිය , උෂ්ණත්වය යනාදි කාරණා උදාහරණ වශයෙන් දැක්විය හැකියි. ඉගෙනීමෙදි ීඡු්ඍ ක‍්‍රමවේදය ඉගෙනුම් ක‍්‍රියාවලියේදි භාවිත කිරීම හො`ද මතක තබා ගැනීමට වැදගත් වේ. හො`දින් වාතාශ‍්‍රය ලැබෙන පරිසරයක් ධාරණය කරණ වේලාවේ තිබීම චිත්ත රූප භාවිත කිරීම , නින්ද , ප්‍රොටීන් ආහාර හා මොළයට හො`ද රුධිර ධාවන තත්ත්වයක් පවත්වා ගැනීමද ඉතා වැදගත් වේ. මතකයන් සංවිධානය වීමේදි අප තුළ ප‍්‍රධාන ආකාර තුනක් ඔස්සේ එය සිදුවේ. ආකේතකරණය , ගබඩාකිරීම හා ආවර්ජනය ප‍්‍රධාන වේ.මතකය සංවිධානය වන ආකාරය පිළිබ `දව මනොවිද්‍යාත්මක , කායික විද්‍යාත්මක හා ජෛව රසායනික න්‍යායන් ප‍්‍රධාන වශයෙන් වැදගත් වේ. සමාලෝචනය ඉගෙනුම් ඉගැන්වීම් ක‍්‍රියාවලියට අවධානය , සංජානනය හා මතකය වැදගත් වේ. පසිදුරන් ම`ගින් ලබාගන්නා අරමුණු අතරින් එකක් කෙරෙහි අවධානය යොමු කිරීම අවධානය ලෙස නම් කළ හැක. ගුරුවරයා ලබාදෙන දැනුම සමග‍්‍රහනය කිරීමට නම් ශිෂ්‍යයා මනා අවධානයෙන් සිට එම දැනුම උකහා ගත යුතුයි. ගුරුවරයා ශිෂ්‍යාගේ අවධානය ලබා ගැනීම ස`දහා හැකි වන පරිදි කටයුතු කළ යුතුය. පන්ති කාමරයක එක දෙයක් දිගටම එක ලෙස උගැන්වීමෙන් වැළකී ශිෂ්‍යයන් සම`ග සාකච්ඡුා කළ යුතුය. ගුරුවරයා ක‍්‍රියා ශිලී විය යුතුයි. අලස ලෙස ඉගැන්වීම කරන්නේ නම් ශිෂ්‍යයන්ගේ අවධානය ගුරුවරයා කෙරෙන් බැහැර වේ. එවිට ඉගෙනුම් ඉගැන්වීම් ක‍්‍රියාවලිය අසාර්ථක වේ.යමක් ඉගැන්වීමෙදී ගුරුවරයා නිම_ාණශිලීව එය ඉගැන්වීම අවධානය ස`දහා ඉතා වැදගත් වේ. උගන්වන දේ ප‍්‍රායෝගික වශයෙන් නිදර්ශන වශයෙන් පෙන්විය හැකි දේ උපයොගීකරගත යුතුය. දක්‍ෂ කථිකයෙක් චතුර ලෙස තම කථාව හසුරවන්නා සේ ගුරුවරයා ඉගැන්වීමේදි තම හඩ උස් පහත් කළ යුතුය. වැදගත් ධාරණය කර ගත යුතු වැදගත් දෙයක් කීමේදී නිවැරදි හඩකින් තරමක් උස්ව හෝ සාමාන්‍ය හඩින් පෙර ශබ්ද රටාව බි`ද කිව යුතුයි. ශිෂ්‍යයන් තුළ විනෝදය රුදෙන ක‍්‍රියාකාරකම්වල නිරත වීම, උතන්වන අතර හැකි නම් සින්දුවක් කීම වැනි දේ අවධානය ස`දහා ඉතා වැදගත් වේ. ශිෂ්‍යයන් සම`ග සහැ ජදබඒජඑ තිබීම අවධානයට ඉතා වැදගත් වේ. එවිට ශිෂ්‍යයන්ට තම අවධානය ගුරුවරයාගෙන් බැහැරට ගැනීම තරමක් දුෂ්කර වේ. එයට හේතුව වන්නේ ගුරුවරයා ශිෂ්‍යයා කෙරෙහි මනා අවධානයෙන් සිටින බැවිනි. මෙවැනි අකාරයෙන්ම ශිෂ්‍යයන් සම`ග සමීප සබ`දතාවක් පවත්වා ගැනීමද අවධානය දිනා ගැනීමට හේතු වේ. ගුරුවරයා මනා පිරිසිදුකමින් හා මනා පිළිවෙලින් යුතුව පන්ති කාමරයට පැමිණීම ශිෂ්‍යයන්ගේ අවධානය දිනා ගැනීමට හේතු වේ. ශිෂ්‍යයන් සිටින ස්ථාන මාරු කිරීමද අවධානය ලබා ගැනීමට හේතු වේ. විවිධ අවස්ථාවලදී අනපේක්‍ෂිත වේලාවන්වලදී ප‍්‍රශ්න ඇසීම (උපස්ථම්භනය* අවධානයට හේතු වේ. භාෂාව හා අංග චලනයද අවධානයට ඉතා වැදගත් වේ. සෑම ශිෂ්‍යයෙකු කෙරෙහිම ගුරුවරයා සමානතාවක් දැක්වීමද ශිෂ්‍ය අවධානය ලබා ගැනීමට හේතු වේ. සංජානනය විෂය බද්ධ සාධක හා පුද්ගල බද්ධ සාධක වශයෙන් සංජානනය කෙරෙහි බලපාන සාධක ප‍්‍රධාන වශයෙන් කොටස් දෙකකට අයත් වේ. යම් සිදුවීමක් යම් කරුණක් එක එක පුද්ගලයන් සංජානනය කරගන්නා ආකාරය විවිධ වේ. සංජානනය කෙරෙහි සමානත්වය , සමීපබව හා අවිච්ýන්නතාව වැනි මුලධම_ කිහිපයක් මේ ස`දහා හේතු වේ. ඉගෙනුම් ඉගැන්වීම් ක‍්‍රියාවලිය ස`දහා සංජානනය ඉතා වැදගත් වේ. ගුරුවරයෙතුට ඉගැන්වීම සාර්ථක කර ගැනීම ස`දහා මෙම මූල ධර්ම භාවිත කළ හැක. ගුරුවරයා යමක් වැඩිදුර පැහැදිලි කිරීම ස`දහා කළු ලැල්ලේ යමක් ලිවීමෙදී එය පැහැදිලිව හා නිරවුල්ව එය ඇ`ද හෝ ලියා පැහැදිලි කළ යුතුයි. නැතහොත් ශිෂ්‍යයා වෙනත් දෙයක් එයින් සංජානනය කර ගනී. ශීෂ්‍යයාද එය එසේ කළ යුතුය. නිවැරදි දැනුම හා අක්දැකීම් ලබා දීම හා ලබා ගැනීම ඉගෙනුම් හා ඉගැන්වීම් ක‍්‍රියාවලියට වැදගත් සංජානනයක් ඇති වීමට හේතු වේ. ප‍්‍රබොධකය අතුරුදහන් වුවද සංජානනය නැවත නැවත සිහිපත් වේ. මෙය අධ්‍යාපනයට ඉතා වැදගත් වේ. සමාජ ඇගයිම් මත ඇතිවී තිබෙන වැරදි සංජානනයන් ගුරුවරයා නිවැරදි කළ යුතුය.නිදර්ශනයක් වශයෙන් දේශීය වෛද්‍ය ක‍්‍රම අඩු තක්සෙරුවකින් සැළකීම වැනි කරුණු උදාහරණ වශයෙන් දැක් විය හැක. මතකය යනු අත්දැකීමේ හෝ පුහුණුවේ ප‍්‍රතිඵලයක් ලෙස දැනුමේ ස්ථාවර වී ඇති යම් කරුණක් නැවත භාවිතයට ගැනීමේ හැකියාව ලෙස සරලව විස්තර කළ හැක. මතකය ආශ‍්‍රිතව ජෛව රසායනික ක‍්‍රියාවලීන් ගණනාවක්ම ඇති වේ. ඊට අමතරව මතකය ආරක්‍ෂා කිරීම ස`දහා බලපාන බාහිර සාධක ගණනාවක්ද ඇත. මතකයට වැදගත්වන ගුරුවරයාට ලබාදිය හැකි කරුණු හා ශිෂ්‍යයා විසින් ලබාගත යුතු කරුණු ගුරුවරයා හා ශිෂ්‍යයා දැන සිටීම ඉගෙනුම් ඉගැන්වීම් ක‍්‍රියාවලිය සාර්ථක වීම ස`දහා හේතු වේ. නිදර්ශනයක් වශයෙන් හො`ද පෝෂ්‍යදායි ආහාර වේලක් ගැනීම මතකය ස`දහා උපකාරී වන අතර එය ගුරුවරයා විසින් ශිෂ්‍යාවෙත ලබාදිය නොහැකි දෙයකි. එසේම උපතින්ම යම් පුද්ගලයන් මොළයේ අසාමාන්‍යතා ඇතිව උපදින අතර ඔහුන්ගේ මතක ශක්තිය කෙසේ හෝ වැඩි දියුණු කළ නොහැක. විවිධ ආබාධ අනතුරු , රෝග මෙන්ම ප‍්‍රවේණික හේතු නිසාද මතකයේ දුර්වලතා ඇතිවේ.එම නිසා එවැනි කරුණුද දැන සිටීම මෙම ඉගෙනුම් ඉගැන්වීම් ක‍්‍රියාවලිය සාර්ථක කරගැනීම ස`දහා වැදගත් වේ. ශිෂ්‍යයෙකුගේ බුද්ධීන් අතුින් කවර බුද්ධියක් (ගතිකමය බුද්ධිය , කායික චාලක බුද්ධිය වැනි* හො`දින් ක‍්‍රියාත්මක වන්නේද යන්න තේරුම් ගැනීම හා ඒ අනුව ශිෂ්‍යයා ඒ ස`දහා යොමු කිරීමට ගුරුවරයා ක‍්‍රියා කළ යුතුය. මතකය තුළ තොරතුරු ධාරණය වන අයුරින් හා නැවත එම තොරතුරු ප‍්‍රයෝජනයට ගැනීම කළ හැකි ආකාරයට ශිල්පීය ක‍්‍රම භාවිත කරමින් ඉගැන්වීම ඉතා වැදත් වේ. පන්ති කාමරය තුළ හොදින් වාතාශ‍්‍රය ලැබෙන පරිසරයක තිබීම හා නොඑසේ නම් ස්වභාවික පරිසරය තුළ ඉගැන්වීම තුලින් මතක ය ස`දහා ඉතා වැදගත් ඔක්සිජන් වායුව ලැබේ. දීර්ග පාඩමක් ඉගැන්වීමෙදි එය කොටස් වලට වෙන්කර ඉගැන්වීමද ඉතා වැදගත් වේ. යමක් උගැන්වීමෙදි ඒ පිළිබ`දව සංකල්ප රූප ඇතිවන පරිදි හා ඒ කරුණට අදාල හාත්පස විස්තර සහිතව උගන්වන්නේ නම් එවැනි කරුණු පහසුවෙන් අමතක නොවේ. උගන්වන දේ පිළිබ`දව තර්ක කිරීමට පොළඹවමින් ගුරුවරයා ඉගැන්විය යුතුය. ශිෂ්‍යයාද තර්ක කරමින් එම කරුණු හදාල යුතුය. යමක් ඉගැන්වීමෙදි එය විශේෂ ආකාරයකට (දිශා හා උප දිශා , උපුල් ඊල`ග නැවේ ගිහින් දම්මි නිදිද බලා වරෙන්* උගන්වන්නේ නම් එය මතක තබා ගැනීම පහසු වේ. භාවිතයට ගැනීමද පහසු වේ. ශිෂ්‍යයා ඉගෙන ගත් දේ ආත්ම ගායනය කිරීම හා අධි ඉගෙනුමද මතකයෙහි රැුදීමට ඉවහල් වේ. පුනරීක්‍ෂණය කිරීම තුළින් මතකයෙහි හිඩැස් පිරවෙයි. යමක සමස්තය ඉගෙන ගැනීමද මතකයෙහි රුදීමට ඉවහල් වේ. මේ ආකාරයට ඉගෙනුම් ඉගැන්වීම් ක‍්‍රියාවලිය සාර්ථක වීම ස`දහා අවධානය , සංජානනය හා මතකය ඉතාමත් වැදගත්වන ආකාරය පැහැදිලි වේ. ඇසුරු ගත් නම් වැල අධ්‍යාපන මනොවිද්‍යාව , වෙළුම = 1 , බත්තරමුල්ල : උසස් අධ්‍යාපන අමාත්‍යංශය , 1996. ඇට්කින්සන් විලියම් වෝකර්, ප‍්‍රායෝගික මනෝවිද්‍යාව. මිනිස් මනසේ මහිමය, (පරි* ලීලානන්ද ගමාරච්චි, කොළඹ 10: ඇස් ගොඩගේ සහ සහෝදරයෝ, 2000. කාරියවසම් තිලෝකසුන්‍දරී , අධ්‍යාපන මාර්ගොපදේශනය හා උපදේශනය . කොළඹ = 10: ස්පීඞ් ප‍්‍රින්ටර්ස් , 1997. කුලරත්න ඩබ්.ජි , අධ්‍යාපන සැලසුම්කරණය , සාර ප‍්‍රකාශන හා මුද්‍රණ , අතුරුගිරිය පාර , කොට්ටාව , 2000. ජයසේකර යු.ඩි , අධ්‍යාපන චින්තන . කොළඹ 10: එස් . ගොඩගේ සහ සහෝදරයෝ , 1971. පොන්සේකා ලාල් , ඵලදායී අනාගත පරපුරක් . කොළඹ : සදීපා ප‍්‍රකාශන , 2006. රස්නැක් බෙන් , අධ්‍යාපනය හා ජීවිතයේ අරුත . කොළඹ 10 : ඇස් . ගොඩගේ සහ සහෝදරයෝ , 1996. වීරතුංග .එන් , අධ්‍යාපන මූලධම_ අධ්‍යාපන නීතිය හා පරිපාලනය . කොළඹ 10: ඇස් . ගොඩගේ සහ සහෝදරයෝ , 1996 සේනාධිර සිල්වි හා හේමාපතිරණ චිත‍්‍රාංගනී , ඉගෙනුමු ඉගැන්වීම් ක‍්‍රියාවලියේ සාර්ථකත්වය ස`දහා ගුරු නිපුණතා . කොළඹ = 10 :එස් . ගොඩගේ සහ සහෝදරයෝ , 2002. අන්තර්ජාලය යඑඑචථරැුරැුඅඅඅගටදදටකැගකනරැුසපටයච?ජකසැබඑුසෙරුදෙං-්*රකිුදරටගපද‘සකක්ථැබ-ඹීථදෙසෙජස්ක*යකුැබ*ඒඉුඅස*ුුපැපදරහ
 
Copyright © psychology